සංඝාතය

විකිපීඩියා වෙතින්

අෂ්ඨ මහා නරක අතුරින් තෙවන නරකය වන මෙම නිරයෙහි උපත ලද තැනැත්තාව දීප්තිමත් උණුසුම් වළල්ලකින් දුහුවිලි වන තරමට කුඩා කැබලි වලට කඩා දමන බැවින් මෙම නිරය සංඝාත නිරය ලෙස හැඳින්වේ. මෙසේ කෙතරම් වධ බන්ධන දුන්නද සත්ත්වයා නැවත නැවත එලොවම පහල වේ, මෙය නවතිනුයේ, ඔහුගේ අකුසල කර්ම ගෙවී අවසන් වූ විටදී පමණි.

පොදු දේපල, අන් සතු දේපල ගසා කෑම, අවි ආයුධ වලින් මිනිසුන්, ගව මහීශාදීන්ට හිංසා පැමිණවීම හා ඝාතනය කිරීම, තම අඹු දරුවන් මුදලට විකිණීම වැනි කරුණු හේතුවෙන් සත්ත්වයෝ මෙම සංඝාත නිරයේ උපත ලබති.

මිනිසුන් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංඝාතය&oldid=488805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි