- එක්සත් රාජධානියේ කී ස්ටේජ් (ප්‍රධාන අවදිය) අධ්‍යාපන පරික්ෂා මෙහෙයවීමේදී උග්‍ර ලෙස අසමර්ථ වීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය රජය විසින්, ඇමෙරිකානු හිමි එඩියුකේෂනල් ටෙස්ටින් සර්විස් හි කොටසක් වන, ඊටීඑස් යුරප්, එම කාර්යයෙන් ඉවත් කොට තිබේ. ඊටීඑස් ආයතනය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 35 (ඇඩො මිලියන70)මුදලක් ආපසු ගෙවීමට එකඟ වී ඇත. (බීබීසී)
- නේපාල ව්‍යවස්ථාදායක සභාව විසින් ජනරජයක් ලෙස නේපාලයේ පලමු අගමැතිලෙස, හිටපු මාඕවාදී කැරලිකරු, ප්රචණ්ඩ තෝරා පත් කර ගනු ලැබෙයි. (ඒබීසී ඕස්ට්‍රේලියා ඔස්සේ බීබීසී)
- වසර 60 ක ඒක-පාක්ෂික පාලනය අවසන් කරමින්, පැරගුවේහි ජනාධිපති ලෙස, වාමාංශිකයෙකු වන, හිටපු-කතෝලික රාජගුරුප්‍රසාදී (බිෂොප්), ෆර්නෑන්ඩු ලූගෝ දිවුරුම් දී ඇත. (සීඑන්එන් ඔස්සේ ඒපී)
- අග-නගරය වෙත හමුදා පහර දීමක් එල්ල කිරීමේ වරදට චැඩ් අධිකරණය විසින් , චැඩ් හි හිටපු ජනාධිපති, හිසෙනේ හාබ්රේ හට, අනභිමුඛයෙහි, මරණ දඬුවම නියම කොට තිබේ.(බීබීසී)
- පෝලන්තය, තම දේශසීමාව තුල ආරක්ෂක මිසයිල තැන්පත් කිරීමට, ඇමෙරිකානු එක්සත් ජනපදය හට අවසර ලබා දීමට ප්‍රතිචාර දක්වමින්, ඒ වෙනුවෙන් යුදමය පුතිවිපාක විඳීමට සිදුවන බවට, රුසියාව තරවටු කර තිබේ. (ඒපී)
- 2008 දකුණු ඔසේටියා යුද්ධය:
- අගෝස්තු 7වන හා 8 වන දින පුරා ජෝර්ජියාව සිදුකල 'අඛන්ඩ කාලතුවක්කු වෙඩි තැබීම්' හේතුවෙන් 'සමතලාවූ' ට්ෂ්කින්වලි නගරය නැවත ඉදිකිරීමට උපකාරයක් ලෙස 'අවම වශයෙන්' රූබල් බිලියන 10 (දළ වශයෙන්. යුරෝ මිලියන 270, $ මිලියන 420) ආධාරයක් දකුණු ඔසේටියාවට ලබා දීමට රුසියාව තීරණය කරයි. (රොස්සිය්ස්කායා ගැසෙටා) (රෙග්නම්) (රියාන්) (ආර්බීසී)
- රුසියානු සොල්දාදුවෝ ජෝර්ජියානු නගර තවදුරටත් අත්පත් කරගෙන සිටිති (ඉන්ඩිපෙන්ඩන්ට්)
- දකුණු ඔසේටියාවේ යුද සටන් අවසන් වී සාමය සඳහා අවස්ථා ඇති කර දුන් වහාම, ජෝර්ජියානු පොලීසිය ගෝරි නගරයෙන් හා අවට ගම් වලින් ඉවත් වූ බව, ඒපී පුවත් ඒජන්සිය පවසයි. 'රුසියානු හමුදා විසින් කොල්ලකෑම් නතර කොට, නීති ගරුක බව ස්ථාපනය කල අතර ', පත්රකලාවේදින්ගේ සම්මුඛ සාකච්ඡා වලට සහභාගී වූ වැසියන් පැවසුවේ රුසියානුවන් 'හොඳින් හැසුරුණු' බවයි. (යාහූ ඔස්සේ ඒපී )
- ෆොක්ස්හි උණුසුම් පුවත් ප්රකාශයකදී ප්රවෘත්ති නිවේදකයෙකු විසින් ඔහුගේ ආගන්තුක අමුත්තෙකු හට සැලකූ ආකාරය 'සම්පූර්ණ නිර්ලජ්ජිතභාවය' පිලිබිඹු කරන්නක් බව උසස් රුසියානු නිලධාරියෙකු ප්‍රකාශ කරයි. මෙම පත්රකලාවේදියා විසින් ඔසේටියානු-ඇමරිකානු ගැහැණු පමයා හා ඇයගේ මව පිලිබඳ පුවත අතරමැද නවත්වා මිකෙයිල් සාකාෂ්විලි යුද්ධයට වගකිව යුතු බව චෝදනා කොට, වෙළඳ දැන්වීම් සඳහා විරාමයක් ලබා ගැනීමෙන් පසුව පමණක්, සරණාගතයන් දෙදෙනා හට තම පුවත තවදුරටත් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දී ඇත. (ඉන්ටර්ෆැක්ස්) (යූටියුබ් ඔස්සේ ෆොක්ස්)
- එ. ජ. රාජ්‍ය ලේකම් ට්බිලිසි වෙත පැමිණියේ දකුණු ඔසේටියාව හා රුසියාව හා සමග ජෝර්ජියාවේ අර්බුදය නිමා කරනු වස් හදිසි සාකච්ඡා පැවැත්වීමටය (ස්කයි නිව්ස්), (ඩෙල්ෆි), (ද නිව් යෝක් ටයිම්ස්).
- දකුණු ඔසේටියාව හා සමග දේශ සීමාව අසලදී, රුසියානු සොල්දාදුවන් හෝ ඔසේටියානු මිලීෂියාව බවට ස්කයි නිව්ස් විසින් සිතන ජන සමූහයක ප්‍රහාරයකට තුර්කි පත්රකලාවේදීන් පිරිසක් ලක්වූහ. (ස්කයි නිව්ස්)
- එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ජෝර්ජියාවට සහතික වෙමින් එජ අනුග්‍රහය ඔවුන් වෙත නොමදව පිරිනැමෙන බවද ජෝර්ජියාවේ ජනයා නිදහස තෝරාපෙන ඇති බවත් "අප විසින් ඔවුන් අත් නොහරින බවත්" බවසා ඇත.(යූඑස්ඒ ටුඩේ) රුසියාව විසින් ජෝර්ජියාවට පහර දීම විසින් ජෝර්ජියාවට හා යුක්රේනයට සාමාජිකත්වය පිරිනැමීම පිලිබඳව නේටෝව හදිසි නැඹුරුතාවයකට ලක් කල යුතු බව එස්ටෝනියාවේ ජනාධිපති, ටූමාස් හෙන්ඩ්‍රික් ඉල්වෙස්, බ්‍රහස්පතින්දා පැවසුවේ යැයි, රොයිටර් වාර්තා කරයි. Baltic Business News, (රොයිටර්).
- 2008 ගිම්හාන ඔලිම්පික් තරඟ
- බීජිං හි උසම ගොඩනැගිල්ල වන මධ්‍ය රූපවාහිනී කුළුණ මත, "නිදහස් ටිබෙටය" බැනරයක් දිග හැරීම හේතුවෙන් පස් දෙනෙකු බීජිං හිදී අත් අඩංගුවට ගෙන ඇත. (බීබීසි)
|