චේහ්රා (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
චේහ්රා
තේමා පාඨය
ප්‍රභේදයසංත්‍රාස, විලම්බන, නාට්‍ය
තැනුවේබියොන්ඩ් ඩ්‍රීම්ස් ප්‍රොඩක්ෂන්ස්
රචනය කලේමාම්තා පට්නායික්
තුහිනා සිංහා
අකාශාදිත්‍ය ලාමා
ෂාරද් ත්‍රීපති
අධ්‍යක්ෂණය කලේරෝහිත් ද්විවේදි
මාම්තා පට්නායික්
රඟපෑමපහළ බලන්න
තේමා සංගීත නිර්මාණකරුසුනිල් කෞෂික්
ඇරඹුම් තේමාවනැත
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාංග ගණන80
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)කරන් අහූජා
රතේශ් මරුල්කාර්
නිෂ්පාදක(යෝ)යෂ් පට්නායික්
මාම්තා පට්නායික්
සංස්කාරක(යන්)ධර්මේෂ් පටෙල්
බසන්ත් කුමාර්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 24
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතියSDTV: 480i
මුල් ධාවනය16 මාර්තු 2009 – 3 ජූලි 2009

චේහ්රා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී අවිනිශ්චිත නාට්‍ය කතාමාලාවකි. මෙය 2009දී විකාශය වූයේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ය. මෙම රූපවාහිනී කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බියොන්ඩ් ඩ්‍රීමිස් ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ යෂ් පට්නායික් විසිනි.[1] මෙම රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ රිතු දුදානි සහ මෝහිත් රයිනා[2] යන නළු නිළියන් විසිනි. එහි දී රිතු දුදානි විසින් බන්දිනී නැමැති ආබාධිත යුවතියකගේ චරිතය නිරූපණය කරනු ලබන අතර, මෝහිත් රයිනා විසින් ගාර්ව් නැමැති ධනවත් යොවුන් ව්‍යාපාරිකයාගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම රූපවාහිනී කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2009 මාර්තු 16 දින ය. කථාංග 80කින් යුත් මෙම කතාමාලාව 2009 ජූලි 3 දින විකාශය අවසන් විය. මෙම කතාමාලාව මිනිත්තු 24 කථාංගවලින් සමන්විත විය.

මෙහි කථා පුවත රචනා කරන ලද්දේ මාම්තා පට්නායික්, තුහිනා සිංහා, අකාශාදිත්‍ය ලාමා සහ ෂාරද් ත්‍රීපති යන රචකයින් විසිනි. මෙම රූපවාහිනී කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ රෝහිත් ද්විවේදි සහ මාම්තා පට්නායික් යන අය විසිනි. මෙහි තේමා සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ සුනිල් කෞෂික් විසිනි. මෙම කතාමාලාවේ සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ ධර්මේෂ් පටෙල් සහ බසන්ත් කුමාර් සංස්කරණ ශිල්පීන් විසිනි.

කථාපුවත[සංස්කරණය]

මෙම කථාව ගලා යන්නේ ජීව ගුණයෙන් පිරිපුන්, සිය රෝද පුටුවෙහි සිට ලෝකය ගවේෂණයට උනන්දුවක් දක්වන බන්දිනී නැමැති තරුණ යුවතියක් වටා ය. චේහ්රා කතාමාලාව ඔස්සේ බන්දිනීගේ දිවිය, ඇගේ නොමියෙන ආත්මය සහ විවාහයෙන් පසුව ඇයට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් ආදිය නිරූපණය කෙරේ. විසි හතරවන වියේ පසු වන බන්දිනී සිනහ උපදවන, ජීව ගුණයෙන් පිරිපුන් සහ පරිසරයට ඇළුම් කරන තරුණියකි. හදිසි අනතුරක් හේතුවෙන් ආබාධිතභාවයට පත්වුවත්, ඇය මෙම ආබාධිතභාවයට ඇයව පහතට ඇද දැමීමට ඉඩ නොදෙන්නී ය. ඇය ඒ පිළිබඳ අන්‍යන්ගේ අනුකම්පාව සහ කනගාටුව ලබා ගැනීමට ප්‍රිය නොකරන්නී ය. ඇගේ දිවිය උඩු යටිකුරු වන්නේ ඇවට තරුණ, ජේත්තුකාර, ධනවත් සහ කඩවසම් ව්‍යාපාරිකයකු වන ගාර්ව් හමුවීමත් සමගයි. බන්දිනී අතිශයින් විස්මයට පත්වන්නේ ඇය මෙතරම් ප්‍රිය කරන තරුණයා ඇයට විවාහ යෝජනාවක් රැගෙන ඒමත් සමගයි. ඇතැමුන් සිතන්නේ එය සැබැවින්ම ඇගේ වාසනාව බවයි. තවත් සමහරුන් පවසන්නේ එය ඇගේ යහපත් කර්මයක් පලදීමක් බවයි. නමුත් එහි ‍ඇතුළතින් බාහිරින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇති බව පෙනේ.

චරිත නිරූපණය[සංස්කරණය]

  • රිතු දුදානි, බන්දිනී ලෙස (ප්‍රධාන කාන්තා චරිතය)
  • මෝහිත් රයිනා, ගාර්ව් ලෙස; තරුණ, කඩවසම් ව්‍යාපාරිකයකු වන මොහු බන්දිනීගේ සැමියායි.
  • ? ෆැක්ස් බුවා ලෙස; බන්දිනීගේ නැන්දණියයි. ඝෝෂාකාරි, හාස්‍යජනක තැනැත්තියක වැන මැයි සෑම අර්බුදකාරී අවස්ථාවකම යතාර්ථවාදී ය.
  • ගීතු බාවා, සුජාතා ලෙස; බන්දිනීගේ නැගණියයි.
  • රාජන් භිසේ, ශෂිකාන්ත් ලෙස; බන්දිනීගේ පියායි.
  • නරේන්ද්‍ර ජා, කරන් ලෙස; ගාර්ව්ගේ වැඩිමහල් සොයුරා වන මොහු ඉන්දියාවේ විශිෂ්ටම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයායි.
  • නිෂිගන්දා වාද්, නිර්මලා ලෙස; ගාර්ව්ගේ මව
  • සුනිල් ෂින්දේ, කිෂාන් ලෙස; මානසිකව ව්‍යාකූල තැනැත්තෙකි.
  • රේණු චාහල්, සිතාරා ලෙස; සේවිකාවකි.
  • වෛශාලි නසරෙත්, කරන්ගේ භාර්යාව ලෙස

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Yash Patnaik's Chehra on Star Plus." All Time TV. 2009-02-16. 2012-07-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-16.
  2. "Love to play a super hero on television: Mohit Raina". The Times of India. 8 February 2012. 2013-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-16.

බාහිර සබැඳි[සංස්කරණය]