ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් චරිතාපදානය/7

විකිපීඩියා වෙතින්
Iවන තුත්මෝස්ගේ විය හැකි යැයි අනුමාන කෙරෙන මුල්කාලීන 18වන රාජවංශයට අයත් ප්‍රතිමා ශීර්ෂයක් (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය)
Iවන තුත්මෝස්ගේ විය හැකි යැයි අනුමාන කෙරෙන මුල්කාලීන 18වන රාජවංශයට අයත් ප්‍රතිමා ශීර්ෂයක් (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය)

Iවන තුත්මෝස් (ඇතැම්විට Iවන තොත්මෙස්, තුත්මොසිස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි, අරුත තොත්ට-උපන්) යනු පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ තුන්වන පාරාවෝවරයායි. ඔහු සිහසුනට පත් වූයේ Iවන අමෙන්හොටෙප් රජුගෙන් පසුවයි. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු නැ‍ගෙනහිර මධ්‍යධරණි පෙදෙස සහ නුබියාව වෙත යුධ ව්‍යාපාර මෙහෙයවමින් ඊජිප්තුවේ දේශසීමා පෙර නොවූ තරම් දුරකට ව්‍යාප්ත කළේ ය. එසේම ඔහු ඊජිප්තුව තුළ නොයෙකුත් දේවස්ථාන ඉදි කළ අතර, රජුන්ගේ නිම්නයේ තමන් සඳහා සොහොනැගැබක් ද ඉදිකළේ ය. රජුන්ගේ නිම්නයේ මෙසේ සිය සොහොන්ගැබ ඉදිකරගත් පළමු රජු ඔහු යැයි සැලකේ. (ඇතැම්විට Iවන අමෙන්හොටෙප් ද ඔහුට පෙර එසේ සිදු කරන්නට ඇත).

ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIවන තුත්මෝස් ද, අනතුරුව IIවන තුත්මෝස්ගේ සොයුරිය වූ හට්ෂෙප්සුට් ද සිහසුනට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1505-1493 යැයි නිර්ණය කොට ඇත. නමුත් ඇතැම් විද්වතුන්—පුරාතන ඊජිප්තු වාර්තාවල කාලරේඛාව නිර්ණයට යොදාගත් ජ්‍යොතිශ්‍යමය නිරීක්ෂණ තීබ්සයේ නොව මෙම්පිස් නගරයේ සිට සිදු කළ බව සිතන විද්වතුන්—ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1526–1513 ලෙස දක්වා ඇත.[1][2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, Librairie Arthéme Fayard, 1988, පි. 202.
  2. ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි, පරිච්ඡේදය 10: "ඊජිප්ටියන් සිරියස්/සොතික් ඩේට්ස් ඇන්ඩ් ද ක්වෙස්ෂන් ඔෆ් ද සිරියස්–බේස්ඩ් ලූනාර් කැලැන්ඩර්", රොල්ෆ් ක්‍රවුස්, 2006, පිටු. 439–57.

තවදුරටත් කියවන්න ...