Image 1
නගරබද මාර්ග සඳහා අවහිරතා අයකෙරුම් ක්‍රමයක් ලොව පළමුවෙන් හඳුන්වා දුන් ස්ථානය වන සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම ගැන්ට්‍රිය.අවහිරතා අයකෙරුම් හෝ
අවහිරතා ගාස්තු යනු
පැහිනියම අවහිරතාව අඩුකර ගැනුමෙහි අභිලාශය ඇතිව අතිරික්ත
ඉල්ලුම ඔස්සේ අවහිරතාවයට ලක්වන
බස් සේවාවන්,
විදුලිය,
මෙට්‍රෝ පද්ධති,
දුම්රිය,
දුරකතන, සහ
මාර්ග භාවිතා අයකෙරුම් වැනි
පොදු භාණ්ඩ පරිහරණය කරන්නන් වෙතින්, භාවිතය සඳහා අධික උපරිම ගාස්තු වැනි අධිභාරයක් අය කර ගැනුමෙහි ක්රමයකි;
ගුවන්තොටුපොළ සහ
ඇළවල් ඔස්සේ කාර්ය බහුල කාල සීමා තුලදී ප්‍රවාහන සඳහා
ගුවන් ගමන් සමාගම් සහ
නැව් කටයුතු සමගම් වෙතින් අධික ගාස්තු අය කරනු ඇත. මැදිහත්කරුවන් කියා සිටිනුයේ මෙම
අයකිරීම් උපාය මාර්ගය වෙතින් ඉල්ලුම නියාමනය වන බැවින්,
සැපයීම වැඩි නොකොට අවහිරතාවයන් කළමනාකරණය කළ හැකි බවයි.
අවහිරතා අයකෙරුම් පදනම්ව ඇති ආර්ථික විද්‍යා න්‍යායය අනුව, මෙම ප්රතිපත්තියෙහි අරමුණ වනුයේ, උපරිම ඉල්ලුම පවතින විටදී සිදුකෙරෙන පරිහරණය කිරීම් තුලින් එකිනෙකා වෙත ඔවුන් විසින් පනවනු ලබන බැර පිළිබඳව
මිල යාන්ත්‍රණය භාවිතා කොට අවබෝධයක් ඇති කිරීම සහ ඔවුන් විසින් නිර්මාණය කරන අමතර අවහිරතාවයන් සඳහා ඔවුන් විසින් ගෙවීමක් කළ යුතු බවද, එනයින් අවකාශය හෝ කාලය ඔස්සේ ඉල්ලුම ප්රතිව්යාප්ති ගතකිරීමට අනුබල දීම සහ ඔවුන් විසින් නිර්මාණය කෙරෙන
ඍණාත්මක බාහිරතා වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීමට ඔවුන් වෙත බල කිරීම ඔස්සේ
පරිසරය වෙත ඔවුන් විසින් සිදු කෙරෙන බලපෑම පිළිබඳව පරිහරණය කරන්නන් වඩාත් දැනුවත් කිරීමද වෙයි. (
තව දුරටත්...)