ජොහන්නස් කෙප්ලර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජොහන්නස් කෙප්ලර්
වර්ෂ 1610දී අඳිනු ලැබූ ජොහන්නස් කෙප්ලර්ගේ සිතුවමක්,චිත්‍රශිල්පියා පිලිබඳ සටහනක් නොමැත
උපත දෙසැම්බර් 27, 1571(1571-12-27)
නිදහස් වූ අධිරාජ්‍යයේ නගර අතරින් එකක් වූ ස්ටුට්ගාර්ට් නගරය ආසන්නයේ පිහිටි වෙඉල් ඩර් ස්ටඩ්ට් ප්‍රදේශයේ, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ (වර්තමානයේ ජර්මනියේ බාඩ්න්-ව්හර්ට්ටේම්බර්ග් ප්‍රාන්තයේ ස්ටුට්ගාර්ට් ප්‍රදේශයට අයත්ය.)
විපත නොවැම්බර් 15 1630 (වයස 58)
රිජෙන්ස්බර්ග්, බැවේරියාවට අදාළ ඡන්ද කොට්ටාශය, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යය (වර්ථමානයේ ජර්මනිය)
පදිංචිය ජර්මනිය
ජාතිකත්වය ජර්මානු
ක්ෂේත්‍රය තාරකා විද්‍යාව, නක්‍ෂත්‍ර විද්‍යාව, ගණිතය සහ සොබාවිත දර්ශනය
ආයතන ලින්ස් විශ්වවිද්‍යාලය
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව ටූබින්ගෙන් විශ්වවිද්‍යාලය
ප්‍රසිද්ධ වන ක්ශේත්‍රය ග්‍රහවස්තුන් පිළිබඳ කෙප්ලේර්ගේ නියායන්
(කෙප්ලර්ගේ විතර්කයන්)Kepler conjecture
අත්සන

ජොහන්නස් කෙප්ලර් (Johannes Kepler) (දෙසැම්බර් 27, 1571 – නොවැම්බර් 15, 1630) යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් කල නීති සංග්‍රහය හේතුවෙනි. මෙම නීති සංග්‍රහය, ඔහු විසින් රචිත Astronomia nova, Harmonices Mundi හා Epitome of Copernican Astronomy පොත් ඇසුරෙන් පසුකාලීනව තාරකා විද්‍යාඥයින් විසින් ක්‍රමානුකුලව සම්පාදනය කරන ලදී. ඔහුගේ මෙම සොයාගැනීම් "අයිසැක් නිව්ටන්ගේ විශ්වය පුරා පවතින ගුරුත්වාකර්ෂණයට" අදාළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට මූලික පදනමක් බවට පත්විය.

ඔහුගේ වෘත්තීය ගමනේදී ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පිහිටි සෙමනේරියක ගණිත ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර එහිදී ඔහුට හාන්ස් උල්රික් වොන් එගේන්බර්ග් කුමාරයාගේ සහකරු බවට පත්වීමේ හැකියාව ලැබිණ. එයින් පසුව ටයිකෝ බ්‍රාවෝ නම් තාරකා විද්‍යාඥයාගේ සහකරු බවට පත්විය. අවසානයේ 2වන රුඩොල්ෆ් අධිරාජ්‍යයාගේද ඔහුට පසුව අධිරාජ්‍යයන් බවට පත්වූ මතායස් හා 2වන ෆර්ඩිනැන්ඩ් ගේද රාජකීය ගණිතඥයා බවට පත්විය. තවද ඔහු ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර පාසලක ගණිත ගුරුවරයෙක් ලෙසද ජෙනරාල් වැලන්ඩීන්ගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළේය. මීට අමතරව ප්‍රකාශ විද්‍යාවට අදාළ ප්‍රධාන විෂයන් සම්බන්දව පර්යේෂණ කටයුතුවල යෙදුනු අතර එමගින් වැඩි දියුණු කල වර්ථක දුරේක්ෂයක් (කෙප්ලර්ගේ දුරේක්ෂය)නිර්මාණය කිරීමට හැකිවූ අතර, ඔහුගේ සමකාලීනයෙක් වූ ගැලීලියෝ ගැලලිගේ දුරේක්ෂ පිළිබඳ සොයාගැනීම් පිළිබඳව සඳහන් කරන ලදී.

කෙප්ලර් ජීවත් වූ වකවානුවේ තාරකා විද්‍යාව හා නක්‍ෂත්‍ර ශාස්ත්‍රය අතර පැහැදිලි වෙනස්කමක් නොතිබුන අතර, භෞතික විද්‍යාව(ස්වභාවික දර්ශන විද්‍යාවට අයත් ලෙසද) හා තාරකා විද්‍යාව(ගණිත විෂයට අදාළ ලෙසද) අතර පැහැදිලි වෙනසක් පැවතුන බව දැකිය හැක. කෙප්ලර් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ ආගමේ අන්තර්ගතයන්ද එහි මතවදයන්ද උපයෝගී කරගත් අයෙකි. ඔහු විශ්වාස කල අන්දමට දෙවියන් විසින් ලෝකය නිර්මාණය කල ඇත්තේ යම් පැහැදිලි අරමුණක් සහිතව, එය තේරුම් ගත හැක්කේ නිවැරදි තර්කයන් ගොඩනැගීම තුලින් බවය. කෙප්ලර් විසින් සොයාගත් තාරකා විද්‍යාවට අදාළ කාරණා ඔහු විසින් "අභ්‍යාවකාශ භෞතික විද්‍යාව" ලෙස හැඳින්වූ අතර එය සම්ප්‍රදානුකුලව පැවති භෞතික විශ්වවිද්‍යාවෙන් වෙනස් කිරීම සඳහා තාරකා විද්‍යාව විශ්වීය භෞතික ගණිතයේ කොටසක් ලෙස සලකන ලදී.[1]

මුල් අවදිය[සංස්කරණය]

Birthplace of Johannes Kepler in Weil der Stadt
කෙප්ලර් කුඩා දරුවෙකුව සිටියදී දුටු, යුරෝපය පුරා සිටි තාරකා විද්‍යාඥයන්ගේ අවධානය දිනාගත් 1577 මහා වල්ගාතරුව

ජොහන්නස් කෙප්ලර් 1571 දෙසැම්බර් 27 වනදා,නිදහස් වූ අධිරාජ්‍යයේ නගර අතරින් එකක් වූ ස්ටුට්ගාර්ට් නගරය ආසන්නයේ පිහිටි වෙඉල් ඩර් ස්ටඩ්ට් ප්‍රදේශයේ, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ (වර්තමානයේ ජර්මනියේ බාඩ්න්-ව්හර්ට්ටේම්බර්ග් ප්‍රාන්තයේ ස්ටුට්ගාර්ට් ප්‍රදේශයට අයත්ය.) උපත ලැබීය. ඔහුගේ සීයා, සෙබාල්ඩ් කෙප්ලර්, එම නගරයේ නගරාධිපති වශයෙන් කලක් සේවය කර තිබුනද, කෙප්ලර් බිහිවන විට පවුලේ ධනය හීන වෙමින් පැවතින. සොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියක් සමඟ හැදී වැඩුණද කෙප්ලර්ට පියාගේ ඇසුර නොලැබෙන්නේ කුලී හේවයෙක් ලෙස කටයුතු කල ඔහුගේ පියා, හෙයින්රික් කෙප්ලර්,ඔහුට අවුරුදු පහේදී පවුල හැර දමා යාම නිසාය. හෙයින්රික් කෙප්ලර් නෙදර්ලන්තයේ ඇතිවූ අට අවුරුදු සංග්‍රාමයේදී ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනේ. තානායම් හිමිකරුවෙකුගේ දියණියක් වූ කෙප්ලර්ගේ මව කැතරිනා ගල්ඩන්මාන්, ලෙඩ සුවකරන්නියක් හා ඖෂධ නිපදවන්නියක් ලෙස කටයුතු කලද පසුව මායාකර්ම භාවිතා කලා යැයි නීතිය ඉදිරියට ගෙනයන ලදී. නොමේරු දරුවෙකු ලෙස ඉපදුනු කෙප්ලර් කුඩාකල රෝගී හා දුර්වල ළමයෙකු ලෙස හැඳින්විය. නමුත් ඔහු තම සීයාගේ තානායමට පැමිණෙන අමුත්තන්ව සිය අතිවිශේෂ ගණිත දැනුමෙන් විශ්මයට පත් කළේය.[2]

ඔහු තාරක විද්‍යාව පිළිබඳ ඇල්මක්, ආදරයක් ඇති වුනේ ඔහු කුඩාකල දීමය, එම නොසන්සිඳෙන ආශාව ඔහුගේ ජිවිත කාලය පුරා පැවතීන. වයස අවුරුදු හයේදී, ඔහුට 1577 මහා වල්ගාතරුව නැරඹීමේ අවස්ථාව ලැබිණි, ඒ ගැන සඳහන් කර ඇති ආකාරයට ඔහුව "එය නැරඹීම සඳහා ඔහුගේ මව විසින් උස් වූ ස්ථානයකට රැගෙන ගොස් ඇත."[3] වයස අවුරුදු නවයේදී, ඔහුට තවත් තාරකා විද්‍යාඥයාත්මක සංසිද්දියක් වූ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් 1580දී ලැබිණි, එය වාර්තා කර ඇත්තේ ඔහුට එයා නැරඹීමට "එළිමහනට පැමිණෙන්න" යැයි කථාකර ඇති බව මතක බවත් සඳ එම මොහොතේ "ඉතා තද රතුපැහැති" දිස්වුණ ලෙසය.[3] කෙසේවෙතත්, කුඩාකල වසූරිය රෝගය වැලඳීම නිසා ඔහුගේ ඇස් පෙනීම දුර්වල වූ අතර දෑත අංගවිකල භාවයට පත්වුයේ තාරක විද්‍යාවේ මූලික අංශයක් වූ ග්‍රහවස්තුන් නිරීක්ෂණය අඩපණ කරමිනි.[4]

පළමුව වියරණ පාසලෙන්ද(එකල පෙර පාසල) ඉන්පසු ලතින් විදුහලෙන් හා මෞල්බ්‍රොන් සේමනේරියෙන් අධ්‍යාපනය ලැබූ කෙප්ලේර් වැඩිදුර අධ්‍යාපනය සඳහා 1958දි ටුබින්ගන් විශ්වවිද්‍යාලයේ ටුබින්ග්අ ස්ටිස්ට් වෙත ඇතුල් විය. එහිදී ඔහු විටස් මියුලර්[5] යටතේ දර්ශන විද්‍යාවද, ජේකොබ් හීර්බ්‍රැන්ඩ් (මොහු ෆිලිප් මෙලන්ක්තොන්ගේ සිසුවෙක් වූ අතර, 1590 ටුබින්ගන්හි චාන්සලර බවට පත්වූ මයිකල් මේස්ටලින්ගේද ගුරුවරයෙකු වී ඇත[6].) යටතේ දේවවේදය උගත්තේය. සරසවියේදී ඔහු තුල සිටි ගණිතඥයා පිළිබඳව සියල්ලන්ම දෙන ගත්තේය, එමෙන්ම ඔහුගේ මිතුරන්ට ජන්ම පත්‍ර සාදා දීමෙන් ඔහුගේ නක්ෂත්‍රවේදය පිළිබඳ හැකියාවද ප්‍රචලිත විය. මේ අතර මයිකල් මේස්ටලින්ගේ(1583 සිට 1631 දක්වා කාලය තුල ටුබින්ගන් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයා)[6] උපදේශන මත කෙප්ලර් ටොලමිගේ ග්‍රහමණ්ඩල සැකැස්ම පිළිබඳවද, කොපර්නික්ගේ ග්‍රහමණ්ඩල සැකැස්ම පිළිබඳවද අධ්‍යයනයෙහි යෙදුණේය. එමගින් ඔහු එම විෂයන් පිළිබඳව විශිෂ්ට දැනුමක් ලබාගත්තේය. සිසුන් අතර පැවති විවාදයන්හිදී ඔහු සුර්ය කේන්ද්‍රීය ග්‍රහ සැකැස්මේ සත්‍යබව පිළිබඳ න්‍යයාත්මකවද, දේවවේදය ඇසුරෙන්ද කරුණු ගෙනහැර දැක්වු අතර සූර්යයා විශ්වයේ චලනයට හේතුව මූලික ප්‍රභවය ලෙස සඳහන් කළේය.[7] අධ්‍යාපනයෙන් පසු ඔහුගේ අරමුණව තිබුනේ දේවගැතිවරයෙකු වීමටද ඔහුට ග්‍රාස් නුවර පිහිටි ප්‍රොටෙස්ටන්ට් විදුහලෙන්(වර්තමානයේ ග්‍රාස් විශ්වවිද්‍යාලය) ගණිතය හා තාරකාවිද්‍යාව ඉගැන්වීම සඳහා කල ඇරයුම පිළිගැනීමට සිදු වූ අතර 1594 අප්‍රේල් මාසයේ ඔහු එම තනතුර භාරගත්තේය.[8]

ග්‍රාස් (1594–1600)[සංස්කරණය]

Mysterium Cosmographicum[සංස්කරණය]

කෙප්ලර්ගේ Mysterium Cosmographicum හි අන්තර්ගත සෞරග්‍රහ මණ්ඩලයේ ත්‍රිමාණ බහුතල ආකෘතිය (1600)

ජොහන්නස් කෙප්ලර්ගේ තාරකාවිද්‍යාව සම්බන්ධ ප්‍රථම ව්‍යාපෘතිය, Mysterium Cosmographicum (විශ්වය අධ්‍යනයෙහි අභිරහස්) නම් ප්‍රකාශනයයි. එය ඔහු විසින් කොපර්නික්ගේ ග්‍රහමණ්ඩල සැකැස්මේ සත්‍යභාවය සනාථ කිරීම සඳහා එළිදැක්වුවකි. කෙප්ලර් පවසන ආකාරයට 1595 ජූලි 19වනදා ග්‍රාස්හි පාසලේ සිසුන්ට ග්‍රහරාශි චක්‍රයේ සෙනසුරුගේ හා බ‍්‍රහස්පතිගේ ආවර්තිත ග්‍රහ යෝගය පිළිබඳ ඉගැන්වීම් කටයුතු කරමින් සිටින විටදී; ඔහුට එකවරම, එක් ශීර්ෂ ලක්ෂයක් හා එක් පරිගත චක්‍රයක්, නියත අනුපාතයකට පවතින බවත්, එය සවිධි බහු අස‍්‍රය තුලට අන්තර්ගත කල හැකී යන අදහසත් පහලවු බව. ඔහු මෙම සැකැස්ම විශ්වයේ ජ්‍යාමිතික පිහිටුම මෙය වියහැකි බවට සනාථ කිරීමට සාධක සෙවීමට උත්සහ කළා. නමුත් එතෙක් දැනසිටි ග්‍රහවස්තුන්ට(ග්‍රහමණ්ඩලයට අලුතින් ග්‍රහයින් එක්කලද) විශේෂිත වූ බහුඅස‍්‍රයන්ගේ පිහිටීමක් සොයාගැනීමට නොහැකි වූ තැන, කෙප්ලර් තම පර්යේෂණ කටයුතු ත්‍රිමාණ බහුඅස්‍ර යොදාගනිමින් කිරීම ආරම්භ කලා. එහිදී ඔහු ගෝලයක් තුල පවතින බහුතල පහ අතුරින් ඕනෑම එකක් ඉහත දැක්වූ සැකැස්මට අනුව එයටම විශේෂ වූ ආකාරයෙන් සැකසිය හැකි බවත්, මෙම බහුතල ගෝලයක් තුල නිර්මාණය කර,එම ගෝල එකමත එක වැටෙන ආකාරයට සැකසීමෙන් එතෙක් සොයාගෙන තිබූ ග්‍රහවස්තුන් හයට (බුධ, සිකුරු ග්‍රහයා, පෘතුවි, අඟහරු, බ්‍රහස්පති ග්‍රහයා, සෙනසුරු) අනුරූප ස්ථර හයක් නිර්මාණය කල හැකි බව තේරුම් ගත්තේය. මෙම බහුතල (අශ්ටතලය, විසිතලය, දොළොස්තලය, චතුස්තලය, ඝනකය) ක්‍රමානුකුලව පටිපාටි ගතකිරීමෙන් පසු, මෙම ග්‍රහ වස්තුන් සුර්යා කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වන්නේ යැයි සැලකුවහොත්, මෙම ගෝලයන් එම ග්‍රහ වස්තුන් භ්‍රමණය වන මාර්ගයට සාපේක්ෂව තැබිය හැකි බව සොයාගත්තේය. තවද කෙප්ලර් විසින් මෙම ග්‍රහ වස්තුන්ගේ චලනයට අදාලව සමීකරණයක් ගොඩනැගුවේය. නමුත් පසුකලෙක කෙප්ලර් විසින්ම මෙම සමීකරණය නිරවද්‍ය බව අඩුබව නිසා බැහැර කර දැමුවේය.[9]

ආකෘතියේ ඇතුලත කොටසේ සමීප දසුනක්

ඔහුගේ උපදේශකවරයාගේ(මයිකල් මේස්ටලින්) සහයෙන් ඔහුගේ සොයාගැනීමට අදාළ අත්පිටපත ප්‍රකාශනය කිරීමේ අනුමැතිය, ටුබින්ග විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩලයෙන් ලබාගැනීමට කෙප්ලර්ට හැකියාවක් ලැබෙන්නේය. ඒ අනුව 1596දි Mysterium ප්‍රකාශයට පත් වෙයි. 1597 මුල් භාගයේදී කෙප්ලර් ඔහුට ලැබුන පිටපත් එකල සිටි ශ්‍රේෂ්ට තාරකා විද්‍යාඥයන්ට හා අනුග්‍රහකයන්ට යවනු ලබනවා. එම ප්‍රකාශනය බහුතරයක් දෙන භාවිතා නොකලද, එමගින් ඔහු ඉහළ කුසලතාවයකින් යුත් තාරකා ශාස්ත්‍රඥයෙකු ලෙස පිළිගැනීමට ලක්වේ. ඔහු, ඔහුගේ උසස් අනුග්‍රාහකයන්ට මෙන්ම ග්‍රාස්හි ඔහුගේ ප්‍රධානීන් කෙරෙහි දක්වන ඉහළ කැපවීම, ඔහුගේ ඉදිරි ගමනට විශාල උපකාරයක් බවට පත්වෙයි.[10]

පසුකාලීනව ඔහු සිදුකල පර්යේෂණ කටයුතු සමඟ Mysterium Cosmographicum හි ඇතැම් කරුණු සංස්කරණ කිරීමට ලක්වුවද එහි අන්තර්ගතවූ බහුතල-ගෝලාකාර ග්‍රහ සැකස්ම පිළිබඳ අදහස ඔහු කෙදිනකවත් අතහැර දැමුවේ නැත. පසුව ඔහු විසින් සිදුකල අනිකුත් තාරකාවිද්‍යාත්මක සොයාගැනීම් සියල්ල ඔහුගේ මුල් ව්‍යාපෘතිය හා සහසම්බන්ද හෝ එය තවදුරටත් වර්ධනය කිරීමට අදාලව සිදුකල ඒවාය.1621දි කෙප්ලර් විසින් Mysterium Cosmographicumහි 2වන මුද්‍රණය එළිදක්වනු ලැබීය. එහි ඔහු විසින් පළමු එළිදැක්වීමේ තිබූ දෝෂයන් සඳහන් කරමින්, ඒවා නිවැරදි කරමින් හා අවුරුදු 25ක් පුරා සොයාගත් නව සොයගනීම්ද එක් කිරීමටද වගබලාගත්තේය.[11]

Mysterium පර්යේෂණ ග්‍රන්ථය මගින් කල බලපෑම ගැන සලකා බලන කල, එමගින් කොපර්නිකස්ගේ න්‍යාය නව්‍යකරණය සඳහා මූලික අඩිතාලම සැලසුන බව සඳහන් කල හැක. ඔහුගේ පර්යේෂණ කටයුතු කොපර්නිකස්ගේ න්‍යායන් මත පදනම් වුවද ග්‍රහයන්ගේ කක්ෂ මත ගමන් වේගය පිළිබඳ පැහැදිලි කිරීමට ටොලමිගේ න්‍යායන් භාවිතා කිරීමට සිදුවිය. ටොලමිගේ න්‍යායන් පෘතුවි කක්ෂය, මධ්‍ය ලක්ෂ්‍යය යැයි යන උපකල්පනය මත පදනම් වූ බැවින්, එකිනෙකට වෙනස් උපකල්පන මත පදනම් වූ න්‍යායන් 2ක් ඇසුරෙන් ඔහුගේ සොයාගැනීම් සිදු වී ඇති බැවින් මෙම ග්‍රන්ථයේ සඳහන් කරුණු දෝෂ සහගත බව සැලකේ. එනමුත් කොපර්නිකස්ගේ න්‍යායන්හි පැවති ටොලමිගේ න්‍යායයේ අභාෂයන් ඉවත් කිරීමට තැබූ මුල් පියවරක් ලෙස මෙම පර්යේෂණ ග්‍රන්ථය කෙරෙහි තරකවේදීන්ගේ ගෞරවය හිමිවේ.[12]

සිදුකල කර්යභාර්යයන්[සංස්කරණය]

  • Mysterium cosmographicum (The Sacred Mystery of the Cosmos) (1596)
  • De Fundamentis Astrologiae Certioribus On Firmer Fundaments of Astrology (1601)
  • Astronomiae Pars Optica (The Optical Part of Astronomy) (1604)
  • De Stella nova in pede Serpentarii (On the New Star in Ophiuchus's Foot) (1604)
  • Astronomia nova (New Astronomy) (1609)
  • Tertius Interveniens (Third-party Interventions) (1610)
  • Dissertatio cum Nuncio Sidereo (Conversation with the Starry Messenger) (1610)
  • Dioptrice (1611)
The lunar crater Kepler
  • De nive sexangula (On the Six-Cornered Snowflake) (1611)
  • De vero Anno, quo aeternus Dei Filius humanam naturam in Utero benedictae Virginis Mariae assumpsit (1613)
  • Eclogae Chronicae (1615, published with Dissertatio cum Nuncio Sidereo)
  • Nova stereometria doliorum vinariorum (New Stereometry of Wine Barrels) (1615)
  • Epitome astronomiae Copernicanae (Epitome of Copernican Astronomy) (published in three parts from 1618–1621)
  • Harmonice Mundi (Harmony of the Worlds) (1619)
  • Mysterium cosmographicum (The Sacred Mystery of the Cosmos) 2nd Edition (1621)
  • Tabulae Rudolphinae (Rudolphine Tables) (1627)
  • Somnium (The Dream) (1634)

වැඩිදුර කියවීම්[සංස්කරණය]

සටහන් හා නිර්දේශයන්[සංස්කරණය]

  1. Stephenson. Kepler's Physical Astronomy, pp.  1–2; Dear, Revolutionizing the Sciences, pp.  74–78
  2. Caspar. Kepler, pp.  29–36; Connor. Kepler's Witch, pp.  23–46.
  3. 3.0 3.1 Koestler. The Sleepwalkers, p. 234 (translated from Kepler's family horoscope).
  4. Caspar. Kepler, pp.  36–38; Connor. Kepler's Witch, pp.  25–27.
  5. Connor, James A. Kepler's Witch (2004), p. 58.
  6. 6.0 6.1 Barker, Peter; Goldstein, Bernard R. "Theological Foundations of Kepler's Astronomy", Osiris, 2nd Series, Vol. 16, Science in Theistic Contexts: Cognitive Dimensions (2001), p. 96.
  7. Westman, Robert S. "Kepler's Early Physico-Astrological Problematic," Journal for the History of Astronomy, 32 (2001): 227–36.
  8. Caspar. Kepler, pp.  38–52; Connor. Kepler's Witch, pp.  49–69.
  9. Caspar. Kepler, pp. 60–65; see also: Barker and Goldstein, "Theological Foundations of Kepler's Astronomy."
  10. Caspar. Kepler, pp. 65–71.
  11. Field. Kepler's Geometrical Cosmology, Chapter IV, p 73ff.
  12. Dreyer, J.L.E. A History of Astronomy from Thales to Kepler, Dover Publications, 1953, pp. 331, 377–379.
  • The most complete biography of Kepler is Max Caspar's Kepler. Though there are a number of more recent biographies, most are based on Caspar's work with minimal original research; much of the information cited from Caspar can also be found in the books by Arthur Koestler, Kitty Ferguson, and James A. Connor. Owen Gingerich's The Eye of Heaven builds on Caspar's work to place Kepler in the broader intellectual context of early-modern astronomy. Many later studies have focused on particular elements of his life and work. Kepler's mathematics, cosmological, philosophical and historical views have been extensively analyzed in books and journal articles, though his astrological work—and its relationship to his astronomy—remains understudied.

ප්‍රභවයන්[සංස්කරණය]

  • Andersen, Hanne; Peter Barker; and Xiang Chen. The Cognitive Structure of Scientific Revolutions, chapter 6: "The Copernican Revolution." New York: Cambridge University Press, 2006. ISBN 0-521-85575-6
  • Armitage, Angus. John Kepler, Faber, 1966.
  • Banville, John. Kepler, Martin, Secker and Warburg, London, 1981 (fictionalised biography)
  • Barker, Peter and Bernard R. Goldstein: "Theological Foundations of Kepler's Astronomy". Osiris, Volume 16. Science in Theistic Contexts. University of Chicago Press, 2001, pp.  88–113
  • Caspar, Max. Kepler; transl. and ed. by C. Doris Hellman; with a new introduction and references by Owen Gingerich; bibliographic citations by Owen Gingerich and Alain Segonds. New York: Dover, 1993. ISBN 0-486-67605-6
  • Connor, James A. Kepler's Witch: An Astronomer's Discovery of Cosmic Order Amid Religious War, Political Intrigue, and the Heresy Trial of His Mother. HarperSanFrancisco, 2004. ISBN 0-06-052255-0
  • De Gandt, Francois. Force and Geometry in Newton's Principia, Translated by Curtis Wilson, Princeton University Press 1995. ISBN 0-691-03367-6
  • Dreyer, J. L. E. A History of Astronomy from Thales to Kepler. Dover Publications Inc, 1967. ISBN 0-486-60079-3
  • Ferguson, Kitty. The nobleman and his housedog: Tycho Brahe and Johannes Kepler: the strange partnership that revolutionized science. London: Review, 2002. ISBN 0-7472-7022-8 – published in the US as: Tycho & Kepler: the unlikely partnership that forever changed our understanding of the heavens. New York: Walker, 2002. ISBN 0-8027-1390-4
  • Field, J. V.. Kepler's geometrical cosmology. Chicago University Press, 1988. ISBN 0-226-24823-2
  • Gilder, Joshua and Anne-Lee Gilder: Heavenly Intrigue: Johannes Kepler, Tycho Brahe, and the Murder Behind One of History's Greatest Scientific Discoveries, Doubleday (May 18, 2004). ISBN 0-385-50844-1 Reviews bookpage.com, crisismagazine.com
  • Gingerich, Owen. The Eye of Heaven: Ptolemy, Copernicus, Kepler. American Institute of Physics, 1993. ISBN 0-88318-863-5 (Masters of modern physics; v. 7)
  • Gingerich, Owen: "Kepler, Johannes" in Dictionary of Scientific Biography, Volume VII. Charles Coulston Gillispie, editor. New York: Charles Scribner's Sons, 1973
  • Jardine, Nick: "Koyré’s Kepler/Kepler's Koyré," History of Science, Vol. 38 (2000), pp.  363–376
  • Kepler, Johannes. Johannes Kepler New Astronomy trans. W. Donahue, forward by O. Gingerich, Cambridge University Press 1993. ISBN 0-521-30131-9
  • Kepler, Johannes and Christian Frisch. Joannis Kepleri Astronomi Opera Omnia (John Kepler, Astronomer; Complete Works), 8 vols.(1858–1871). vol. 1, 1858, vol. 2, 1859, vol. 3,1860, vol. 6, 1866, vol. 7, 1868, Francofurti a.M. et Erlangae, Heyder & Zimmer, – Google Books
  • Kepler, Johannes, et al. Great Books of the Western World. Volume 16: Ptolemy, Copernicus, Kepler, Chicago: Encyclopædia Britannica, Inc., 1952. (contains English translations by of Kepler's Epitome, Books IV & V and Harmonices Book 5)
  • Koestler, Arthur. The Sleepwalkers: A History of Man's Changing Vision of the Universe. (1959). ISBN 0-14-019246-8
  • Koyré, Alexandre: Galilean Studies Harvester Press 1977. ISBN 0-85527-354-2
  • Koyré, Alexandre: The Astronomical Revolution: Copernicus-Kepler-Borelli Ithaca, NY: Cornell University Press, 1973. ISBN 0-8014-0504-1; Methuen, 1973. ISBN 0-416-76980-2; Hermann, 1973. ISBN 2-7056-5648-0
  • Kuhn, Thomas S. The Copernican Revolution: Planetary Astronomy in the Development of Western Thought. Cambridge, MA: Harvard University Press, 1957. ISBN 0-674-17103-9
  • Lindberg, David C.: "The Genesis of Kepler's Theory of Light: Light Metaphysics from Plotinus to Kepler." Osiris, N.S. 2. University of Chicago Press, 1986, pp.  5–42.
  • Lear, John. Kepler's Dream. Berkeley: University of California Press, 1965
  • M.T.K Al-Tamimi: Great collapse Kepler's first law, Natural Science 2 (2010), ISBN 2150 – 4091
  • North, John. The Fontana History of Astronomy and Cosmology, Fontana Press, 1994. ISBN 0-00-686177-6
  • Pannekoek, Anton: A History of Astronomy, Dover Publications Inc 1989. ISBN 0-486-65994-1
  • Pauli, Wolfgang. Wolfgang Pauli — Writings on physics and philosophy, translated by Robert Schlapp and edited by P. Enz and Karl von Meyenn (Springer Verlag, Berlin, 1994). See section 21, The influence of archetypical ideas on the scientific theories of Kepler, concerning Johannes Kepler and Robert Fludd (1574–1637). ISBN 3-540-56859-X
  • Schneer, Cecil: "Kepler's New Year's Gift of a Snowflake." Isis, Volume 51, No. 4. University of Chicago Press, 1960, pp.  531–545.
  • Shapin, Steven. The Scientific Revolution. Chicago: University of Chicago Press, 1996. ISBN 0-226-75020-5
  • Stephenson, Bruce. Kepler's physical astronomy. New York: Springer, 1987. ISBN 0-387-96541-6 (Studies in the history of mathematics and physical sciences; 13); reprinted Princeton:Princeton Univ. Pr., 1994. ISBN 0-691-03652-7
  • Stephenson, Bruce. The Music of the Heavens: Kepler's Harmonic Astronomy, Princeton University Press, 1994. ISBN 0-691-03439-7
  • Toulmin, Stephen and June Goodfield. The Fabric of the Heavens: The Development of Astronomy and Dynamics. Pelican, 1963.
  • Voelkel, James R. The Composition of Kepler's Astronomia nova, Princeton University Press, 2001. ISBN 0-691-00738-1
  • Westfall, Richard S.. The Construction of Modern Science: Mechanism and Mechanics. John Wiley and Sons, 1971. ISBN 0-471-93531-X; reprinted Cambridge University Press, 1978. ISBN 0-521-29295-6
  • Westfall, Richard S. Never at Rest: A Biography of Isaac Newton. Cambridge University Press, 1981. ISBN 0-521-23143-4
  • Wolf, A. A History of Science, Technology and Philosophy in the 16th and 17th centuries. George Allen & Unwin, 1950.

භාහිර දාමයන්[සංස්කරණය]

සැකිල්ල:Johannes Kepler

"https://si.wikipedia.org/w/index.php?title=ජොහන්නස්_කෙප්ලර්&oldid=353660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි