ද්වාරය:Buddhism/Selected biography/1

විකිපීඩියා වෙතින්
ගෞතම බුදුන් වහන්සේ

ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.

සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු ("කිඹුල්වත්") නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය. මව මහාමායා දේවිය යි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Buddhism/Selected_biography/1&oldid=408832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි