ගංගුබායි කාඨියාවාඩී

විකිපීඩියා වෙතින්
(ගංගුබායි කාඨියාවාඩි වෙතින් යළි-යොමු කරන ලදි)
ගංගුබායි කාඨියාවාඩී
පළමු දැක්ම
අධ්‍යක්‍ෂණයසංජයි ලීලා භන්සාලි
රචනයසංජයි ලීලා භන්සාලි
උත්කර්ෂිනී වාශිෂ්ඨා
කතාවස්තුවහුසේන් සයිදි
නිශ්පාදනයසංජයි ලීලා භන්සාලි
ජයන්තිලාල් ගාදා
රංගන ශිල්පීන්ආලියා භාට්
සිනෙමාරූපණයසුදීප් චැටර්ජී
සංස්කරණයඅකීව් අලි
සංගීතයතනුව:
සංචිත් බල්හරා
අංකිත් බල්හාරා
ගීත:
සංජයි ලීලා භන්සාලි
Production
companies
භන්සාලි ප්‍රොඩක්ෂන්ස්
පෙන් ඉන්ඩියා ලිමිටඩ්
බෙදාහැරීමපෙන් මාරුධර් එන්ටර්ටේන්මන්ට්
නිකුත්වූ දිනය
  • 30 ජූලි 2021 (2021-07-30)[1]
රටඉන්දියාව
භාෂාවහින්දි

ගංගුබායි කාඨියාවාඩී යනුවෙන් හැඳින්වෙන්නේ ඉදිරියේ තිරගත වීමට නියමිත ඉන්දියානු හින්දි-භාෂා චරිතාපදාන අපරාධ චිත්‍රපටයකි. මෙයට පාදක වී ඇත්තේ කාමාඨිපුරා හි වේශ්‍යා මඩමක පාලිකාවක වූ ගංගුබායි කෝඨේවාලී පිළිබඳ හුසේන් සයිදි විසින් සිය මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බායි ග්‍රන්ථයේ ඇතුළත් කොට ඇති පරිච්ඡේදයයි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ සංජයි ලීලා භන්සාලි විසිනි.[2] මෙහි ගංගුබායි ලෙස ප්‍රධාන චරිත නිරූපණය සිදු කරන්නේ ආලියා භාට් විසිනි. ශාන්තනු මහේශ්වරී, විජයි රාස් සහ සීමා පාහ්වා මෙහි සහාය චරිත නිරූපණය කරන අතර, අජයි දේව්ගන්, එම්රාන් හෂ්මි සහ හුමා කුරේෂි මෙහි විශේෂ පසුබිම් චරිත නිරූපණය සිදුකරති.[3] මෙම චිත්‍රපටය 2021 ජූලි 30 දින මුදාහැරීමට නියමිත ය.[1]

කථා පුවත[සංස්කරණය]

මෙම චිත්‍රපටය මඟින් නිරූපණය වන්නේ ගංගුබායි කාඨියාවාඩී නම් තරුණියක ඇයේ පෙම්වතා වන රාම්නික් ලාල් විසින් ගණිකා වෘත්තිය උදෙසා විකූණා දැමීමෙන් අනතුරුව, ඇට කාමාඨිපුරා හි ගණිකා නිවාස පාලිකාවක බවට පත්වන ආකාරයයි.

චරිත නිරූපණය[සංස්කරණය]

මුදාහැරීම[සංස්කරණය]

මෙහි ටීසරය සංජයි ලීලා භන්සාලිගේ උපන් දින, එනම් 2021 පෙබරවාරි 24 දින මුදාහැරිණි. මෙම චිත්‍රපටය 2021 ජූලි 30 දින මුදාහැරීමට නියමිත ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "BREAKING: It's Alia Bhatt vs Prabhas as Gangubai Kathiawadi to take on Radhe Shyam at the box-office on July 30". Bollywood Hungama. 24 February 2021. සම්ප්‍රවේශය 24 February 2021.
  2. "Alia Bhatt begins shooting for Gangubai Kathiawadi, shares pic of her trailer:'Look what Santa gave me this year'". Hindustan Times. 27 December 2019. සම්ප්‍රවේශය 27 December 2019.
  3. "Alia Bhatt commences the shoot for Sanjay Leela Bhansali's Gangubai Kathiawadi!". Bollywood Hungama. 27 December 2019. සම්ප්‍රවේශය 27 December 2019.
  4. "Seema Pahwa On How Alia Bhatt Saved A Child Actor From Embarrassment On Gangubai Kathiawadi Set - SheThePeople TV".
  5. "SCOOP: Ajay Devgn allots 10 days to Sanjay Leela Bhansali for Gangubai Kathiawadi; to play Karim Lala". Bollywood Hungama. 8 February 2021. සම්ප්‍රවේශය 10 February 2021.
  6. "Huma Qureshi to have a special dance number in Sanjay Leela Bhansali's Gangubai Kathiawadi". Bollywood Hungama. 26 December 2020. සම්ප්‍රවේශය 27 December 2020.

<ref> https://www.ndtv.com/entertainment/gangubai-kathiawadi-alia-bhatts-film-to-release-in-cinemas-on-2377416

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගංගුබායි_කාඨියාවාඩී&oldid=476484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි