චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය
Appearance
චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය | |
---|---|
![]() දහයේ දෙකෙහි දිනයේදී නිතොරම දක්නට ලැබෙන ලාංඡනයකි ( "10" සඳහා චීන අක්ෂර (十) දෙකක සංයෝජනයකි) | |
වෙනත් නම් | දහයේ දෙකෙහි දිනය, දහයේ දෙවන දිනය |
සමරනු ලබන්නේ | ![]() |
වර්ගය | ඓතිහාසික, සංස්කෘතික, ජාතිකවාදී |
සැමරුම් | ගිනිකෙළි සහ විවිධ ප්‍රසංග ඇතුළු උක්සවාංග |
දිනය | ඔක්තොම්බර් 10 |
Frequency | වාර්ෂික |
දහයේ දෙකෙහි දිනය හෝ දහයේ දෙවන දිනය ලෙසින්ද හැඳින්වෙන [1] චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය [2] යනු, චීන සමූහාණ්ඩුවේ (ROC) ජාතික දිනය වෙයි. චීනයේ චිං රාජ වංශයේ බිඳ වැටීමට හා 1912 ජනවාරි 1 දිනදී, චීන සමූහාණ්ඩුව පිහිටුවීමට හේතු පාදක වූ, 1911 ඔක්තොම්බර් 10 දිනදී ඇරඹුනු වූ චං කැරැල්ල එදිනදී අනුස්මරණය කෙරෙයි.
චීන සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රධාන භූමි ප්‍රදේශයේ බලය අහිමි වූ චීන සමූහාණ්ඩුවේ රජය, 1949දී තායිවානය වෙත ස්ථානගත විය. ජාතික දිනය වර්තමානයෙහි ප්‍රධාන වශයෙන් සිහිකරනුයේ තායිවානයේ වන අතර, සමහරක් පාරසමුද්‍ර චීන ජාතිකයන් විසින්ද එය සිදුකෙරෙයි.