නමෝ මරිය

විකිපීඩියා වෙතින්
මරියානු කලාවෙහි නිදසුනක් ලෙස දැක්විය හැකි ටැඩ්ඩියෝ ඩි බාර්තලෝ විසින් , 1400දී , නිර්මිත දේව මෑණියෝ සහ දරුවා

දේවදූත ආචාරය, නමෝ මරිය, හෝ ආවේ මරියා (ලතින්) යනු ජේසුස් වහන්සේගේ මෑණියන් වන කන්‍යා මරිය තුමියගේ මැදිහත්වීම අපේත්ෂාවෙන් භාවිතා වන සාම්ප්‍රදායික බයිබලීය කතෝලික යාච්ඤාවකි . සමහරක් එංගලන්ත සභා සාමාජිකයන් විසින්ද ක්‍රිස්තියානි ධර්මයෙහි බටහිර කතෝලික සම්ප්‍රදායය යටතේ පවතින බොහෝ අනෙකුත් කණ්ඩායම් විසින්ද මෙම යාච්ඤාව භාවිතා කරනු ලැබේ. මැදිහත්වීම සඳහාවූ නිශ්චිත ආරාධනය අත්හැරදැමූ මෙම යාච්ඤාවෙහි තරමක් වෙනස් ස්වරූපයක් නැගෙනහිර ඕර්තඩොක්ස් සහ පෙරදිග ඕර්තඩොක්ස් සභාවන් සහ නැගෙනහිර ඕර්තඩොක්ස් ධර්මයෙහි අනෙකුත් කණ්ඩායම් විසින්ද භාවිතා කෙරෙයි . ලූතරියානු වැනි, සමහරක් රෙපරමාදු නිකායයන් විසින්ද, මෙම යාච්ඤාවෙහි කිසියම් ස්වරූපයක් භාවිතා කරනු ලැබේ. නමෝ මරිය යාච්ඤාවෙහි පෙළෙහි බොහෝමයක් කොටස් ශුද්ධවර ලූක් සුබාරංචිය තුල දක්නට ඇත.

බයිබලීය මූලාශ්‍රය[සංස්කරණය]

පොම්පියෝ බැටෝනි විසින්, 1742දී නිර්මිත දේවමෑණියෝ.

මෙම යාච්ඤාව සම්පාදනය වී ඇත්තේ ශුද්ධවර ලූක් සුබාරංචියෙහි ඡේද දෙකක් අනුසාරයෙනි: "ප්‍රසාද පූර්ණවන්තිය, ඔබට මංගල වේ, ස්වාමින්වහන්සේ ඔබ සමගය" (ලූක් 1: Χαῖρε, κεχαριτωμένη, ὁ Κύριος μετὰ σοῦ / Chaire, kecharitōmenē, o Kyrios meta sou), සහ "ඔබ වනිතාවන් අතරින් අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශිර්වාද ලද්දේය" (ලූක් 1:42: Εὐλογημένη σὺ ἐν γυναιξὶν καὶ εὐλογημένος ὁ καρπὸς τῆς κοιλίας σου / eulogēmenē su en gynaixin kai eulogēmenos o karpos tēs koilias sou). 13වන-සියවස් මැද භාගයෙහි බටහිර යුරෝපයෙහිදී මෙම යාච්ඤාව සමන්විත වූයේ ඉහත වචන පෙළ හා "මංගල වේ" යන වචනයට පසුව "මරියනි" යන වචනය එක් කිරීමෙන් පමණක් බව, ශුද්ධවූ තෝමස් ඇක්විනාස් තුමන් විසින් මෙම යාච්ඤාව පිළිබඳ ලියා ඇති විස්තරයෙන් පැහැදිලි වෙයි.[1]

ශුද්ධවර ලූක් සුබාරංචියෙහි ඡේද දෙක අතුරින් පළමුවැන්න ගාබ්‍රියෙල් දේවදූතයා විසින් මරියතුමියන් වෙත ආචාර දැක්වීම වන අතර, කොයිනේ ග්‍රීක් භාවිතයෙන් මුලින්ම ලියා ඇත. "මංගල වේ" ලෙසින් මෙහිදී පරිවර්තනය කර ඇති, ආචාර දැක්වීමෙහි මුල් වදන, χαῖρε, chaíre සඳහා, ව්‍යවහාර්ථයෙන් "සන්තෝෂ වන්න", "සතුටු වන්න" යන අර්ථයද පවතියි. ශුද්ධවර ලූක් සුභාරංචිය ලියා ඇති භාෂාවෙහිදී සාමාන්‍යයෙන් ආචාර කිරීමට භාවිතා කරන පදයද එම තේරුම ගෙන දෙමින් නූතන ග්‍රීක් භාෂාවෙහි භාවිතා කරන්නද මෙයම වෙයි.

κεχαριτωμένη, (kecharitōménē) යන වදන, "ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තිය" ලෙසින් පරිවර්තනය වී ඇත.

ඇපොක්‍රිපානු ශුද්ධවර මතෙව් බිළිඳු විය සුබාරංචියෙහි නවවන පරිච්ඡේදයෙහි, මංගලම් කීම පිළිබඳ විස්තරයෙහිද මෙම පෙළ අඩංගු වෙයි.

  • නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමීන් නුඹ කෙරෙහිය; ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේමය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. ශාන්ත මරියනි, දේව මෑණියනි, පාපිවූ අප උදෙසා, දැනුත් අපගේ මරණ වේලෙහිදිත් යාච්ඥා කල මැනව. ආමෙන්[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Saint Thomas Aquinas on the Hail Mary
  2. The prayer is printed in latin on the first page of the exposition and reads: "Ave Maria gratia plena Dominus tecum Benedicta tu in mulieribus et benedictus Fructus uentris tui Iesus sancta Maria mater Dei ora pro nobis peccatoribus nunc et in hora mortis Amen"
"https://si.wikipedia.org/w/index.php?title=නමෝ_මරිය&oldid=164490" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි