Jump to content

පතොක්

විකිපීඩියා වෙතින්

පතොක්
කාලීන ව්‍යාප්තිය: 35–0 Ma
Late Eocene - Recent
Various Cactaceae
විද්‍යාත්මක වර්ගීකරණය e
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Eudicots
ගෝත්‍රය: Caryophyllales
කුලය: Cactaceae
Juss.[1]
Subfamilies

See also Classification of the Cactaceae

Synonyms[2]
  • Opuntiaceae Desv.
  • Leuchtenbergiaceae Salm-Dyck ex Pfeiff.
Cultivated cacti in the Singapore Botanic Gardens
Many species of cactus have long, sharp spines, like this Opuntia.
පතොක්
රාජකීය උද්භිද උද්‍යානය, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
විද්‍යාත්මක වර්ගීකරණය

ලෝකයේ ඕනෑම කාලගුණික තත්වයක් යටතේ නොනැසී වර්ධනය විය හැකි ශාක විශේෂ අතරින් පතොක් ශාකයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.ග්‍රීක භාෂාවෙන් කෑක්ටෝස් හෙවත් කටු ගස නාමයෙන් හදුන්වන මෙම ශාකය ඉංශ්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ කැක්ටස් යනුවෙනි. දැනට හෙළිදරව් වී ඇති අයුරින් පතොක් වසර මිලියන 20 සිට 30 දක්වා වූ ඉතිහාසයකට උරුමකම් කියයි.

උද්භිත විද්‍යාඥයන්ගේ ගණන් හිලව්වලට අනුව මේ වන විට ලොව පුරා ඇති පතොක් විශේෂ සංඛ්‍යාව 2500 කට වැඩි වෙයි. මේවායින් වැඩි හරියක් සොයාගෙන ඇත්තේ ආක්ටික් අර්ධ ගෝලයේ සහ මැද පෙරදිග රටවලිනි. සාමාන්‍යයෙන් පතොක් ගස තනි පුඩුවක හැඩැති දිදාලයක් තරම් මමිලාරියා නම් විශේෂයේ සිට Giant Cactus හෙවත් යෝධ පතොක් නම් අඩි 50 ක් පමණ උස විශේෂය දක්වා පුළුල් පරාසයකට අයත් වන අතර පතොක් බොහෝමයක් විශේෂ බැලූ බැල්මෙහි කිසිදු දීප්තිමත් බවක් හෝ ඔපයක් ඈති වර්ග නොවේ.එසේ වුවත් සමහර විශේෂ මැණික් මෙන් දීප්තිමත් බවකුත් මුතු ඇටයක ඔපවත් බවකුත් ගනී.

බොහෝ සෙයින් කුඩා වගේම අලංකාර බවින් ද පිරිපුන් පතොක් මල්වල ලක්ෂණ විශේෂයෙන් විශේෂයට වෙනස් ආකාරයක් ගන්නා බව උද්භිද විද්‍යාඥයන්ගේ මතයයි. සමහර පතොක් මල් අරුණෝදයෙහි සිට සන්ධ්‍යා කාලය තෙක් පවතින අතර තවත් සමහර ඒවා මාස ගණනාවක් තිස්සේ පර නොවී පවතී.

උද්භිද විද්‍යාඥයින්ගේ හෙළිදරව් කිරීමට අනුව මේවායේ බීජ අවුරුදු ගණනාවක් යනතුරු වුවත් නොනෑසී පැවතීමත් පතොක් ගසේ අහක දමන ඉතා කුඩා කැබැල්ලක් වුව පැළවීමට ඇති හැකියාවත් නිසා ඕනෑම කාලගුණික වෙනස්කමක් යටතේ වැඩෙන ශාක අතලොස්ස අතරට පතොක් ගස ද එක්වෙයි.

දැනට විද්‍යාඥයන් සොයාගෙන ඇති අන්දමට පතොක් ගස්වලට උෂ්ණත්වය Fahrenheit අංශක 40 සිට Fahrenheit අංශක 140 දක්වා දරාගත හැකිය.ඒ වගේම බොහොමයක් විශේෂවලට ජලය පොදක්වත් නැතිව වසර ගණනාවක් ම ජීවත්වීමේ හැකියාව පවතී. එසේම වර්ධනය වීමේ හැකියාවද ඇත.

කටුක දේශගුණික තත්ත්ව මග හැරීමේලා අනුවර්තනය වී ඇති පතොක් ශාකයෙහි බොහෝමයක් විශේෂවල ජලය සංරක්ෂණය කර ගෑනීමට පත්‍රවල ඉටි ආවරණයක් තිබෙනු දැකිය හැකිය. එසේම අධික කර්කෂ දේශගුණික කාල පරිච්ඡේදවල දී පත්‍ර හැලීම ද සිදු කරයි. මේ කාලයේ දී ශාකයට වුවමනා ආහාර නිපදවන්නේ ගසෙහි කඳෙනි. සැබවින්ම සෑම පතොක් විශේෂයකටම මූල පද්ධතිය ඉතාම ගෑඹුරටත් පුලුල්වත් පෑතිරී යයි.මෙයින් උපරිම පල ගන්නා පතොක් ශාකය වර්ෂා කාලයේ දී හෑකි තරම් ජලය එකතු කර ගෙන සංරක්ෂණය කර ගනී. අධික නියං කාලවල දී පත්‍ර සහ කද අසලට සංක්‍රමණය වන මෙම ජලය අනෙකුත් ඝ්‍රාවයන් සමග එක්ව ශාකයේ ජල අවශ්‍යතා සපුරයි.

ජලය මිශ්‍රිත මෙම ඝ්‍රාවය පිපාසය සංසිදුවීම සදහා කොතරම් බලපෑමක් කරන්නේ ද කියහොත් එ0ගලන්ත ගුවන් නෑවියකු වූ එඩ්වින් සොල්වියර්ස් මුහුණ පෑ අත්දෑකීම් කදිම සාක්කියකි.1944 වසරේ එක්තරා දවසක ඔහු පදවාගෙන ආ ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වී ඈරිසෝනියාවේ යුමා කාන්තාරයට කඩා වෑටුණු අතර එතෑන් පටන් පුරා දින පහකට පසු ඔහු ගලවා ගන්නා තෙක්ම ජීවත් වූයේ පළමු දිනයේ පතොක් ශාකයකින් ලබාගත් යුෂය පානය කිරීමෙනි.

සෑබෑවින්ම දෑනුදු බටහිර අමෙරිකානු ,මෑක්සිකෝ සහ බටහිර ඉන්දීය ගෝත්‍රිකයෝ ඈතෑම් පතොක් විශේෂ ආහාර සදහා එක් රෑස් කොට තබා ගනිති.මෙහිදී ඈතෑම් පිරිස් මෘදු මොළොක් කුඩා කොටස් සහිත ඈතෑම් පතොක් විශේෂ කෙළින්ම කෑමට ගන්නා අතර තවත් පිරිසක් ව්‍යාංජන ලෙසින් කෑමට සකසා ගනිති.

එසේ වුවත් බොහෝ දෙනකු නොදන්නා කරුණක් ද වෙයි.ඒ බොහොමයක් පතොක් ශාකවල ඵලය රසවත් පලතුරක් බවය.

එසේම දකුණු ඈමෙරිකානු ගව පට්ටි හිමියන් පතොක් ශාකය ඉන්ධනයක් ලෙසින් ද චීන සහ ඉරාන වෑසියන් විෂ බීජ නාශකයක් ලෙසින් ද උපයෝගී කර ගන්නා අතර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත සහ නිවුසවුත් වේල්ස් වෑසියෝ පතොක් ශාකයෙන් නිපදවන විසිතුරු භාණ්ඩ අලෙවියෙන් විශාල ආදායමක් උපයා ගනිති.මේ විදියට බෑලූ විට පතොක් ගස ඉතා ප්‍රයෝජනවත් ශාකයක් ලෙසින් පෙනී ගිය ද එය හිසරදයක් වන අවස්ථා ද නෑත්තේ නොවේ.ඒ අන් කිසිවක් නිසා නොව අධික ව්‍යාප්තිය නිසාය.

උද්භිද විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට පතොක් විශේෂයේ ඕනෑම ශාකයකට වසර 75 කාලයක් තුළ අක්කර මිලියන 600 ක භූමී ප්‍රදේශයක් වසා දෑමීමේ හෑකියාව ඈත.මෙය තෘණ වර්ග හෑරුණු විට ලෝකයේ වඩාත්ම ශීඝ්‍ර ව්‍යාප්තියක් මෙන්ම වර්ධනයක් පෙන්නුම් කරන ශාක විශේෂයයි.

1952 වසරේ දී මෙම ශාකය මර්දනය කිරිමෙහිලා ඕස්ට්‍රේලියා විද්‍යාඥයෝ කෘමියෙකු යොදා එයින් සාර්ථක ඵල ලබා ගත්හ.එය කෙසේ වෙතත් කෝටි සංඛ්‍යාත ශාක ලෝකයෙහි පාරිසරික තුල්‍යතාවත් ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගෑනීමත් කෙරෙහි වෑදගත්ම ස0ධිස්ථානයක් ලෙසින් සෑලකෙන්නේ පතොක් ශාකයයි.

පතොක් ගස වර්ෂාව සහ දිනෙන් දින විනාශ වී යන බොහොමයක් වනාන්තර පුනරුප්ථාපනය කෙරෙහිත් බලපෑම් කල හෑකි ශාකයක් ලෙසින් සෑලකෙන අතර මේ වනවිටත් බොහොමයක් උද්භිද විද්‍යාඥයන් මේ පිළිබද පර්යේෂණ අරඹා ඈතෑයි හෙළි වී තිබේ.

ඒ මොනවා වුණත් උද්භිද විද්‍යාඥයන් පැහැදිලිවම පෙන්වා දෙන එක් දෙයක් තිබේ. ඒ ලෝක විනාශයක දී අවසන් වශයෙන් මෙලොවින් සමුගන්නා ජීව දර්ශකය පතොක් බවයි.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Angiosperm Phylogeny Group (2009), "An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III", Botanical Journal of the Linnean Society 161 (2): 105–121,  
  2. ^ Org, Registry-Migration.Gbif (Feb 14, 2017), Cactaceae, GBIF Secretariat: GBIF Backbone Taxonomy, , https://www.gbif.org/species/2519, ප්‍රතිෂ්ඨාපනය April 16, 2017 

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පතොක්&oldid=514317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි