මහාරෞරවය

විකිපීඩියා වෙතින්

අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඩ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. මෙම නරකය ගිනිගෙන දිලිසෙන, කැකෑරෙන ලෝදියෙන් පිරී ඇත. නිරිසත්වයෝ මේ ලෝදියට වැටී තැම්බි තැම්බි දුක් විඳවති. ලෝදියෙන් ගොඩනැගෙන විට යමපල්ලෝ උල්වලින් ඇන නැවතත් ලෝදියට ම දමති. කරගෙන ඇති කර්මයේ බලය නිසා මැරෙන්නේද නැත. "මහාරෞරව" නිරය "රෞරවයට" වඩා ප‍්‍රමාණයෙන් විශාල යි. මෙහි බුර බුරා නැගෙන ගිනිදැල් තුළ උදුනක මෙන් තැම්බෙමින් නිරිසතුන් නිමක් නැති වදවේදනා විඳිමින් හඬ හඬා කෑගසා වැළපෙන බව ධර්මයේ විස්තර වෙනවා. පෙර ලිපියේදී ලෝ සතුන්ගේ සිත කය වචනය නිතරම පාහේ රෞද්‍ර ගති ඇතිව ඔරවාගෙන රවාගෙන ඇතුලත කෝපයෙන් පිරුණු ස්වභාවයෙන් යුතුව තිබීම රෞරවයට පත්වීම පිණිස හේතුවන බව විස්තර කරගන්නට යෙදුනා. මේ ස්වභාවයේ අධික බවත් මව්පියන් ගුරුභවතුන් ඇතුලූ ගුණ මහත්වයෙන් යුතු පිරිසට කරන්නාවූ නපුරුකම් තරහා ගති ස්වභාවයන් හේතුවී මෙවැනි තවත් භියකරු තත්වයන්ට පත්වීමට හේතුවෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=මහාරෞරවය&oldid=595078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි