තන්තිරිමලේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තන්තිරිමලේ යනු ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකකි. මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයෙහි ජනාවාස පැවති බවට සාධක තිබේ. එම මුල් අවදියේ සිට අනුරාධපුරය යුගයේ අගභාගය දක්වා විහිදෙන දිර්ඝ කාල පරිච්ඡේදයකට අයත්වන ආගමික නිර්මාණ, ශිලා ලේඛන, සිතුවම් හා මිනිසුන් පරිහරණය කල වෙනත් භාණ්ඩ ආදියේ පුරා විද්‍යාත්මක සාධක රාශියක් මෙහි දක්නට ලැබේ. මීට අමතරව ‍ඓතිහාසික මුලාශ්‍ර හා ජනාප්‍රවාද අනුවද මෙහි සිට වයඹ දිග මුහුදු වෙරළ දක්වාම සශ්‍රික ජනාවාස පැවති බව පෙනේ.

පිහිටිම[සංස්කරණය]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 366 තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරි කොට්ඨාශය මුල්කරගත් දෙමටමල්ගම, නෙළුම්විල, සදමල් එලිය, තුප්පිටියාව, නවෝදාගම, මහා ඇහැටුවැව, ඔයාමඩුව යන ග්‍රාම නිලධාරි කොට්ඨාශවල ව්‍යාප්තව පවති. රිටිගල කන්දේ සිට අරම්භ වන මල්වතු ඔය කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වි ඇති වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයත් බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහාවිලච්චිය මහා මාර්ගයත් සිමා කොට ඇත.

තන්තිරිමලේ ග්‍රාමය විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා තිබීම ප්‍රදේශවාසීන්ට මිහිරි මෙන්ම අමිහිරි දිවිපෙවතක් උදාකර දීමට සමව බලපෑම් කරනු ලබයි. ඊසානදිග මේසම් සුළගින් පෝෂණය වන හේන් ගෙවිතැනින් ප්‍රදේශ වාසීන්ගේ බත සරිකර ගනිති. වී,බඩඉරිගු, මුං, කවුපි, කුරක්කන්, තල, මෙන්රි,උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම වට්ටක්කා, මිරිස්, පතවල, කරවිල, හා වැටකොළු වැනි එළවළු වර්ග ද අක්කර 200 පමන වන භූමි භාගයක් පුරා දෙසැමබර් හා ජනවාරි මාස වලදී දැකගත හැකිය. 20 වසරක් පුරා මෙරට පැවති යුද්ධයේ අඳුරු සෙවනැලි ප්‍රදේශය පුරා වරින් වර මතුවිය. මේ හේතුවෙන් මෑතකාලීන ගැමි ජීවිතය අඩාල කරදැමීමට හේතු වී ඇත. මෙම තත්වය සිය ගණන් ජනයා සිය වගා භූමි පමනක් නොව ගම් බිමි පවා අතහැර දමා යන තතවයට පත්කළහ. මෙසේ අත්හැර සමා ගිය ගම්මාන 20 පමන ප්‍රදේශයේ දැකගත හැකිය. ත්‍රස්ත ක්‍රියා ප්‍රදේශයේ මාරග පද්ධතිය මෙන්ම කුඩා පරිමාන වාරි පද්ධති වලටද විහාල ලෙස හානි සිදුකර ඇත.

නමෙහි විකාශනය[සංස්කරණය]

මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ “තිවක්ඛ බමුණුගම” යනුවෙන් හදුන්වා තිබේ. ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අනුරාධපුරයට වැඩමවන අවස්ථාවේ එම පෙරහැර මෙම ගම්මානයේ එක් දිනක් නවාතැන්ද ගෙන ඇත.

විජය කුමරු ලක්දිවට පැමිණ මල්වතු ඔය දිගේ ගමන්කොට අනුරාධපුරය රාජධානිය කරගත් අතර ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්ටද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගිමට උපදෙස් දුන්හ. ඒ අනුව “උපතිස්ස” නම් අමාත්‍යවරයා මල්වතු ඔයට කනදරා ශය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ “උපතිස්සගම” යනු අද තන්තිරිමලය නම් මෙම ප්‍රදේශයයි.

සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කරන ලදුව එම දෙදනා මෙම පුදේශයේ කලක් ජිවත් වි ඇත. එහිදි පරිත්‍යාග කළ “තන්තිරි” යන සමණළ විශේෂයේ හැඩය සහිත රන් මාලය මෙහි නිධන්කොට ඇති නිසා “තන්තිරිමාලය” යන්න සැදුනු බව ජනවහරේ එයි. එසේම පුජනිය පිරිස නවාතැන් ගත් කන්ද “තන්ගෛතිරුමලෙයි” යන දමිල ව්‍යවහාරය පසුව තන්තිරිමලේ නම් වු බවද කියවේ.

අනුරාධපුර යුගයේදි මහායානික නිකායට අයත් තන්ත්‍රයානික භික්ෂුන් වහන්සේලා සහ අදත් භුතානයේ ගෞරව කරන තාන්ත්‍රික බ්‍රාහ්මණයින් මෙහි වාසය කල බැවින් තන්තිරිමලේ නම සැදුන බවද ඇතමෙක් කියයි.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

  • තන්තිරිමලේ රජ මහා විහාරය - විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලේ පුරාණ රජ මහා විහාරය මෙරට ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන අතුරින් එකක් වේ.

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තන්තිරිමලේ&oldid=434329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි