පඨන මාත්‍ර මතකය

විකිපීඩියා වෙතින්

පඨන මාත්‍ර මතකය(රොම්/Read-only memory-ROM) යනු පරිගණක වල හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග වල භාවිත වන අනෂ්‍ය (non-volatile) මතක වර්ගයකි. මෙහි ගබඩා කරන දත්ත පහසුවෙන් හෝ ඉක්මනින් වෙනස් කිරීම් වලට භාජනය කළ නොහැකි බැවින් බොහෝවිට ස්ථීරාංග (firmware) ගබඩා කිරීමට යොදාගැනේ. (ස්ථීරාංග යනු නිතර යාවත්කාලීන නොකරන, දෘඪාංග හා බැඳුනු මෘදුකාංග වර්ගයකි.)

EPROM එකක්

නෂ්‍ය නොවන මතකය යනු එහි ඇති දත්ත සහ තොරතුරු ස්ථාවරව පවතින අතර විදුලිය විසන්ධි වූ විට එකී දත්ත වලට කිසිදු හානියක් සිදු නොවන මතක වර්ගයකි.

EPROM එකක්

දියෝඩ අනුකෘති (Diode matrix) හා පසුකාලීන මාස්ක් රොම් (එම්-රොම්/mask ROM-MROM) වැනි දෘඩ රැහැන්ගත (hard-wired) මතකයන් හැඳින්වීම සඳහා පඨන මාත්‍ර මතකය යන්න ‍යෙදේ.

මුල් කාලයේ රොම් තුළ ඇති දත්ත වැරදි නම් හෝ යාවත්කාලීන කිරීමක් අවශ්‍ය වූ විටෙක විවික්ත පරිපථ වෙනස් කළ හැකි වුවද, එසේ නොහැකි සංයුක්ත පරිපථ (අයිසී/integrated circuits-ICs) ඵලරහිත තත්වයට පත්විය. ඇතැම් භාවිතයන් හිදී මෙම විශාල අවාසියක් වන මෙම තත්වය මගහැර වර්තමානය වන විට සාපේක්ෂව දියුණු රොම් චිප නිපදවා ඇත.

එබැවින් වර්තමානය වන විට රොම් යනුවෙන් හඳුනවන මතකය, සාමාන්‍ය භාවිතයේදී 'පඨන මාත්‍ර ලක්ෂණය' (කියවීමට පමණක් හැකි) පෙන්වන නමුත් විශේෂ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් වෙනස් කළ හැකි මතකයක් වේ. මෙසේ යම් නිවැරදි කිරීමක් හෝ ස්ථීරාංග යාවත්කාලීන කිරීමක් සඳහා රොම් මකාදැමීම, ප්‍රතික්‍රමලේඛනය (re-programme) කිරීමට අදාළ උපාංග හා සැකසීම් සාමාන්‍ය පරිශීලකයන් අතරේ භාවිත නොවේ.එය සිදුකරනුයේ විශේෂ පුහුණුවක් ලැබූ තාක්ෂණ ශිල්පීන් විසිනි.[1]

ඉතිහාසය[සංස්කරණය]

එක් පද්ධතියක් මගින් ක්‍රීඩා කීපයක නිරත වීමේ පහසුකම ලබාදෙන අතුරුමාරු රොම් පතරොම් (interchangeable ROM cartridges) බොහෝ ක්‍රීඩා පාලන පුවරු වල භාවිත වේ.

ජැකුවාඩ් වියන යන්ත්‍ර වල පඨන මාත්‍ර මතක භාවිත විය.[2] ඝන-අවස්ථා (solid-state) රොම් හි සරලතම ආකාරය අර්ධ සන්නායක තාක්ෂණය තරම්ම පැරණිය.

වෙනත් ආකාර[සංස්කරණය]

  • ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Programmable Read Only Memory-PROM)
  • මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Erasable Programmable Read Only Memory-EPROM)
  • විද්‍යුතය භාවිතයෙන් මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (Electricaly Erasable Programmable Read Only Memory-EEPROM)

වැඩිදුර විස්තර[සංස්කරණය]

Listen to this article
(2 parts, 7 minutes)
Spoken Wikipedia icon
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.
  1. Definition of: flash ROM, PC Magazine., http://www.pcmag.com/encyclopedia_term/0%2C%2Ct%3D%26i%3D43279%2C00.asp, ප්‍රතිෂ්ඨාපනය 2016-03-03 
  2. "History of Computation - Babbage, Boole, Hollerith". Paul E. Dunne.
"https://si.wikipedia.org/w/index.php?title=පඨන_මාත්‍ර_මතකය&oldid=592476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි