ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ

විකිපීඩියා වෙතින්
ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ
Grand Theft Auto
Grand Theft Auto logo series.svg
ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III (2001) ක්‍රීඩාවේ සිට භාවිත වූ ලාංඡනය
වර්ගයක්‍රියාදාම-ත්‍රාසජනක
ප්‍රවර්ධකයෝ
ප්‍රකාශකයෝරොක්ස්ටාර් ගේම්ස්
Platforms
පළමු නිකුතුවග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ
1997 නොවැම්බර් 28
නවතම නිකුතුවග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: ද ට්‍රිලොජි – ද ඩෙෆිනිටිව් එඩිෂන්
2021 නොවැම්බර් 11

ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ (ඉංග්‍රීසි: Grand Theft Auto; GTA) යනු ඩේවිඩ් ජෝන්ස් සහ මයික් ඩේලි විසින් නිර්මාණය කරන ලද විදෘශ්‍ය ක්‍රීඩා මාලාවකි. මෙය ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය විදෘශ්‍ය ක්‍රීඩා සංවර්ධක ආයතනයක් වන රොක්ස්ටාර් නෝර්ත් (පෙරදී ඩීඑම්ඒ ඩිසයින්) විසින් සංවර්ධනය කෙරෙන අතර, එහි මව් ආයතනය වන රොක්ස්ටාර් ගේම්ස් විසින් ප්‍රකාශයට පත් කෙරෙයි. ක්‍රීඩා මාලාවේ නම වන ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ යනු රථවාහන සොරකම හැඳින්වීමට එක්සත් ජනපදයේ භාවිත කෙරෙන නාමයයි.

මෙම ක්‍රීඩාවල මූලිකම අංගයක් වන්නේ ක්‍රීඩකයාට සීමා රහිතව ගවේශනය කළ හැකි විවෘත ලෝකයක් ලබා දීමයි. එහිදී ක්‍රීඩකයාට ක්‍රීඩාවේ ප්‍රධාන කථාන්තරය සමග ඉදිරියට යෑම සඳහා මෙහෙයුම් සිදු කිරීමටත්, විවිධ වෙනත් ක්‍රියාකාරකම් වල නියැලීමටත් නිදහස ලැබෙයි. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා වල ලෝකයන් නිර්මාණය කර ඇත්තේ සැබෑ ලෝකයේ ඇති නගර පාදක කරගෙනය. මුලින්ම පලවූ ක්‍රීඩා වල තිබූ ලිබර්ටි සිටී, සැන් ඇන්ඩ්‍රියාස් සහ වයිස් සිටී නම් නගරයන් පිළිවෙලින් නිව් යෝක් නගරය, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ මියාමි පාදක කරගෙන නිර්මාණය වී ඇත. ක්‍රීඩා මාලාවෙහි ප්‍රධාන චරිතයන් වන්නේ අපරාධ ලෝකය තුල ඉහළට ගමන් කිරීමට තැත් කරන අය වන අතර, ප්‍රතිවාදීන් වන්නේ ප්‍රධාන චරිතයව පාවා දෙන ලද හෝ ඔවුන්ගේ ප්‍රගතියට බාධා කරන පුද්ගලයන් ය.

ඩීඑම්ඒ ඩිසයින් ආයතනය විසින් 1997 දී ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ නමින් පළමුවන ක්‍රීඩාව ප්‍රකාශයට පත් කරමින් ක්‍රීඩා මාලාව ආරම්භ කෙරුනි. 2020 වන විට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා 7 ක් ප්‍රකාශයට පත් වී ඇත. ක්‍රීඩා මාලාවේ සන්ධිස්ථානයක් ලෙස 2001 දී පළවූ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III ක්‍රීඩාව හැඳින්වෙන්නේ එය ක්‍රීඩා මාලාවේ පළවූ ප්‍රථම ත්‍රිමාණ (3D) ක්‍රීඩාව වූ බැවිනි.

ක්‍රීඩා මාලාව දැඩි ලෙස විචාරක පැසසුමට ලක් විය. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ මාලාවෙහි ත්‍රිමාණ ක්‍රීඩා සියල්ලක්ම පාහේ ඉතිහාසයේ විශිෂ්ටතම සහ වැඩියෙන්ම අළෙවි වූ විදෘශ්‍ය ක්‍රීඩා අතරට අයත් විය. මෙහි පිටපත් මිලියන 350 කට අධික ප්‍රමාණයක් මේ වන විට අළෙවි වී ඇති අතර, පස් වැනියට වැඩියෙන්ම අළෙවි වූ ක්‍රීඩා මාලාව ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ වේ. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා ඒවායේ ප්‍රචණ්ඩකාරී තේමාවන් සහ වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් නිසා මතභේදයට ද තුඩු දී ඇත.

ක්‍රීඩා[සංස්කරණය]

වර්ෂය ක්‍රීඩාව සංවර්ධකයා Platform(s) ක්‍රීඩා විශ්වය
කොන්සෝල පරිගණක Handheld ජංගම වෙනත්
Main series
1997 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ඩීඑම්ඒ ඩිසයින් PS1 GBC 2D
1999 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ II Windows GBC
2001 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III
3D
2002 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: වයිස් සිටී රොක්ස්ටාර් නෝර්ත්
  • PS2
  • Xbox
  • Windows
  • OS X
  • Android
  • iOS
  • Fire OS
2004 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: සැන් ඇන්ඩ්‍රියාස්
  • Windows
  • OS X
  • Android
  • iOS
  • WP
  • Fire OS
Oculus Quest 2[upper-alpha 3]
2008 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ IV
  • PS3
  • Xbox 360
Windows HD
2013 ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ V Windows

ආශ්‍රිත[සංස්කරණය]

  1. Harradence, Michael (16 November 2015). "GTA San Andreas for PS3 gets rated for upcoming re-release". psu.com. Archived from the original on 17 November 2015. සම්ප්‍රවේශය 18 November 2015.
  2. Makuch, Eddie (23 October 2014). "GTA: San Andreas Re-Release Coming to Xbox 360 [UPDATE]". GameSpot. CBS Interactive. Archived from the original on 25 October 2014. සම්ප්‍රවේශය 25 October 2014.
  3. Fenlon, Wes (28 October 2021). "Grand Theft Auto: San Andreas is coming to VR". PC Gamer. Future plc. සම්ප්‍රවේශය 29 October 2021.


උපුටාදැක්වීම් දෝෂය: "upper-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="upper-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෑන්ඩ්_තෙෆ්ට්_ඔටෝ&oldid=494007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි