ලේඛනාල විද්‍යාව සහ තොරතුරු විද්‍යාව යනු දැඩිව-බැඳී ඇති හා බොහෝවිට එකිනෙකාගේ පරිශ්‍රයන් සමපාත වන්නාවූ හා ප්‍රාථමික වශයෙන් තොරතුරු සංවිධානය හා සමුද්ධරණය පිළිබඳ වූ විෂය ක්ෂ්‍ත්‍රෙ දෙකකි.
ලේඛනාල විද්‍යාව යනු මානව ශාස්ත්‍ර, නීතිය සහ ව්‍යවහාරික විද්‍යාව හා ලේඛනාලයන් ; තොරතුරු සම්පත් සමුච්චය, සංවිධානය හා ප්‍රචාරණය ; සහ තොරතුරු පිළිබඳ අර්ථ ශාස්ත්‍රය හා බැඳි අධ්‍යයන මාතෘකා අන්තර්ගත වන්නාවූ අන්තර්ක්‍ෂේත්‍ර සමාජ විද්‍යාව කි. ලේඛනාලයන් හා අධිලේඛනයන් අතර සංකල්පිත විලක්ෂණයන් කාලයත් සමගම විකාශනය වුවද, අධිලේඛන විද්‍යාව ද, ලේඛනාල විද්‍යාවෙහි කොටසක් ලෙස ඓතිහාසික ලෙසින් සැලකේ.
ලේඛනාල විද්‍යාවෙහි විෂය පථයට අයත් වන්නාවූ විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර අතර: තෝරාගත් පරිශීලක කාණ්ඩයන්හී අවශ්‍යතා පරිදී තොරතුරු සම්පත් සංවිධානය කෙරෙන අයුරු; වර්ගීකරණ ක්‍රමවේදයන් හා තාක්ෂණය හා සමගින් ජනයා අන්තර්ක්‍රියාකාරිත්වයක් පවත්වා ගන්නා අයුරු; ලේඛනාල තුල හා ඉන් පිටතත්, අන්තර්-සංස්කෘතික ලෙසිනුත්, තොරතුරු ප්‍රතිග්‍රහණය, ඇගයීම හා ව්‍යවහාරය සිදු කෙරෙන අයුරු; ලේඛනාල තුල වෘත්තීන් සඳහා ජනයා පුහුණු කොට දැනුවත් කෙරෙන අයුරු; ලේඛනාල සේවාවන් හා සංවිධානය නියාමනය කරන්නාවූ ආචාරධර්මයන්; ලේඛනාල හා තොරතුරු සම්පත් හා ලේඛගතකිරීම හා අභිලේඛන කළමනාකරනය තුලදී භාවිතා කෙරෙන පරිගණක තාක්ෂණය යන ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ නීතිමය තත්ත්වය වේ. දත්තගබඩා කළමනාකරනය, තොරතුරු නිර්මාණ ශිල්පය හා දැනුම කළමනාකරනය යන නව මාතෘකා එක්වෙමින්, ලේඛනාල විද්‍යාව නිති පරිණාමයට ලක්වෙමින් සිටියි.
තොරතුරු විද්‍යාව (තොරතුරු අධ්‍යයන ලෙසින්ද හැඳින්වේ) යනු ප්‍රාථමික වශයෙන් තොරතුරු ප්‍රතිග්‍රහණය, වර්ග කිරීම, මෙහෙයවීම, ගබඩාකිරීම, සමුද්ධරණය සහ ප්‍රචාරණය පිළිබඳවූ අන්තර්ක්‍ෂේත්‍ර විද්‍යාවකි. තොරතුරු විද්‍යාව විසින් අධ්‍යයනය කරනුයේ සංවිධානයන් විසින් දැනුම නියැලුම සහ භාවිතය, සහ ජනතාව, සංවිධානයන් සහ තොරතුරු පද්ධතියන් අතර අන්තර්ක්‍රියාව පිළිබඳ වේ. එය බොහෝවිට, එහෙත් සැමවිටම නොව, පරිගණක විද්‍යාව හෝ විඥාපන විද්‍යාව හි ශාඛාවක් ලෙසින් අධ්‍යයනය කෙරෙන අතර ඥානාත්මක සහ මානව විද්‍යාවන් හට සමීප සබැඳියාවක් දක්වයි.