Jump to content

ජෙට් එන්ජින්

විකිපීඩියා වෙතින්
ජෙට් එන්ජින්
ClassificationInternal combustion engine
IndustryAerospace
ApplicationAviation
Fuel SourceJet fuel
ComponentsDynamic compressor, Fan, Combustor, Turbine, Propelling nozzle
InventorJohn Barber, Frank Whittle, Hans von Ohain
Invented1791, 1928, 1935
f-15 ඊගල් හා f – 16 ෆැක්ලන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F – 100 ජෙට් එන්ජින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ රොබින්ස් ගුවන් හමුදා මූලස්ථානයේදී පරීක්ෂා කර ලබන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නළය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබාදේ
ට’බොජෙට් එන්ජිම ධාවනය වන විට ඉදිරියට හමාඑන සුළගේ අනුකරණයකි.
Jet engine during take-off showing visible hot exhaust (Germanwings Airbus A319)

ජෙට් එන්ජින් (ඉංග්‍රීසි:  jet engine) යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි. ජෙට් එන්ජින් පිළිබඳ මෙම මූලික අර්ථ දැක්වීම turbojets, turbofans, rockets, ramjets, pulse jets සහ pump jets සදහා ද අදාල වේ.[1] නමුත් පොදු භාවිතයේදී මෙම පදය සාමාන්‍යයෙන් ගෑස් ට’බයින, බ්‍රේට්න් චක්‍ර එන්ජින්, ඉතිරි බලය මගින් තෙරපුම ලබාදෙන, ට’බයිනයක් මගින් ශක්තිය ලබාදෙන භ්‍රමක සම්පින්ඩනයක් සහිත එන්ජින් හැදින්වීමට භාවිතා කරයි. නූතන ලෝකයට ජෙට් එන්ජින් කොතරම් සමීපවී ද යත් ඇතැම් අවස්ථාවලදී අත්වැරදීමකින් ගෑස් ට’බයිනය වෙනත් ක්‍රමවලට වඩා වැඩියෙන් ජෙට් ඉන්ජින්වල විශේෂ භාවිතයන් ලෙස හැඳින්වේ. බොහෝමයක් ජෙට් එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් වුවද ගින්නෙන් නොදැවෙන ආකාර පවා පවතී.

දුර ධාවනය කරන චාරිකා සඳහා ජෙට් ගුවන් යානාවලට ජෙට් එන්ජින් මූලික වශයන් භාවිතා කරයි. මුල් කාලයේදී ජෙට් ගුවන් යානාවලට අකාර්යක්ෂම වූ ට’බොජෙට් එන්ජිමක් භාවිතා කරන ලදී. නූතන ජෙට් ගුවන් යානා සාමාන්‍යයෙන් ඉතා ඉහළ වේගයක් ලබාදීමට උදව් වන වඩාත් දුර ධාවනය කළ හැකි මෙන්ම වෙනත් ප්‍රවාහන ක්‍රමවලට වඩා හොඳ ඉන්ධන කාර්යෂමතාවයක් ඇති high-bypass turbofan engines භාවිතා කරයි. 2004 දී ලෝක ඉන්ධන ප්‍රමාණයෙන් 7.2% පමණ මූලික වශයෙන් ජෙට් එන්ජින් මගින් පරිභෝජනය කරන ලදී. 2007 දී එක් ගුවන් යානාවකින් අනිකට බොහෝ සෙයින් වෙනස් වන අතරතුරදී බොහෝ ගුවන් සේවා සඳහා තනි විශාලතම මෙහෙයුම් වියදම බවට පත් කරමින් සම්ප‍ූර්ණ මෙහෙයුම් පිරිවැය සාමාන්‍යයෙන් 26.5% පමණ ජෙට් ඉන්ධනවල මිල සඳහා වැය විය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Jet Engine - SKYbrary Aviation Safety". www.skybrary.aero. සම්ප්‍රවේශය 2019-11-17.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජෙට්_එන්ජින්&oldid=594271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි