ජපානයේ කොඩිය
නාමය | Nisshōki[1] or Hinomaru[2] |
---|---|
භාවිතය | Civil and state flag and ensign |
සමානුපාතිකය | 2:3 [1] |
භාවිතයට ගැනුණේ | 1870, පෙබරවාරි මස 27 (as the civil ensign by Proclamation No. 57); August 13, 1999 (as the national flag and slight modifications to the design of the flag) |
නිර්මාණය | A red sun-disc centered on a white field |
ජපානය යේ ප්‍රභේද්‍ය ධජය | |
භාවිතය | Naval ensign |
සමානුපාතිකය | 2:3[3] |
භාවිතයට ගැනුණේ | Originally introduced on October 7, 1889; Re-adopted on June 30, 1954 |
නිර්මාණය | The Rising Sun Flag as used by the JMSDF; White with a red disc slightly to the hoist with 16 rays extending from the disc to the edges of the flag. |
සුදු පැහැ පසුබිමේ පිහිටි රතු පැහැති වෘතයක් (හිරු) මගින් ජපන් ධජය නිරූපනය වේ. ජපන් බසින් නිශ්ශෝකි (日章旗, "sun-mark flag") යනුවෙන් නිල වශයෙන් හදුන්වනු ලැබුවද ව්‍යවහාරයේදී එය හිනොමරු (日の丸, "circle of the sun") ලෙස හැඳින්වේ.
ජාතික ධජය සහ ජාතික ගීතයට අදාල නීතීන්ට අනුව නිර්මාණය කල නිශ්ශෝකි (Nisshōki) ධජය 1999 අගෝස්තු මස 13 වන දින ජපානයේ ජාතික ධජය ලෙස ප්‍රසිද්ධියට පත් කරන ලදි. පෙර පැවති ව්‍යවස්ථා සම්පාදන මගින් ධජයක් නියමකර නොතිබුනද, හිරු තැටි ධජය ජපානයේ ධජය ලෙස නම් කරන ලදි. Meiji යුගයේ මුල් කාලයේ එනම් 1870දී, රජයේ ශ්‍රේෂ්ඨතම සභාව වූ Daijō-kan මගින් නිකුත්කරන ලද ප්‍රකාශන දෙකෙහිම ජාතික ධජයක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රතිපාදන පැවතුණි. Meiji යුගයේ 3 ප්‍රකාශන අංක 57 (1870, පෙබරවාරි මස 27 වන දින නිකුත්කරන ලදි) යටතේ වෙළඳ නෞකා සඳහා ජාතික ධජය ලෙසින්ද, ප්‍රකාශන අංක 651 (1870, ඔක්තෝම්බර් මස 27 වන දින නිකුත් කරන ලදි) යටතේ නාවික හමුදාව සඳහා ජාතක ධජය ලෙසින්ද හිරු තැටි ධජය සම්මත කරන ලදි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු අධිවාස සමයේ මුල් කාලයේ "හිනොමරු" (Hinomaru) ධජය භාවිතය තදින්ම සීමා කර තිබුණද පසුව එම සීමාකිරීම් ලිහිල් කරන ලදි.
ජපන් ඉතිහාසයේ මුල් කාලයේ, daimyo වරුන්ගේ සහ samurai වරුන්ගේ ධජ ලෙස හිනොමරු මාතිකය භාවිතා කරන ලදි. පුරාතන ඉතිහාසයේ Shoku Nihongiහි සඳහන් වන අන්දමට 701දී Mommu අධිරාජ්‍යයා ඔහුගේ අධිකරණයේ හිරු නිරූපණය කරන ධජයක් භාවිතා කරන ලදි. මෙය ජපානයේ හිරු මාතිකා ධජයේ ප්‍රථම වාර්තාගත භාවිතයයි. දැනට පවතින පැරණිතම ධජය Yamanashi ප්‍රාන්තයේ Kōshū නගරයේ Unpō-ji පන්සලේ ආරක්‍ෂිතව තැන්පත් කර ඇත. 16 වන සියවසටත් වඩා පැරණි මෙම ධජය 11 වන සියවසේදී Go-Reizei අධිරාජ්‍යයා විසින් Unpō-ji පන්සලට ලබාදුන් බව පැරණි පුරාවෘතයක සඳහන් වේ.[4][5][6] Meiji ප්‍රතිසංස්කරණ අතරතුරදී, රාජකීය ජපන් නාවික හමුදාවේ හිරු තැටි ධජය සහ නැගෙන හිරු ධජය යන යුගලම ජපන් අධිරාජ්‍යයේ මතුවී පෙනෙන ප්‍රධාන සංකේත බවට පත්විය. අභිමානය සහ ජාත්‍යාලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස ප්‍රචාරක දැන්වීම්, පාඨග්‍රන්ථ සහ චිත්‍රපට වල ධජය භාවිතා කරන ලදි. ජාතික නිවාඩු දින, උත්සව සහ අනෙකුත් අවස්ථාවලදී තම නිවෙස්වල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස, රජය විසින් තම රටවැසියන්ට නියම කර තිබුණි. දෙවන චීන-ජපන් යුද්ධය සහ අනෙකුත් කලහකාරී අවස්ථාවලදී ජපානයට සහ එහි අධිරාජ්‍යයාට ඇති ලැදියාව පෙන්වීමේ විවිධාකාර ටෝකන් පත්වල අංගයක් ලෙස හිනොමරු මාතිකය ප්‍රචලිත විය. මෙම ටෝකන්පත් ධජය මත ලියන ලද සටන්පාඨ සිට ධජයට සමාන වූ ඇඳුම් ආයිත්තම් සහ බඳුන් දක්වා වූ පරාසය තුල විහිදී පැවතුනි.
ජාතික ධජය පිළිබඳ මහජන අවබෝධය විවිධාකාර වේ. සමහර ජපන් ජාතිකයන් සිතන අන්දමට, ධජය මගින් ජපානය නියෝජනය කරන අතර වෙනත් කිසිම ධජයකට එහි තැන ලබාගත නොහැක. [තහවුරු කර නොමැත] කෙසේවුවද, තම ජාතිය කෙරෙහි වූ අත්‍යන්ත භක්තිය නිසා ධජය ජපානය තුල නිතර ප්‍රදර්ශනය නොකෙරේ. දෙවන ලෝක යුද්ධයේ (පැසිෆික් යුද්ධය) අවසානයේ සිට රජයේ පාසල්වල ජාතික ධජය සහ ජාතික ගීතය Kimigayoහි භාවිතය විවාදශීලී කාරණයක් විය. ඒවායේ භාවිතය පිළිබඳ වූ අරගල, විරෝධය ප්‍රකාශ කිරීමේ සහ නඩු සඳහා මුල්විය. Okinawa ප්‍රාන්ත වැසියන්ට අනුව, ධජය මගින් දෙවන ලෝක යුද්ධයේ සිද්ධීන් සහ එහි හමුදාමය අත්කරගැනීම් නිරුපණය වේ. ජපානය විසින් යටත් කරගෙන තිබු සමහර ජාතීන් සඳහා ධජය යනු චණ්ඩභාවයේ සහ අධිරාජ්‍යවාදයේ සංකේතයකි.යටත්විජිත ජාතීන්ට එරෙහිව, ඔවුන් තැතිගන්විමට සහ ජපානයේ ආධිපත්‍යය ප්‍රකාශකිරීමේ ආයුධයක් ලෙස හිනොමරු භාවිතා කරනලදි. ඍණාත්මක අරුත්ගැන්වීම් නොසලකා, බටහිර සහ ජපන් මුලාශ්‍රවල සඳහන් අන්දමට ධජය යනු ජපන් ජාතිකයන්ට ප්‍රභල සහ චිරස්ථායි සංකේතයකි. sunrayed නාවික ධජය ඇතුළු ජපානයේ හමුදාමය ධජ කිහිපයක්ම හිනොමරු මූලික කරගෙන ඇත. එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ජපන් ධජ සඳහා හිනොමරු ධජය ආකෘතිය ලෙස යොදාගෙන ඇත.
ඉතිහාසය
[සංස්කරණය]1900ට පෙර
[සංස්කරණය]හිනොමරුහි නියම මූලාරම්භය අප්‍රකට නමුත්[7] 7වන සියවසේ මුල් කාලයේ සිට නැගෙන හිරු සඳහා සංකේතාත්මක අරුතක් පැවතිබව පෙන්නුම්කෙරේ. (ජපානය ආසියා මහාද්වීපයේ නැගෙනහිර දෙසින් පිහිට ඇති අතර, හිරු නැගෙන්නේද නැගෙනහිර දෙසින් බව මෙහි සඳහන් කලයුතුම වේ.)607දී, ජපන් අධිරාජ්‍යයා සහ චීන දේශයේ Yang of Sui අධිරාජ්‍යයා අතර රාජකාරී ලිපි හුවමාරුවක් ආරම්භවිය.[8] නොයෙක්විට ජපානය, හිරු නගින දේශය යනුවෙන් සඳහන් කර ඇත. [9] 12වන සියවසේ ලියන ලද The Tale of the Heikeහි සඳහන්වන පරිදි නොයෙක් samuraiවරුන් රැගෙන ගිය අවාන්වල හිරුගේ සිතුවම් තිබී ඇත. [10] ජාතික ධජය හා සබැඳි එක් පුරාවෘතයක් Nichiren බෞද්ධභික්ෂුව සම්බන්ධව පවතී. 13වන සියවසේ ජපානයේ මොන්ගෝලියානු ආක්‍රමණ අතරතුර, Nichiren භික්ෂුව shogunවරයාට යුද්ධයට රැගෙනයාමට හිරු සහිත ධජයක් ලබාදුන්බව කියවේ.[11] හිරු, අධිරාජ්‍යයාගේ පෙළපත හා ඉතා කිට්ටුවෙන් බැඳී පවතී. පුරාවෘතයේ පැවසෙන අන්දමට අධිරාජ්‍යයාගේ සිහසුන Amaterasu නම් හිරු දෙවු දුවගේ පරම්පරාවෙන් පැවතෙන්නකි. [12][13]
ජපානයේ පැරණිතම ධජයක් Yamanashi ප්‍රාන්තයේ Unpo-ji පන්සලේ පවතී. පුරාවෘතය ගෙනහැරදක්වන අන්දමට එය Go-Reizei අධිරාජ්‍යයා විසින් Minamoto no Yoshimitsuහට ලබාදෙන ලද අතර පසුගිය වසර 1000 පුරාවට Takeda ගෝත්‍රය විසින් එය තම පවුලේ වස්තුවක් ලෙස සලකනු ලබයි.[14] එමෙන්ම එය අඩුම තරමේ 16 වන සියවසටත් වඩා පැරණි වේ.
16වන සියවසේ අගභාගයේ එක්සත් කිරීමේ කාලපරිච්ඡේදයේ සිට ජපානයේ මුල්ම වාර්තාගත කොඩි හමුවේ. එක් එක් Daimyoවරුන්ට අයත් ධජයන් තිබුණු අතර මූලිකවම ඒවා යුද්ධ වලදී භාවිතා කරනලදි. බහුතරයක් ධජයන් Daimyo අධිපතිවරයාගේ පවුලේ ලාංඡනය(mon) සහිත දිගු ඒවා විය. එකම පවුලේ සාමාජිකයන්(පියා,පුතා සහ සහෝදරයා) වුවද යුද්ධයට රැගෙනයාම සඳහා විවිධ ධජයන් පැවතුණි. අනන්‍යතාවය සඳහා ධජ භාවිතාකල අතර සොල්දාදුවන්ගේ පිටිපස සහ අශ්වයන් මත ඒවා දර්ශනය විය. සේනාධිපතිවරුන්ට ඔවුන්ගේම ධජයන් පැවතුණු අතර ඒවායෙන් බහුතරයක හතරැස් හැඩය නිසා ඒවා සොල්දාදුවන්ගේ ධජයන්ගෙන් වෙනස් විය.[15]
1854 Tokugawa shogunate සමයේ, විදේශීය නැව් වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා ජපන් නෞකාවල හිනොමරු ධජය ඔසවාතබන මෙන් නියම කර තිබුණි.[10] එම කාලයට පෙරදී, ඇමරිකානුවන් සහ රුසියානුවන් සමඟ වෙළඳාම් කිරීමේදී යාත්‍රාවල විවිධාකාරයේ හිනොමරු ධජ භාවිතා කරනලදි.[7] 1870දී හිනොමරු ජපානයේ වෙළඳ ධජය ලෙස තීන්දු කරනලද අතර ජපානයේ සම්මත කරගත් ප්‍රථම ජාතික ධජය නිර්මාණය කරන තුරු 1870 සිට 1885 දක්වා එය නීත්‍යානුකූල ජාතික ධජය බවට පත්විය. [16][17]
ජාතික සංකේත පිලිබඳ අදහස ජපන් ජාතිකයන්ට නුපුරුදු වුවද, පිටත ලෝකයත් සමඟ සන්නිවේදනය කිරීම සඳහා Meiji රජයට ඒවා අවශ්‍ය විය. Yokohama වරායෙන් ජපානයට ගොඩබට ඇමරිකානු කොමදෝරු Matthew Perryගේ පැමිණීමත් සමඟ මෙය විශේෂයෙන්ම වැදගත්විය. [18] Kimigayo ජාතික ගීය සහ අධිරාජ්‍ය මුද්‍රාව වැනි Meiji රජයේ තවදුරටත් සිදුකරනලද ක්‍රියාවට නැංවීම් මඟින් ජපානයට තව තවත් අනන්‍යතාවයක් ලබාදුණි. [19] ජපානයේ රජයේ ගැසට් පත්‍රයේ පළනොකරනලද සියලුම පෙරපැවති නීතීන් 1885 වසරේ අහෝසි කරනලදි.[20] ජපානයේ නව අමාත්‍ය මණ්ඩලයේ මෙම පාලනය නිසාත් Meiji ප්‍රතිසංස්කරණ වලින් පසු වෙනත් නීතියක් පිහිටුවා නොතිබුණු නිසාත් හිනොමරු තත්වාකාර ජාතික ධජය බවට පත්විය.[21]
පෙර පැවති ගැටුම් සහ පැසිෆික් යුද්ධය
[සංස්කරණය]ජපන් අධිරාජ්‍යයක් ගොඩනැංවීමේ බලාපොරොත්තුවෙන් ජාතික ධජයේ භාවිතය වර්ධනය විය. පළමු චීන-ජපන් සහ රුසියන්-ජපන් යුද්ධ ජයග්‍රහණයෙන් පසු පවත්වන ලද උත්සව වලදී හිනොමරු ධජය ප්‍රදර්ශනය කරනලදි. රටපුරා යුධ උත්සාහයන් වලදීද ධජය යොදාගන්නාලදි.[22] විදේශීය ජාතික ධජ නිර්මාණයන්හි දෝෂ සහිත බවත්, ජපන් ධජය සෑමඅතින්ම පරිපූර්ණ බවජපන් චීන සහ ත් 1934 ප්‍රචාරය කරනලද ජපන් චිත්‍රපටයක විදහා දැක්විණි.[23] 1937දී, Hiroshima ප්‍රාන්තයේ ගැහැණු ළමුන් පිරිසක් අතුරනලද බත් මධද්‍යයේ තැබූ umeboshi මඟින් සාදාගත් "flag meals" ආහාරයට ගැනීමෙන්, දෙවන චීන-ජපන් යුධ සමයේ චීනයේ සටන්වදිමින් සිටි ජපන් සොල්දාදුවන් සමඟ වූ තම එකමුතුභාවය විදහාපෙන්වන ලදි. 1940 දක්වා, ජපානයේ යුධ සේවයේ යෙදවීමේ සහ සොල්දාදුවන් සමඟ වූ එකමුතුභාවයේ ප්‍රධාන සංකේතය ලෙස හිනොමරු bento පත්විය.[24]
ජපානයේ පෙර පැවති චීන-ජපන් යුධ ජයග්‍රහණ සැමරීමේ උත්සව වලදීද Hinomaru භාවිතාකර ඇත. පෙළපාලි වලදී සෑම ජපන් ජාතිකයෙක් අතෙහිම එය දැකගත හැකිවිය.[22]
මේ වකවානුවේ වූ පාඨග්‍රන්ථවලද අධිරාජ්‍යයට සහ රටට ඇති මහත් වූ ලැදියාව විදහාපාන විවිධාකාර සටන්පාඨ සමඟ හිනොමරු මුද්‍රණයකර තිබුණි. ජාත්‍යාලය යනු උතුම් ගුණාංගයක් ලෙස ජපන් ළමුන්ට උගන්වනලදි. ජාත්‍යාලය පෙන්වීම උදෙසා ධජය ප්‍රදර්ශනය කිරීම, අධිරාජ්‍යයාට දිනපතා වැඳුම් පිදුම් කිරීම, හොඳ ජපන් ජාතිකයෙකු වීමේ ලක්ෂණ ලෙස සලකූහ.[25]
දෙවන ලෝක යුද්ධ සමයේ යටත්විජිතව පැවති ගිණිකොණදිග ආසියානු ප්‍රදේශවල ධජය යනු ජපන් අධිරාජ්‍යවාදයේ ආයුධයක් වූ අතර මහජනයාට එය භාවිතාකිරීමට සිදුවිය.[26] එමෙන්ම පාසල් ළමුන් උදෑසන උත්සව වලදී ධජය එසවීමේදී Kimigayo ගීතය ගායනා කලයුතුවිය.[27] Philippines, Indonesia, Manchukuo වැනි සමහර ප්‍රදේශවල දේශීය ධජ භාවිතයට අවසරදී තිබුණි.[28] [29] [30] අධිරාජ්‍යයේ දෙවන පන්තියේ තත්වය නියම කිරීමට, කොරියාව වැනි සමහර යටත්විජිත සඳහා හිනොමරු සහ අනෙකුත් සංකේත භාවිතා කරන ලදි. [31]
ජපන් ජාතිකයන්ට, හිනොමරු යනු " මුළු ලෝකයෙහිම අඳුර දුරුකර ආලෝකය ලබාදෙමින් නැග එන්නා වූ සූර්යයා " වැනි [32] වූ අතර බටහිර ජාතීන්ට, එය ජපන් හමුදාවේ අතිශය බලවත් සංකේතයක් විය. [33]
ඇමරිකානු අධිවාසය
[සංස්කරණය]දෙවන ලෝක යුද්ධය මුළුල්ලෙහි සහ අධිවාස සමයේ තත්වාකාර ධජය වුයේ හිනොමරු ය.[21] එම කාල සීමාව අතරතුරදී හිනොමරු ධජය ලෙලදීමට Allied Powersහි සෙන්පතිතුමාගෙන් අවසර ගතයුතුවිය.[34][35] විවිධ හේතූන්ගේ ප්‍රමාණය අනුව හිනොමරු ධජය භාවිතය සීමා කරනලදි. සමහරු මෙය තහනම් කිරීමක් ලෙස සලකයි.[36][37] කෙසේනමුත්, මූලික සීමාකිරීම් උග්‍රවනතුරු සම්පුර්ණ තහනම් කිරීමක් එකතුනොකරන ලදි.[21]
දෙවන ලෝක යුද්ධයෙන් පසු,ඇමරුකානු නාවික කටයුතු පාලන අධිකාරිය යටතේ පැවති ජපන් මහජන නෞකා වෙළඳ නෞකා සඳහා යොදාගැනීමේදී ධජයක් භාවිතා කළහ.[38] "E" සංඥා කේතයෙන් වෙනස්කරනලද ධජය, 1945 සැප්තැම්බර් මස සිට ඇමරිකානු අධිවාසයෙන් ජපානය නිදහස්වන තුරු භාවිතා කළහ. [39] ජපානය තුල ක්‍රියාකරවන ලද ඇමරිකානු නැව් ඔවුන්ගේ ධජය ලෙස, වෙනස් කරන ලද "O" සංඥා ධජයක් භාවිතා කරනලදි.[40]
1947 මැයි මස 02වන දින ජපානයේ නව ආණ්ඩුක්‍රමය අනුමත කිරීමත් සමඟ සේනාධිපති Douglas MacArthur විසින් ජාතික ඩයට් සභා ගොඩනැගිල්ල, අධිරාජ්‍යයාගේ මන්දිරය, අගමැති නිලනිවස සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල යන ස්ථානවල හිනොමරු ධජය ප්‍රදර්ශනය කිරීම තහනම් කරනලදි.[41][42] 1948දී එම සීමාකිරීම් තවදුරටත් ලිහිල් කරනලද අතර ජාතික නිවාඩුදින වලදී ධජය ඔසවා තැබීමට මහජනයාට ඉඩදී තිබුණි. 1949 ජනවාරි මාසයේදී සීමාකිරීම් ඉවත්කරනලද අතර ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක අවසර ගැනීමකින් තොරව ධජය ඔසවා තැබීමට හැකිවිය. එහි ප්‍රතිපලයක් ලෙස, 1950 මුල් අවධියේ පාසල් සහ නිවෙස්වල හිනොමරු ධජය ඔසවා තැබීමට ජනතාව පොළඹවනලදි. [34]
යුද්ධයෙන් පසු 1999
[සංස්කරණය]දෙවන ලෝක යුද්ධයේ පටන්, ජපන් ධජය රටේ යුධමය අතීතය හා සබැඳි නිසා විවේචනයට ලක්විය. ජපානයේ වර්තමාන ජාතික ගීය වන Kimigayo සඳහාද එවැනිම විරෝධතාවයක් පැනනැගී ඇත.[14] Hinomaru සහ Kimigayo පිළිබඳව වන හැඟීම් "Dai Nippon" –ජපන් රාජ්‍යය – පිළිබඳව වූ දේශප්‍රේමී හැඟීමේ සිට සාමකාමී සහ යුද්ධයට එරෙහි වන්නා "Nihon" දක්වා පොදු විචලනයක් පෙන්නුම්කරයි. මෙම සංකල්පවාදී විචලනය නිසා 1949 Allied Powersහි සෙන්පතිතුමා විසින් සීමාකිරීම් ඉවත්කලද යුද්ධයෙන් පසු ජපානය තුල ධජය භාවිතා කරන ලද්දේ කලාතුරකින.[35][43]
ජපානය තමාවිසින්ම නැවත ගොඩනැගීම ආරම්භකල අතර විදේශයන්හි දේශපාලන අවියක්ලෙස Hinomaru භාවිතා කළහ. Hirohito අධිරාජ්‍යයා සහ Kōjun අධිරාජිණියගේ නෙදර්ලන්ත සංචාරයේදී, දෙවන ලෝක යුද්ධ සමයේ මරණයට පත්කළ ලන්දේසි යුධ සිරකරුවන්ගේ මරණ පිලිබඳ නඩු විභාග කරනමෙන් හෝ ඔහුව නැවත ජපානයට පිටත්කර හරිනමෙන් ඉල්ලා නෙදර්ලන්ත පුරවැසියන් Hinomaru පුළුස්සා විනාශ කළහ.[44] ඇමරිකාව සහ ජපානය අතර සාකච්චාවට බඳුන් වූ නව Status of Forces Agreement නම් සම්මුතියට විරුද්ධව හෝ Hinomaru භාවිතා නොකරන ලදි. වෙළඳ සමිතීන් සහ අනෙකුත් විරෝධකරුවන් කැරලි වලදී බහුලව භාවිතා කරන ලද්දේ රතු ධජයයි. [45]
1964 ග්‍රීෂ්ම ඔලිම්පික් ක්‍රීඩා සඳහා සත්කාරක රට ලෙස ජපානය (ජපානයේ Tokyo නගරය ) තෝරාගැනීමත් සමඟ නැවත වරක් Hinomaru සහ ජාතික ගීය හා සම්බන්ධ කරුණක් ඉස්මතු විය. අනෙකුත් ජාතික ධජ හා ලෙලදෙන විට හිරුතැටි ධජයේ සිත් ඇදගන්නාසුළු බවක් නොමැති ලෙස සලකා, ඔලිම්පික් ක්‍රීඩා වලට ප්‍රථමයෙන්, ජාතික ධජයේ හිරුතැටියේ ප්‍රමාණය අඩවශයෙන් වෙනස් කළහ.[35] වර්ණ විශේෂඥයකු වන Tadamasa Fukiura විසින් හිරු තැටිය ධජයේ මුළු දිගින් තුනෙන් දෙකක(2/3) ප්‍රමාණයක පිහිටුවන ලදි. එමෙන්ම 1964 සහ 1998 Naganoහි පැවති ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා සඳහා වර්ණ තේරීම Fukiura විසින් සිදුකරන ලදි. [46]
1989 Hirohito අධිරාජ්‍යයාගේ මරණයත් සමඟ නැවත වතාවක් ජාතික ධජය පිළිබඳ සදාචාරාත්මක මතභේද පැන නැගුණි. උත්සව අතරතුරදී පැරණි පීඩාවන් නැවත ආරම්භනොකරමින් ඒවායේදී ධජය භාවිතා කල හැකිනම්, ධජයේ අර්ථය පිළිබඳ අභියෝග නොකරමින් Hinomaru ජාතික ධජය ලෙස යෝජනා කිරීමට ඔවුන්ට අවස්ථාවක් තිබෙන බව මධ්‍යස්ථ මතධාරීන්ට දැනුණි. [47] දින හයක නිල ශෝකී කාලයක් අතරතුරදී ධජයන් අඩකුනු කර තිබුණු අතර කලු කොඩි මගින් ජපානය පුරා වීදි සරසා තිබුණි.[48] අධිරාජ්‍යාගේ අවමඟුල් දිනයේදී විරුද්ධවාදීන් විසින් Hinomaru විනාශ කර දැමීමේ වාර්තා නොසලකා,[49] විශේෂ නියමයක් නොමැතිව වුවද පාසල්වල Hinomaru අඩකුඹුකරා ඔසවා තැබීමේ හිමිකම, මධ්‍යස්ථ මතධාරීන් සාර්ථකත්වය කර රැගෙන ගියහ. [47]
1999 සිට
[සංස්කරණය]Hinomaru සහ Kimigayo ජපානයේ ජාතික සංකේත ලෙස තෝරාගනිමින් 1999දී ජාතික ධජය සහ ජාතික ගීතය පිළිබඳ පනතක් ස්ථිර කරගන්නාලදි. Hinomaru සහ Kimigayoහි භාවිතය පිළිබඳව Hiroshimaහි Sera නගරයේ Sera උසස් පාසලේ, ගුරුවරුන් සහ පාසල් මණ්ඩලය අතර ඇතිවූ අරගලය බේරුම් කිරීමට නොහැකිව, Ishikawa Toshihiro නම් එහි විදුහල්පති තුමාගේ සියදිවි හානිකරගැනීමේ සිට මෙම නීතිය ස්ථිර කිරීමේ මූලාරම්භය සිදුවිය. [50][51] "අන්තර්ජාතික සාම සහයෝගීතා නීතිය" යනුවෙන්ද හඳුන්වනු ලබන "එකසත් ජාතීන්ගේ සාමය ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම් සහ අනෙකුත් මෙහෙයුම් සඳහා සහයෝගීතාව අරභයා" 1992 සිට ඩයට් සභාව මගින් පණවන ලද නීති අතරින් මෙම පනත ඉතාමත් මතභේදාත්මක එකකි. [52]
වසර 2000දී, නිදහස් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයේ අගමැති Keizō Obuchi විසින් Hinomaru සහ Kimigayo ජපානයේ නිල සංකේත බවට පත්කිරීම සඳහා ව්‍යවස්ථාපිත කෙටුම්පතක් සකස්කිරීමට තීන්දු කරනලදි. ඔහුගේ ප්‍රධාන කැබිනට් ලේකඛාධිකාරී Hiromu Nonaka මහතාට අවශ්‍ය වූයේ Akihito අධිරාජ්‍යයාගේ රාජාභිෂේකයේ 10වන සංවත්සරය වන විට ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමටයි.[53] මෙම සංකේත යුගලය රාජ්‍ය සංකේත ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ව්‍යවස්ථාව සලකා බැලූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1972දී Okinawa දූපත ජපානයට ආපසු ලැබීම සහ 1973 තෙල් අර්බුදයෙහි පසුතිරය කරණකොටගෙන, 1974දී අගමැති Tanaka Kakuei මහතා ඉහත සංකේත යුගලය නීත්‍යානුකූල කිරීම පිළිබඳ අඟවන ලදි. [54] Kimigayo ගීතය වාදනය කිරීමට පාසල්වල උගන්වන ලෙස උපදෙස්දුන් Kakuei මහතාට ඊට අමතරව සෑම උදෑසන උත්සවයකදීම සිසුන් විසින් Hinomaru ධජය එසවීමට සහ 1890 Meiji අධිරාජ්‍යයා විසින් ප්‍රකාශකරන ලද අධ්‍යාපනය පිළිබඳ රාජකීය ආඥාවේ ඇතැම් අංග මුල්කරගනිමින් සදාචාරාත්මක විශය මාලාවක් සම්මත කිරීමට අවශ්‍ය විය. [55] නමුත් එම වසරේ ප්‍රඥප්තිය ඩයට් සභාවට යැවීමට Kakuei අසාර්ථක විය. [56]
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ Komeito, කෙටුම්පත සඳහා සිටි ප්‍රධාන අනුග්‍රාහකයන් වූ අතර සංග්‍රාම අවධියේ ඉහත සංකේත යුගලයට තිබූ අරුත්ගැන්වීම් සඳහන් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ කොංග්‍රස්ට් පක්‍ෂය එයට විරුද්ධ වූහ. මහජනයා විසින් එම කරුණ තීරණය කරීමට ඉඩ ලබා නොදීමට කොංග්‍රස් පක්‍ෂය විසින් තවදුරටත් සටන් කරනලදි. ඒ අතර, ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට ඒ සඳහා පක්‍ෂයේ පොදු එකඟත්වය ගොඩනගා ගැනීමට නොපුළුවන්විය.පක්‍ෂය විසින් එම සංකේත යුගලය ජපානයේ සංකේත ලෙස ඒ වනවිටත් පිළිගෙන තිබූ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපති සහ අනාගත අගමැති Naoto Kan විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය කෙටුම්පත සඳහා සහය දියයුතු බව ප්‍රකාශ කළහ. [57] නියෝජ්‍ය ලේකඛාධිකාරී ජෙනරාල් සහ අනාගත අගමැති Yukio Hatoyama, මෙම කෙටුම්පත සමාජයේ සහ රජයේ පාසැල්වල තවදුරටත් බෙදීමක් ඇතිවීමට හේතුවේ යැයි සිතූහ. Hatoyama විසින් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කල අතර Kan එයට විරුද්ධ විය. [53]
ඡන්දයට පෙර, ඩයට් සභාවේදී වෙන්කරගැනීමට කෙටුම්පත් කැඳවන ලදි. Hinomaru ධජයට වඩා Kimigayo යනු ඉතා සංකීර්ණ කරුණක් බව Waseda විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Norihiro Kato ප්‍රකාශ කළහ. [58] කෙටුම්පත සඳහා වූ ඡන්ද විමසුම අතරතුරදී Hinomaru ජාතික ධජය නියමකිරීම පමණක් සිදුකිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ අනෙකුත් පක්‍ෂ විසින් ගත් උත්සාහය ඩයට් සභාව මඟින් ප්‍රතික්‍ෂේප කරනලදි. [59] 1999 ජුලි මස 22වැනි දින ඡන්ද 403 සිට 86කින් නියෝජිත මණ්ඩලය මඟින් කෙටුම්පත සම්මත කරනලදි. [60] ඉන්පසු ජුලි 28වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට නීතිමය කෙටුම්පත ලබාදුන් අතර අගෝස්තු මස 09වන දින එය සම්මත කළහ. අගෝස්තු 13වන දින එය නීතියක් ලෙස ප්‍රඥප්ත කරන ලදි. [61]
2009 අගෝස්තු 8වන දින, නියෝජිත මණ්ඩලයේ ඡන්දය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය විසින් සංවිධානය කරනලද රැළියකදී වියනක එල්ලා තිබුණු බැනරයක පින්තූරයක් ගන්නා ලදි. Hinomaru ධජ දෙකක් ගෙන කපා එකිනෙක මසා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ලාංඡනයේ හැඩය ඉස්මතුකරමින් බැනරය සාදා තිබුණි. මෙමඟින් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ අගමැති Taro Aso කෝපාවිෂ්ට වූ අතර මෙය සමාව දිය නොහැකි ක්‍රියාවක් ලෙස පැවසූහ. එයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපතිතුමා වන Yukio Hatoyama [53] පැවසූවේ එම බැනරය Hinomaru නොවූ බැවින් එලෙස පැවසිය නොහැකි බවය. [62]
නිර්මාණය
[සංස්කරණය]1870දී පනවන ලද, අගමැතිගේ ප්‍රකාශන අංක 57හි ජාතික ධජය හා සබැඳි නියෝග 2ක් තිබුණි. ධජය එසවියයුත්තේ කවුරුන් විසින්ද සහ එය කලයුත්තේ කෙසේද යන්න පළමු නියෝගයේ විශේෂණය කර තිබූ අතර ධජය නිර්මාණය කලයුතු ආකාරය දෙවන නියමයේ සඳහන්විය. [7] ධජය දිග ඒකක 7ක් සහ පළල ඒකක 10ක් (7:10) යන අනුපාතයෙන් යුක්තවේ. හිරු නිරුපණය කරන රතු පැහැති වෘත්තය ධජයේ ඔසොවනුවේ මුළු උස ප්‍රමාණයෙන් 3/5ක පිහිටියයුතු බව ගණනය කර ඇත. රතු පැහැති වෘත්තය ධජයේ මධ්‍යගතව පිහිටිය යුතු ලෙස ව්‍යවස්ථාවේ නියමකර තිබුණද සාමාන්‍යයෙන් එය ඔසොවනුව දෙසට සියයෙන් එකක් (1/100) වන පරිදි ස්ථානගත කර ඇත. [63][64] එම වසරේම ඔක්තෝම්බර් මස 3වන දින වෙළඳ ධජය සහ අනෙකුත් නාවික ධජ නිර්මාණය සඳහාද නියමයන් පනවනලදි. [65] වෙළඳ ධජයන් දිග ඒකක 2ක සහ පළල ඒකක 3ක (2:3) අනුපාතයකින් සමන්විත විය යුතුය. වෘත්තයේ ප්‍රමාණය ඉහත පරිදිම වේ. කෙසේනමුත් හිරුතැටිය විස්සෙන් එකක(1/20) ප්‍රමාණයට ඔසොවනය දෙසට ස්ථානගතකර ඇත. [66]
ජාතික ධජය සහ ජාතික ගීය පිළිබඳ පනත සම්මත කිරීමේදී ධජයේ මානවල මඳ වෙනසක් සිදුකරනලදි. [1] ධජයේ සමස්ත අනුපාතය දිග එකක 2ක් සහ පළල එකක 3ක් (2:3) ලෙස වෙනස් විය. රතුපැහැති වෘත්තයේ සමස්ත ප්‍රමාණයේ වෙනසක් සිදු නොවුනද එය ධජයේ හරිමැද දෙසට විතැන්විය. [2] ධජයේ පසුබිම සුදුපැහැති වූ අතර හිරුතැටිය රතුපැහැති (紅色, beni iro) විය. නමුත් 1999 ව්‍යවස්ථාවේ නිවැරදිම වර්ණයන් පිළිබඳව සඳහන් නොවුණි. [1] "ගැඹුරු" රතු වර්ණයක් භාවිතා කලයුතු බව පමණක් සඳහන්විය. [67]
1993 (Showa 48)දී, ජපන් ආරක්‍ෂක කාර්යාංශය (වර්තමානයේ ආරක්‍ෂක අමාත්‍යාංශය) විසින් නිකුත්කරන ලද Munsell වර්ණ සටහනේ ධජයේ රතු වර්ණය 5R 4/12 සහ සුදු වර්ණය N9 ලෙස විශේෂණය කර ඇත. [68] ධජයේ නිර්මාණය වර්තමාන ව්‍යවස්ථාව හා ගැලපීම සඳහා 2008 (Heisei 20) මාර්තු මස 21වන දින Munsell වර්ණ යාවත්කාලීන කරමින් ලියවිල්ල වෙනස් කරන ලදි. හමුදාමය භාවිතයන් සඳහා යොදාගන්නා ධජ නිර්මාණයේදී නූල් සඳහා acrylic සහ nylon භාවිතා කළහැකි ලෙස ලියවිල්ලේ සඳහන් වේ. acrylic සඳහා රතු වර්ණය 5.7R 3.7/15.5 ලෙසද සුදු වර්ණය N9.4 ලෙසද වන අතර nylon සඳහා රතු වර්ණය 6.2R 4/15.2 සහ සුදු වර්ණය N9.2ද වේ. [68] Official Development Assistance (ODA) මඟින් නිකුත් කරන ලද ලියවිල්ලක Hinomaru සඳහා රතු වර්ණය DIC 156 සහ ODA ලාංඡනය සඳහා රතු වර්ණය CMYK 0-100-90-0 ලෙසද සඳහන් වේ. [69] ජාතික ධජය සහ ජාතික ගීය සම්බන්ධ නීතිය පිළිබඳ විචාරය කරන අතරතුර, දීප්තිමත් රතු වර්ණය (赤色, aka iro) හෝ ජපන් කර්මාන්ත ප්‍රමිතිකරණයේ වර්ණ භාවිතා කරන මෙන් යෝජනාවක් පැනනැගුණි. [70]
නිල වර්ණය (සුදු) | නිල වර්ණය (රතු) | වර්ණ රීතිය | ප්‍රභවය | වසර | URL |
---|---|---|---|---|---|
N9 [71] | 5R 4/12 [71] | Munsell | DSP Z 8701C | 1973 | [68] |
N/A | 156 [72] | DIC | ODA Symbol Mark Guidelines | 1995 | [69] |
N/A | 0-100-90-0 | CMYK | ODA Symbol Mark Guidelines | 1995 | [69] |
N/A | 186 Coated [73] | Pantone | Album des pavillons nationaux et des marques distinctives | 2000 | [74] |
N/A | 0-90-80-5[73] | CMYK | Album des pavillons nationaux et des marques distinctives | 2000 | [74] |
N9.4 (Acrylic) [71] | 5.7R 3.7/15.5 (Acrylic) [71] | Munsell | DSP Z 8701E | 2008 | [68] |
N9.2 (Nylon) [71] | 6.2R 4/15.2 (Nylon) [71] | Munsell | DSP Z 8701E | 2008 | [68] |
N/A | 032 Coated[73] | Pantone | 2008 Summer Olympics Protocol Guide – Flag Manual | 2008 | [75] |
භාවිතය සහ සිරිත්
[සංස්කරණය]Hinomaru ප්‍රථමයෙන් හඳුන්වා දුන් කාලයේ ධජයත් සමඟ අධිරාජ්‍යයාට ආචාර කරන මෙන් රජය මහජනයාට නියම කර සිටියහ. ධජය පිළිබඳ ජපන් ජාතිකයන් අතර ප්‍රතිවිරෝධයන් පැවතුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විරෝධතා පැනනැගුණි. ධජය පිළිබඳ මහජනයාගේ පිළිගැනීම ලබාගැනීමට කලක් ගතවිය. [19]
දෙවන ලෝක යුද්ධය අතරතුරදී, සොල්දාදුවෙක් ලෙස යොදවනු ලබන්නෙකුට ඔහුගේ යහළුවන් සහ නෑදෑයින් විසින් අත්සන් කරනලද Hinomaru ධජයක් තෑගි කිරීම ජපන් සංස්කෘතියේ ප්‍රසිද්ධ චාරිත්‍රයක් විය. සොල්දාදුවාට යුද්ධයෙන් පසු නැවත ආරක්‍ෂිතව පැමිණීමට සුභ පැතීමට සහ භාග්‍ය ඇතිකිරීමේ මන්ත්‍රයක් ලෙස ධජය භාවිතා කරන ලදි. Hinomaru Yosegaki (日の丸寄せ書き) යනු මෙවැනි මන්ත්‍රයකි. [76] ධජය මත සටහන් කරන කිසිවක් හිරු තැටිය ස්පර්ශ නොවන අන්දමින් ලිවීම එක් සම්ප්‍රදායකි. [77] යුද්ධ වලින් පසු අභාවප්‍රාප්ත වූ සොල්දාදුවන් මත තිබී මෙවැනි ධජයන් නිතර හෝ පසුව සොයා ගැනුනි. මෙම ධජයන් සිහිවටන බවට පත් වූ බැවින්, [77] අත්සන් කරන ලද ධජයන් සොල්දාදුවාගේ දරු මුණුබුරන් සඳහා නැවත යැවීමේ වර්ධනයවන නැඹුරුතාවයක් පවතී. [78]
භාග්‍ය උදාකිරීමේ මන්ත්‍රයක් ලෙස Hinomaruහි අත්සන් කිරීමේ සම්ප්‍රධාය තවමත් පවත්වාගෙන යන නමුත් සීමිත අන්දමින්ය. ක්‍රීඩා වලදී ජපන් ජාතික කණ්ඩායමට ධෛර්යය ලබාදීමට Hinomaru Yosegaki ප්‍රදර්ශනය කරනු ලබයි. [79] සුදු පැහැති පසුබිමේ මධ්‍යගතව පිහිටි රතු පැහැති හිරු දැක්වෙන hachimaki නළල් පටිය මෙයට තවත් නිදසුනකි. දෙවන ලෝක යුද්ධ සමයේ kamikaze ගුවන් නියමුවන් විසින් "නියත ජයග්‍රහණය" (必勝, Hisshō) හෝ "හත් පන" ලෙස ලියනලද hachimaki පැළඳ සිටියහ. නියමුවා සිය රට වෙනුවෙන් තම දිවිපිදීමට වුවද කැමැත්තෙන් සිටි බව මෙයින් හැඟවේ. [80]
දෙවන ලෝක යුද්ධයට පෙර, ජාතික නිවාඩු දින වලදී සෑම නිවසකම Hinomaru ප්‍රදර්ශනය කිරීම අවැසි විය. [21] යුද්ධ කාලයේ සිට, නගර ශාලා වැනි දේශීය රජයට සහ ජාතියට සම්බන්ධ ගොඩනැගිලිවල ජපන් ධජය ප්‍රදර්ශනය කිරීම අතිශය සීමා සහිත විය. පෞද්ගලික නිවෙස්වල හෝ වෙළඳ ගොඩනැගිලිවල එය ඉතා කලාතුරකින් දැකගතහැකි විය. [21] නමුත් සමහර ජනයා සහ ආයතන නිවාඩු දිනවල ධජය ඔසවා තැබීමට පක්ෂපාතී විය. ජාතික නිවාඩු දිනවල Hinomaru ධජය ඔසවා තබන ලෙස ජපන් රජය විසින් මහජනයා දිරිගැන්වුවද, එසේ කරන මෙන් නිත්‍යානුකූලව නියමකර නොමැත. [81][82] 2002 දෙසැම්බර් 23 අධිරාජ්‍යයාගේ 80 වැනි ජන්ම දිනයේ සිට, Kyushu දුම්රිය ආයතනය දුම්රිය ස්ථාන 330ක Hinomaru ප්‍රදර්ශනය කරනුලැබේ. [83]
1995 සිට, ODA විසින් Hinomaru මාතිකය ඔවුන්ගේ නිල ලාංඡනය ලෙස යොදාගනී.එම නිර්මිතය රජයේ නිර්මාණයක් නොවූවද (මහජනයා විසින් ඉදිරිපත් කරනලද නිර්මාණ 5000ක් අතරින් ලාංඡනය තොරාගන්නා ලදි.) ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් හරහා Hinomaruහි දෘෂ්ටි කල්පනය වැඩි කිරීම සඳහා රජය උත්සාහ ගත්හ. ODAට අනුව ධජයේ භාවිතය යනු ජපන් මහජනයා විසින් ලබාදෙනලද උපකාරයන් නිරූපණය කිරීම සඳහා ඇති ඉතා ක්‍රියාකාරීම ආකාරයයි. [84]
වර්තමාන හැඟීම
[සංස්කරණය]පොදු සන්නිවේදන මාධ්‍ය මඟින් පවත්වනලද ඡන්ද විමසුමකට අනුව, 1999 ජාතික ධජය සහ ජාතික ගීය සම්බන්ධ නීති ප්‍රකාශයට පත්කිරීමටත් පෙර සිට බහුතරයක් ජපන් ජාතිකයින් මෙම ධජය ජපානයේ ජාතික ධජය ලෙස ප්‍රකාශ කර තිබුණි. [85] එසේ තිබියදීත්, පාසල් උත්සව හෝ මාධ්‍යයේ ධජය භාවිතය පිළිබඳ මතභේද ඇතිකරන්නන් තවමත් සිටී.නිදසුනක් ලෙස, Asahi Shimbun සහ Mainichi Shimbun වැනි නිදහස් පුවත්පත් ජපන් ධජය පිළිබඳ අර්බුධකාරී වාර්තා නිතර පළකරයි. [86] අනිකුත් ජපන් ජාතිකයන්ට, ධජය මඟින් ජපානය අධිරාජ්‍යයක්ව පැවති සමයේ ප්‍රජාතන්ත්‍රවාදය මැඩලූ අවධිය නිරූපණය කරයි. [87]
නිවෙස්වල සහ ව්‍යාපාරවල Hinomaru ප්‍රදර්ශනය කිරීමද ජපන් සමාජය තුල විවාදයට ලක්විය. uyoku dantai ක්‍රියාකාරකම්, ප්‍රතිගාමී දේශපාලනය හෝ නොහික්මුණු බව හා ධජයේ සබැඳියාවක් පැවති බැවින් ඇතැම් නිවෙස් සහ ව්‍යාපාරවල ධජය ඔසවා නොතැබූහ. [21] කිසිඳු ජාතික නිවාඩු දිනයක හෝ විශේෂ අවස්ථාවක ධජය ඔසවා තැබීමේ නියෝගයක් නොමැත. ජාතික නිවාඩු දින වලදී ධජය ඔසවා තැබීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් ධජයන් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කිරීම සඳහා Kanazawa, Ishikawa නගර මඟින් 2012 සැප්තැම්බර් මස සැලැස්මක් යෝජනා කරනලදි. [88] ජපන් කොමියුනිස්ට් පක්‍ෂය වාචිකව ධජයට විරුද්ධ විය.
පෙර පැවති ජපානයේ යටත්විජිත වල මෙන්ම Okinawa වැනි ජපානයේම ප්‍රදේශවලද Hinomaru පිළිබඳව සෘණාත්මක හැඟීමක් පවතී. 1987 ඔක්තෝම්බර් මස 26වැනි දින ජපානයේ ජාතික ක්‍රීඩා උළෙල ආරම්භකිරීමට මත්තෙන් Okinawaහි සුපිරි වෙළඳසල් හිමිකරුවෙක් Hinomaru ධජය පුළුස්සා විනාශ කිරීම, මෙයට නිදසුනකි. [89] Shōichi Chibana විසින් Hinomaru ධජය පුළුස්සා විනාශකරන ලද්දේ ජපන් හමුදාව විසින් සිදුකල කෘරකම් වලට සහ නිරන්තරයෙන් සිදු කෙරුණු බලපෑම්වලට විරුද්ධත්වය පෙන්වීමට පමණක්ම නොවූ අතර ඔහුට ඇවැසිවූයේ ප්‍රසිද්ධියේ ධජය ප්‍රදර්ශනය කිරීමෙන් වැළැක්වීමටයි. [90] පාසල් උත්සව අතරතුරදී ධජය ඉරාදැමීම සහ Kimigayo ගීතය ගායනා කරනවිට ධජය එසවීමේදී එයට ගරු කිරීම සිසුන් විසින් ප්‍රතික්‍ෂේප කිරීම, Okinawaහි වාර්තා වූ තවත් සිදුවීම්ය. [22] 2001 වසරේදී නගරයේ 80වැනි සංවත්සරය සැමරීම සඳහා, Okinawa ජපානයට නැවත ලැබීමෙන් පසු Okinawaහි අගනුවර වන Naha නගරයෙහි ප්‍රථම වතාවට Hinomaru ඔසවන ලදි. [91] 1999 Hinomaruහි විධිමත් සම්මත කිරීම ජපානය අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා සහ නැවත යුධමය වාතාවරණයක් උදෙසා දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස ජපන් අධිරාජ්‍යයේ අධිවාස ලෙස පැවති මහජන චීන සමුහාණ්ඩුව සහ දකුණු කොරියාව දක්නා ලදි.
Yasukuni විහාරයේ අයිතිය , ඇමරිකානු ජපාන හමුදා සහයෝගය සහ මිසයිල වලින් ආරක්‍ෂා වීමේ වැඩසටහනක් නිර්මාණය කිරීම පිළිබඳව වූ වාද විවාද, 1999 නීති පාඨය හා එකවිට සිදුවිය. ජපානයේ අධිවාසව සිටි අනෙකුත් ජාතීන්ට 1999 නීතිය සම්මිශ්‍රිත ප්‍රතිචාර හෝ රැවටීමක් ලෙස හමුවිය. සිංගප්පූරුවේ, වැඩිහිටි පරපුරේ තවමත් ධජය පිළිබඳ අකමැත්තක් පැවතුනද තරුණ පරපුර එවැනි අදහස් වලින් තොර විය. පිලිපීන් රජය, ජපානය නැවත හමුදාමය පාලනයකට නොයන බවත්, 1999 නීතියෙහි අරමුණ ජාතික ධජය සහ ජාතික ගීය යන සංකේත යුගලය නිත්‍යානුකූලව පිහිටුවීම බවත් ඕනෑම රාජ්‍යයකට ජාතික සංකේත නිර්මාණය කිරීමේ අයිතියක් ඇතිබවත් විශ්වාස කළහ. [92] Hinomaru පුළුස්සා දැමීම අපරාධයක් ලෙස සලකනු ලබන කිසිඳු නීතියක් ජපානයේ නොමැති නමුත් විදේශීය ධජයන් ජපානය තුල පිළිස්සිය නොහැක. [93][94]
මූලලේඛය
[සංස්කරණය]මූලලේඛයට අනුව, රාජකාරී ස්ථානවල සහ පාසල්වල උදෑසන ආරම්භයේ සිට හවස නිමාව තෙක් ධජය ඔසවා තැබීමට අවසරදී ඇත. [95] ජපානයේදී, ජපානයේ ධජය හා වෙනත් රටක ධජයක් එකවර ලෙළදෙන විට ආගන්තුක රටෙහි ධජය ජපන් ධජයට දකුණුපසින් පිහිටිය යුතුය. ධජයන් යුගලයම එකම උසකින් හා සමාන ප්‍රමාණවලින් යුක්ත වියයුතුය. විදේශ ධජයන් එකකට වඩා ලෙළදෙන විට එකසත් ජාතින්ගේ සංවිධානය මඟින් නියා කල පරිදි ජපන් කොඩිය ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිහිටන පිළිවෙලට ස්ථානගත කල යුතුය. [96] ධජය භාවිතයට ගත නොහැකි වූ විට එය චාරිත්‍රානුකූලව රහසිගතව පුළුස්සනු ලබයි. [95] ජාතික ධජය හා ජාතික ගීය සම්බන්ධ නීතියෙහි ධජය භාවිතා කලයුතු ආකාරය කෙසේද යන වග නියමවශයෙන් සඳහන් නොවුනද විවිධ ප්‍රාන්ත ඔවුන්ගේම නියමයන්ට අනුව Hinomaru සහ ප්‍රාන්ත ධජ භාවිතා කරති. [97][98]
ශෝකය ප්‍රකාශ කිරීම සඳහා Hinomaru ධජයට අවම වශයෙන් ක්‍රම දෙකක් ඇත. බොහෝ රටවල පොදුවේ භාවිතා කරන ධජය අඩකුඹු කිරීම (半旗, Han-ki) ඉන් එක ක්‍රමයකි. විදේශ රටක රාජකීය අවමංගල්‍යයක් සිදුවූ විට විදේශ කටයුතු අමාත්‍යාංශය ධජය අඩකුඹු කර තබයි. [99] කොඩි කණුවේ ඉහලින් ඇති කොත කළු රෙදිකඩකින් ආවරණය කර ධජය ඉහලින් කළු රිබන් පටියක් රැඳවීම ශෝකය පෙන්වන තවත් එක් විකල්ප ආකාරයකි. මෙය ශෝකී ධජය (弔旗, Chō-ki) ලෙසද හැඳින්වේ. අධිරාජ්‍යයාගේ මරණයේදී ජාතික ධජය ශෝකය දනවන අයුරින් ඔසවා තැබිය යුතු ලෙස කැබිනට් මණ්ඩලය නිකුත්කල නියෝගය සහ Meiji අධිරාජ්‍යයාගේ මරණය සිදුවූ කල්හි එනම් 1912 ජූලි මස 30 වන දින දක්වා වූ අතීතයකට මෙහි ආරම්භය විහිදී යයි. [100] ජාතික ධජය අඩකුඹු කිරීම පිළිබඳව නිවේදනය කිරීමට කැබිනට් මණ්ඩලයට බලතල ඇත. [101]
රජයේ පාසල්
[සංස්කරණය]දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට, Hinomaru සහ Kimigayoහි දියුණුව උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ අණසක යටතේ පවත්වාගෙන යන පාසල් සඳහා ප්‍රකාශයන් සහ රෙගුලාසි නිකුත් කළහ. 1950දී මුල්වරට මෙම ප්‍රකාශ නිකුත්කල විට එය ප්‍රිය උපදවන බව ප්‍රකාශ කල නමුත් සංකේත යුගලම භාවිතා කලයුතු ලෙස නියෝග කර නොතිබිණි. ජාතික නිවාඩු දින යනු මොනවාද යනවග සහ ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යාපනය සඳහා සිසුන් දිරිමත් කිරීමට ජාතික නිවාඩු දින සහ උත්සව අවස්ථාවල ඉහත සංකේත යුගලයම ඇතුලත් කිරීම දක්වා මෙම අපේක්‍ෂාව පුළුල් කරන ලදි. [35] නිදහස් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂය මඟින් පාලනය කල රජයේ, 1989 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාර්ගසූචකයන්හි පාසල්වල උත්සව වලදී ධජය භාවිතා කල යුතු බවත් එයට සහ Kimigayo සඳහා නිසි ගෞරව දැක්විය යුතු බවත් දැක්වේ. [102] මෙම නියෝග අනුගමනය නොකරන පාසල් නිලධාරීන් සඳහා ලබාදිය යුතු දඬුවම් පිළිබඳවද 1989 ප්‍රතිසංස්කරණයන්හි ඇතුලත්වේ. [35]
ආරම්භක සහ උපාධිදාරී උත්සව වලදී, පාසල්වල ජපන් ධජය එසවිය යුතු අතර ධජයට සහ ගීයට නිසි ගෞරව දක්වමින් Kimigayo (ජාතික ගීය) ගායනා කලයුතු ලෙස 1999 ජාතික ධජය සහ ජාතික ගීය සම්බන්ධ නීතිය සම්මත වීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ විෂය නිර්දේශයේ සිසුන්ට උපදෙස් දී ඇත. [103] මීට අමතරව, " විදෙශීයකරණය වූ සමාජයක හැදී වැඩෙන දරුවන් එම සමාජය පිළිබඳව මෙන්ම සම්මානනීය ජපන් පුරවැසියන් ලෙසින් ජපන් ධජයට සහ ජාතික ගීය පිළිබඳව ගෞරවණීය ආකල්ප ඇතිව ජාත්‍යාලය සහ නියම ජපන් ජාතිකයෙකු වීම පිළිබඳවද හුරු කලයුතුය." යනුවෙන් 1999 ප්‍රාථමික පාසල් සඳහා වූ විෂය නිර්දේශයට අමාත්‍යාංශයේ ඉදිරිපත් කල විස්තර ප්‍රකාශයේ සඳහන් වේ. [104] ජපන් ජාතික සිසුන් තම රටේ සංකේත සඳහා ගරු නොකරයි නම් අනෙකුත් ජාතීන්හි සංකේත සඳහාද ගරුකිරීමට ඔවුන් අසමත් වන්නේයැයි අමාත්‍යාංශය තවදුරටත් කරුණු ගෙනහැර දැක්වීය. [105]
ජාතික ධජය සහ ජාතික ගීය පිළිබඳ මතභේද වල කේන්ද්‍රස්ථානය වූයේ පාසල්ය. [36] Tokyo අධ්‍යාපන පාලක මණ්ඩලය ඔවුන්ගේ අණසක යටතේ ධජය සහ ගීතය උත්සව වලට භාවිතා කරන ලෙස නියම කරසිටී. පාසල් ගුරුවරුන් එම සංකේත යුගලයටම ගරුකලයුතු බවත් එසේ නොමැති නම් ඔවුන්ගේ රැකියාව අනතුරේ බවත් නියෝගයේ සඳහන් වේ. [106] මෙවැනි නීති මගින් ජපන් ආණ්ඩුක්‍රමය උල්ලංඝණය කෙරෙන බව පවසමින් ඇතැමෙක් එයට විරුද්ධ වූ නමුත් පාසල් යනු රජයේ ආයතන වන අතර, ඒවායේ සේවකයන් ලෙස ඔවුන් ඔවුන්ගේ සිසුන්ට යහපත් ජපන් පුරවැසියන් වන්නේ කෙසේද යනවග ඉගැන්වීමට බැඳී සිටින බව පාලක මණ්ඩලය තර්ක කරනුලබයි. [14] විරුද්ධත්වය පෑමේ සලකුණක් ලෙස, උපාධි උත්සවවලදී Hinomaru ප්‍රදර්ශනය කිරීම පාසල් විසින් ප්‍රතික්‍ෂේප කල අතර සමහර දෙමවුපියන් විසින් ධජය ඉරා දමන ලදි. [36] Tokyo ආණ්ඩුකාර Shintarō Ishihara මහතාට විරුද්ධව ගුරුවරුන් විසින් අසාර්ථක අපරාධ චෝදනා ඉදිරිපත් කල අතර ජේෂ්ඨ නිලධාරින් විසින් Hinomaru සහ Kimigayoට ගරු කරන මෙන් ගුරුවරුන්ට නියම කරන ලදි. [107] පෙර පැවති විරෝධතා වලින් පසු, ධජය සහ ජාතික ගීය යන සංකේත යුගලයම ජපන් ගුරුවරුන්ගේ සංගමය මගින් පිළිගත් අතර ජපන් ගුරුවරුන් සහ කාර්යමණ්ඩල සංගම් ඉතා සුළු පිරිසක් තවමත් සංකේත යුගලයම සහ පාසල් පද්ධතිය තුල ඒවායේ භාවිතය ප්‍රතික්‍ෂ්ප කරති. [108]
සමරූපී කොඩි
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ a b c d 国旗及び国歌に関する法律
- ^ a b සැකිල්ල:Vcite web
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;law.e-gov
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ සැකිල්ල:Vcite webසැකිල්ල:Ja icon
- ^ සැකිල්ල:Vcite webසැකිල්ල:Ja icon
- ^ Little-Known Wars of Great and Lasting Impact: The Turning Points in Our History We Should Know More About. Fair Winds; 2009. ISBN 1-59233-375-3. p. 54.
- ^ a b c සැකිල්ල:Vcite web
- ^ Dyer 1909, p. 24
- ^ Edgington 2003, pp. 123–124
- ^ a b Itoh 2003, p. 205
- ^ Feldman 2004, pp. 151–155
- ^ Ashkenazi 2003, pp. 112–113
- ^ Hall 1996, p. 110
- ^ a b c සැකිල්ල:Vcite news
- ^ Turnbull 2001
- ^ Goodman, Neary 1996, pp. 77–78
- ^ සැකිල්ල:Vcite web
- ^ Feiler 2004, p. 214
- ^ a b Ohnuki-Tierney 2002, pp. 68–69
- ^ Rohl 2005, p. 20
- ^ a b c d e f Befu 1992, pp. 32–33
- ^ a b c Befu 2001, pp. 92–95
- ^ Nornes 2003, p. 81
- ^ Cwiertka 2007, pp. 117–119
- ^ Partner 2004, pp. 55–56
- ^ Tipton 2002, p. 137
- ^ Newell 1982, p. 28
- ^ සැකිල්ල:Vcite news
- ^ සැකිල්ල:Vcite web
- ^ Taylor 2004, p. 321
- ^ Goodman, Neary 1996, p. 102
- ^ Ebrey 2004, p. 443
- ^ සැකිල්ල:Vcite news
- ^ a b සැකිල්ල:Vcite web
- ^ a b c d e Goodman, Neary 1996, pp. 81–83
- ^ a b c සැකිල්ල:Vcite news
- ^ Hardarce, Helen; Adam L. Kern. New Directions in the Study of Meiji Japan. Brill; 1997. ISBN 90-04-10735-5. p. 653.
- ^ සැකිල්ල:Vcite web
- ^ University of Leicester. The Journal of Transport History. Manchester, United Kingdom: University of Leicester; 1987. p. 41.
- ^ Carr, Hulme 1956, p. 200
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ Meyer 2009, p. 266
- ^ Large 1992, p. 184
- ^ Yamazumi 1988, p. 76
- ^ සැකිල්ල:Vcite video
- ^ a b Borneman 2003, p. 112
- ^ සැකිල්ල:Vcite news
- ^ Kataoka 1991, p. 149
- ^ Aspinall 2001, p. 126
- ^ සැකිල්ල:Vcite news
- ^ Williams 2006, p. 91
- ^ a b c Itoh 2003, pp. 209–210
- ^ Goodman, Neary 1996, pp. 82–83
- ^ සැකිල්ල:Vcite news
- ^ Okano 1999, p. 237
- ^ සැකිල්ල:Vcite web
- ^ Contemporary Japanese Thought. Columbia University Press; 2005 [Retrieved 2010-10-14]. ISBN 978-0-231-13620-4. p. 211.
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite news
- ^ 明治3年太政官布告第57号
- ^ Takenaka 2003, pp. 68–69
- ^ 明治3年太政官布告第651号
- ^ Takenaka 2003, p. 66
- ^ සැකිල්ල:Vcite web
- ^ a b c d e සැකිල්ල:Vcite web
- ^ a b c සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ a b c d e f Hexadecimal obtained by placing the colors in Feelimage Analyzer සංරක්ෂණය කළ පිටපත 2010-01-25 at the Wayback Machine
- ^ සැකිල්ල:Vcite web
- ^ a b c සැකිල්ල:Vcite web
- ^ a b Album des pavillons nationaux et des marques distinctive. France: Service Hydrographique et Océanographique de la Marine; 2000. ISBN 2-11-088247-6. p. JA 2.1.
- ^ Flag Manual. Beijing, China: Beijing Organizing Committee for the Games of the XXIX Olympiad – Protocol Division; 2008. p. B5.
- ^ සැකිල්ල:Vcite web
- ^ a b Smith 1975, p. 171
- ^ සැකිල්ල:Vcite news
- ^ Takenaka 2003, p. 101
- ^ Cutler 2001, p. 271
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ http://www.mofa.go.jp/policy/oda/white/2006/oda2006/html/box/bx01005.htm
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ Khan 1998, p. 190
- ^ සංරක්ෂිත පිටපත, http://www.japantimes.co.jp/text/nn20120912b5.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-05
- ^ සැකිල්ල:Vcite news
- ^ සැකිල්ල:Vcite web
- ^ http://www.japantimes.co.jp/text/nn20010521a3.html
- ^ Japan's Neo-Nationalism: The Role of the Hinomaru and Kimigayo Legislation. JPRI working paper. 2001-07 [archived 2018-10-02; Retrieved 2010-04-17];79:16.
- ^ Lauterpacht 2002, p. 599
- ^ Inoguchi, Jain 2000, p. 228
- ^ a b සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ 国旗及び国歌の取扱いについて
- ^ 国旗及び県旗の取扱いについて
- ^ සැකිල්ල:Vcite web
- ^ 大正元年閣令第一号
- ^ සැකිල්ල:Vcite web
- ^ Trevor 2001, p. 78
- ^ සැකිල්ල:Vcite web
- ^ සැකිල්ල:Vcite web
- ^ Aspinall 2001, p. 125
- ^ සැකිල්ල:Vcite news
- ^ සැකිල්ල:Vcite web
- ^ Heenan 1998, p. 206
ලේඛන නාමාවලිය
[සංස්කරණය]- Ashkenazi, Michael. Handbook of Japanese Mythology. ABC-CLIO; 2003. ISBN 1-57607-467-6.
- Aspinall, Robert W. Teachers' Unions and the Politics of Education in Japan. State University of New York Press; 2001. ISBN 0-7914-5050-3.
- Befu, Harumi. Symbols of nationalism and Nihonjinron. In: Goodman, Roger and Kirsten Refsing. Ideology and Practice in Modern Japan. Routledge; 1992. ISBN 0-415-06102-4.
- Befu, Harumi. Hegemony of Homogeneity: An Anthropological Analysis of Nihonjinron. Trans Pacific Press; 2001. ISBN 978-1-876843-05-2.
- Borneman, John. Death of the Father: An Anthropology of the End in Political Authority. Berghahn Books; 2003–11. ISBN 1-57181-111-7.
- Carpenter, Ronald H. Rhetoric In Martial Deliberations And Decision Making: Cases And Consequences. University of South Carolina Press; 2004. ISBN 978-1-57003-555-5.
- Carr, Harold Gresham; Frederick Edward Hulme. Flags of the world. London; New York: Warne; 1956.
- Cutler, Thomas. The Battle of Leyte Gulf: 23–26 October 1944. Naval Institute Press; 2001. ISBN 1-55750-243-9.
- Cwiertka, Katarzyna Joanna. Modern Japanese Cuisine: Food, Power and National Identity. Reaktion Books; 2007. ISBN 1-86189-298-5.
- Dyer, Henry. Japan in World Politics: A Study in International Dynamics. Blackie & Son Limited; 1909.
- Edgington, David William. Japan at the Millennium: Joining Past and Future. UCB Press; 2003. ISBN 0-7748-0899-3.
- Ebrey, Patricia Buckley; Anne Walthall; James Palais. East Asia: A Cultural, Social, and Political History. Houghton Mifflin Harcourt Publishing; 2004. ISBN 0-547-00534-2.
- Feiler, Bruce. Learning to Bow: Inside the Heart of Japan. Harper Perennial; 2004. ISBN 0-06-057720-7.
- Feldman, David. Do Elephants Jump?. HarperCollins; 2004. ISBN 0-06-053913-5.
- Fujitani, Takashi. Splendid Monarchy: Power and Pageantry in Modern Japan. University of California Press; 1996. ISBN 978-0-520-21371-5.
- Goodman, Roger; Ian Neary. Case Studies on Human Rights in Japan. Routledge; 1996. ISBN 978-1-873410-35-6.
- Gordon, William. Flags of the World, Past and Present. Frederick Warne & Co.; 1915.
- Hall, James. Illustrated Dictionary of Symbols in Eastern and Western Art. Westview Press; 1996. ISBN 0-06-430982-7.[permanent dead link]
- Heenan, Patrick. The Japan Handbook. Routledge; 1998. ISBN 1-57958-055-6.
- Inoguchi, Takashi; Purnendra Jain. Japanese Foreign Policy Today. Palgrave Macmillan Ltd; 2000. ISBN 0-312-22707-8.
- Itoh, Mayumi. The Hatoyama Dynasty: Japanese Political Leadership Through the Generations. Palgrave Macmillan; 2003. ISBN 1-4039-6331-2.
- Kataoka, Tetsuya. Creating Single-Party Democracy: Japan's Postwar Political System. Hoover Institution Press; 1991. ISBN 0-8179-9111-5.
- Khan, Yoshimitsu. Japanese Moral Education: Past and Present. Fairleigh Dickinson University Press; 1998. ISBN 0-8386-3693-4.
- Large, Stephen. Emperor Hirohito and Showa Japan: A Political Biography. Routledge; 1992. ISBN 0-415-03203-2.
- Lauterpacht, Elihu. In: C. J. Greenwood and A. G. Oppenheimer. International Law Reports. Cambridge University Press; 2002. ISBN 978-0-521-80775-3.
- Mangan, J.A.; Finn, Gerry; Giulianotti, Richard and Majumdar, Boria. Football Culture Local Conflicts, Global Visions. Routledge; 2000. ISBN 978-0-7146-5041-8.
- Matoba, Seinosuke. 陸軍と海軍 [Army and Navy]. 1901. සැකිල්ල:Ja icon.
- Meyer, Milton. Japan: A Concise History. Rowman & Littlefield Publishing Group; 2009. ISBN 0-7425-4117-7.
- Newell, William. Japan in Asia: 1942–1945. Singapore University Press; 1982. ISBN 9971-69-014-4.
- Nornes, Abe Mark. Japanese Documentary Film The Meiji Era through Hiroshima. University of Minnesota Press; 2003. ISBN 0-8166-4046-7.
- Ohnuki-Tierney, Emiko. Kamikaze, Cherry Blossoms, and Nationalisms. University of Chicago Press; 2002. ISBN 978-0-226-62091-6.
- Okano, Kaori; Motonori Tsuchiya (1999), Education in Contemporary Japan, Cambridge University Press, , http://books.google.com/books?id=SpZqnFHPBzMC&pg=PA237&dq=kimigayo+Kakuei#v=onepage
- Partner, Simon. Toshié A Story of Village Life in Twentieth-Century Japan. University of California Press; 2004. ISBN 978-0-520-24097-1.
- Röhl, Wilhelm. History of law in Japan since 1868, Part 5, Volume 12. Brill; 2005. ISBN 978-90-04-13164-4.
- Saito, Shinya. 記者四十年 [Fourteen Years As A Reporter]. Asahi Shimbun Publishing; 1987. සැකිල්ල:Ja icon. ISBN 978-4-02-260421-7.
- Smith, Whitney. Flags Through the Ages and Across the World. McGraw-Hill; 1975. ISBN 0-07-059093-1.
- Smith, Whitney. Flag Lore Of All Nations. Millbrook Press; 2001. ISBN 0-7613-1753-8.
- Takahashi, Yuuichi. 海軍問答 [Navy Dialogue]. 1903. සැකිල්ල:Ja icon.
- Takenaka, Yoshiharu. 知っておきたい国旗・旗の基礎知識 [Flag basics you should know]. Gifu Shimbun; 2003. සැකිල්ල:Ja icon. ISBN 4-87797-054-1.
- Taylor, Jean Gelman. Indonesia: Peoples and Histories. Yale University Press; 2004. ISBN 0-300-10518-5.
- Tazagi, Shirou. 梶山静六: 死に顔に笑みをたたえて [Seiroku Kajiyama: Praising the smile in the dying face]. Kodansha; 2004. සැකිල්ල:Ja icon. ISBN 4-06-212592-7.
- Tipton, Elise. Modern Japan A Social and Political History. Routledge; 2002. ISBN 978-0-415-18538-7.
- Trevor, Malcolm. Japan – Restless Competitor The Pursuit of Economic Nationalism. Routledge; 2001. ISBN 978-1-903350-02-7.
- Turnbull, Stephen; Howard Gerrard. Ashigaru 1467–1649. Osprey Publishing; 2001. ISBN 1-84176-149-4.
- Williams, David; Rikki Kersten (2006), The Left in the Shaping of Japanese Democracy, Routledge, , http://books.google.com/books?id=0inRvBykKqcC&pg=PA91&dq=kimigayo+definition#v=onepage
- Yamazumi, Masami. 日の丸・君が代問題とは何か. Otsuki Shoten; 1988. සැකිල්ල:Ja icon. ISBN 4-272-41032-6.