චාල්ස් කුමාරයා
චාල්ස් කුමාරයා | |||||
---|---|---|---|---|---|
වේල්සයෙහි කුමරු; රෝත්සීහි ආදිපාදවරයා (තවත්) | |||||
![]() වේල්සයෙහි කුමරු, 2014දී ශ්‍රි ලංකාවේදි | |||||
උපත | 14 නොවැම්බර් 1948 බකිංහැම් මාලිගය, ලන්ඩනය, එක්සත් රාජධානිය | ||||
වල්ලභයා | ඩයනා, වේල්සයෙහි කුමරිය (වි. 1981, දික්. 1996) කැමිලා, කෝන්වෝල්හී ආදිපාදවරිය (වි. 2005) | ||||
දරුවන් | විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා වේල්සයෙහි හැරී කුමරු | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් රැජින | ||||
ආගම | එංගලන්ත සභාව |
චාර්ල්ස්, වේල්සයෙහි කුමරු,(චාර්ල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ්, උපත 1948 නොවැම්බර් 14) බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ හා ෆිලිප් කුමාරයාගේ පළමු දරුවා වන අතර එක්සත් රාජධානියේ වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය. 1972 වසරේදී ලංකාව ජනරජයක් බවට පත්ව ලංකාවේ රජ පදවිය අහෝසිවනතුරු ලංකාවේ අවසන් ඔටුන්න හිමි කුමරුව සිටියේය. 1952 සිට ඔටුන්න හිමි කුමරු ලෙස සේවය කරන ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දිගුම කාලයක් එම තනතුරේ රැඳී සිටි පුද්ගලයාය.
1981 වසරේ ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහ වූ ඔහු එම විවාහයෙන් විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා හා වේල්සයෙහි හැරී කුමරු යන දරුවන් ලැබිය. 1996 දී ඔවුන් දික්කසාද වූ අතර ඩයනා කුමරිය 1997 දී ප්‍රංශයේ පැරිස් නුවරදී වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවාය. 2005 දී ඔහු කැමිලා පාර්කර් සමග විවාහ වූ අතර ඈ දැන් කැමිලා, කෝන්වෝල්හී ආදිපාදවරිය නමින් හඳුන්වයි.