Jump to content

සෛල බිත්තිය

විකිපීඩියා වෙතින්

සෛල බිත්තිය, ශාක සෛලවල දක්නට ලැබෙන බහිස්සෛලිය ව්‍යුහයකි. සත්ව සෛලවලට සෛල බිත්තියක් නොමැත. කෙසේ නමුත් ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට, දිලීර සහ සමහර ප්‍රොටිස්ටාවන්ටද තුනී සුනම්‍ය සෛල බිත්තියක් ඇත. විශේෂයෙන් විශේෂයටත්, එකම විශේෂයේ සෛල වර්ග අතරත් සෛල බිත්තියේ රසායනික සංයුතිය අධිකව වෙනස්වේ. එහෙත් සාමාන්‍යයෙන් ශාකවල සෛල බිත්තිය සෑදී ඇත්තේ සෙලියුලෝස්, පෙක්ටීන් සහ හෙමිසෙලියුලෝස් වලිනි. ලිග්නීන් සහ සුබෙරීන් සමහර ශාක සෛලවල පමණක් ඇත.

ශාක වල සෛල බිත්ති වර්ග දෙකක් සාදයි.එහෙනම් ප්‍රාථමික සෛල බිත්තිය සහ ද්විතීයික සෛල බිත්තියයි. ළපටි සෛලවල පළමුව ස්‍රාවය වන්නේ ප්‍රාථමික සෛල බිත්තියයි. එය ශාක සෛලවල සෛල විභාජනයේදී තැන්පත්වන බිත්තියයි. ප්‍රාථමික සෛල බිත්තියට වහාම පිටතින් පෙක්ටීන් ලෙස හඳුන්වන ඇලෙන සුළු පොලිසැකරයිඩයකින් පොහොසත් (මැග්සිනීසියම් සහ කැල්සියම් පෙක්ටෙට්) තුනී ස්තරයක් ලෙස මධ්‍ය සූස්තරය ඇත. මධ්‍ය සූත්‍රය මගින් යාබද සෛල එකට අලවා තබා ගනී. ප්‍රාථමික සෛල බිත්තිය මත දෘඩ කාරක ද්‍රව්‍ය තැන්පත්වීම නිසා දිවිතීක බිත්තිය ද්විතියිකව ඇතිවේ.

ප්‍රාථමික සෛල බිත්තිය පාරගම්‍ය, සාපේක්ෂව තුනී හා නම්‍යශීලී ය. ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් තන්තුවලින් සමන්විත වන අතර මධ්‍ය සුස්තරය මත තැන්පත් වී ඇත. සෛල බිත්තියේ ඇති නිදහස් අවකාශ තුලින් ජලය නිදහසේ ගමන් කල හැකිය.

ද්විතීයික බිත්තිය තැන්පත් වන්නේ ප්ලාස්මා පටලය සහ ප්‍රාථමික සෛල බිත්තිය අතරය. එය තද ද්‍රව්‍යවලින් සෑදුනු ස්ථර කිහිපයකින් යුක්ත දෘඩ ව්‍යුහයකි. සෙලියුලෝස් වලට අමතරව ලිග්නීන්, සුබෙරීන් වැනි අපාරගම්‍ය වූ ද්‍රව්‍ය ද්විතියික බිත්තියට අන්තර්ගත වේ. ලිග්නින් බදාම මගින් සෙලියුලෝස් තන්තු එකට රදවා තබා ගනිමින් දෘඩ පූරකයක් සාදන අතර , සෛල බිත්තියට අමතර සන්ධාරණයක් ලබා දෙයි. සෛල බිත්තියේ ඇති 'කූ' හරහා විහිදෙන ප්ලාස්මා බන්ධ මගින් යාබද සෛල වල සෛල ප්ලාසම සම්භන්ධ කරයි.

කෘත්‍යන් :-

        01)ආරක්ෂාව හා සන්ධාරණය.

        02)සෛලයට ජලය ඇතුළු වන විට ශුනතාව වැඩි

          විමට ඉඩ ලබා දෙයි.

        03)ශුනතාවේදී සෛලය පිපිරීම වලකයි.

        04)සෛල වර්ධනය පාලනය සහ සීමා කරයි.

        05)ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයකි.

        06)සෛලයේ හැඩය පවත්වා ගනියි.

        07)ගුරුත්ව බලයට එරෙහිව ශාකය සෘජුව දරා සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=සෛල_බිත්තිය&oldid=744941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි