දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය

විකිපීඩියා වෙතින්
2011, මැයි 1 දින වතිකානුවේ පැවැත්වුනු දේව දයාවේ මංගල්‍යය ඉරුදින වෙත , දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේගේ භාග්‍යවත්වරයට එසවීම අඩංගු වූ අතර මිලියනයකට වඩා වන්දනාකරුවෝ රෝමය වෙත ගියහ.[1][2]

දේව දයාවේ මංගල්‍යය ඉරුදින යනු පාස්කුවට පසු ඉරුදිනයෙහි, පාස්කු අෂ්ටකයෙහිදී, රෝමානු කතෝලිකයන් මෙන්ම, සමහරක් ඇංග්ලිකානුවන් විසින් පවත්වනු ලබන සුවිශේෂ මංගල්‍යයකි.[3] ජේසුස් වහන්සේ සමගින් එතුමියගේ සමාසදයෙහි කොටසක් ලෙසින් ශුද්ධවූ ෆවුස්තීනා කොවල්ස්කා විසින් වාර්තා කරන ලද්දාවූ සහ ජේසුස් වහන්සේ වෙතින් වූ විශේෂ පොරොන්දු සහ සභාව විසින් ප්‍රකාශිත අනුග්‍රහයන් වෙතින් සමන්විත දේව දයාව වෙත කතෝලික ඇදහීම මත එය මූලික වශයෙන් පදනම්ව ඇත.

ශුද්ධවූ ෆවුස්තීනා මුනිවරියගේ දිනපොතෙහි සඳහන් වන ආකාරයට, දේව දයාවේ මංගල්‍යය විසින්, ජේසුස් වහන්සේ වෙතින්, දේව දයාවේ ඇදහීම හා සම්බන්ධ, විශාලතම අනුග්‍රහ පොරොන්දු ලබා දෙයි. විශේෂිත වශයෙන්, ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශිත යයි ප්‍රකට වන්නේ, යම් තැනැත්තෙකු පාපෝච්චාරණ ප්‍රසාදනිධානය (පාපෝච්චාරණය දින කිහිපයකට පෙර ලබා ගත හැක) ලබා ගෙන එම දිනයෙහිදී දිව්‍ය සත්පුසාද වහන්සේ ලබා ගන්නේ නම්, සියළු පාපයන්ගෙන් සහ දඞුවම් වලින් සමාව ලබයි. මෙයින් අදහස් වන්නේ මේ පුද්ගලයන් මරණයෙන් පසුව මරණය සිදුවීමෙන් ඉක්බිතිව එසැණින් ස්වර්ගය වෙත පත්වන්නේ ශුද්ධකාග්නිස්ථානය (හෝ නිරය) තුල දුක් විඳීමෙන් තොරවය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. සීඑන්එස් නිවුස් මැයි 2, 2011
  2. ඩේලි ටෙලිග්‍රාෆ් මැයි 1, 2011
  3. බ්‍රොක්මාන්, නෝබර්ට් (13 සැප්තැම්බර් 2011). එන්සයික්ලොෆීඩියා ඔෆ් සේක්‍රඩ් ප්ලේසර්ස්. ABC-CLIO. p. 140. ISBN 9781598846546. The feast is October 5, and Divine Mercy Sunday is celebrated in the Catholic Church on the first Sunday after Easter. Some Anglican parishes observe it as well. {{cite book}}: |access-date= requires |url= (help)