ධර්මදූත ලූක් තුමා

විකිපීඩියා වෙතින්
ධර්මදූත ලුක් තුමා
ඇන්ඩ්‍රියා මොන්ටීනියා විසින් නිර්මිත ශුද්ධවූ ලූක් තුමාගේ අල්
Personal details
Bornඇන්යියොක්, සිරියාව, රෝමානු අධිරාජ්‍යය
Died84 පමණ.
ග්‍රීසියේ, බියෝෂා නගරය අසල

ධර්මදූතවරු සතරදෙනා අතුරින් එක් අයෙකු වන ධර්මදූත ලූක් තුමා (පුරාතන ග්‍රීක: Λουκᾶς, Loukás) යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්ම ග්‍රන්ථාත්මක සුබඅසුන් අතුරින් එකක කතුවරයා වෙයි. ලූක් තුමා ජීවත් වූයේ සිරියාවේ හෙලනිස්තික නගරයක් වූ ඇන්ටියොක් හිදීය. මුලින් එක් සාහිත්‍යමය කෘතියක් ලෙසින් පැවති ශුද්ධවූ ලූක් තුමාගේ සුබ අස්න සහ අපොස්තුළුවරුන්ගේ ක්‍රියා නමැති ග්‍රන්ථය යන දෙකෙහිම කතෘත්වය එතුමා වෙත පැවරීමට, මූල් සභා පිතෘවරුන් විසින් පෙළෙඹුණි.මෙම කෘතින් දෙකෙහි ම කර්තෘගේ නම සඳහන් නොකළ ද භාෂාව හා ශෛලිය සැලකිල්ලට ගත් විට එක ම ලේඛකයෙකුගේ බව තහවුරු වේ. මුල් ක්‍රිස්තියානි ආගමෙහි ප්‍රමුඛ පුද්ගලයන්වූ ජෙරෝම් තුමා සහ යූසීබියස් තුමා වැන්නවුන් විසින්, මෙම කතෘත්වය යළි සහතික කර ඇති මුත්, මෙම කෘතින්හී නියම කතුවරයා පිළිබඳ සාක්ෂ්‍ය මඳ වීම නිසාවෙන්, අනාගාමික සහ ආගමික විද්වත් මණ්ඩල තුල, මෙම කරුණ පිළිබඳ සංවාද පැවතී ඇත.

නව ගිවිසුම තුල, ශුද්ධවූ ලූක් තුමා කිහිප විටක් සුළු වශයෙන් සඳහන් වෙමින් වෛද්‍යවරයෙකු ලෙසින් හැඳින්වෙන්නේ, ශුද්ධවූ පාවුළු තුමන් විසින් කොලොස්සිවරුන් වෙත යැවූ හසුනෙහිය; එවැවින් එතුමා වෛද්‍යවරයෙක් සහ පාවුළු තුමාගේ ගෝලයෙක් ලෙසද සිටි බවට සැලකෙයි. මුල් ක්‍රිස්තියානිකරුවන් විසින් සාන්තුවරයෙක් ලෙසින් සැලකුනු මෙතුමා, ප්‍රාණපරිත්‍යාගවරයෙකු ලෙසින් මිය ගිය බවට විශ්වාස කෙරෙතත්, එම සිද්ධිය පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැත.

රෝමානු කතෝලික සභාව සහ අනෙකුත් ප්‍රධාන සභාවන් තුල එතුමාට ගරු බුහුමන් දැක්වෙන්නේ ධර්මදූත ශුද්ධවූ ලූක් තුමා ලෙසින් වන අතර, කලාශිල්පීන්, වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, ශිෂ්‍යයන් සහ සතුන් මරන්නන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙසින් සැලකෙයි; එතුමාගේ මංගල්‍යය දිනය ඔක්තොම්බර් 18 දිනදී යෙදෙයි.

විද්වතුන්ගේ මතය අනුව ශුද්ධවර ලූක් තුමා ග්‍රීසියේ අන්ටියෝක් හී ජිවත් වූ ග්‍රීක ජාතික වෛද්‍යවරයෙකි. නමුත් සමහරක් විද්වතුන්ගේ මතය වන්නේ එතුමා හෙලනිස්ත ජුදෙව්වෙක් බවයි. බාට් කොයිට්ගේ පවසන්නේ ශුද්ධවර ලූක් තුමා සුභ අසන රචනා කරන්නේ ජුදා නොවන අන්‍ය ජාතිකයන් වෙත බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මදූත_ලූක්_තුමා&oldid=496355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි