නිරූපන ශිල්පීන්

විකිපීඩියා වෙතින්
නිරූපන ශිල්පිනියක් සාමානය‍ය ඡායාරූපකරණ මධ්‍යස්ථානකක් තුල


නිරූපන ශිල්පියෙක්[1] යනු වෙළෙඳ නිශ්පාදන (විශේෂයෙන්ම විලාසිතා ඇදුම්) නිරූපණය කිරීමට, වෙළෙඳ ප්‍රචාරණයට හෝ කළාමය කටයුතු වල නියැලෙන පුද්ගලයන්ගේ දෘෂ්‍යමය සහයකයන් හෝ ඡායාරූපකරනයේදී නිරූපණය සඳහා පෙනීසිටින වෘත්තීයමය පුද්ගලයන් ලෙස හැදින්විය හැක.

රඟපෑම නර්තනය වැනි අනෙකුත් පොදු රඟ දැක්වීම් වලට වඩා නිරූපන ශිල්පය වෙනස් බාවයක් පෙන්නුම් කරයි. නිරූපණය හා රඟ දැක්වීම් අතර වෙනස එතරම් පැහැදිලි නැති නමුත් චිත්‍රපටයක හෝ නාට්‍යයක පෙනී සිටීම සාමාන්‍යයෙන් "නිරූපනයක්" සේ නොසලකයි.

විලාසිතා, ව්‍යාජ අලංකරණය, ශාරීරික යෝග්‍යතාව, නාන ඇදුම්, ලලිත කලාවන්, ශරීර අංග සහ වෙළෙඳමය මුද්‍රණ නිරූපනය ලෙස නිරූපන ශිල්පය වර්ගීකරණය කර තිබේ. පොත්, සඟරා, පුවත්පත් සහ රූපවාහිනිය වැනි මාධ්‍ය ආකෘතීන් ගනනාවකටම නිරූපණ ශිල්පීන් විසින් දායකත්වයන් ලබා දෙයි. මෝස්තර නිරූපන ශිල්පීන් ඇතැම් විට චිත්‍රපටවලද (ලුකර් චිත්‍රපටය), රූපවාහිනී දර්ශන වලටද (ඇමරිකාස් නෙක්ස්ට් ටොප් මොඩ්ල්, ද ජැනිස් ඩිකින්සන් මොඩ්ලින්ග් ඒජන්සි), සහ සංගීත වීඩියෝ (ෆ්රීඩම්!, විකඩ් ගේම්, ඩෝටර්ස්, බ්ලර්ඩ් ලයින්ස්) ආදියටද මුහුනුවර පානු ලබයි.

නලු නිලියන්, ගායක ගායිකාවන්, ජනප්‍රිය ක්‍රීඩා තාරකාවන් සහ රූපවාහිනී රියැලටි තාරකාවන් තම සාමාන්‍ය කටයුතුවලට අමතරව නිරූපන කොන්ත්‍රාත්තුද භාරගනු ලබයි.

  1. "Model - Definition of model by Merriam-Webster". merriam-webster.com.
"https://si.wikipedia.org/w/index.php?title=නිරූපන_ශිල්පීන්&oldid=355844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි