තිහෝෂින් සෑය
පෙනුම
| තිහෝෂින් සෑය | |
|---|---|
| သီဟိုဠ်ရှင်မြတ်စွာဘုရား | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | පකොක්කු, මග්වයි පළාත |
| භූගෝලීය ඛණ්ඩාංක | 21°19′37″N 95°04′04″E / 21.326932°N 95.06765°E |
| අනුබැඳියාව | ථේරවාද බුදු දහම |
| රට | මියන්මාරය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ආදිකර්තෘ | පළවන විජයබාහු (අශෝක රාම) රජතුමා, සිරි ලක මහරජ |
| සම්පූර්ණ කෙරුණේ | අලවුංසිතු රජතුමා |
තිහොල්ෂින් සෑය ( බුරුම: သီဟိုဠ်ရှင်စေတီ //තිහොල්ෂින් සේදී[?]// ; ඉංගිරිසි : Thihoshin Pagoda ) යනු මියන්මාරයේ නොහොත් බුරුමයෙහි මග්වයි[?] පළාතේ පකොක්කු [?] හි පිහිටි පසිඳු සෑ වහන්සේ නමකි. මේ සෑ වහන්සේ මීට අටසිය වසකට පෙරැ (කි.ව.1090 – කි.ව.1167) එ කලැ බුරුම රජු වූ අලවුංසිතු රජු විසින් ඉදිකැරුණෙකි. එය පූජා කැරුණේ, එ කලැ සිංහල රජු වූ මහ විජයබා (බුරුම සම්ප්‍රදායට හුරු වැ: අශෝක රාම) මහරජු විසිනි. [1] සෑම වසරකැ මැ, මැයි හා ජූනි හා අතරැ, බුරුම නයොන් මස පුර අටවක දා සිටැ පුර දසවක දා දක්වා සෑ වහන්සේ උදෙසා උත්සවයක් (Burmese: ဘုရားပွဲ; paya pwe) පැවැත්වේ.[1]