දිමිත්‍රි මෙද්වදෙව්

විකිපීඩියා වෙතින්
දිමිත්‍රි මිද්වේදෙෆ්
Дмитрий Медведев
රුසියාවේ අග්‍රාමාක්‍යවරයා
තනතුර දරමින්
8 මැයි 2012
ජනාධිපතිවරයාව්ලැදිමීර් පුටින්
Deputyඊගර් ෂූවොලොෆ්
පූර්වප්‍රාප්තිකයාවික්ටර් සුබ්කොෆ් (වැඩ බලන)
සංගම් රාජ්‍යයේ අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ සභාපති
තනතුර දරමින්
18 ජූලි 2012
පූර්වප්‍රාප්තිකයාව්ලැඩ්මිර් පුටින්
3වන රුසියාවේ ජනාධිපති
තනතුර දරමින්
7 මැයි 2008 – 7 මැයි 2012
අග්‍රාමාත්‍යවරයාව්ලැඩ්මිර් පුටින්
පූර්වප්‍රාප්තිකයාව්ලැඩ්මිර් පුටින්
අනුප්‍රාප්තිකයාව්ලැඩ්මිර් පුටින්
එක්සත් රුසියාව පක්ෂයේ නායක
තනතුර දරමින්
30 මැයි 2012
පූර්වප්‍රාප්තිකයාව්ලැඩ්මිර් පුටින්
රාජ්‍ය ඩූමාව තුල එක්සත් රුසියාව පක්ෂයේ නායක
තනතුර දරමින්
24 සැප්තැම්බර් 2011
පූර්වප්‍රාප්තිකයාබොරිස් ග්‍රිස්ලොෆ්
රුසියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
14 නොවැම්බර් 2005 – 12 මැයි 2008
අග්‍රාමාත්‍යවරයාමිහායෙල් ෆ්‍රැඩ්කොෆ්
වික්ටර් සුබ්කොෆ්
පූර්වප්‍රාප්තිකයාමිහායෙල් කැසියොනෆ්
අනුප්‍රාප්තිකයාවික්ටර් සුබ්කොෆ්
ඊගර් ෂූවොලොෆ්
පුද්ගලික තොරතුරු
උපත
දිමිත්‍රි ඇනතොලේවිච් මිද්වේදෙෆ්

14 සැප්තැම්බර් 1965 (1965-09-14) (වයස 58)
ලෙනින්ග්‍රෑඩ්, සෝවියට් සංගමය
(දැන් සෙන්ට් පීටර්ස්බර්ග්, රුසියාව)
දේශපාලන පක්ෂයඑක්සත් රුසියාව පක්ෂය (2011–වර්තමානය)
වෙනත් දේශපාලන
සබැඳියා
සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ( 1991 ට පෙර)
ස්වාධීන (1991–2011)[1]
කලත්‍රයා ස්වෙට්ලානා ලිනින්ක් (වි. 1993)
දරුවන්ඉල්යා මිද්වේදෙෆ්
උගත් ශාස්ත්‍රාලයලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයය
අත්සන
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

දිමිත්‍රි ඇනතොලේවිච් මිද්වේදෙෆ් (රුසියානු: Дми́трий Анато́льевич Медве́дев, tr. Dmitriy Anatolyevich Medvedev, IPA: [ˈdmʲitrʲɪj ɐnɐˈtolʲjɪvʲɪt͡ɕ mʲɪˈdvʲedʲɪf]( listen); උපත 14 සැප්තැම්බර් 1965) යනු, 2012 සිට නිලය දරන, [2][3] රුසියාවේ දසවන සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාය. ඔහු මීට පෙර, 2008 සිට 2012 දක්වා, රුසියාවේ තුන්වන ජනාධිපති ලෙසින් සේවය කළේය. . ඔහු විසින් වයස අවුරුදු 42 දී නිලය භාර ගනිත්ම, එතෙක් සේවය කල රුසියාවේ ජනාධිපතිවරුන් තිදෙනාගෙන් ලාබාලයා විය.

ශාස්ත්‍රඥයින්ගේ පවුලක උපත ලද මිද්වේදෙෆ්, 1987දී, ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අධ්‍යයනාංශයෙන් උපාධිය ලැබීය. 1990දී ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය ඉදිරිපත් කළ ඔහු, වර්තමානයේ සෙන්ට් පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්වවිද්‍යාලයය යනුවෙන් යළි-නම් කර ඇති, ඔහු උගත් ශාස්ත්‍රාලයේ ඩෝසන්ට්වරයෙකු ලෙසින් සේවය කරමින්, 1999 වන තුරුම සිවිල් හා රෝමානු නීතිය ඉගැන්වීය.


රුසියාවේ ජනාධිපති[සංස්කරණය]

තනතුරට පත් වූයේ 2008 මැයි 07 අගමැති වික්ටර් සුබ්කොව් (වැඩබලන) ව්ලැද්මීර් පුටින් කලින් සිටි ජනාධිපති ව්ලැද්මිර් පුටින්


රුසියාවේ උප අගමැති[සංස්කරණය]

තනතුරට පත් වූයේ 2005 නොවැම්බර් 14 සර්ජි ඉවානොව් සමග සේවය කරයි

අගමැතිවරු මිහායිල් ෆ්‍රැඩ්කොට් වික්ට්ර් සුබ්කොට් ව්ලැද්මීර් පුටින් Preceded by Office created Succeeded by TBD ඉපදුනේ 1965 සැප්තැම්බර් 14 (අවු 42) ලෙනින්ග්‍රැඩ් - සෝවියට් සංගමය ජාතිය රුසියානු බිරිඳ ස්වෙත්ලානා මෙද්වදෙවා (විවාහයට පෙර ලින්නික්) දරුවන් ඉල්යා මෙද්වදෙව් අධ්‍යාපනය ලෙනින්ග්‍රැඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලය රැකියාව දේශපාලනය කළමණාකරු - නීතිඥ ආගම රුසියන් ඔර්තෙඩොස් වෙබ් අඩවිය (රුසියන් නිල වෙබ් අඩවිය)


රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් 1965 සැප්තැම්බර් 14 දින උපත ලද්දේය. 2008 මැයි 7 දින තනතුරේ වැඩ භාර ගත්තේය. 2008 මාර්තු මස 2 වැනි දින පවත් වන ලද ජනාධිපතිවරණයේදි 70% ක පමණ චන්ද ප්‍රමාණයක් ලබා ගෙන ජනාධිපතිවරණය ජය ගත්තේය.

රුසියානු රජයේ පළමු නියෝජ්‍ය අගමැති ලෙස මෙද්වදෙව් 2005 නොවැම්බර් 14 දින පත් වූයේය. ඔහු කලින් ව්ලැද්මීර් පුටින් ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටියේය. ඊට අමතරව ගැස්ප්‍රොම් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විය. 2000 වර්ෂයේ සිට දෙවැනි වරටත් එම ධූරය දැරුවේය. 2007 දෙසැම්බර් 10 දින ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිල නොවන ලෙස ඔහුගේ නම විශාලතම දේශපාලන පක්ෂය වූ යුනයිටඩ් රශියා පක්ෂය විසින් යෝජනා කරන ලදි. 2007 දෙසැම්බර් 17 දින එය නිල වශයෙන්ම යෝජනා විය. ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය කලින් ජනාධිපතිව සිටි ව්ලැද්මිර් පුටින්ගේ ද සහය ලැබුනි.

ළමා කාලය[සංස්කරණය]

දිමිත්‍රි මෙද්වෙදෙව්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පවුලක උපත ලත් අතර ලෙනින්ග්‍රෑඩයේ සාමාන්‍ය වැඩ කරන ජනයා වාසය කරන කැප්චිනෝ නම් දිස්ත්‍රික්කයෙහි හැදුනේය. ලෙනින්ග්‍රෑඩයේ වර්ග මීටර් 40 ක වපසරියකින් යුත් තට්ටු නිවාසයක ඔහුගේ බාල කාලය ගෙවුනි. මෙම ලෙනින්ග්‍රෑඩය මුල් දින වල නම් කර තිබුනේ සෙන්ට් පීටර්බර්ග් නමිනි.

1987 වර්ෂයේදි ඔහු ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ උපාධිය ලබා ගත්තේය. (ඔහු සමග ඉල්යා යෙලිසෙයෙව්, ඇන්ටන් ඉවානොව්, නිකොලායි වෙනිචෙන්කො සහ කොන්ස්තන්තීන් චුයිචෙන්කෝද උපාධිය ලබා ගත්හ). 1990 වර්ෂයේදී ඔහු පී.එච්.ඩී.උපාධිය ලබා ගත්තේද එම විශ්ව විද්‍යාලයෙනි. 1980 සහ 1990 දශක වල සිටි ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලකයෙකු වූ ඇනටොලි සොච්බැක් මෙද්වදෙව්ගේ එක් මහාචාර්ය වරයකු විය. සෙන්ට්පීටර්ස්බර්ග් නගර සභාව සඳහා තරඟ වැදුනු සොච්බැක් සමග එම චන්ද ව්‍යපාරයේදි මෙද්වදෙව්ද එක්ව කටයුතු කළේය. 1990 වර්ෂයේදි මෙද්වෙදෙව්, ලෙනින්ග්‍රෑඩ්හි මහජන නියෝජිතයින්ගේ සෝවියට් හි වැඩ කළේය. 1991 සහ 1999 අතර කාලය තුල ඔහු ඔහුගේ පැරණි විශ්ව විද්‍යාලයේම (docent කෙනෙකු ලෙස) සේවය කළේය. මෙම විශ්ව විද්‍යාලය දැනට හැඳින්වෙන්නේ ශාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්ව විද්‍යාලය වශයෙනි.

ජනාධිපති පදවියට පෙර ව්‍යාපාර සහ දේශපාලන කටයුතු[සංස්කරණය]

1991 - 1996 අතර කාලය තුළ මෙද්වදෙව් ශාන්ත පීටර්ස්බර්ග් නගරාධිපති කාර්යාලයේ අන්තර්ජාතික කටයුතු කමිටුවේ නීති විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළේය. එවකට එහි ප්‍රධානියා වූයේ ව්ලැඩ්මීර් පුටින්ය. පුටින් පාලනයේ විවේචකයින්ගේ (යුරි ෆෙල්ෂ්ටින්ස්කි සහ ව්ලැද්මීර් ප්‍රිබයිලොව්ස්කි) පර්යේෂණ වලට අනුව ඉහත කී කමිට‍ව සූදු ක්‍රීඩාවද ඇතුලත් වෙනත් ව්‍යාපාර බොහොමයකට සම්බන්ධ වී ඇත. "නේවා චාන්ස්" නම් නාගරික ආයතනයක් හරහා මෙම සූදුව හා සම්බන්ධ ව්‍යාපාරය ආරම්භ වී ඇත. මෙම "නේවා චාන්ස්" ආයතනය නගරයේ සූදු ක්‍රීඩා ආයතනවල සම අයිතිකරුවෙකු වූයේය. යොදවා ඇති මූල ධනයෙන් 51% ක් ඔවුන්ගේය. නගරාධිපතිගේ කාර්යාලය ඔවුන්ගේ දායකත්වය සැපයුවේ මුදලින් නොව කැසිනෝ ව්‍යාපාරය සඳහා කුලී අය කිරීමට තිබෙන අයිතිය ඉවත් කර ගැනීමෙනි. දැනට පවතින නීති උල්ලංඝණය නොකරමින් රජයත් ව්‍යාපාර කටයුතුවලට මැදිහත් විය හැකි ආකාරය පෙන්වා දුන් පළමු කීපදෙනාගෙන්කෙනෙකු වූයේ මෙද්වෙදෙව් බව පාලන අධිකාරීහු පෙන්වා දුන්හ. ඒ ඉඩම් නොදෙන නමුත් කුලිය සඳහා දායක වීමෙනි.

1993 නොවැම්බරයේදී, ශාන්ත පීටර්ස්බර්ග් නගරය මූලස්ථානය කර ගත් දැව සමාගමක් වූ ඉලිම් පල්ප් එන්ටර්ප්‍රයිසස් හි නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා වූයේ මෙද්වෙදෙව්ය. මෙම ආයතනය මුලදී සීමාසහිත වගකිම් ඇති සමාගමක් ලෙස ලියා පදිංචි කර තිබුනි. එහෙත් පසුව නින්සෙල් නමින් සංවෘත ඒකාබද්ධ සමාගමක් ලෙස නැවත ලියාපදිංචි කළ අතර එහි 50% ක කොටස් හිමි වූයේ මෙද්වෙදෙව්ටයි. 1998 දි ඔහුබ්රැට්ස්කි කඩදාසි කම්හලේ අධ්‍යක්ෂ මහණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තෝරා ගැනුනි. 1999 දක්වා ඔහු ඉලිම් පල්ප් සමාගමේ සේවය කළේය.

1999 නොවැම්බරයේදී මොස්කව්හි රජයේ ඉහල පෙලේ තනතුරු සඳහා පුටින් විසින් කැඳවූ පිටර්ස්බර්ග් නුවරුන් කීප දෙනාගෙන් මෙද්වෙදෙව්ද එක් අයෙකි. එම වසරේ දෙසැම්බරයේදී ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරන ලද්දේය.

මෙද්වෙදෙව් (දකුණේ) එක්සත් ජනපද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සැමුවෙල් බැඩ්මන් හමුවීම.

ද්මිත්‍රි මෙද්වෙදෙව් ජනාධිපති පුටින්ගේ හිතෛෂී දේශපාලනඥයින්ගෙන් කෙනෙකු විය. වර්ෂ 2000 දී ජනාධිපතිවරණ චන්ද ව්‍යාපාර මූලස්ථානයේ ප්‍රධානියා වූයේ ඔහුය. 2000 සිට 2001 දක්වා ගැස්ප්‍රොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විය. නැවතත් 2001 සිට 2002 දක්වා උප සභාපති පදවිය දැරූ අතර, 2002 දී දෙවන වතාවටත් සභාපති ලෙස පත් විය. 2003 ඔක්තෝබරයේදී ඇලෙක්සැන්ඩර් වොලොෂින් ගෙන් පසු ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා විය. 2005 නොවැම්බරයේදී ජනාධිපති පුටින් විසින් ඔහු පළමු නියෝජ්‍ය අගමැති ලෙසද, ප්‍රමුඛ ජාතික ව්‍යපෘතීන් ක්‍රියාවෙහි යෙදවීම සඳහා වූ කවුන්සිලයේ ප්‍රධානියා ‍ලෙසද, කොමියුනිස්ට් කොමිටියේ සභාපති ලෙසද පත් කරනු ලබීය.

වැදගත් මෘදු ගති පැවතුම් ඇති මෙද්වෙදෙව් පුටින්ගේ හිතෛෂීවන්තයෙකු ලෙසත් දක්ෂ පරිපාලකයෙකු ලෙසත් නිදහන් මතධාරී ප්‍රායෝගික පුද්ගලයෙකු ලෙසත් හැඳින්වේ. එසේම ජනාධිපති පුටින් සමයේ ඔහු වටා සංවිධානය වූ දේශපාලන කණ්ඩායමකින් එකක් වූ ශාන්ත පීටර්ස්බර්ග් හි නීතිඥයින්ගේ නායකයා වූයේද ඔහුය. මෙම කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් වුයේ ඉලිම් පල්ප් සංස්ථාවේ සම අයිතිකරුවෙකු වූ ද්මිත්‍රි කොසැක්, සර්ජි මිරොනොව් (රුසියානු ෆෙඩරේෂණයේ කවුන්සිලයේ කතා නායක) යූරි මොල්චනොව් සහ පුටින්ගේ පෞද්ගලික ආරක්ෂක සේවා ප්‍රධානීයා වූ වික්ටර් සෙලොටොව් යන අයයි.


2008 ජනාධිපතිවරණය[සංස්කරණය]

පළමු නියෝජ්‍ය අගමැති ලෙසට පත් වීමෙන් පසු 2008 වර්ෂයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහාද පුටින්ගේ අනුප්‍රප්තිකයා ලෙස මෙද්වදෙව් පත් කරනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ බලාපොරොත්තු වූහ. මේ සඳහා සර්ජි ඉවානොව් සහ වික්ටර් සුබකෝව් වැනි සුදුසුකම් ලත් වෙනත් අය සිටියද තමන් කැමති වඩාත් අනුප්‍රප්තිකයා ලෙස ජනාධිපති පුටින් විසින් 2007 දෙසැම්බර් මස 10 දින මෙද්වදෙව්ගේ නම ප්‍රකාශයට පත් කරන ලදි. යුනයිටඩ් රශියා, ෆෙයාර් රශියා, රුසියාවේ කෘෂිකාර්මික පක්ෂය සහ සිවිලියන් පවර් නම්වලින් හැඳින්වෙන පුටින්ට පක්ෂපාතීත්වය දැක්වූ දේශපාලන පක්ෂ 4 කද පුටින්ගේ යෝජනාවට සහයෝගය දැක්වූහ. යුනයිටඩ් රශියා පක්ෂයේ පක්ෂ සුමුලුව 2007 දෙසැම්බර් මස 17 වෙනි දින පැවැත්වුණු අතර නියෝජිතයන්ගෙන් රහසේ කරන ලද ඡන්ද විමසීමකින් පසු 2008 ජනාධිපතිවරණය සඳහා මෙද්වදෙව්ගේ නම නිල වශයෙන් යෝජනා වුනි. 2007 දෙසැම්බර් 20 වෙනි දින මෙද්වදෙව් ඔහුගේ අපේක්ෂකත්වය මධ්‍යම මැතිවරණ කොමිසමෙහි ලේඛණගත කළේය. තමා ගැස්ප්රොම් ආයතනයේ සභාපති පදවියෙන් ඉවත් වන බවද ප්‍රකාශ කළේය. එයට හේතුව වූයේ ජනාධිපති (අපේක්ෂකයෙකුට) ට වෙනත් තනතුරු දැරීමට නීතියෙන් තහනම් බැවිනි. මෙද්වදෙව් හා ගැස්ප්රොම් ආයතනයට සමීප ආරංචි මාර්ග වෙදොමොස්ති පුවත් පතට කියා තිබුනේ මෙද්වදෙව් දැරු තනතුරට පුටින් පත් වීමට ඉඩ තිබෙන බවකි. මෙද්වදෙව්ගේ ජනාධිපතිවරණ අපේක්ෂක ඉල්ලුම් පත 2008 ජනවාරි 21 දින රුසියානු මධ්යතම මැතිවරණ කොමිෂම මගින් විධිමත් ලෙස භාර ගන්නා ලදී.

ජනාධිපති අපේක්ෂකයා ලෙස පුටින්ගේ තේරීම පහසු ජයග්‍රහණයකට මග පෙන්වනු ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ කීහ. මැතිවරණයට පෙර පවත්වන ලද සමීක්ෂණ වලින් පෙන්ණුම් කරන ලද්දේ පුටින්ගේ අපේක්ෂකයාට වැඩි වාසි අත් වන බවයි. රුසියාවේ ස්වාධීන ඡන්ද නිරීක්ෂණ මධ්යඇස්ථානයක් වූ 'ලෙවාඩා මධ්‍යස්ථානය ' 2007 දෙසැම්බර් 21 - 24 දින පවත් වන ලද අනුමාන චන්ද විමසීම් නිරීක්ෂණයේදි ඡන්දය ඉල්ලන අපේක්ෂකයින්ගේ ලේඛණයක් ඔවුන් වෙත ඉදිරිපත් විය. එය නිරීක්ෂණය කළ ‍එකි සංවිධාන ඡන්දය ඉතා ඉක්මණින් පවත් වන්නේ නම් රුසියානු ජනතාවගෙන් 70% ක් මෙද්වදෙව්ට පක්ෂව ඡන්දය පාවිච්චි කරනු ඇත යනුවෙන් කියා ඇත. ජනාධිපතිවරණය සඳහා නම් කරනු ලැබීමෙන් පසු කරන ලද පළමු දේශනයේදී ව්ලැද්මිර් පුටින් අගමැති තනතුරට පත් කිරීමට අදහසක් තිබෙන බව මෙද්වදෙව් කියා සිටියේය. ව්‍යවස්ථානුකුලව තුන්වෙනිවරට ජනාධිපති පදවියට පත් වීමට වරම් නොලැබෙන නමුත් අගමැති පදවිය ඔහුට පිරිනැමුවහොත් රුසියානු දේශපාලනයේ දිගටම නියැලීමටත් වැදගත් කාර්ය භාරයයක් ඉටු කිරීමටත් පුටින්ට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවක් තිබුනි. (ව්‍යවස්ථාව මගින් නැවත වරක් ජනාධිපති වීමට අවසර දීම පසුව සිදු වුනි) මෙම අදහස සැළකිල්ලට ගත් ඇතැම් විශ්ලේෂයින් ගේ අදහස වූයේ නාමික වශයෙන් පමණක් මෙද්වදෙව් ජනාධිපති පදවියේ සිටිනු ඇතැයි යන්නයි. මෙද්වදෙව් ජනාධිපති වුවහොත් තමන් අගමැති පදවිය භාර ගන්නා බවට පුටින් ශපථ කළේය. ජනාධිපත්ගේ බලතල අගමැතිගේ බලතල සමග බෙදා ගැනීම පුටින් විසින් අනුමත නොකළේය. මැතිවරණ පෝස්ටර්වල දෙදෙනාගේම ඡායා රූප එකට යොදා තිබුණු අතර එහි "අපි එක්ව ජයග්‍රහණය කරමු" යන පාඨය සටහන් වී තිබුණි.

2008 ජනවාරියේදී තමන්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය දියත් කරමින් එක් එක් කලාප කරා ගියේය. 2008 මාර්තු 02 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් තේරීපත් වුවහොත් තමා එම තනතුරට තෝරා ගත් පුද්ගලයා වූ විලැද්මීර් පුටින් සමග ඉතා ළඟින් එක් වී වැඩ කරන බවට මෙද්වදෙව් සහතික විය.

ජනාධිපති[සංස්කරණය]

මෙද්වදෙව්, 2008 මාර්තු 02 දින තේරි පත් වූ ජනාධිපති විය. අවසාන ප්‍රතිඵලයට අනුව ඡන්ද වලින් 70.18% ලබා ගත්තේය. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 69.78% ක් විය. මැතිවරණයේ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න ඇති විය. ඇතැමෙකු ඡන්දය සාධාරණ හා නිදහස් ලෙස පැවැත්වුනු බව කීහ. අනෙකුත් අය කීවේ සියලුම අපේක්ෂකයින්ට එක සමාන ලෙස මාධ්‍ය මගින් ප්‍රවාදයක් නොලැබුනු බව සහ විපක්ෂයට අසාධාරණ ලෙස සැළකූ බවයි. නිරීක්ෂණ කණ්ඩායම්වලට වෙනත් අක්‍රමිකතා සංඛ්‍යාවක් දක්නට ලැබුනි. එහෙත් වංචා හෝ ඡන්ද පෙට්ටි පිරවීම ගැන වාර්තා නොවීය. ජනතාවගේ කැමැත්ත ඡන්දයෙන් ප්‍රකාශ වුනේ යයි යන මතයට ‍බොහෝ දෙනෙකු එකඟ වූහ.

මැයි 7 වෙනි දින ක්රෙහම්ලින් මාළිගයේ දි පවත්වන ලද උත්සවයේදි මෙද්වදෙව් රුසියානු ‍ෆෙඩරේෂණයේ 3 වැනි ජනාධිපති ලෙස දිවිරුම් දුන්නේය. දිව්රීමෙන් පසු රාජාලි හිස් දෙකකින් යුත් රන් දම්වැලක් ඔහුට ලැබුනේය. එය ජනාධිපතිත්වයේ සංකේතය විය. අනතුරුව ඔහු "මම විශ්වාසය කරනවා මාගේ ප්‍රධාන ඉලක්කය ජනතා නිදහස සහ ආර්ථික නිදහස වන බව නීතියේ සැබැ ගෞරවය සඳහා අප සටන් කළ යුතුයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

සම්මාන[සංස්කරණය]

රුසියාවේ ඉතා වැදගත් ව්‍යාපාර කටයුතු වලට අදාළ සඟරාවක් වූ 'එක්ස්පර්ට් මැගසින්' නම් සඟරාව විසින් මෙද්වදෙව් "වසරේ මිනිසා" ලෙස හඳුන්වන ලැබීය. 2005 දී මෙම නම්බු නාමය ඔහුට ගැස්ප්රොනම් ආයතනයේ ඇලෙක්සෙයි මිලර් යන දෙදෙනාට හවුලේ ලැබුණි.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මෙද්වදෙව්, ස්වෙත්ලානා ව්ලදිමිරොව්නා සමග විවාහ වූ අතර දෙදෙනාට ඉල්ෆා නමින් (1966) පුතෙක් සිටි. මෙද්වදෙව්ගේ බිරිඳ කුඩා කාලයේ සිටම ඔහුගේ මිතුරියක් මෙන්ම පාසැලේදී පෙම්වතියක් වූවාය. 1982 දී ද්විතියක පාසැලෙන් උපාධිය ලබා වසර කීපයකට පසු එම දෙදෙනා විවාහ වූහ.

මෙද්වදෙව් ඩීප් පර්පල්, බ්ලැක් සබාත්, පිංක් ෆ්ලොයිඩ් සහ ලෙඩ් සෙප්ලින් වැනි සංගීත කණ්ඩායම් වලට මහත් කැමැත්තක් දැක්වීය. ඔහු මෙම කණ්ඩායම් වල සංගීත තැටි එකතු කළේය. තමන් ඩීප් පර්පල් කණ්ඩායමේ සියලුම ගීත එකතු කර තිබෙන බව කීවේය. ඔහුගේ තරුණ කාලයේ මෙම කණ්ඩායම් වල ගීත පිටපත් කළේය. 2008 පෙබරවාරියේදි සහ සර්ජි ඉවානොව් මෙද්වදෙව් දෙදෙනාම මොස්කව්හි පැවති ඩීප් පර්පල් කණ්ඩායමේ සංදර්ශනයට සහභාගි වූහ.

මෙද්වදෙව් අඩි 5' 4" (සෙමි 162) ක් උසැත්තෙක්

කාර්ය බහුල කාල සටහනක් තිබු‍නේ වුවද ඔහු සෑම දිනකම උදයේ සහ සවස පැයක් බැගින් පිහිනීම සහ බර ඉසිලීමේ ක්‍රීඩාවේ යෙදුනේය. මීටර් 1500 ක් දුර දිනකට දෙවතාවක් පිහිනුවේය.දිව්වේය, චෙස් ක්‍රීඩාවෙහි යෙදුනේය. එමෙන්ම යෝග අභ්‍යාසයන්ද කළේය. ඔහුගේ වෙනත් විනෝදාංශයන් අතර මිහායිල් බුල්හාකොව්ගේ කෘතීන් කියවීම ද විය. ඔහුගේ කාර්යාලයේ සුරතල් මසුන් ඇති කරන අතර උන්ට සාත්තු සප්පායම් කරන්නේද ඔහුමය. ඔහුට ඩොරොෆෙ නමින් සුරතල් බළලෙකු සිටි. ඌ නිතරම මිහායිල් ගොර්බචෝව්ගේ බළලා සමග පොර ඇල්ලුවේය. (මිහායිල් ගොර්බචෝව් ඔහුගේ අසල්වැසියාය)

ප්‍රකාශන[සංස්කරණය]

සිවිල් නීතිය ගැන පෙළ පොත් ලියු අතර මෙද්වදෙව් ද එක අයෙකි. විශ්ව විද්‍යාල සඳහා සකස් කරන ලද එම පොත 1991 වර්ෂයේ ප්‍රථම වරට මුද්‍රණය කෙරුනි. සිවිල් නීතිය ග්‍රන්ථයේ 6 වැනි මුද්‍රණය කාණ්ඩ 3 කින් යුතුව 2007 දී පිට විය. බොහෝ සිවිල් නීති උගතුන් අතර එම කෘතිය සම්භාවනාවට පාත්‍ර විය. ඔහු විශ්ව විද්‍යාලය සඳහා සකස් කළ 'රුසියානු ජාතික සංවර්ධනයේ ගැටළු' නම් කෘතියේද කතුවරයා විය. මෙය 2007 දි ප්‍රථම වරට ප්‍රකාශයට පත් විය. මෙයට වස්තු වි තිබුනේ සමාජ ප්‍රතිපත්ති සඳහා සෝවියට් රජයේ කාර්ය භාර්ය සහ ආර්ථික සංවර්ධනයයි. "ෆෙඩරල් නීතිය ගැන විවරණයක් " නම් නීතිමය විවරණ සහිත ග්‍රන්ථයේ සම කතෘවරයා විය. මෙම කෘතිය 'රුසියානු ෆෙඩරේෂණයේ රාජ්‍ය සිවිල් සේවය' යන කරුණු සාකච්ඡා විය. මෙය 2008 වර්ෂයේ මුද්‍රණය කිරීමට නියමිතව තිබුණි.


2008 ජනාධිපතිවරණය පුටින්ගේ අනුප්‍රාප්තිකයා[සංස්කරණය]

පළමු නියෝජ්‍ය අගමැති ලෙසට පත් වීමෙන් පසු 2008 වර්ෂයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහාද පුටින්ගේ අනුප්‍රාප්තිකයා ලෙස මෙද්වදෙව් පත් කරනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ බලාපොරොත්තු වූහ. මේ සඳහා සර්ජි ඉවානොව් සහ වික්ටර් සුබකෝව් වැනි සුදුසුකම් ලත් වෙනත් අය සිටියද තමන් කැමති වඩාත් අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපති පුටින් විසින් 2007 දෙසැම්බර් මස 10 දින මෙද්වදෙව්ගේ නම ප්‍රකාශයට පත් කරන ලදි. යුනයිටඩ් රශියා, ෆෙයාර් රශියා, රුසියාවේ කෘෂිකාර්මික පක්ෂය සහ සිවිලියන් පවර් නම්වලින් හැඳින්වෙන පුටින්ට පක්ෂපාතීත්වය දැක්වූ දේශපාලන පක්ෂ 4 කද පුටින්ගේ යෝජනාවට සහයෝගය දැක්වූහ. යුනයිටඩ් රශියා පක්ෂයේ පක්ෂ සමුළුව 2007 දෙසැම්බර් මස 17 වෙනි දින පැවැත්වුණු අතර නියෝජිතයන්ගෙන් රහසේ කරන ලද ඡන්ද විමසීමකින් පසු 2008 ජනාධිපතිවරණය සඳහා මෙද්වදෙව්ගේ නම නිල වශයෙන් යෝජනා වුනි. 2007 දෙසැම්බර් 20 වෙනි දින මෙද්වදෙව් ඔහුගේ අපේක්ෂකත්වය මධ්‍යම මැතිවරණ කොමිසමෙහි ලේඛණගත කළේය. තමා ගැස්ප්‍රොම් ආයතනයේ සභාපති පදවියෙන් ඉවත් වන බවද ප්‍රකාශ කළේය. එයට හේතුව වූයේ ජනාධිපති (අපේක්ෂකයෙකුට) ට වෙනත් තනතුරු දැරීමට නීතියෙන් තහනම් බැවිනි. මෙද්වදෙව් හා ගැස්ප්‍රොම් ආයතනයට සමීප ආරංචි මාර්ග වෙදොමොස්ති පුවත් පතට කියා තිබුනේ මෙද්වදෙව් දැරු තනතුරට පුටින් පත් වීමට ඉඩ තිබෙන බවකි. මෙද්වදෙව්ගේ ජනාධිපතිවරණ අපේක්ෂක ඉල්ලුම් පත 2008 ජනවාරි 21 දින රුසියානු මධ්‍යම මැතිවරණ කොමිෂම මගින් විධිමත් ලෙස භාර ගන්නා ලදී.

ජනාධිපති අපේක්ෂකයා ලෙස පුටින්ගේ තේරීම පහසු ජයග්‍රහණයකට මග පෙන්වනු ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ කීහ. මැතිවරණයට පෙර පවත්වන ලද සමීක්ෂණ වලින් පෙන්ණුම් කරන ලද්දේ පුටින්ගේ අපේක්ෂකයාට වැඩි වාසි අත් වන බවයි. රුසියාවේ ස්වාධීන ඡන්ද නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වූ 'ලෙවාඩා මධ්‍යස්ථානය' 2007 දෙසැම්බර් 21 - 24 දින පවත් වන ලද අනුමාන චන්ද විමසීම් නිරීක්ෂණයේදි ඡන්දය ඉල්ලන අපේක්ෂකයින්ගේ ලේඛණයක් ඔවුන් වෙත ඉදිරිපත් විය. එය නිරීක්ෂණය කළ ‍එකි සංවිධාන ඡන්දය ඉතා ඉක්මණින් පවත් වන්නේ නම් රුසියානු ජනතාවගෙන් 70% ක් මෙද්වදෙව්ට පක්ෂව ඡන්දය පාවිච්චි කරනු ඇත යනුවෙන් කියා ඇත. ජනාධිපතිවරණය සඳහා නම් කරනු ලැබීමෙන් පසු කරන ලද පළමු දේශනයේදී ව්ලැද්මිර් පුටින් අගමැති තනතුරට පත් කිරීමට අදහසක් තිබෙන බව මෙද්වදෙව් කියා සිටියේය. ව්‍යවස්ථානූකූලව තුන්වෙනිවරට ජනාධිපති පදවියට පත් වීමට වරම් නොලැබෙන නමුත් අගමැති පදවිය ඔහුට පිරිනැමුවහොත් රුසියානු දේශපාලනයේ දිගටම නියැලීමටත් වැදගත් කාර්ය භාරයයක් ඉටු කිරීමටත් පුටින්ට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවක් තිබුනි. (ව්‍යවස්ථාව මගින් නැවත වරක් ජනාධිපති වීමට අවසර දීම පසුව සිදු වුනි) මෙම අදහස සැළකිල්ලට ගත් ඇතැම් විශ්ලේෂකයින් ගේ අදහස වූයේ නාමික වශයෙන් පමණක් මෙද්වදෙව් ජනාධිපති පදවියේ සිටිනු ඇතැයි යන්නයි. මෙද්වදෙව් ජනාධිපති වුවහොත් තමන් අගමැති පදවිය භාර ගන්නා බවට පුටින් ශපථ කළේය. ජනාධිපත්ගේ බලතල අගමැතිගේ බලතල සමග බෙදා ගැනීම පුටින් විසින් අනුමත නොකළේය. මැතිවරණ පෝස්ටර්වල දෙදෙනාගේම ඡායා රූප එකට යොදා තිබුණු අතර එහි "අපි එක්ව ජයග්‍රහණය කරමු" යන පාඨය සටහන් වී තිබුණි.

2008 ජනවාරියේදී තමන්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යපාරය දියත් කරමින් එක් එක් කලාප කරා ගියේය. 2008 මාර්තු 02 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් තේරීපත් වුවහොත් තමා එම තනතුරට තෝරා ගත් පුද්ගලයා වූ විලැද්මීර් පුටින් සමග ඉතා ළඟින් එක් වී වැඩ කරන බවට මෙද්වදෙව් සහතික විය.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෆර්ස්ට් ඩෙපියුටි ප්‍රයිම් මිනිස්ටර් දිමිත්‍රි මිද්වේදෙෆ් එන්ඩෝර්ස්ඩ් ෆො ස නෙක්ස්ට් ප්‍රසිඩන්ට්ස් පෝස්ට්[භින්න වූ සබැඳිය], වොයිස් ඔෆ් රද්දියා, 10 දෙසැම්බර් 2007.
  2. රෂියන් පාර්ලිමන්ට් ඇපෲව්ස් මිද්වේදෙෆ්ස් කැන්ඩිඩන්සි ෆො ප්‍රිමියර්ෂිප්, RT
  3. මිද්වේදෙෆ් බිකම්ස් රෂියාස් පීඑම්: වොයිස් ඔෆ් රෂියා. ද වොයිස් ඔෆ් රෂියා (2012-05-08). සම්ප්‍රවේශනය 10 මැයි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=දිමිත්‍රි_මෙද්වදෙව්&oldid=328163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි