නියුක්ලියෝන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පරමාණුක න්‍යෂ්ටියක් යනු නියුක්ලියෝන වර්ග දෙකක සුසංහිත පොදියකි: ප්‍රෝටෝන (රතු) සහ නියුට්‍රෝන (නිල්). මෙම රූපයෙහි, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පෙනෙන්නේ එකිනෙකට ඇලුණු කුඩා බෝල ලෙසින් වුවද, සත්‍ය වශයෙන්ම නූතන න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙහි දැක්වෙන පරිදී නියම න්‍යෂ්ටියක් එලෙස දිස් නොවෙයි. නියම න්‍යෂ්ටියක් නිරවද්‍යව විස්තර කල හැක්කේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව තුලින් පමණි. නිදසුනක් වශයෙන්, නියම න්‍යෂ්ටියක් තුල, එක් එක් නියුක්ලියෝනයක් එක විටෙක න්‍යෂ්ටිය පුරා පැතිරෙන ස්ථාන බහු ප්‍රමාණයක සිටියි.

භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්‍ලියෝන යන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ද ආසන්න වශයෙන් සමාන වේ.

නියුක්ලියෝන වල ප්‍රතිඅංශූන් ප්‍රතිනියුක්ලියෝන නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන ය.

1960 ගණන් වන තුරු, නියුක්ලියෝන යනු එයින් එක එකක් එයට කුඩා කොටස් වලින් සැදී නොමැති මූලිකාංශු බවට සැලකුණි. ඊනියා දැඩි අන්තර්ක්‍රියාවෙන් එකට බන්ධනයවූ ක්වාක් අංශු තුනක් වෙතින් සැදී ඇති ඒවා සංයුක්ත අංශූන් බව දැන් අවබෝධ වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=නියුක්ලියෝන&oldid=382735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි