දඹුළුගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Dambulla-outside.jpg

ශ්‍රී ලංකාව තුළ මධ්‍යම පළාතට අයත් වන දඹුල්ල නගරය කොළඹ නගරයට කි මී 148 ක් ඊසාන දෙසින් ද මහනුවර නගරයට කි.මී.72 ක් ‍උතුරු දෙසින් ද පිහිටා ඇත. මෙම නගරයට ඇති ප්‍රධානතම ආකර්ෂණ හේතු ලෙස ලංකාවේ පවතින විශාලතම සංරක්ෂිත ලෙණ් ගුහා සංකීර්ණය සහ දින 167 ක් වැනි ඉතා කෙටි කලක් තුල ඉදි‍කරන ලද රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනය දැක් විය හැක.

තවද දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ පර්වත ප්‍රාන්තයට ද උරුමකම් කියන මෙම නගරය තුල යකඩ දැව නැතහොත් නාමල් උයන ද පිහිටා තිබේ.

‍ඓතිහාසික පසුබිම[සංස්කරණය]

ක්‍රි.පූ.3 වන සියවස පමණ ඈත අතීතයේ සිට මෙම ප්‍රදේශය තුළ ජනාවාස පැවති බව විශ්වාස කරන අතර ලෙන් ගුහා තුළ පවතින ප්‍රතිමා හා සිතුවම් ක්‍රි.පූ.1 වන සියවස දක්වා දිවයයි.නමුත් මෙම සිතුවම් හා ප්‍රතිමා ක්‍රි.ව.11,12 සහ 18 වන ශතවර්ෂ වලදී පිළිසකර කර නැවත පින්තාරු කරන ඇත. වළගම්බා රජු ( වට්ට ගාමිණී අභය ) අනුරාධපුර රාජධානියෙන් පිටමංව ගතකළ වසර 14ක සමය තුළ දී රැකවරණය සලසා දෙනු ලැබුවේ ද මෙම නගරයේ පිහිටා ඇති ලෙන් ගුහාවන්ය. එකල මෙම ලෙණ් ගුහා තුල භාවනා කටයුතු වල නිරත වුනු බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් අනුරපුරයෙන් පලා ආ රජතුමාහට තම සතුරන් ගෙන් ආරක්ෂාව සලසා දෙන ලදී.ක්‍රි.පූ.පළමු වන සියවසේ දී වලගම්බා රජතුමා අනුරාධපුර රාජධානියේ සිංහාසනාරූඨ වූ පසු දඹුල්ල නගරයේ විසූ භික්ෂූන් වහන්සේලාහ‍ට කෘතගුණ සැලකීමක් ලෙස මනරම් වූ ශෛලමය විහාරස්ථානයක් දඹුල්ල නගරය තුල ඉදි කර දෙනු ලැබුවේය.

දඹුළු ලෙන් විහාරය[සංස්කරණය]

Dambulla-buddhastupa.jpg

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩා වැඩියෙන්ම සංරක්ෂණය වූ ලෙණ් ගුහා සංකීර්ණය මෙය වේ.අවට තැනිතලා ප්‍රදේශයෙන් මී.160 ක් පුරා මෙම ගිරි ශිඛරය දිව යයි. මෙම ගුහා අතුරින් ප්‍රධාන ගුහා පහක් පමණ වන අතර ඒවා ප්‍රතිමා හා සිතුවම්වලින් සමන්විත වේ. මෙම සිතුවම් හා ප්‍රතිමා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ජීවිතය අලලා නිර්මාණය කරන ලද ඒවා වේ. බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රතිමා 153 ක් හා ලංකාවේ රජවරු තිදනෙකුගේ ද දේව ප්‍රතිමා 4 ක් මෙම ලෙණ තුල අඩංගු වේ.ඉතිරි ලෙණ් සතර තුළ හින්දු දෙවිවරුන් දෙදෙනෙකු වන විෂ්ණු හා ගණ දෙවියන් ගේ ප්‍රතිමා දෙකක් අඩංගු වේ.

බිතු සිතුවම් වර්‍ග මීටර 2100 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී . තවද මාර පරාජය හා බුදු රදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය ද නිරූපනය වන බිතු සිතුවම් අඩංගු වේ.

ලෙන් සම්බන්ධ කාල පරාසයන්[සංස්කරණය]

  • ක්‍රි.පූ.3 වන සියවස : ආදි වාසීන්ගේ වාසය
  • ක්‍රි.පූ.1 වන සියවස : ප්‍රතිමා හා සිතුවම් නිර්මාණය කිරීම
  • ක්‍රි.ව.5 වන සියවස : ස්ථූඵය ඉදි කරීම
  • ක්‍රි.ව.12 වන සියවස : හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා එක් කිරීම
  • ක්‍රි.ව.18 වන සියවස : වර්තමානයේ දක්නට ලැබෙන දෑ
  • ක්‍රි.ව.19 වන සියවස : අතිරේක ලෙන් ගුහා සහ නැවත පින්තාරු කරීම
  • ක්‍රි.ව.20 වන සියවස : UNESCO පිලිසකර කිරීම් හා ආලෝකකරනය

යොමුව[සංස්කරණය]

බාහිර ලිපි[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දඹුළුගල&oldid=280930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි