නෝට්න් ෆ්රෙඩ්රික්

විකිපීඩියා වෙතින්

 

නෝට්න් ෆ්රෙඩ්රික් (1937 නොවැම්බර 14, වත්තල දී - 2011 අගෝස්තු 10, වත්තල දී) යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකි. මූලිකව මැ වේග පන්දු යවන්නකු වූ ඔහු පවුලේ බැඳීම් හේතුවෙන් විශ්‍රාම යාමට පෙර 1964 සිට 1968 දක්වා ශ්‍රී ලංකා (එ කලැ සිලොන්) පිලේ ඇතුළතකු වි යැ.

1964 මාරතු මස ගෝපාලන් කුසලානයේ දී සිය කුළුදුල් පළමු පෙළ තරගය අතරතුර කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ඔහු 1965 ජනවාරි මස අහමදාබාද්හි දී සිලෝන් පිල ඉන්දියාව පැරැද වූ තරගයේ දී කඩුලු 7ක් දවා ගත් අතර, සියලු මැ මුල් පෙළැ පිතිකරුවන් එය ට ඇතුළත් වි යැ.

ඔහු ට පුතුන් දෙදෙනකු සිටි අතර, ඉන් එක් පුතෙක් ත්‍රස්තවාදීන්ට එරෙහි වැ හමුදා මෙහෙයුම් පැවැති සමයේ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටිය දී මිය ගියේ ය.

වියෝව[සංස්කරණය]

ෆ්රෙඩ්රික්, 2011 අගෝස්තු මස 10 වන දින වයස අවුරුදු 73ක් වැ සිටිය දීකොළඹ නගරෝපාන්තයක් වන ඔහු උපන් වත්තල දී අවසන් සුසම් හෙලුවේ ය. ඔහුගේ නිවස අසල මාර්ගයක් ඔහු ගේ නමින් නම් කර ඇත. [1]

යොමු කිරීම්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  1. Wisden 2012, p. 198.
"https://si.wikipedia.org/w/index.php?title=නෝට්න්_ෆ්රෙඩ්රික්&oldid=510042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි