පරමාණුක න්‍යෂ්ටිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පරමාණුක න්‍යෂ්ටිය නියුක්ලියෝන දෙවර්ගයක් තදින් ඇසිරී සෑදුණු පොදියක් ලෙස ආදර්ශනය කර ඇත. රතු පැහැයෙන් ප්‍රෝටෝනත්, නිල් පැහැයෙන් නියුට්‍රෝනත් දැක්වේ. මෙම රූපයෙහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට ඇසිරුනු කුඩා ගෝල ලෙස දක්වා ඇතත්, තථ්‍ය න්‍යෂ්ටියක් මෙලෙස දැක්විය නොහැක. තථ්‍ය න්‍යෂ්ටියක ආකෘතිය පැහැදිලි කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව අවශ්‍ය වේ. යම් ශක්ති අවස්ථාවක (උදා: භූස්ථායී අවස්ථාව) පවතින න්‍යෂ්ටියක එක් එක් නියුක්ලියෝනය එක වර ස්ථාන කිහිපයක පැවැතීමට පුලුවන.

පරමාණුවක මධ්‍යයේ පවතින, ප්‍රෝටෝන හා නියුට්‍රෝන අධික ඝනත්වයක් සහිතව තදින් ඇසිරී ඇති කලාපය පරමාණුක න්‍යෂ්ටිය යි. 1909 වර්ෂයේදී හාන්ස් ගයිගර් සහ අර්නස්ට් මාස්ඩන් විසින් අර්නස්ට් රදර්ෆඩ් ගේ මගපෙන්වීම යටතේ සිදු කල ගයිගර් මාස්ඩන් රන්පත් පරීක්ෂාවේ ප්‍රතිපල අධ්‍යයනය කිරීමෙන් පසුව, රදර්ෆඩ් විසින් 1911 දී පරමාණුක න්‍යෂ්ටිය සොයා ගනු ලැබිණි. 1932 දී ද්මිත්‍රි ඉවානෙන්කෝ විසින් ප්‍රෝටෝන-නියුට්‍රෝන ආකෘතිය යෝජනා කැරෙන ලදී.[1] පරමාණුවේ ස්කන්ධයෙන් වැඩි කොටසක් න්‍යෂ්ටියේ පවතින අතර ඉලෙක්ට්‍රෝන වලාවේ පවතින්නේ ස්කන්ධයෙන් ඉතා සුලු කොටසකි.

න්‍යෂ්ටියේ අරය හයිඩ්‍රජන් සඳහා (තනි ප්‍රෝටෝනයක අරය) 1.75 fm (1.75×10−15 m)[2] සිට, යුරේනියම් වැනි ඉතාම බර පරමාණු සඳහා 15 fm දක්වා පවතී. මෙම මිනුම් පරමාණුවක අරය හා සසඳා බලන විට (යුරේනියම් සඳහා) 23,000 වාරයක සිට (හයිඩ්‍රජන් සඳහා) 145,000 වාරයක් දක්වා කුඩා ය.[උපුටාදැක්වීම අවශ්‍යයි]

පරමාණුක න්‍යෂ්ටිය සහ එහි සංයෝජනය පිලිබඳ හැදෑරෙන භෞතික විද්‍යාවට අයත් උප විෂයය, න්‍යෂ්ටික භෞතික විද්‍යාව ලෙස හැඳින්වේ.

  1. Bernard Fernandez and Georges Ripka (2012). "Nuclear Theory After the Discovery of the Neutron". Unravelling the Mystery of the Atomic Nucleus: A Sixty Year Journey 1896 — 1956. Springer. පි. 263. ISBN 9781461441809. http://books.google.com/books?id=4PxRBakqFIUC&pg=PA263. Retrieved 15 February 2013. 
  2. Geoff Brumfiel (July 7, 2010). "The proton shrinks in size". Nature. doi:10.1038/news.2010.337.
"https://si.wikipedia.org/w/index.php?title=පරමාණුක_න්‍යෂ්ටිය&oldid=277982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි