ද්‍රෞපදී
Appearance
(ද්‍රෞපදි වෙතින් යළි-යොමු කරන ලදි)
ද්‍රෞපදී | |
---|---|
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | යුධිෂ්ඨිර, භීම, අර්ජුන, නකුල සහ සහදේව |
දෙමාපියන් | |
සොයුරු/සොයුරියන් | ධ්‍රැෂ්ටද්‍යුම්න, ශිඛණ්ඩි |
දරුවන් | උපපාණ්ඩවයන් (ප්‍රතිවින්ධ්‍ය, සාතනික, සුතසෝම, ශ්‍රැතසේන, ශ්‍රැතකර්ම) |
ද්‍රෞපදී (සංස්කෘත: द्रौपदी, සංස්කෘත උච්චාරණය: [d̪rəʊpəd̪i]) යනු හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතයේ වඩාත් වැදගත් කාන්තා චරිතවලින් එකකි.[2] වීරකාව්‍යයට අනුව, ඇය පංචාලයේ රජු වූ දෲපදගේ දියණියයි.
ද්‍රෞපදීට පුත්‍රයින් පස්දෙනකු විය. ඔවුන් නම් ප්‍රතිවින්ධ්‍ය, සුතසෝම, ශ්‍රැතකර්ම, සාතනික සහ ශ්‍රැතසේනයි. ද්‍රෞපදී පංච කන්‍යාවන්ගෙන් අයකු ලෙස ද සැලකේ.[3]
නිරුක්තිය
[සංස්කරණය]වෙනත් චරිත සේම මහාභාරතය තුළ ද්‍රෞපදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. ඇගේ නම් අතර පහත නම් දක්නට ලැබේ:
- ද්‍රෞපදී (द्रौपदी) – දෲපදගේ දියණිය.
- ක්‍රිෂ්ණා (कृष्णा) – අඳුරු සමක් ඇත්තිය.
- පංචාලි (पाञ्चाली) – පංචාල දේශයෙන් පැමිණෙන්නිය.
- යාඥාසේනි (याज्ञसेनी) – යාඥාවෙන් උපන්නිය.
- දෲපදකන්‍යා (द्रुपदकन्या) – දෲපදගේ දියණිය.
- සෛරන්ධ්‍රි (सैरन्ध्री) – විශේෂඥ සේවිකා (දෙවන පිටුවහල් කාලයේ ඇය විරාත් රාජධානියේ රැජිනගේ වූ සුදේශනාගේ හිසකෙස් සකසන්නිය ලෙස කටයුතු කළ සමයේ භාවිතා වූවකි).
- මහාභාරතී (महाभारती) – භාරතගෙන් පැවතෙන්නන් පස් දෙනාගේ මහා භාර්යාව. (ඉන්දියානු නවකථා රචිකා චෛත්‍රා චතුර්වේදී සිය 'මහාභාරතී' ග්‍රන්ථයේ ද ඇයව මේ නමින් හඳුන්වයි).[4]
- පර්ෂතී (पर्षती) – පෘෂතගේ මිණිපිරිය.
- නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
- මාලිනී (मालिनी) – මාලා සාදන්නිය.
- යෝජනගන්ධා (योजनगन्धा) – යොදුන් ගණනක් සුවඳ දැනෙන තැනැත්තිය.
මේවාත් බලන්න
[සංස්කරණය]- යාඥාසේනි, ප්‍රතිභා රායි රචිත නවකථාව
- යාඥාසේනි, සුමන් පොඛ්රේල්ගේ නාට්‍යය
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ PRASHATI DRUPADA, geni.com, March 3, 2015, http://www.geni.com/people/PRASHATI-DRUPADA/6000000022362549226
- ^
- Mahasweta Devi (6 December 2012). "Draupadi". In Gayatri Chakravorty Spivak (ed.). In Other Worlds: Essays In Cultural Politics. Routledge. p. 251. ISBN 978-1-135-07081-6.
- Alf Hiltebeitel (1 January 1991). The cult of Draupadī: Mythologies : from Gingee to Kurukserta. Motilal Banarsidass Publishe. p. ii. ISBN 978-81-208-1000-6.
- Wendy Doniger (March 2014). On Hinduism. Oxford University Press. p. 533. ISBN 978-0-19-936007-9.
- Devdutt Pattanaik (1 September 2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine. Inner Traditions / Bear & Co. p. 98. ISBN 978-1-59477-537-6.
- ^ Bhattacharya, Pradip. Five Holy Virgins, Five Sacred Myths (PDF). Manushi.
- ^ "Mahabharti - A Hindi Book by - Chitra Chaturvedi - महाभारती - चित्रा चतुर्वेदी". Pustak.org. සම්ප්‍රවේශය 2013-10-20.
ප්‍රභව
[සංස්කරණය]- Eminent women in the Mahabharata වනමාලා භවාල්කර් විසිනි.
- මහාභාරත (1999) ක්‍රිෂ්ණා ධර්මා විසිනි.
- මෘත්‍යුංජය මරාඨි නවකථාව
- ක්‍රිෂ්ණා ද්වෛපායන ව්‍යාසගේ මහාභාරත; ඉංග්‍රීසි පරිවර්තනය කිසාරි මෝහන් ගංගුලි
- හිල්ටිබෙයිට්ල්, ඇල්ෆ් (1999). Rethinking India's Oral and Classical Epics: Draupadi among Rajputs, Muslims, and Dalits. චිකාගෝ: යුනිව්ර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්. ISBN 0226340554. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]ද්‍රෞපදී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: