දන්තුරේ සටන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(දන්තුරේ හටන වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
දන්තුරේ සටන 1594
දිනය5 ජූලි 1594 – 9 ඔක්තෝබර් 1594
ස්ථානයදන්තුරේ, ලංකාවේ මහනුවර රාජධානිය 07°16′55.340″N 80°32′27.218″E / 7.28203889°N 80.54089389°E / 7.28203889; 80.54089389ඛණ්ඩාංක: 07°16′55.340″N 80°32′27.218″E / 7.28203889°N 80.54089389°E / 7.28203889; 80.54089389
ප්‍රතිඵලය තීරණාත්මක මහනුවර ජයග්‍රහණය
රණපත්හු

Flag of Portugal (1578).svg පෘතුගීසි හමුදාව

  • ලස්කිරිඤ්ඤ හමුදාව (පෘතුගීසි පාර්ශවයේ සටන් වැදුණු දේශීය ජනයා)
King of Kandy.svg මහනුවර රාජධානිය
ආඥාපතීන් සහ නායකයන්
පේරෝ ලෝපෙස් ද සූසා  
ෆ්‍රැන්සිස්කෝ ද සිල්වා
ඩී. ගැස්ටාවෝ කූටිඤ්ඤෝ  
ෆ්‍රැන්සිස්කෝ ද බ්‍රිටෝ  
ජයවීර බණ්ඩාර මුදලි 
පළමුවන විමලධර්මසූරිය රජ
ඒකනායක මුදලි
ප්‍රබලතාව

On 5 ජූලි 1594
එකතුව 20,000[1]

  • 1000 පෘතුගීසි (දළ වශයෙන්800 to 1474 දක්වා)[2]
  • 15,400 ලස්කිරිඤ්ඤයන් [3]
  • බඩගා කුලී සොල්දාදුවන් [4] and coolies[5]
  • 47 යුද අලි [5]

8 ඔක්තෝබර්,1594 වන විට

  • 368 පෘතුගීසින්
  • ලස්කිරිඤ්ඤයන් කිහිපදෙනෙක් [6]

5 ජූලි 1594
10,000 මිනිසුන්[7]

8 ඔක්තෝබර් 1594
10,000–20,000 මිනිසුන් [8] (estimates range up to 40,000)[9]
ආපතිකයන් සහ හානියන්
අතළොස්සක් වූ පෘතුගීසින් හා ලස්කිරිඤ්ඤයන් පිරිසක් නැවත කොළඹට පලා ගියහ ;
93ක් පෘතුගීසින් අල්ලාගන්නා ලදී;
ලස්කිරිඤ්ඤයන් බහුතරය යුද්ධය අතහැර පලා ගියහ.;
හමුදාවේ ඉතිරිය ජීවිතක්ෂයට පත් විය [10]
නිවැරදි සංඛ්‍යා නොදනී

දන්තුරේ සටන ලෙස හැඳින්වෙන්නේ පෘතුගීසින් හා ලංකාවේ මහනුවර රාජධානිය අතර 1594 දී ඇති වූ සටන් සමුදායකි. එය සිංහල-පෘතුගීසි යුද්ධයේ කොටසක් විය. දන්තුරේ සටන පෘතුගීසි ආක්‍රමණයට විරුද්ධව දේශීය නැගීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකනු ලැබේ. ලොව පළමු වතාවට එකල ප්‍රබල ජාතියක් වූ පෘතුගීසින්ගේ හමුදාවක් සිංහල හමුදාව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව විනාශ වූ අතර එය ඔවුන් මුළු දිවයිනම ජයගැනීමට ඉතා ආසන්නව සිටි ශක්තිමත් අවස්ථාවක සිදුවීමද විශේෂත්වයකි.[11]

ආණ්ඩුකාර පේරෝ ලෝපේස් ද සූසා විසින් මෙහෙයවනු ලැබූ 20,000 ක ප්‍රබල පෘතුගීසි හමුදාවක් විසින් 1594 ජූලි 5 වනදා මහනුවර ආක්‍රමණය කරන ලදී. ඉන් මාස 3කට පසු සිංහලයන්ගේ ගරිල්ලා සටන් සහ සිය හමුදා සෙබලුන්ගේ යුද්ධය අතරහැර පලායාමෙන් අනතුරුව ප්‍රමාණයෙන් අඩුවී ඉතුරු වී සිටි පෘතුගීසි හමුදාව දන්තුරේ සටනේදී විමලධර්මසූරිය රජු විසින් මෙහෙයවන ලද මහනුවර සිංහල සේනාව විසින් සම්පූර්ණයෙන්ම විනාද කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ මහනුවර රාජධානිය යුදමය ශක්තිය අතින් ඉස්මතු වූ අතර එය පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ වලට මුහුණ දෙමින් 1815 උඩරට ගිවිසුමෙන් රට බාර දෙන අවස්ථාව දක්වා සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය. [12]

පසුබිම[සංස්කරණය]

විජයබා කොල්ලයට පසු දේශපාලන සිතියම

1581 දී සිදු වූ මායාදුන්නේ රජුගේ අභාවය වන විට සීතාවක රාජධානිය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ සියල්ලම පාහේ පාලනය කළ අතර බටහිර වෙරළේ සුළු බිම් ප්‍රදේශයක් පමණක් ඔවුන්ගේ පාලනයෙක් ගිලිහී තිබුණි. එය පෘතුගීසින්ගේ ‍රැකවරණය යටතේ දොන් ජුවාන් ධර්මපාල නම් නාමික රජු විසින් පාලනය කරන ලදී. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු පළමුවන රාජසිංහ ලෙස සීතාවක රාජධානියේ කිරුළ හිමි කර ගත්තේය. ඔහු සීතාවක රාජසිංහ ලෙසද හැඳින්වේ.

පූර්විකාව[සංස්කරණය]

සැලසුම් කිරීම[සංස්කරණය]

මෙම ආක්‍රමණය කොළඹ කො‍ටුවේ කපිතාන් වූ ෆ්‍රැන්සිස්කෝ ද සිල්වා විසින් සැලසුම් කරන ලදී. ඔහුගේ මුල් සැලසුම වූයේ සිය සේනාව සමඟ මහනුවරට ඇතුළුවී දෝන කතිරිනා කුමරිය බලයේ පිහි‍ටුවීමයි. මහනුවර ආරක්ෂාව තර කිරීමෙන් අනතුරුව ඇය ලවා ප්‍රතිරාජයෙකු ලෙස පෘතුගීසි රජු යටතේ මහනුවර රාජධානිය පාලනය කරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය.

පසුකාලීන බලපෑම්[සංස්කරණය]

දන්තුරේ සටන අවසාන වීමෙන් පසුව විමලධර්මසූරිය රජු දෝන කතරිනා කුමරිය (කුසුමාසන දේවිය) සමඟ දින 110ක් පුරා පැවැති උත්සවයකින් [උපහරණ ඇවැසිය] විවාහ වූයේය. ඔහු සටනේදී විශිෂ්ට දස්කම් දැක්වූ රණවිරුවන්ට ඉඩම්, සහ තනතුරු ලබා දීමට ඒ හා සිදු කළේය. එමෙන්ම රජු විසින් බලන දුර්ගයේ නව බලකො‍ටු 3ක් ඉදිකිරීමට කටයුතු යොදන ලද අතර ඒවායේ ඵලදායීතාවය 1602 බලන සටනේදී මහෝපකාරී විය.[13]

පෘතුගීසි හමුදාවේ විනාශයත් සමඟ පහතරට වැසියන් ඔවුන්ගේ පාලනයට එරෙහිව අරගල කිරීමට පටන් ගත් අතර දොන් ජෙරනිමෝ ද අසවේදු විසින් අතිරේක බල ඇණි සමඟ ලංකාවට පැමිණ 1596 වන විට එම අරගල ක්‍රමයෙන් මැඩපවත්වන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Queyroz, p 482.
  2. C. Gaston Perera. p 179,180.
  3. Queyroz, p 480,481.
  4. Queyroz, p 485.
  5. 5.0 5.1 Phillipus Baldaeus, p 16.
  6. Queyroz, p 487,489.
  7. C. Gaston Perera. p 21.
  8. Channa W'singhe, p 75,76.
  9. Phillipus Baldaeus, p 17.
  10. Queyroz, p 488-490.
  11. C. Gaston Perera. p 197.
  12. Channa W'singhe, p 16.
  13. Phillipus Baldaeus, p 27.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  1. B. Gunasekara, The Rajavaliya. AES reprint. New Delhi: Asian Educational Services, 1995. ISBN 81-206-1029-6
  2. C. Gaston Perera, Kandy fights the Portuguese – a military history of Kandyan resistance. Vijithayapa Publications: Sri Lanka, June 2007. ISBN 978-955-1266-77-6
  3. Captain Joao Ribeiro, The historic tragedy of the island of Ceilao. AES Reprint. New Delhi: Asian Educational Services, 1999. ISBN 81-206-1334-1
  4. Channa Wickramasinghe, Kandy at war: indigenous military resistance to European expansion in Sri Lanka 1594–1818. Vilithayapa Publications: Sri Lanka, 2004. ISBN 955-8095-52-4
  5. Fernao de Queyroz, The temporal and spiritual conquest of Ceylon. (SG Perera, Trans.) AES reprint. New Delhi: Asian Educational Services; 1995. ISBN 81-206-0764-3
  6. Paul E. Peiris, Ceylon the Portuguese Era: being a history of the island for the period, 1505–1658, Volume 1. Tisara Publishers Ltd.: Sri Lanka, 1992.. OCLC 12552979. 
  7. Phillipus Baldaeus, "A True and Exact Description of the Great Island of Ceylon", The Ceylon Historical Journal, Volume III, No 1–4. Published in co-operation with the Ceylon Branch of the Royal Asiatic Society, July 1958 to April 1959.
  8. S.G. Perera, A history of Ceylon for schools – The Portuguese and Dutch period. The Associated Newspapers of Ceylon Ltd.: Sri Lanka, 1942.. OCLC 10531673. 
"https://si.wikipedia.org/w/index.php?title=දන්තුරේ_සටන&oldid=372954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි