ජන මාධ්‍ය සංවර්ධනයේ ගමන්මග

විකිපීඩියා වෙතින්
  • ක්‍රි.ව. 100 - චීන ජාතිකයින් කඩදාසි සොයාගැනීම.
  • ක්‍රි.ව. 700 - අරාබි ජාතිකයින් විසින් මුද්‍රණ තාක්ෂණය බටහිර ලෝකය වෙත රැගෙන යාම.
  • ක්‍රි.ව. 1000 - මැටියෙන් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය චීනයේ ඇරඹීම.
  • ක්‍රි.ව. 1400 - වානේ වලින් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය ආසියාවේදී ඇරඹීම.
  • 1453 - ජොනතන්ස් ගුටෙන්බර්ග් විසින් ජර්මනියේදී මුද්‍රණ ක්‍රමය ඇරඹීම හා මුල් වරට බයිබලය මුද්‍රණය කිරීම.
  • 1600 - පුවත්පතක හැඩයගත් පළමු ප්‍රකාශනය යුරෝපයේ ආරම්භ වීම.
  • 1825 - ප්‍රංශ ජාතික ජෝස‍ෆ් නිසෆොරේ (Joseph Nicéphore Niépce) විසින් ස්ථාවර ඡායාරූපය ගැනීම.
  • 1702 - ප්‍රථම දිනපතා පුවත්පත ඩේලි කුරන්ට් (Daily Courant) බ්‍රිතාන්‍යයේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇරඹීම.
  • 1833 - මහා පරිමාණයෙන් පුවත්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය ඇරඹීම.
  • 1837 - බ්‍රිතාන්‍යයේදී ටෙලිග්‍රාෆ් ක්‍රමය හඳුන්වා දීම.
  • 1839 - ඡායාරූපකරණය පිළිබඳ ප්‍රායෝගිකව අත්හදා බැලීම.
  • 1876 - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ප්‍රථම සාර්ථක දුරකථන පණිවිඩය යැවීම.
  • 1878 - තෝමස් අල්වා එඩිසන් විසින් ෆොනොග්‍රාෆ් (ග්‍රැමෆෝන්) ක්‍රමය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
  • 1888 - හර්මන් හොලරිත් (Herman Hollerith) විසින් ටැබ්‍යුලේටින් මැෂීන් සමාගම ආරම්භ කිරීම. (එය 1924 දී IBM සමාගම බවට පත්විය.)
  • 1890 - සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී ප්‍රථම ජූක් බොක්ස් (Juke Box) එලිදැක්වීම.
  • 1890 - ජෝර්ජ් ඊස්ට්මන් විසින් දළසේයා පටය නිපදවීම.
  • 1895 - ප්‍රථම සිනමා තිරගත කිරීම ලුමීරේ සොහොයුරන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුකිරීම.
  • 1901 - ගුග්ලීල්මො මාර්කෝනි විසින් සාර්ථකව රේඩියෝ සංනිවේදන ක්‍රමය ක්‍රියාවට නැන්වීම.
  • 1898 - ලවුඩ්ස්පීකරය (Loudspeaker) සොයාගැනීම.
  • 1902 - කෙන්යාවේ දී ඩේලී නේෂන් (Daily Nation) පුවත්පත ඇරඹීම.
  • 1906 - චාර්ල්ස් ටේට් විසින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ The Story of the Kelly Gang ඔස්ට්‍රේලියාවේ දී තිරගත කිරීම.
  • 1909 - RMS රිපබ්ලික් මගී නෞකාවට සිදුවු අනතුර මාර්කෝනී විසින් සොයාගත් රේඩියෝ සංනිවේදන ක්‍රමය මගින් වාර්තා කිරීම. මෙය ජනමාධ්‍ය ඉතිහාසයේ පළමු විශේෂ පුවත් (breaking news) විකාශය කිරීම වේ.
  • 1912 - ගුවන් තැපැල් ක්‍රමය බිහිවීම.