නෝටන් වේල්ල

විකිපීඩියා වෙතින්

නෝට්න් වේල්ල (ඇතැම් විටැ නෝට්න් බ්‍රිජ් වේල්ල ලෙස දු හැඳින්වේ) යනු කැලණි ගඟේ මහ අතු ගඟක් වන කෙහෙල්ගමු ඔය හරහා ඉදිකොටැ ඇති ගුරුත්ව(?) වේල්ලයි. වේල්ල ඉදිකොටැ ඇත්තේ සිරි ලක මැදි පළාතේ නෝට්න් බ්‍රිජ්හි යැ.

රැස්යුරුව හා බල පොළ[සංස්කරණය]

මේ වේල්ල මගින් කෙහෙල්ගමු ඔයේ හා රැස්යුරුවේ හා ඉහළ පසැ පිහිටා ඇති විමලසුරේන්ද්‍ර දිය විදිලි බල පොළෙන් මුදාහැරෙනා දියෙන් පිරෙන, සසඳත කුදු නෝට්න් රැස්යුරුව නිමැවේ. විමලසුරේන්ද්‍ර බල පොළ හෙවත් නෝට්න් බ්‍රිජ් බල පොළ පෙහෙණෙනුයේ නෝට්න් රැස්යුරුවට අඩි 2000ක් පමණ ඉහළින් කාසල්රීහි පිහිටි රැස්යුරුවෙනි.

නෝට්න් රැස්යුරුවේ දිය තවදුරටත් උමඟක් තුළින් ගල් තලාව(?) [rock strata] ඔස්සේ ගෙනැ යෙන අතර පසු වැ වානේ බට කොටු දොර(?) [penstock] කිහිපයක් මගින් දුරින් දහසුමීටර 3.8 [3.8 km (2.4 mi)]ක් ගඟ පහළට 06°55′07″N 80°29′30″E / 6.91861°N 80.49167°E / 6.91861; 80.49167 (Old Laxapana Hydroelectric Power Station) වන සේ ද කිරිවන්එළියට දහසුමීටර 1.5 [1.5 km (0.9 mi)]ක් වයඹ දෙසින් වන සේ ද පිහිටා ඇති පැරැණි ලක්ෂපාන දිය විදිලි බල පොළ වෙත ගෙනැ යේ. මෙ බල පොළ දිය විදිලි දනවන පහකින් යුතු වන අතර ඉන් තුනක් මෙගා වොත 8.33 හා දෙකක් මෙගා වොත 12.50 ලෙස ශ්‍රේණිගත කොටැ ඇති. පළමු දනවන තුන හා අවසන් දනවන දෙක පිළිවෙලින් 2494 (කි.ව. 1950) හා 2502 (කි.ව.1958) දෙසැම්බර මාස වල දී විදිලි දැනැවුම ඇරැඹී.

රැස්යුරුවේ විතර වේල්ල පිහිටි බිමේ පළ කොටැ ඇති.
පැරැණි ලක්ෂපාන බල පොළ (සුදු වහලය).

මේකත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නෝටන්_වේල්ල&oldid=543993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි