විලාසිතා

විකිපීඩියා වෙතින්
මෙහි දැක්වෙන්නේ 1794 දෙසැම්බර් මාසයේදී ජේම්ස් ගිලරි (James Gillray) විසින් “ Following the Fashion” යන නමින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රංගනයයි. මෙමගින් මෙකල කාන්තාවන් අතර ප්‍රචලිත වෙමින් පැවති කෙටි ගවුම් විලාසිතා ප්‍රහසනයට ලක් කෙරුණි.

විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔsනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්‍ය, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්‍රයන් ආශ්‍රීතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්‍රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්‍රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.

විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්‍යාවක් ගෝලීය විලාසිතා මධ්‍යස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

විලාසිතාවේ විවිධ අංශ[සංස්කරණය]

විලාසිතා යනු මිනිස් ක්රියාකාරකම් හා චින්තන ක්ෂේත්ර බොහෝමයකට පොදු සමාජ සංසිද්ධියකි. විලාසිතා වල නැගීසීම් හා බිද වැටීම් විශේෂයෙන් පහත ක්ෂේත්ර වලදී අධ්යයනය කර ඇත.

· ගෘහ නිර්මාණ ශිල්පය, අභ්යන්තර අංකරණය හා භූ දර්ශණ සැළසුම් කරනය. · කලා හා අත්කම් · ඇඟලුම්, විලේකන, පුද්ගල අලංකරණය, කොන්ඩ විලාසිතා · නැටුම් හා සංගීතය · ඇමතීම්, කථා හා අනෙක් කතා ආකාර · හැසිරීම් වාණිජ විද්යාවේ අධ්යයනය කර ඇති පරිදි ආර්ථිකය හා වැය කිරීමේ තෝරා ගැනීම් · විනෝදාස්වාදය, ක්රිඩා, විනෝදාංශ හා අනෙකුත් කාලය ගත කරන දෑ · සමාජ චාරිත්ර · කළමණාකරණය කලමණාකරණ රටා හා සංවිධානය කිරීමේ ආකාර · දේශපාලනය හා මාධ්ය විශේෂයෙන් මාධ්ය මගින් උනන්දු කරනු ලබන සාකච්ඡාවට බදුන්වන මාතෘකා · දර්ශන වාදය හා ආධ්යාත්මිකතාව (ආගම් ද විලාසිතා කරා නැඹුරු වී ඇතැයි කෙනෙක් තර්ක කළ හැක නමුත් නිළ ආගම් වෙනස් වීමට ප්රවණතාවයක් දක්වන්නේ ඉතා සෙමින් වන අතර එය සදහා විලාසිතා යන්නට වඩා සංස්කෘතික වෙනස්වීම ලෙස හැදින්විය හැක). · සමාජ ජාල හා නිරූපන හා පුහුණුවීම් වල පැතිරීම. · සමාජ විද්යාව හා අනන්යතාවය ගොඩ නැගීම සදහා ඇදුම් වල අරුත · තාක්ෂණය, පරිගණක ක්රමලේක කරණ තාක්ෂණය වැනි · සත්කාරක කර්මාන්තය, යම් ගුණයක් හා වෙළද නාමය මතු කර දැක්වීම සදහා හෝටලයකට, ආපන ශාලාවකට, කැසිනෝ හලකට හෝ ක්ලබ් එකකට නිර්මාණය කරනු ලබන නිළ ඇදුමක් වැනි

මෙම ක්ෂේත්ර වලින් විලාසිතා යන වදන සමග ඇදුම් පැළදුම් (Costume) විශේෂයෙන් මහජනයා සමග සම්බන්ධ වී ඇති අතර ඇදුම් පැළදුම් යන පොදු වදන විචිත්ර ඇදුම් හෝ කෝලම් ඇදුම් හැදින්වීම සදහා ලඝු කර ඇති අතර විලාසිතා යන්න සාමාන්යයෙන් ඇදුම් හා ඒවා පිළිබදව වු අධ්යනය හගවයි. මෙම වන හුවමාරුවට හේතුව වුයේ කර්මාන්ත විප්වය අතර තුරදි නව රෙදිපිළි භාවිතය සදහා නව ආකාර පෙන්වා දුන් විලාසිතා පලකවල නිපදවීම නිසාය. ඇදුම් පැළදුම් හා සමාජයට ලැබී ඇති තත්ත්වය පිළිබදව වු පුළුල් සංස්කෘතීන් හරහා යන නිරීක්ෂණයක් ඇදුම් පැළදුම් සදහා වු ප්රවේශ සදහා පරීශීලනය වේ. මෙම ලිපියේ ඉතිරි කොටස බටහිර ලෝකයේ ඇගලුම් රටා සමග කටයුතු කරයි.

ඇඳුම් විලාසිතා[සංස්කරණය]

ඇඳුම් පැලදුම් පිලිබඳ පලවු කාටුනයක්.


දැනට ලොව පුරා පවතින (අඩුම තරමින් නඟරබද ජනගහනය අතර වත්) නිතර අඳින ඇඳුම් රටාව වෙනස් කිරීමේ පුරුද්ද ඉතිහාසඥයන්ට අනුව බටහිර ලෝකයේ එකකි. පැරණි රෝමයේ හා අනෙකුත් සංස්කෘතීන්වල වෙනත් කාලවල දී ඇඳුම් පැලඳුම් වෙනස් වූයේ ආර්ථික හෝ සාමාජීය වෙනස්කම් සිදු වූ අවස්ථාවල දීය. නමුත් ඉන්පසු කිසිදු වෙනසක් නොමැතිව එම රටා එසේම පැවතුණි. අටවන සියවසේ දී ජනප්‍රිය සංගීතඥයෙකු වූ Cordoba, Spain, Ziryab ඍතු හා දෛනික කාල මත පදනම්ව ඇඳුම් පැලඳුම් රටා හඳුන්වා දුන්නේ යැයි සැලකෙන අතර එය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඔහුගේ උපන් ‍ප්‍රදේශය වූ බෑග්ඩෑඩ්හිය. ටිපීස්ලාගේ ඉංග්‍රීසි විකට නිරූපනය, 1796

යුරෝපයේ ඇඳුම් විලාසිතා නිරන්තරයෙන් වෙනස් කිරීම ආරම්භ වීම 14 වන සියවසේ මැද භාගය තෙක් දිව යයි. ඉතිහාසඥයන්ට අනුව ඇඳුම් පැලඳුම්වල බටහිර විලාසිතා ආරම්භ කොට ඇත්තේ ජේම්ස් ලේවර් හා ෆර්නෑන් බෞඩෙල් විසිනි. වඩාත්ම අවධානයට ලක් වූ වෙනස වූයේ පිරිමි ඇඳුම්වල කොට වීම හා ශරීරයට තද වීමයි. එතෙක් කල් කලවා ප්‍රමාණයට දික්ව තිබූ පිරිමි කොට කලිසම් තට්ටම් යන්තම් ආවරණය වන තෙක්ම කොට විය. මෙය වෙනස් බටහිර පිරිමි රටාවක් ඇති කර අතර දැනටත් අප අතර තිබෙන කලිසම් මැසීමට මඟ පෑදීය.

ඊට පසු සිය‍වසේ දී මෙම වෙනස් වීමේ වේගය සැලකිය යුතු ලෙස ත්වරණය වූ අතර කාන්තා විලාසිතා (විශේෂයෙන් ඇඳුම් හා කොණ්ඩය අලංකාර කිරීම) ඒ හා සමානව සංකීර්ණත්වයට හා වෙනස් වීමට භාජනය විය. මේ නිසා කලා ඉතිහාසඥයන්ට වැඩි විශ්වාසයකින් හා නිරවද්‍යතාවයකින් දින වකවානු දක්වන රූපවල විලාසිතා යොදා ගැනීමට හැකි විය. ඔවුන් විසින් මෙය සිදු කළේ 15 වන සියවසේ රූපවල වසර 5ක් ඇතුළත දීය. මෙම විලාසිතාවල ක්ෂණික වෙනස් වීම් පෙර යුරෝපයේ උසස් පන්තිය හරහා තිබූ ඉතා සමාන ඇඳුම් රටා වෙනස් වීමට බලපෑ අතර 17 සිට 18 වන සියවස දක්වා වූ ප්‍රති ව්‍යාපාරය පැමිණ නැවත සමාන විලාසිතා ඇති කරන තෙක් ඒවා එසේම පැවතුණි. එම සමාන විලාසිතා පැමිණියේ ප්‍රංශයේ Anicien Regime ය. විලාසිතා සැමවිටම පාහේ පොහොසත් පුද්ගලයන් මඟින් සිදු කෙ‍රුණ ද මුල් කාලීන නූතන යුරෝපයේ වැඩි දියුණු වූ බලපෑම් වතු සේවකයන් කරා ද මෙය ගෙන ගියේය. ඔවුන් විසින් යම් දුරකින් වූ විලාසිතාවලට නැඹුරු වූ අතර සමහරක් විට ඒවා විශිෂ්ට අයට පවා අපහසු තරම් ළඟින් තිබිණි. කළමනාකරුවෙකු වූ බ්‍රව්ඩෙල් විලාසිතා වෙනස් කිරීමේ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකේ.

බටහිර ලෝකයේ වූ විලාසිතා පුරාතන යුගයේ හෝ ලෝකයේ අනෙකුත් ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරවලට සමාන්තර නොවේ. පර්සියාවට, තුර්කියට , ජපානයට හෝ චීනයට සංචාරය කරන ලද මුල් කාලීන බටහිර සංචාරකයන් නිරන්තරයෙන්ම එම ප්‍රදේශවල විලාසිතා වෙනස් වීම් නොමැති බව වාර්තා කළ අතර මෙම අනෙක් සංස්කෘතීන්වලින් පැමිණි නිරීක්ෂකයන් බටහිර විලාසිතාවල ඉතාමත් වැඩි වේගය ගැන විචාර ඉදිරිපත් කළ අතර එමඟින් බොහෝ දෙනෙකුට හැඟුනේ බටහිර සංස්කෘතියේ අස්ථායී බව හා පිළිවෙලක් නැතිකමයි. 1609 ජපාන ෂෝගන්ගේ ලේකම්වරයෙකු වරක් ස්පාඤ්ඤ සංචාරකයෙකුට පුරසාරම් දොඩා ඇත්තේ (සම්පූර්ණයෙන්ම නිරවද්‍යව නොවේ) ජපාන ඇඳුම් පැලඳුම් වසර 1000ක් පුරාවට නොවෙනස්ව පැවතී ඇති බවයි. කෙසේ නමුත් උදාහරණ ලෙස චීන ඇඟලුම්කරණයේ ඉක්මන් වෙනස් වීම් සිදු වූ බවට සාධක මින්ග් චීනයෙන් හමු වී ඇත.

ඇල්බ්‍රෙච් ඩූරර්ගේ චිත්‍රයක් මඟින් නිව්රම්බර්ග්හි ධනේෂ්වර පන්තියේ අයෙකුගේ (වමේ) හා ඇයට සමාන වැනීසියේ ධනේෂ්වර පන්තියේ අයෙකුගේ වෙනස පෙන්වා දෙයි. වැනීසියේ තරුණි‍යගේ අඩි උස සපත්තු ඇය උස් කර දක්වා ඇත.

16 වන සියවසේ ජර්මානු හෝ ඉතාලියානු මහත්මාවරුන්ගේ චිත්‍ර 10ක් මඟින් පෙන්වනු ඇත්තේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් තොප්පි 10 ක් වන අතර එම කාලය වන විට ජාතීන් අතර ඇඳුම්වල වෙනස එහි උපරිමයට පත්ව තිබුණි. මෙය 15 වන සිය‍වසේ අවසාන භාගයේ වූ නිව් රෙම්බර්ග් හා වැනීසියානු විලාසිතා සන්සන්දනය කරන ඇල්බ්‍රෙච් ඩූරර්ගේ චිත්‍රයෙන් වඩාත් පැහැදිලි වේ. සියවස අවසානයේ වූ ස්පාඤ්ඤ රටාව ඉහල පැලැන්තියේ යුරෝපීයයන් නැවතත් සමාන රටාවකට ගෙන ඒම ආරම්භ කළ අතර 17 වන සියවසේ මැද භාගයේ වූ ගැටුමකින් පසු ප්‍රංශ විලාසිතා නායකත්වය ගත් අතර ක්‍රියාවලිය 18 වන සියවසේ දී සම්පූර්ණ විය.

වර්ණ හා රෙදි පිළි‍ෙවල රටා ව‍සරෙන් වසරට වෙනස් වුව ද මහත්මාවරුන්ගේ කබායන්වල කැපුම් හා ඒවායේ දිග හෝ කාන්තා ඇඳුමක් කැපීමේ රටාව වෙනස් වූයේ වඩාත් සෙමිනි. පිරිමි විලාසිත‍ා විශාල ලෙස ව්‍යුත්පන්න වූයේ හමුදා ආකෘතිවලින් වූ අතර එහි වූ වෙනස් වීම් යුරෝපානු යුද්ධය නිසා ඇති වු ඒවා විය. එහි දී මහත්මා නිළධාරීවරුන්ට විදේශීය විලාසිතා දැක බලා ගැනීමට අවස්ථාව සැලසුනි. උදාහරණයක් ලෙස ටයි පටිය දැක්විය හැක.

1780 ගණන්වල දී නවතම ප්‍රංශ විලාසිතා පෙන් වූ ප්‍රංශ ලිවීම් ප්‍රකාශනයත් සමඟ මෙම වෙනස් වීම් තවදුරටත් වේගවත් විය. එනමුත් 16 වන සියවසේ සිට ප්‍රංශය විසින් රටා ආකෘති ලෙස ඇඳුම් අන්දවන ලද බෝනික්කන් බෙදා හරිමින් තිබූ අතර ඇබ්‍රැහැම් බෝසේ මඟින් 1620 ගණන්වල සිට විලාසිතා පිළිබඳ වූ ලිවීම් නිෂ්පාදනය කරන ලදී. 1800 වන විට සියළු බටහිර යුරෝපීයන් එකම ආකාරයකට ඇඳුම් භාවිතා කරන ලදී. දේශීය වෙනස් වීම් ප්‍රථමයෙන් පළාත්බද සංස්කෘතියේ සලකුණු බවට පත් වූ අතර ඉන් පසු කුලීකරුවන්ගේ ලාංඡනය බවට පත්වුණි.

මීට පෙර ඇඳුම් මසන්නන් හා ඇඳුම් නිපදවන්නන් නව විලාසිතා හඳුන්වා නොදුන් නිසා හා රෙදි පිළි කර්මාන්තය සියළු ප්‍රවණතාවලට නායකත්වය දුන් නිසා විලාසිතා නිර්මාණයේ ඉතිහාසයේ ආරම්භය වන්නේ 1858 සිටය. ඒ එංගලන්තයේ උපත ලැබූ චාල්ස් ෆෙඩ්‍රික් වර්ත් පැරීසියේ ප්‍රථම හෝටිකෝචර් නිවහන විවෘත කිරීමත් සමඟය. එතැන් සිට වීදි විලාසිතාවල වූ බොහෝමයක් විලාසිතා හැරුණු කොට වෘත්තීමය නිර්මාණකරුවන් ක්‍රම ක්‍රමයෙන් වඩාත් වැදගත් පුද්ගලයන් බවට පත්ව ඇත.

නූතන බටහිර ලෝකයේ පුද්ගලයන්ට ඔවුන්ගේ ඇඳුම්‍තෝරා ගැනීමට විශාල තෝරා ගැනීම් පරාසයක් ඇත. පුද්ගලයෙකු විසින් ඇඳීමට තෝරා ගන්නා දෙය එම පුද්ගලයාගේ පෞරුෂත්වය හෝ ‍ඒ හා සමාන දේ ඉස්මතු කර දක්වයි. සංස්කෘතික තත්වයක් ඇති පුද්ගලයන් නව හෝ වෙනස් ඇඳුම් ඇඳීම ආරම්භ කිරීමෙන් නව විලාසිතා නැඹුරුවක් ආරම්භ විය හැක. ඔවුන්ට කැමති හෝ ගරු කරන පුද්ගලයන් ද ඒ හා සමාන රටාවේ ඇඳුම් ඇඳීම ආරම්භ කළ හැක.

විලාසිතා සමාජය තුළ දී වයස, සමාජ පන්තිය, පරම්පරාව, රැකියාව, ලිංගිකත්වය හා භූවිෂමතාවය මෙන්ම කාලය අනුව සැලකිය යුතු ලෙස වෙනස් විය හැක. උදාහරණ ලෙස වයසක පුද්ගලයෙකු තරුණයන්ගේ විලාසිතාවලට අනුව ඇඳුම් ඇඳීම සිදු කළ හොත් ඔහු තරුණ හා මහළු යන පුද්ගල දෙකොට්ඨාශයටම විහිළුවක් සේ පෙනෙනු ඇත. Fashionista හෝ විලාසිතා ගොදුර යන පදය යොදා ගන්නේ වහලෙකු මෙන් දැනට පවතින විලාසිතා අනුගමනය කරන පුද්ගලයෙකු හැඳින්වීමටය.

විවිධ විලාසිතා යොදා ගැනීමේ පද්ධතිය, විලාසිතා ව්‍යාකරණ යොදා ගෙන විවිධ විලාසිතා වාක්‍ය සමඟ කටයුතු කරන විලාසිතා භාෂාවක් ලෙස ද සමහරෙකුට සැලකිය හැක. (රෝලන් බාතෙස්ගේ සමහරක් කටයුතු සන්සන්දනය කර බලන්න)

විලාසිතා නිර්මාණය[සංස්කරණය]

අවසන්වරට පැවති විලාසිතා දැක්ම, 2009


විලාසිතා නිර්මාණය යනු යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජීය බලපෑම් යටතේ නිර්මාණය වන ඇඳුම් පැළැඳුම් හා ජීවන රටා උපකරණ සඳහා වූ ව්‍යවහාරික කලාවකි.

විලාසිතා නිර්මාණය ඇඳුම් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවා සාමාන්‍යයෙන් ඍතු 1 හෝ 2 ක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර තිබීමයි. ඍතුවක් ලෙස අර්ථ දැක්වෙන්නේ සරත්/ සීත හෝ වසන්ත/ ගිම්හාන යන සෘතුයි. විලාසිතා නිර්මාණකරණය 19 වැනි සියවසේ දී චාල්ස් ෆ්‍රෙඩ්‍රික් වර්ත් මඟින් ආරම්භ කරන ලද්දේ යැයි සැලකේ. ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඇඟලුම් සඳහා ඔවුන්ගේ වෙළෙඳ නාමය අසන ලද ප්‍රථම පුද්ගලයා වූයේ ඔහුය. ඕනෑම කාල පරිච්ඡේදයකට ගැලපෙන ඇඳුම් නිර්මාණය කරන්නට ශිෂ්‍යයන් විසින් ඉගෙන ගනු ලැබුවත් 1858 න් පසුව බිහි වූ ඇඳුම් පමණක් විලාසිතා නිර්මාණ ලෙස සැලකිය හැකිය.


විලාසිතා නිර්මාණකරුවන් කාන්තාවන් සඳහා ද ඇඳුම් පැළැඳුම් නිර්මාණය කරයි. සමහරක් උසස් විලාසිතා නිර්මාණකරුවන් තනිව සේවයේ යෙදී සිටින අතර තනි පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කිරීම සිදු කරයි. අනෙකුත් උසස් විලාසිතා නිර්මාණකරුවන් විශේෂිත සාප්පුවලට හෝ උසස් විලාසිතා දෙපාර්තමේන්තු ගබඩාවලට තම සේවය ලබා දේ. මෙම නිර්මාණකරුවන් විසින් හොඳම තත්ත්වයේ රෙදි පිළි නිපදවන අතර ඒවා මඟින් නව විලාසිතා ප්‍රවණතා ද ඇති වේ. කෙසේ නමුත් බොහෝමයක් විලාසිතා නිර්මාණකරුවන් විශාල වෙළෙඳ පොළ සඳහා කාන්තා පිරිමි හා ළමා විලාසිතා නිර්මාණය කරන රෙදි පිළි නිපදවන්නන් සඳහා තම සේවාවන් ලබා දෙනු ලැබේ. කැල්වින් ක්ලෙයන් හෝ රැල්ෆ් ලෝරන් හෝ වෙළෙඳ නාම මෙම නිපදවීම් කරනු ලබන්නේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටින ස්වාධීන නිර්මාණකරුවන් කණ්ඩායමක් මඟිනි.

විලාසිතා එකතුවක් නිර්මාණය කිරීම[සංස්කරණය]

එකතුවක් නිර්මාණය කිරීම

එකතුවක් සැළසුම් කිරීම

සෑම එකතුවක්ම ඉතා සුපරික්ෂාකාරීව සැලසුම් කර ඇති අතර එම නිසා එහි අඩංගු සියළු අංග එකිනෙකට පූරණය වන අතර අදාල සමාගම ප්‍රසිද්ධව ඇති විශේෂිත විලාසිතා ආකාරයක හැඩ හුරුකම් ඇත.

අනුමාන කිරීමේ ප්‍රවණතා

විලාසිතා නිර්මාණ කරුවෙකුට ප්‍රගුණ කිරීමට ඇති ඉතාමතුම අපහසු කාර්යයක් වන්නේ අනාගත ප්‍රවණතා අනුමාන කිරීමයි. මෙය සිදු කිරීම සඳහා ඔවුන් විසින් පෙර ඍතුවලදී විලාසිතාව යොමුවන්නේ කිනම් දිශාවකටදැයි අවධානයෙන් සිටින අතර විලාසිතා වෙළඳාමෙහි සිටින අනෙක් අය සිදු කරන්නේ මොනවාදැයි ද අවධානයෙන් සිටී. තවද ඔවුන් විලාසිතා පෙර දැකුම් සඟරාද පරිශීලනය කරනු ලබයි. තවද, ඔවුන් විසින් කිනම් විලාසිතා සාර්ථකවීද කිනම් ඒවා අඩු ජනප්‍රිය බවට පත්වීද යන්න ඔවුන්ගේම පාරිභෝගිකයන්ගෙන් දැන ගනී. සමහර විට වඩාත් වැදගත් ලෙස නිර්මාණ කරුවන් විසින් නව අදහස් ගොඩ නැංවීමට ඔවුන්ගේ පරිකල්පන ශක්තිය භාවිතා කරයි. ඔවුන් විසින් පෙළඹවීම සැපයීම සඳහා බොහෝවිට යම් තේමාවක් තෝරා ගනු ලැබේ.

තේමාවක් තෝරා ගැනීම

එකතුවක තේමාව ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක්, විදේශීය හෝ යම් ස්ථානයක් , වර්ණ පරාසයක් , යම් රෙදි වර්ගයක් හෝ බලවත් දෘශ්‍ය බලපෑමක් සහිත ඕනෑම දෙයක් විය හැකිය.

ඇඟළුම් නිර්මාණ කිරීම

· සැළසුම : විවිධ නිර්මාණකරුවන් විවිධ ක්‍රමවලට කටයුතු කරනු ලබයි . සමහරෙක් ඔවුන්ගේ අදහස් කඩදාසියක් මත සටහන් කර දක්වන අතර අනෙක් අය ඇඳුම් පුවරුවක් මත රෙදි කැබැල්ලක් තබා ගෙන අදාල ඇඟළු‍ම සඳහා වූ අදහස ලැබෙන තෙක් එය කටු ගැසීම හා නැවීම සිදු කරනු ලබයි. තෙවන ක්‍රමය වන්නේ පෙර ඍතුවකින් ඔවුන්ගේම රටාවක් නැවත උකහා ගැනීමයි.(මෙම ක්‍රමය විලාසිතා චිත්‍රාග‍ාරයක ප්‍රතිදානයට අඛණ්ඩ තාවක් ලබා දිය හැක)

· මස්ලින්(පතොරම) එකක් සෑදීම : දළ කඩදාසි රටාවක් තැනීමෙන් පසු හෝ ද්විමාන සැලැස්මක් තැනීමෙන් පසු සාම්පල මසන්නෙකු (හෝ දක්ෂතාවයකින් යුත් මහන මැෂින් ක්‍රියා කරවන්නෙකු ) විසින් තනි පාටකින් යුත් රෙද්දකින් අදාල ඇඟළුමෙහි පරීක්ෂණ ආකාරයක් තනනු ලැබේ. මෙම පතරොම එය ගැළපෙන අයුරු බැලීමට හා එය නිවැරදි පරිදි එල්ලේදැයි බැලීම සඳහා ඇඳුම් වේදිකාවක් මත තබනු ලැබේ.

· පත් රටාවක් නිපදවීම : සැළසුම් කරුවා පතරොමෙහි ගැළපීම ගැන සම්පූර්ණයෙන්ම තෘප්තියට පත් වූ පසු ඔවුන් එය වෘත්තීය රටා සකසන්නෙකුට පෙන්වන අතර ඉන් පසු ඔහු විසින් පත් ආශ්‍රයෙන් අදාල රටාවෙහි නිම කරන ලද වැඩකරන ආකාරය තනයි. රටා තනන්නාගේ වෘත්තිය ඉතා නිරවද්‍ය හා සැලකිල්ලෙන් කළ යුතු එකක් වේ. නිමා කරන ලද නිමැවුමේ ගැළපුම ඔවුන්ගේ කාර්යක්ෂමතාව මත රඳා පවතී.


· නිම කරන ලද ඇඟළුම් : අවසානයේදී අදාල රෙදි වර්ගය සාම්පල ඇඟළුමක් නිර්මාණය කරනු ලබන අතර ඉන් පසු එය නිරූපිකාවක් මත පරීක්ෂාකර බලනු ලැබේ.


විලාසිතා වර්ග[සංස්කරණය]

විලාසිතා නිර්මාණයේ ප්‍රධාන ඛාණ්ඩ තුනක් වේ. එනමුත් මේවා තවත් අතිරේක වඩා විශේෂිත කාණ්ඩවලට බෙදී යා හැක.

හෝටි කෝචර් (Haute Couture)[සංස්කරණය]

1950 ගණන් දක්වා තම ආධිපත්‍ය පතුරවා ගෙන සිටි විලාසිතා නිර්මාණ වර්ගය වූයේ මිනුමට අනුව සාදන ලද හෝ හෝටි කෝචර් (අධි විලාසිතා සඳහා වූ ප්‍රංශ වදන) ය. මිනුමට අනුව සාදන ලද යන වදන යම් විශේෂිත ගැනුම්කරුවෙකු සඳහා නිර්මාණය කරන ලද ඕනෑම ඇඳුමක් සඳහා යොදා ගත හැක. කෙසේ නමුත් හෝටි කෝචර් යන්න ආරක්ෂිත වදනක් වන අතර එය යොදා ගත හැක්කේ Chambre symdicale de La Couture මඟින් පවත්වාගෙන යන හොඳින් අර්ථ දක්වා ඇති සම්මත සපුරා ගන්නා සමාගම්වලට පමණි. කෙසේ නමුත් බොහොමයක් නිමි ඇඳුම් හා විශාල වෙළඳ පොළ වෙළඳ නාම ඔවුන් විසින් හෝටි කෝචර් නිපදවන බව පවසා සිටී. නමුත් ප්‍රකාශයට පත් කර ඇති සම්මතවලට අනුව එය එසේ නොවේ. කෝචර් ඇඳුමක් තනි පා‍රිභෝගිකයකුගේ ඇනවුමකට අනුව නිපදවෙන අතර සාමාන්‍යයෙන් එය අධි තත්ව මිළ අධික රෙදිපිළිවලින් හා අධික අවධානයකින් හා නිමාවකින් යුතුව මැසීම සිදු කරයි. මේ සඳහා අධික කාලයක් හා අතින් සිදු කරන තාක්ෂණික ක්‍රම භාවිතයට ගැනේ. මෙහි නිමාව හා එහි ගැළපෙනභාවය, අමුද්‍රව්‍ය හා එය නිපදවීමට ගන්නා කාලයට වඩා ප්‍රමුඛතාවක් අයත් කර ගනී.

නිමි ඇඳුම් (Ready to wear)[සංස්කරණය]

නිමි ඇඳුම් යනු හෝටි කෝචර් හා විශාල වෙළඳ පොළ අතර වූ අතිච්ඡාදනයකි. ඒවා එක ගැණුම්කරුවෙකු සඳහා නිපදවා නොමැති නමුත් තෝරා ගැනීමේ දී හා රෙදි කැපීමේ දී අතිශය දැඩි සැලකිල්ලක් දක්වා ඇත. විශේෂිත බව ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුම් අඩු ප්‍රමාණවලින් නිපදවන අතර එමනිසා ඒවා සාපේක්ෂව අධික මිළකින් යුක්ත වේ. නිමි ඇඳුම් එකතු සාමාන්‍යයෙන් විලාසිතා සතිය ලෙස හඳුන්වන කාලයක් තුළ දී විලාසිතා නිවහන් මඟින් එළි දක්වනු ලැබේ. මෙය නඟර මත පදනම් වූ පදනමක් මත ඇති වන අතර වසරකට දෙවතාවක් පැවැත්වේ.

විශාල වෙළඳ පොළ (Mass market)[සංස්කරණය]

මෙම දිනවල දී විලාසිතා කර්මාන්ත වැඩි වශයෙන් රඳා පවතින්නේ විශාල වෙළඳ පොළ විකිණුම් මතය. විශාල වෙළඳ පොළ පාරිභෝගිකයන් විශාල පරාසයක් සඳහා පහසුකම් සලසන අතර ඔවුන් විසින් නිමි ඇඳුම් විශාල ප්‍රමාණවලින් හා සම්මත ප්‍රමාණවලින් නිපදවයි. සැලකිය යුතු විලාසිතා නිපදවීම සඳහා ලාභ රෙදි නිර්මාණාත්මකව යොදා ගනු ලැබේ. විශාල වෙළඳ පොළ නිර්මාණකරුවන් සාමාන්‍යයෙන් විලාසිතා ලොවෙහි ජනප්‍රිය නාමවලින් තනා ඇති ප්‍රවණතා උකහා ගනී. ඔවුන් විසින් එම අදාල මූලික නිර්මාණයේ ඔවුන්ගේම ආකාරයක් තැනීමට පෙර එම විලාසිතාව මිනිසුන් අතර ජනප්‍රිය වේ දැයි සැක හැර දැන ගනී. කාලය හා මුදල් ඉතිරි කර ගැනීම සඳහා ඔවුන් විසින් ලාභදායී රෙදි හා යන්ත්‍ර මඟින් පහසුවෙන් සිදු කළ හැකි සරල නිර්මාණ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. මේ නිසා අවසාන නිෂ්පාදන වඩා ලාභදායී මිළකට විකිණිය හැකි වේ.


ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන[සංස්කරණය]

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන


ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතනයක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා පහත අවශ්‍යත‍ාවයන් සපුරාලිය යුතු වේ.

1) අදාල ආයතනය ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා කේන්ද්‍රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදායී සහ ගෞරවාන්විත විලාසිතා නිර්මාණ කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින්නේ මෙම නගරවල හෙයින් වේ.මෙම කාණ්ඩයට අයත් නගර අතරට නිව්‍යෝක් , මිලාන් , පැරිස් , ලන්ඩන් , ටෝකියෝ , ටොරොන්ටෝ , සාවෝපෝලෝ සහ බාසිලෝනා යන නගර අයත් වේ.

2) අදාල ආයතනය විලාසිතා ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රසිද්ධ ආයතනයක් විය යුත් අතර එය යහපත් කල් ක්‍රියාවකින් යුත් ආයතනයක්ද විය යුතු වේ. මෙහිදී යහපත් භාවය සම්බන්ධයෙන් වැදගත් වන්නේ අදාල රටවල විලාසිතා ක්ෂේත්‍රයට අද‍ාල නිරීක්ෂණ ආයතන , පාලන සංවිධාන ආදියේ මතය වේ. මෙවැනි ආයතන සඳහා උදාහරණ ලෙස එක්සත් ජනපදයේ Better Business Bureau ආයතනය , විලාසිතා නිර්මාණකරුවන්ගේ සංවිධානය සහ නගරයේ විලාසිතා සතිය සංවිධානය කරන කණ්ඩායම පෙන්වා දිය හැක.

3) අදාල ආයතනය ඍජුව කිසියම් විලාසිතා නිරූපණ ශිල්පියෙක් වෙත ප්‍රධාන පෙලේ විලාසිතා සැළසුම් ආයතනයක් (උදා- Gucci, Dolce & Gabbana , Calvin Klein , Prada, Valentino & Giorgio Armani ආදිය ) හරහා ලාභදායී සැපයුමක් සිදු කොට තිබිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා නිරූපණ ආයතන අතරින් කිහිපයකි:

· Elite Model Management - නිව් යෝක් නගරය (පැවති පැරීසිය, ප්‍රංශය) · Ford Models - නිව් යෝක් නගරය · IMG Models - නිව් යෝක් නගරය · FTC Publications - නිව් යෝක් නගරය · Utive Models – චිකාගෝ · Models 1 Agency - ලන්ඩන් · Storm Model Agency - ලන්ඩන් · Trump Model Management - නිව් යෝක් නගරය · WS2M - පැරිස් නගරය · Wilhelmina Models - නිව් යෝක් නගරය

විලාසිතා ජන මාධ්‍යවේදය සහ අන්තර්ජාලය අතර සම්බන්ධය[සංස්කරණය]

මාධ්‍යවේදය[සංස්කරණය]

බ්‍රසීලියානු නිරූපිකා ගිසෙල් බුන්ඩ්චෙන් විලාසිතා සඟරා පිටකවරවල දැකිය හැකි වඩාත් ජනප්‍රිය මුහුණක් වේ.

විලාසිතාවල වඩා වැදගත් අංගයක් වන්නේ විලාසිතා ජන මාධ්‍යයයි. කතෘ විවේචන හා විචාර සඟරාවල, පුවත්පත්වල, රූපවාහින‍ියේ, විලාසිතා වෙබ් අඩවිවල හා විලාසිතා බ්ලොග්වල සොයා ගත හැක.

20වන සියවස ආරම්භයේ දී විලාසිතා සඟරාවල ඡායාරූප ඇතුළත් වීම ආරම්භ වූ අතර එමඟින් ඒවා අතීතයටත් වඩා වඩාත් බලපෑම් එල්ල කළ හැකි මාධ්‍යයක් බවට පත්විය. ලෝක‍ය පුරා වූ නඟරවල මෙම සඟරා ඉතා හොඳින් විකිණුනු අතර එමඟින් මහජන රුචිකත්වය මත සැලකිය යුතු බලපෑමක් එල්ල කරන ලදී. දක්ෂතා ඇති සංදර්ශකයන් ප්‍රකාශන සඳහා අතිවිශිෂ්ට විලාසිතා තහඩු අඳින ලද අතර විලාසිතාවල වූ නූතන දියුණුවේ වැඩි කොටසක් ආවරණය කරන ලද්දේ මේ මඟිනි. මෙම සඟරා අතර වඩාත් ජනප්‍රිය සඟරාව විය යුත්තේ 1912 දී ලුසියන් වොගෙල් විසින් ආරම්භ කරන ලද La Gazette du Bon Ton වන අතර එය 1925 දක්වා ප්‍රකාශනයට පත් විය. (යුධ අවුරුදු කිහිපය හැරුණු කොට)

1902 දී එක්සත් ජනපදයෙහි ආරම්භ කරන ලද වෝග් සඟරාව වඩාත් දීර්ඝම ඉතිහාසයක් ඇති හා කරළියට පැමිණ නැවත නික්මෙන සිය ගණන් වූ විලාසිතා සඟරා අතුරින් වඩාත් සාර්ථක සඟරාව විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩි වූ ප්‍රේක්ෂකත්වය හා වඩා වැදගත් ලෙස 1960 දී හඳුන්වා දුන් අඩු වියදම් වර්ණ මුද්‍රණය එහි වියදමේ අධික වර්ධනයකට මඟ පෙන්වූ අතර කාන්තා සඟරාවල තිබෙන විලාසිතාවලින් වැඩි ප්‍රමාණයක් ආවරණය කරන ලදී. හෝටි කෝචර් නිර්මාණකරුවන් නිමි ඇඳුම් හා සුවඳ විලවුන් අංශ ආරම්භ කරමින් ප්‍රවණතාව අනුගමනය කළ අතර ඔවුන් සඟරා තුල අධිකව ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී. එමඟින් වර්තමානය වන විට ඔවුන්ගේ මුල් කෝචර් ව්‍යාපාරය බිඳ හෙල දමා ඇත. 1950 දී කුඩා විලාසිතා අංග සමඟ රූපවාහිනී ආවරණය ආරම්භ වන ලදී. 1960 හා 70 ගණන්වල විවිධ විනෝදකාමී වැඩසටහන්වල වූ විලාසිතා අංග වඩාත් බහුල බවට පත් වූ අතර 1980 ගණන් වන විට Fashion Television වැනි විලාසිතා වැඩසටහන් ආරම්භ වන ලදී. රූපවාහිනිය හා ෆැෂන් බ්ලොග් ඇතුළත් වැඩි දියුණු වන අන්තර්ජාල ආවරණය හැරුණු කොට කර්මාන්තයේ වඩා වැදගත් ප්‍රචාරක ආකාරය සේ දැනටත් පවතින්නේ මුද්‍රණ ආවරණයයි.

අන්තර්ජාලය[සංස්කරණය]

විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය. එයින් මාස හයකට පමණ පසු “ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට් ,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඇරබිණි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය අරඹනු ලැබුවේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවත්සරය සැමරීය. 1998 CNN ස්ටයිල් සහ හින්ට් සගරාව ඇරබිණි. ඊට පසු වසරේ boo.com වෙබ් අඩවිය ඇරබුනද එය එතරම් සාර්ථක නොවීය. වෝග් සගරාවේ අන්තර්ජාල වෙබ් අඩවි වන showstudoi.com සහ style.com 2000 දී ඇරබි අතර 2002 බදී ජේසන් කැම්බල්ගේ JCReport ද 2005 දී Refinery29.com ඇරබිණි. ලේඛණයන් සඳහා ඇරඹි නවතම වෙබ් අඩවිය වන්නේ Fashionreportsers ය. 2007 දී සුවිශේෂ අන්තර්ගතයක් සහිතව Beauty How සගරාව ඇරබිණි. වර්තමානයේ වෙබ් අඩවි ඉතා බලවත් වෙමින් පවතී. 2006 දී වෙස්ට්ෆිඩ් ගෘප් ආතනය ප්‍රසිද්ධ විලාසිතා සඳහා වෙබ් අඩවියක් විවෘත කළේය. වෙළඳසැල්වල භාණ්ඩ ප්‍රචාරණය කිරීමද යටි අරමුණු සහිත විය. එහෙත් මෙවන් අඩවියක් සඳහා විශාල මුදලක් වැය වෙන්නේ එය සම්පූර්ණයෙන්ම වෙළඳකරණයක් මත රදා පවතින බැවිනි.

වෙනස්වීම්[සංස්කරණය]

තරුණ උප සංස්කෘති විලාසිතා සමහරක් විට පෙර පැවති සාමාජීය ප්‍රතිමාන අවමානයට පාත්‍ර කිරීම සඳහා යොදා ගැනේ. එවැන්නකට උදාහරණ ලෙස යට ඇඳුම් නිරාවරණය වන පරිදි පහතින් කලිසම් ඇඳීම දැක්විය හැක. (2008) .

අර්ථ දැක්වීම අනුව විලාසිතා යන්න නිරන්තරයෙන් වෙනස් වේ. මෙම වෙනස් වීම් මිනිස් ක්‍රියාකාරකම්වල වෙනස් බොහොමයක් ක්ෂේත්‍රවලට වඩා ඉක්මනින් සිදු වේ. විලාසිතාවල සිදු වූ සමහරක් නූතන ඉක්මන් වෙනස්වීම්වලට ධනවාදයේ බොහොමයක් ඍණාත්මක ලක්ෂණ ඇතුළත් විය. එය අපද්‍රව්‍ය ඇති කළ අතර මිනිස් පාරිභෝජකයන්ට අනවශ්‍ය පරිදි භාණ්ඩ මිළ දී ගැනීමට උනන්දුවක් ඇති කරයි. අනෙකුත් මිනිසුන්, විශේෂයෙන් තරුණයන්, වෙනස් වන විලාසිතාවලට සැපයිය හැකි විවිධත්වය බුක්ති විඳින අතර ඔවුන් විසින් මෙම නිරන්තර වෙනස් වීම දකින්නේ නව හා අවධානයට බඳුන් වන දේ අත්දැකීම සඳහා වූ ඔවුන්ගේ කැමැත්ත තෘප්තිමත් කරන යම් මාර්ගයක් ලෙසයි. ඒකාකාරීත්වය ඇති කිරීම සඳහා ද විලාසිතා වෙනස් විය හැකි අතර සැලකිල්ලට ගැනීම වටී. එවැන්නකට උදාහරණයක් ලෙස මා‍ඕ ඇඳුම් චීනයේ ජාතික ඇඳුම බවට පත් වීම දැක්විය හැක.

එමෙන්ම මීට සමාන හෝ විශාල පරාසයක් “විලාසිතාවෙන් බැහැර වූ” ලෙස නම් කොට තිබේ. (මේවා හෝ මීට සමාන විලාසිතා සාමාන්‍යයෙන් චක්‍රීය වන අතර වරෙක විලාසිතා තුළට පැමිණි යම් කාලයක් නැවත රැඳී තිබිය හැක.)

ප්‍රායෝගිකව දර්ශනයේ වෙනස් කළ හැකි සෑම අංගයක්ම යම් කාලයක දී වෙනස් කර ඇත. උදාහරණ ලෙස වළලු කරේ සිට මිනි ගවුම් දක්වා වන පරාසයේ වූ සායවල දිග දැක්විය හැක. අතීතයේ දී නව ‍සොයාගැනීම් හා ලෝකයේ එතරම් නොදන්නා පැති විදේශයන් මත පදනම් වූ විලාසිතා වෙනස් වීම සඳහා ‍ප්‍රගමන සපයා දෙන ලදී. උදාහරණ ලෙස 18 වන හෝ 19 වන සියවසේ යුරෝපීයන් තුර්කි ජාතිකයන් විසින් වරක‍දී, චීන ජාතිකයන් විසින් වරක දී හා ජපන් ජාතිකයන් විසින් තෙවනුව ආශා කළ දෙයකට ආශා කළ හැක. විදේශීය රෙදි පිළිවල නූතන ආකාරයකට ක්ලබ් ඇඳුම් ඇතුළත් වේ. වඩා නූතන කාලවල දී ගෝලීයකරණයේ, විදේශීය නව්‍යකරණයේ අංග අඩු කර ඇති අතර ඒ හරහා බටහිර නොවන ලෝකයේ ඇඳුම් බටහිර ලෝකයට පැමිණීම ආරම්භ වී ඇත.

විලාසිතා නිවහන් හා ඔවුන්ට සම්බන්ධ විලාසිතා නිර්මාණකරුවන් මෙන්ම උසස් තත්වයේ විලේපන විලාසිතා වෙනසේ දිශාවට හා සීඝ්‍රතාවයට යම් බලපෑමක් ඇති කරන බව ද පෙනේ.

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා&oldid=471980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි