ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235
ඩෑෂ්කැම් විඩියෝව වෙතින් ගත් නිසල රූපයක් දක්වනුයේ, ගුවන්යානය කීලොං ගංගාව වෙත ඇද වැටී විනාශ වීමට මෙහොතකට පෙර, ටැක්සි රථයක සහ හුවන්ඩොං ආරුක්කු පාලමෙහි පියාසැරි 235 යේ වම් තටුවෙහි කොණක් වදින ආකාරයයි | |
| අනතුර පිළිබඳව | |
|---|---|
| දිනය | 4 පෙබරවාරි 2015 |
| කෙටි විස්තරය | ගුවන් ගත වීමෙන් මෙහොතකට පසු ඇද වැටී විනාශ විය, විමර්ශනයට ලක් වෙමින් පවතියි |
| ස්ථානය | කීලොං ගංගාව, ටයිපේ, තායිවානය 25°03′48″N 121°37′04″E / 25.06333°N 121.61778°E |
| මගීන් ප්‍රමාණය | 53[1] |
| කාර්ය මණ්ඩලය | 5 |
| තුවාලකරුවන් ප්‍රමාණය | 17 (භූමියෙහි 2 දෙනා ඇතුළුව)[2] |
| මරණ ප්‍රමාණය | අඩුම තරමින් 38[3] |
| දිවි බේරාගත් ප්‍රමාණය | 15[4] |
| ගුවන්යානා වර්ගය | ATR 72-600 |
| ක්‍රියාකරු | ට්රාන්ස්ඕෂියා එයාර්වේස් |
| ලියාපදිංචිය | B-22816 |
| පටන් ගැන්ම | ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල, සොංෂාං, ටයිපේ, තායිවානය |
| ගමනාන්තය | කිංමං ගුවන්තොටුපොල, කිංමං, තායිවානය |
ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235 (GE235/TNA235) යනු, 2015 පෙබරවාරි 4 දිනදී, ටයිපේ සොංෂාං ගුවන්තොටුපොලෙන් ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු, බටහිර දිශාවට කිමී 5.4 (සැත 5.4) දුරින්, කීලොං ගංගාව වෙතට ඇද වැටුනු දේශීය පියාසැරියක් වෙයි. මාස-10-පමණක් පැරණි ATR 72-600 ගුවන්යානය භාවිතා කරමින් ක්‍රියාත්මක වූ, ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය, ගුවන්යානය තුල මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය පස්දෙනෙකු සමගින් ටයිපේ සිට කිංමං (කිමෝයි) දක්වා පියාසර කරමින් සිටියේය. දිවි බේරා ගත් සංඛ්‍යාව 15 විය. [5] [6]
ගුවන්ගත කිරීමෙන් විනාඩි දෙකකට පසුව, ගුවන් නියමුවන් විසින් එන්ජ්ම් ගිනි ගැනීම් වාර්තා කරන ලදි. 235 පියාසැරිය අඩි 1050 (මීටර් 320) වන උපරිම උසක් දක්වා ඉහළ නැග පහළට ගෙන එන ලදි. ගංගාව හා ගැටීමට මෙහොතකට පෙර, තියුණු ලෙසින් වමට ඇලවුනු එහි වම් තටුව වෙතින් හුවන්ඩොං ආරුක්කු පාලම මතින් බටහිර දෙසට ගමන් කරමින් තිබුණු ටැක්සි රථයක හා ඉන්පසු හුවන්ඩොං ආරුක්කු පාලමේ ගැටුනේය. [7] [8]
පියාසැරි 235 යනු, ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් ATR ගුවන්යානාවන් සම්න්ධිතව වසරක් තුල සිදුවූ දෙවන මාරාන්තික අනතුර වන අතර, මින් පෙර වූයේ පියාසැරි 222 අනතුරය. [9]
අමතර අවධානයට
[සංස්කරණය]- වාණිජ ගුවන්යානා හා සබැඳි අනතුරු සහ සිදුවීම් ලැයිස්තුව
- Kegworth air disaster, SA Airlink Flight 8911, Transair Flight 810 සහ Azerbaijan Airlines Flight 56 - දෝෂ සහගත එන්ජින් ශට්ඩවුන් කිරීමේ වෙනත් අවස්ථා
- Yeti Airlines Flight 691 – inadvertent feathering සහ එන්ජින් දෙකෙහිම බලය අහිමි වීම
සටහන්
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "复兴空难已救出20名伤者 3名无生命迹象" [ඩිසාස්ටර් රිකවරි හැව් බීන් රෙස්කියුඩ් 20 පර්සන්ස් හූ හෑව් බීන් ඉන්ජර්ඩ් 3 නෝ සයින්ස් ඔෆ් ලයිෆ්]. sina.com.cn (චීන බසින්). සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2015.
- ^ "තායිවනීස් ප්ලේන් විත් 53 පැසෙන්ජර්ස් ක්‍රෑෂර්ස් ඉන් ටයිපේ රිවර්". යහූ! නිවුස්. 3 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2015.
- ^ "復興空難第4日 再搜獲3遺體 12:13". සීඑන්ඒ නිවුස් (චීන බසින්). 7 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2015.
- ^ "復興航空235航班事故說明(2月5日 16時 )". තායිවානයේ සිවිල් ගගනයාත්‍රික පරිපාලනය. 5 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2015.
- ^ රම්සි, ඔස්ටින් (4 පෙබරවාරි 2015). "ඇට් ලීස්ට් 19 කිල්ඩ් ආෆ්ටර් ප්ලේන් ක්‍රෑෂර්ස් ඉන්ටු රිවර් ඉන් තායිවාන්". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2015.
- ^ G235 ඇක්සිඩන්ට් ඩිස්ක්‍රිප්ෂන් පියාසැරි ආරක්ෂණ පදනම ගගනයාත්‍රික ආරක්ෂණ ජාලය
- ^ "තායිවාන් ට්‍රාන්ස්ඒෂියා ප්ලේන් ක්‍රෑෂර්ස් ඉන්ටු රිවර්". බීබීසී නිවුස් ඔන්ලයින්. 4 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2015.
- ^ "ක්‍රෑෂ්: ට්‍රාන්ස්ඒෂියා AT72 ඇට් ටයිපේ ඔන් ෆෙබ් 4ත් 2015, එන්ජින් ෆ්ලේම් අවුට්, රෝල්ඩ් ෂාප්ලි ඇන්ඩ් ලොස්ට් හයිට් ෂෝට්ලි ආෆ්ටර් ටේක්ඕෆ්". දි ඒවියේෂන් හෙරල්ඩ්. 4 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2015.
- ^ Euan McKirdy and Vivian Kam, CNN (4 පෙබරවාරි 2015). "ඩෑෂ්කැම් කැප්චර්ස් මෝමන්ට් ට්‍රාන්ස්ඒෂියා ප්ලේන් හිට්ස් බ්‍රිජ්, ක්‍රෑෂර්ස් ඉන් ටයිපේ - CNN.com". සීඑන්එන්.
{{cite web}}:|author=has generic name (help)
බාහිර සබැඳි
[සංස්කරණය]
TransAsia Airways Flight 235 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත