ජපානයෙහි කාන්තාවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජපානයෙහි කාන්තාවෝ
Kimono lady at Gion, Kyoto.jpg
කියොතෝ නගරයෙහි කිමෝනෝවක් පැලඳ සිටින මයිකෝ ලඳක්
ලිංගික අසමානතා දර්ශකය
අගය 0.131 (2012)
අනුස්ථිතිය 21වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට) 5 (2010)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ 13.4% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ 80.0% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ 64.6% සේවා නියුක්ති අනුපාතය (2015)[1]
ගෝලීය ලිංග පරතර දර්ශකය[2]
අගය 0.6498 (2013)
අනුස්ථිතිය 136 අතුරින් 105වන

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ජපානයෙහි කාන්තාවන් වෙත පුරුෂයන් හා සමග සමාන නෛතික හිමිකම් සතු වන බවට පිළිගෙන ඇතත්, කාන්තාවන් අරභයා වන ආර්ථික තත්ත්වයන් අසමතුලිත බවක් පෙන්නුම් කරයි.[3] මාතෘත්වය සහ වැඩබිම් සහභාගිත්වය පිළිබඳව දිරි දීම සඳහා වන නූතන ප්‍රතිපත්තිමය ප්‍රාරම්භන වෙතින් මිශ්‍ර ප්‍රතිඵල ලඟාකර දී ඇත.[4] ජපාන කාන්තාවන් අතරින් ඉහළ ප්‍රතිශතයක් ශාස්ත්‍රාල උපාධිධාරිනියන් වුවද,[5] බොහෝ දෙනෙක් සතුව රැකියාවන් පැවතියද, 2015 වසර වන විට දර්ශීය වශයෙන් ඔවුන්ගේ උපැයීම, ඔවුන්ගේ පුරුෂ ප්‍රතිඛණ්ඩය හා සැසඳූ විට 40% ක් අඩු මට්ටමක පවතින අතර, අර්ධ-කාලීන ශ්‍රම බලකායයෙන් 77% ප්‍රමාණයක් ජපාන කාන්තාවන් විසින් සදයි.[6] විවාපත් කාන්තාවන් සහ මවුවරුන් වෙතින් පතනු ලබන සාම්ප්‍රදායික අපේක්ෂාවන් විසින් පූර්ණ ආර්ථික සමානතාවය හිමි කර දීමට බාධක පමුණුවන බවට උපහරණ වශයෙන් දක්වා ඇත.[7]

සංස්කෘතික ඉතිහාසය[සංස්කරණය]

ජපාන සමාජය තුල කාන්තාවන් විසින් සහභාගිත්වයක් සඳහා හවුල්වීමේ හැකියාව, උපයෝගී කාල පරිච්ඡේදයන් සහ ඔවුන් අයත්වූ සමාජ පංතීන් අනුව විචලනය වී ඇත. 8වන සියවසෙහිදී ජපානයෙහි කාන්තා අධිරාජිනියන් සිටි අතර, 12වන සියවසෙහි (හෙයියන් යුගය) ජපානයේ කාන්තාවන්ට තමන්ගේ නමින් දේපල උරුම කර ගෙන ඒවා තමන් විසින්ම කළමනාකරණය කර ගත හැකිව තිබුණි: "කාන්තාවන්ට දේපල අයිති කර ගෙන සිටීමටද, අධ්‍යාපනය ලැබුමටද හැකිව තිබූ අතර, තනිව සිටී නම්, ආලවන්තයන් ඇසුරු කිරීමටද ඉඩ ලබා දී තිබුණි (උපුටා දැක්වීම)".[8]

එඩෝ සමයෙහි අපර භාගය හා සමගින්, කාන්තාවන්ගේ තත්ත්වය පිරිහීමට ලක් විය. 17වන සියවසෙහිදී, කන්ෆියුනිසානු ගත් කතුවර කයිකරා එකිකෙන් විසින් ලියැවුනු, "ඔන්නා ඩයිගකු", හෝ "කාන්තාවන් සඳහා උගැනුම" විසින් ජපාන කාන්තාවන් වෙතින් අපේක්ෂිත දේ හුවා දක්වා තිබූ අතර එය මෙසේ විය, "ඇයගේ චරිතයට බද්ධව ඇති මෝඩකම කෙසේදයත්, තමන් කෙරේ සැක කරන ඇය තම සැමියාට සැම විටම අවනත වෙයි".[9]

මෙයිජි සමයයෙහිදී, කාර්මීකරණය සහ නාගරීකරණය වෙතින් පියවරුන්ගේ සහ සැමියන්ගේ බලාධිකාරිය අඩු කරන ලද මුත්, එම කාලසීමාවෙහිදීම බලාත්මක කෙරුණු 1898 මෙයිජි සිවිල් නීති සංග්‍රහය (විශේෂිත වශයෙන් "ඉයේ" පද්ධතිය හඳුන්වාදීම) වෙතින් කාන්තාවන්ගේ නෛතික අයිතිවාසිකම් අහිමිකෙරුණු අතර ගෘහස්ත මූලිකයන්ගේ කැමැත්තට යටත් වීමට ඔවුන්ට බලකෙරිණි.[10]

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, අධිවාස බලාධිකාරීන් විසින් කාන්තාවන්ගේ නෛතික තත්ත්වය යළි-නිර්වචනය කෙරුණු අතර, 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සමාන අයිතිවාසිකම් ඡේදයක් ඇතුළත් කිරීම සහ 1948 සිවිල් නීති සංග්‍රහය සංශෝධනය කිරීම යන දේවල් ඔවුන් විසින් සිදු කෙරිණි. පවුලට අවනත භාවයට වඩා වැදගත් බවක් පෞද්ගලික අයිතිවාසිකම් වලට ප්‍රදානය කෙරිණි. කලත්‍රයන් සහ වෘත්තීන් තෝරාගැනීම, ඔවුන්ගේ නමින්ම ඔවුන්ගේ දේපල උරුම කර ගැනීම, සහ ඔවුන්ගේ දරුවන්ගේ අත්භාරය රඳවා තබා ගැනීම පිළිබඳ අයිතිවාසිකම් පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට සහතික කෙරිණි.

චර්යාත්මක අපේක්ෂා[සංස්කරණය]

ඉකේබුකුරෝහී පචින්කෝ සාප්පු පෙළෙහි ජපාන ගැහැණු ළමුන්

1985 වසරෙහිදී ජපාන ගෘහණියන් හා සමග පැවති සම්මුඛ සාකච්ඡා තුලින් පර්යේෂකයන් සොයා ගත්තේ, ජපානයෙහි සමාජයනිත ස්ත්‍රී චර්යාව විසින් විනීතභාවය, පිරිසිදුකම, ආචාරශීලිත්වය, අනුකූලතාවය සහ, ස්ව-ශක්තිය යන්න පිළිබඳ විවිධ ආදර්ශයන් අනුගමනය කරන බවය.[11] කාර්යයන්හිදී සහ කතාබහේදී මුනිවත රැකීම දක්වා වීනිතභාවය දිගුවෙයි. පිරිසිදුකම යන්නට පුද්ගලික පෙනුම සහ පිරිසිදු ගේදොර අයත් වෙයි. තවද ගතිලක්ෂණයක් වන ආචාරශීලිත්වය, ගෘහස්ත භුමිකාවන්හී නියැලි සහ අමුත්තන්ට සංග්‍රහ කරන කාන්තාවන් වෙතින් බලාපොරොත්තු වන අතර, තේ සකස් කිරීම හා පිරිනැමීම දක්වා දිගු වෙයි.

අභ්‍යන්තර හැසිරීම පිළිබඳ ලෙබ්රාගේ ගතිලක්ෂණ අතරට අනුතූලතාවයද අයත් වෙයි; නිදසුනක් වශයෙන්, ළමුන් විසින් ඔවුන්ගේ දෙමව්පියන්ගේ මනෝරථයන් ප්‍රතික්ෂේප කිරීම බලාපොරොත්තු නොවෙයි. ස්වශක්තිමත් කාන්තාවන් ලෙසින් සිටීම වෙත රුකුල් දෙන්නේ දූගී කාන්තාවන් අනුන්ට බරක් ලෙසින් සැලකෙන නිසාය. ජපාන පවුල් සමග පැවැති මෙම සම්මුඛ සාකච්ඡාවන්හිදී ලෙබ්රා දැන කියා ගත්තේ, ගෙදොර කටයුතු සඳහා උපකාර කිරීමේ කටයුතු ගැහැණු ළමුන් වෙත පැවරුණද පිරිමි ළමුන් සඳහා එසේ නොකොට පාසැලෙන් ලැබෙන පැවරුම් කිරීමට බෙහෙවින් ඉඩ සැලසෙන බවයි.[11] තනි ආර්ථික ඛණ්ඩයක් වන ජපාන කාන්තාවන් පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම ගැන ලෙබ්රාගේ කාර්යයන් විචාරණයට ලක් විය.[12]

අන්‍යෝන්‍ය ලෙසින් සාපේක්ෂ ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් හුවා දැක්වෙන ගතානුගතික සමාජයක් ලෙසින් ජපානය සමාජීය වශයෙන් පැවතියද, 'යටහත් පහත්' සහ ස්වයං-නිර්ණයක් රහිත ලෙසින් ජපානයෙහි කාන්තාවෝ හුවාදක්වන, විදේශ ජනමාධ්‍ය සහ සංචාරක මාර්ගෝපදේශන තුල දැක්වෙන දැඩි ඒකාකෘතික ස්වභාවයන් වෙතින් ජපාන සමාජය සහ ජපාන කාන්තාවෝ බෙහෙවින් වෙනස් වෙති. [13] ජපානය පිළිබඳ තවත් දැඩි ඒකකෘතික ස්වභාවයක් වන්නේ, කාන්තාවෝ සැම විටම ගෘහාශ්‍රිතව සිටින අතර ජන ජීවිතයෙහි ඔවුන්ගේ සහභාගිත්වයක් නොමැති බවයි: සත්‍ය වශයෙන්ම බොහෝ කාන්තාවෝ රැකියාවන්හී නිරත වෙති  – කාන්තාවන් (වයස 15–64) සඳහා සේවා නියුක්ති අනුපාතය 64.6% ක් වෙයි ( OECD 2015 වෙතින් දත්ත[14]).

කාන්තාවන්ගේ දේශපාලන තත්ත්වය[සංස්කරණය]

1960 වසරෙහිදී සෞඛ්‍ය සහ සුබසාධනය සඳහා අමාත්‍යවරිය වීමත් සමගම ජපානයෙහි කැබිනට් මණ්ඩලයට පත්වූ ප්‍රථම කාන්තාව වූ මසා නකයාමා.[15]

එජ විසින් කෙටුම්පත් කෙරුණු සහ පශ්චාත්-යුද්ධ කාලසීමාවෙහිදී සම්මත කරගන්නා ලද ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්, ජපානයෙහි කාන්තාවන්ගේ සමානත්වය ප්‍රගමනයෙහි ලා අනුකූල නෛතික රාමුවක් සපයන ලදි.[5] 1946 දී කාන්තාවන් සඳහා ඡන්දය භාවිතා කිරීමේ අයිතිවාසිකම ප්‍රදානය කෙරිණි. මෙය විසින් ඔවුන්ට මහත්වූ නිදහසක්, පුරුෂයන් හා සමානත්වයක් සහ, ජපාන සමාජය තුල ඉහළ තත්ත්වයක් ලබා දුනි. අනෙකුත් පශ්චාත්-යුද්ධ ප්‍රතිසංස්කරණ වෙතින් කාන්තාවන් සඳහා අධ්‍යාපනික ආයතන විවෘත කර දුන් අතර කාන්තාවන් වෙත සමාන කාර්යය සඳහා සමාන වැටුප ලැබීම ආවශ්‍යයික කෙරිණි. 1986 වසරෙහිදී, සමාන සේවානියුක්ති ඉඩ ප්‍රස්ථා නීතිය බලාත්මක කෙරිණි. සමාජ ජීවිතයෙහි කාන්තාවන්ගේ සමානාත්මතා සහභාගිත්වය පිළිබඳ නෛතික බාධක කිහිපයක් තවමත් පවතියි. කෙසේවෙතත්, ශ්‍රම බලකායෙහි ඉඩ ප්‍රස්ථා ඔවුන්ට අඩුවෙන් ලැබෙනුයේ, දිගු සේවා කාලයන් නිසා සහ පුරුෂයන් විසින් සේවා ස්ථානයන්හී ප්‍රමුඛත්වය හිමි කර ගෙන සිටීම නිසාය.

පාර්ලිමේන්තු නියෝජනය කරන කාන්තාවන් පිළිබඳව ගෝලීය ලෙසින් සිදුකෙරුණු සමීක්ෂණයකට පරිදී, රටවල් 189 අතරින් ජපානය 123වන අනුස්ථිතිය ලැබීය.[16] 2020 වසර වන විට තේරී පත් වන සියළු නිලධාරීන් අතරින් 30% ක් කාන්තාවන් විය යුතු බවට රජයේ ඉලක්කයක් පැවතියද, ජපානයෙහි දයියත්තෝ සභාවෙහි කාන්තාවන් සතුව පවතින්නේ 10% කට මදක් අඩු ආසන සංඛ්‍යාවකි.[5] දයියත්තෝ සභාවෙහි පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි කාන්තාවන් විසින් , 8% ක් පමණක් ආසන ප්‍රතිශතයක් උසුලන අතර, උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි ඔවුන් 19% ප්‍රතිශතයක ආසන උසුලති.[16] මහ නගරාධිපතිවරුන් අතරින් 1% ට අඩු සංඛ්‍යාවක් කාන්තාවන් වෙති.[17]

කේන්ද්‍රගත ප්‍රත්‍යුක්‍රම කිහිපයක් මගින් මෙම ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කිරීමට 21වන සියවසෙහිදී හේසේ සමයෙහිදී ජපාන රජය සිය කැමැත්ත පල කල අතර,[18] 2012 වසරෙහිදී මත විමසුමකින් කැබිනට් කාර්යාලය සොයා දැන ගත්තේ, ඡන්දය දුන් 70% පමණ ජපාන ජාතිකයන් එකඟවූයේ පුරුෂයන් හට අනුග්‍රහපූර්වක සැලකිල්ලක් දැක්වෙන බවයි.[19]

වෘත්තිමය දිවිය[සංස්කරණය]

21වන සියවසෙහිදී, එක්සත් ජනපදයෙහි රැකියා වල නිරත කාන්තා ජනගහණයට වඩා ඉහළ අනුපාතිකයකින් ජපාන කාන්තාවෝ රැකියා වල නිරත වෙති.[3] පුරුෂයන් සහ කාන්තාවන් අතර ආදායම් මට්ටම් සමාන නොවෙති; සාමාන්‍ය ජපාන කාන්තාවක් විසින්, සාමාන්‍ය ජපාන පුරුෂයෙකුට වඩා සියයට 40 ක් අඩුවෙන් උපයන අතර, කළමනාකාරිත්ව තනතුරු අතරින් දහයෙන් එකක් කාන්තාවන් විසින් දරනු ලැබෙයි.[3] කාන්තාවන් විසින් බොහෝ දුරට අර්ධ-කාලීන හෝ තාවකාලික රැකියාවන්හී නිරත වෙයි. 2012 වසර වන විට මෙවැනි රැකියා වලින් 77% ක් හොබවන ලද්දේ කාන්තාවන් විසිනි.[6] රැකියාවන්හී යෙදෙන කාන්තාවන් අතර, කාන්තාවන්ට-පමණක් වෙන්වූ වෘත්තීය සමිති ප්‍රමාණයෙන් කුඩා හෝ බලයෙන් අඩු හෝ වෙති.[20] තරුණ කාන්තාවන් සඳහා පසිඳු රැකියාවක් වන්නේ කාර්යාල සහකාරිණි යන්න වන අතර, එහිදී කාන්තා කාර්යාල සේවිකාවක් විසින්, තේ පිළිගැන්වීම සහ ලේඛන කටයුතු පිළිබඳ හෝ ලිපිකරු හෝ වැනි සේවා ඛණ්ඩයෙහි කාර්යයන් සාමාන්‍යයෙන් සිදුකරයි.

විවාහයෙන් පසුව කාන්තාවක් ගෘහණියක් වශයෙන් කටයුතු කිරීමේ දැඩි සම්ප්‍රදායයක් ජපානයෙහි පවතියි.[21][22] මවුවරුන් රැකියා කරන විට, ඔවුන් බොහෝ විට අර්ධ-කාලීන, අඩු-වැටුපැති රැකියා තෝරා ගන්නේ ළමුන්ගේ හෝ සැමියන්ගේ හෝ කාල සටහන් අනුව ගැලපෙන පරිදීය.[23] පවුල සහ ගෘහය පිළිබඳ සැලකිල්ල, අතිප්‍රමුඛ කාන්තා භූමිකාවක් ලෙසින් තවමත් සැලකෙන අතර, රැකියාවෙහි යෙදෙන කාන්තාවන් විසින් මෙය ඉටු කිරීම තවදුරටත් අපේක්ෂා කෙරෙයි.[24] කෙසේවෙතත්, මෑත වර්ෂ වලදී, රැකියාවෙහි යෙදෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත: 2014 වසරෙහිදී, ජපාන ශ්‍රම බලකායෙන් 42.7% ක් කාන්තාවන් වෙතින් සමන්විත විය.[25] අර්ධ-කාලීන ලෙසින් රැකියාවෙහි යෙදෙන කාන්තාවන්ගේ විශේෂිත වශයෙන් ඉහළ අනුපාතයක් ජපානය සතුවන අතර, මොවුනතරින් බහුතරයක් මවුවරුන් වෙති.[26]

එක් මත විමසුමකදී, රැකියාවට නැවත වාර්තා කළ මවුවරුන් අතරින් 30% කට "මාතෘත්ව හිරිහැරය" හෝ, "මාතහාරා" අත්විඳීමට සිදුවූ බව වාර්තා විය.[17] ඔබෙන්තෝ පෙට්ටිය සම්ප්‍රදායය හෙවත්, මවුවරුන් විසින් ඔවුන්ගේ දරුවන් විසින් පාසැලට රැගෙන යෑම සඳහා විචිත්‍ර දහවල් ආහාර පිළියෙල කිරීම, ගෘහස්ත කාන්තා භූමිකාවෙහි එක් නිදසුනකි.[27]

රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හී පශ්චාත්-යුද්ධ ප්‍රතිපත්ති කිහිපයක් වෙතින් ශ්‍රම බලකායෙහි ස්ත්‍රී-පුරුෂාකාර බෙදීම වෙත දායකත්වයන් සපයා ඇත.[4] මේවා අතරට, අනුගෘහිත සෞඛ්‍ය සහ නිවාස සහනාධාර, විවාහ පාරිතෝෂික සහ එක් එක් දරුවා සඳහා අමතර පාරිතෝෂික සහිතව සමාගම් විසින් පිරිනැමුනු පවුල් වේතනයක්; සහ කිසියම් මුදලකට අඩුවෙන් උපයන බිරින්දෑවරුන් සඳහා විශ්‍රාම වැටුප් ආදිය අයත් වෙති.[4] මෙයට අමතර වශයෙන්, 1961 වසරෙහිදී, රැකියාවෙහි යෙදෙන පුරුෂයන්ගේ බිරින්දෑවරුන්ගේ ආදායම $10,000 වඩා අඩු නම් බදු අය නොකෙරිණි; එයට වඩා වැඩි ආදායම් විසින් සමස්ත ගෘහ ආදායම වෙත දායකත්ව සැපයිණි.[4] සමාගම් සංස්කෘතීන් විසින්ද කිසියම් භූමිකාවක් ඉටු කෙරිණි; දිගු සේවා කාලයෙන් පසුව කළමනාකාරවරුන් හා සමග සමාජගත වීම පුරුෂයන් වෙතින් අපේක්ෂා කෙරෙන අතර, දරුවන්-ඇතිදැඩි කිරීමේ භූමිකා සහ අවශ්‍යයෙන් කළ යුතු සේවයෙන්-පසු සමාජගත සිදුවීම්හි යෙදෙන ලෙස වන ඉල්ලීම් සංතුලිත කර ගැනීමෙහි දුෂ්කරතා කාන්තාවන් විසින් අත්විඳිනු ලැබෙයි.[3]

කෙටි දිනපතා වැඩ කාලසටහනක් වැනි, වැඩකරන මවුවරුන්ට වඩාත් හිතකර ලෙසින් රුකුල් දෙන්නාවූ ක්‍රමවේදයන් විසින්, වඩාත් කාන්තාවන් රැකියාවන්හී නියැලීමට පෙළෙඹීම තුලින් ජපානයෙහි ආර්ථික ප්‍රගතියක් ඇති වන බවට සමහරක් ආර්ථික විද්‍යාඥයෝ අදහස් ඉදිරිපත් කරති.[7] මෙය සාක්ෂාත් කරගනු වස්, 2003 වසරෙහිදී, ජපාන රජය විසින් ඉලක්කයක් නියම කළේ ජ්‍යෙෂ්ඨ රජයේ තනතුරු අතරින් 30% ක් කාන්තාවක් විසින් පිරවිය යුතු බවයි. 2015 වසරෙහිදී, මෙය 3.5% ක් පමණක් විය; ඉන්පසුව රජය විසින් 2020 ඉලක්කය 7% දක්වා කපා දමා, පෞද්ගලික කර්මාන්ත අතුරින් 15% ක ඉලක්කයක් නියම කළේය.[28]

පවුල් ජීවිතය[සංස්කරණය]

ජපානයෙහි කාන්තාවගේ සාම්ප්‍රදායික භූමිකාව අර්ථකථනය කර ඇත්තේ "අවනත වීම් තුනක්" ලෙසිනි: තරුණ කාන්තාවන් ඔවුන්ගේ පියවරුන්ට අවනත වෙති; විවාපත් කාන්තාවන් ඔවුන්ගේ සැමියන්ට අවනත වන අතර, වයස්ගත කාන්තාවන් ඔවුන්ගේ පුතුන්ට අවනත වෙති.


ආශ්‍රිත[සංස්කරණය]

  1. http://stats.oecd.org/Index.aspx?DatasetCode=LFS_SEXAGE_I_R#
  2. "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13. 
  3. 3.0 3.1 3.2 3.3 සොබ්ලේ, ජොනතන්. "ටු රෙස්කියු ඉකනොමි, ජැපෑන් ටර්න්ස් ටු සුපර්මොම්." ද නිව්යෝර්ක් ටයිම්ස්. ද නිව්යෝර්ක් ටයිම්ස්, 1 ජනවාරි 2015. වෙබ්. 7 අප්‍රේල් 2015. <http://www.nytimes.com/2015/01/02/business/international/in-economic-revival-effort-japan-turns-to-its-women.html>.
  4. 4.0 4.1 4.2 4.3 බොරොවොයි, ඇමී (2005). ද ටූ ගුඩ් වයිෆ්: ඇල්කොහෝල්, කෝඩිපෙන්ඩන්සි, ඇන්ඩ් ද පොලිටික්ස් ඔෆ් නර්චරන්ස් ඉන් පෝස්ට්වෝ ජැපෑන්. බර්ක්ලී, කැලිෆෝර්නියාව: කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0520244524. 
  5. 5.0 5.1 5.2 චන්ලට්-ඒවරි, ඒමා; නෙල්සන්, රෙබෙකා එම්. (2014). ""විමෙනොමික්ස්" ඉන් ජැපෑන්: ඉන් බ්‍රීෆ්" (PDF). කොංග්‍රෙෂනල් රිසර්ච් සර්විස්. 
  6. 6.0 6.1 "හෝල්ඩින් බැක් හාෆ් ද නේෂන්". දි ඉකෝනමිස්ට්. දිඉකෝනමිස්ට්. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2015. 
  7. 7.0 7.1 නොහාරා, යොෂියාකි. "ගෝල්ඩ්මන්ස් මට්සුයි ටර්න්ස් අබේ ටු විමෙනොමික්ස් ෆො ජැපෑන් ග්‍රෝත්". බ්ලූම්ස්බර්ග්. 
  8. "හැරොයින්ස්: හෙයියන් පීරියඩ් (විමෙන් ඉන් වර්ල්ඩ් හිස්ට්‍රි කරිකියුලම්)". www.womeninworldhistory.com. 
  9. එකිකෙන්, කයිකරා (2010). ඔන්නා ඩයිගකු අ ට්‍රෙෂර් බොක්ස් ඔෆ් විමෙන්ස් ලර්නිං.. ගාඩ්නර්ස් බුක්ස්. ISBN 0955979676. https://archive.org/stream/womenwisdomofjap00kaib/womenwisdomofjap00kaib_djvu.txt. 
  10. ද මෙයිජි රිෆෝර්ම්ස් ඇන්ඩ් ඔබ්ස්ටකල්ස් ෆො විමෙන් ජැපෑන්, 1878–1927
  11. 11.0 11.1 ලෙබ්රා, ටකී සුගියාමා (1985). ජැපනීස් විමෙන් : කන්ස්ට්‍රේන්ට් ඇන්ඩ් ෆුල්ෆිල්මන්ට් (Pbk. සංස්.). හොනලුළු: හවායී විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0824810252. 
  12. තමානෝයි, මරිකෝ (ඔක්තොම්බර් 1990). "විමෙන්ස් වොයිසර්ස්: දෙයා ක්‍රිටික් ඔෆ් ද ඇන්ත්‍රපොලොජි ඔෆ් ජැපෑන්". ඇනුවල් රිවිව් ඔෆ් ඇන්ත්‍රපොලොජි. 19: 17–37. ISSN 0084-6570. doi:10.1146/annurev.an.19.100190.000313. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2015 – via EBSCO's Academic Search Complete (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි) 
  13. රීතිංකිං ජැපෑන්: සෝෂල් සයන්සර්ස්, අයිඩියොලොජ් ඇන්ඩ් තෝට්, ආඩ්‍රියානා බොස්කාරෝ, ෆ්‍රැන්කෝ ගැටී, මාස්සිමෝ රාවේරි විසින්, පිටු. 164-173
  14. http://stats.oecd.org/Index.aspx?DatasetCode=LFS_SEXAGE_I_R#
  15. ඉන්ටර්නැෂනල් විමෙන්ස් ඩිමොක්‍රසි සෙන්ටර්
  16. 16.0 16.1 ඉකෝනමිස්ට්. "හෝල්ඩිං බැක් හාෆ් ද නේෂන්". දි ඉකෝනමිස්ට්. දි ඉකෝනමිස්ට්. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015. 
  17. 17.0 17.1 බීච්, හන්නා. "‘යූ මීන් විමෙන් ඩිසර්ව් කැරියර්ස්?’ පේට්‍රියාකල් ජැපෑන් හෑස් බ්‍රේක්තෲ මෝමන්ට්". ටයිම්. ටයිම් සඟරාව. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015. 
  18. ආබේ, ෂින්සෝ. "අන්ලීෂීං ද පවර් ඔෆ් 'විමෙනොමික්ස්'". වෝල් ස්ට්‍රීට් ජර්නල්. වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015. 
  19. කැබිනට් කාර්යාලය, ස්ත්‍රි-පුරුෂ සමානාත්මතා කාර්යාංශය. "පර්ෂෙප්සන්ස් ඔෆ් ජෙන්ඩර් ඉනික්වලටි" (PDF). http://www.gender.go.jp/. ජපාන කැබිනට් කාර්යාල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතා කාර්යාංශය. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015.  External link in |website= (help)
  20. බ්‍රිස්කින්, ලින්ඩා (1999). "ඔටෝනොමි, ඩයිවර්සිටි ඇන්ඩ් ඉන්ටිග්‍රේෂන්: යූනියන් විමෙන්ස් සෙපරේට් ඕර්ගනයිසිං ඉන් නෝර්ත් ඇමරිකා ඇන්ඩ් වෙස්ටර්න් යුරප් ඉන් ද කන්ටෙක්ස්ට් ඔෆ් රිස්ට්‍රක්චරිං ඇන්ඩ් ග්ලෝබලයිෂේසන්". කාන්තා අධ්‍යයන ජාත්‍යන්තර සංසදය. 22 (5). 
  21. හෙන්ඩ්‍රි, ජෝයි (1986). මැරේජ් ඉන් චේන්ජිං ජැපෑන් : කමියුනිටි ඇන්ඩ් සොසයිටි (1වන ටට්ල් සංස්.). රට්ලන්ඩ්, වර්මෝන්ට්: සී.ඊ. ටට්ල් සමාගම. ISBN 0804815062. 
  22. මොර්ස්බාක්, හෙල්මුට් (1978). කොර්බින්, මාරි. ed. ඇස්පෙක්ට්ස් ඔෆ් ජැපනීස් මැරේජ්. පෙන්ගුයින් පොත්. පි. 98. 
  23. හිරාතා, කෙයිකෝ; වාර්ෂවර්, මාර්ක් (2014). ජැපෑන් : ද පැරඩොක්ස් ඔෆ් හාමනි. නිව් හේවන්: යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටුව. 49. ISBN 978-0300186079. 
  24. නෙමොතෝ, කුමිකෝ (සැප් 2013). "ලෝං වර්කිං අවර්ස් ඇන්ඩ් ද කෝර්පරේට් ජෙන්ඩර් ඩිවයිඩ් ඉන් ජැපෑන්". ජෙන්ඩර්, වර්ක් ඇන්ඩ් ඕර්ගනයිෂේසන්. විලී-බ්ලැක්වෙල්. 20 (5): 512–527. ISSN 0968-6673. doi:10.1111/j.1468-0432.2012.00599.x – via EBSCO's Academic Search Complete (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි)  Check date values in: |date= (help)
  25. http://data.worldbank.org/indicator/SL.TLF.TOTL.FE.ZS
  26. යූ, පි. 494
  27. ඈන් ඇලිසන්. 2000. ජැපනීස් මදර්ස් ඇන්ඩ් ඔබෙන්තෝස්: ද ලන්ච් බොක්ස් ඈස් අයිඩියොලොජිකල් ස්ටේට් ඇපරේටස්. පර්මිටඩ් ඇන්ඩ් ප්‍රොහිබිටඩ් ඩිසයර්ස්: මදර්ස්, කොමික්ස්, ඇන්ඩ් සෙන්සර්ෂිප් ඉන් ජැපෑන්, පිටු. 81-104. බර්ක්ලි, කැලිෆෝර්නියාව: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. http://fds.duke.edu/db/attachment/1111
  28. යැං, සොෆියා; ඔගුරා, ජංකෝ. "ජැපෑන් ස්ලෑෂර්ස් ටාගට් ෆො විමෙන් ඉන් සීනියර් පොසිෂන්ස්". සීඑන්එන්. සීඑන්එන්. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2015. 
"https://si.wikipedia.org/w/index.php?title=ජපානයෙහි_කාන්තාවෝ&oldid=407699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි