අජේ දේව්ගන්

විකිපීඩියා වෙතින්
(අජයි දේව්ගන් වෙතින් යළි-යොමු කරන ලදි)
අජේ දේවගන්
උපත 1969 අප්‍රේල් 02
විශාල් වීරු දේවගන්
අනෙක් නම(ම්) අජේ දේවගන්
රැකියාව නලුවෙකි, නිෂ්පාදකවරයෙකි, අධ්‍යක්ෂකවරයෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1991-වර්තමාන
භාර්යාව කාජල් දේවගන් (1999-වර්තමාන)

විශාල් වීරු "අජේ"දේවගන් (1969 අප්‍රේල් 2 නව දිල්ලියේ උපත ලද.) "ජාතික සිනමා සම්මාන ලබා ගත් හින්දි චිත්‍රපට වල රඟපාන නලුවෙකි. ඔහු බොලිවුඩ්පුරයේ ගැඹුරු චරිත වලට විවෘත වෙමින් තම ස්ථාවරය ස්ථාපනය කර ගත්තේ, සටන් නලුවෙකු ලෙස1990 දශකයේ සිනමා ජීවිතය ආරම්භ කරමිනි. 2008 දී අධ්‍යක්ෂනයට පිවිසි ඔහු "යු මී ඕර් හම් " චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ තම භාර්යාව වන "කාජල් " සමඟය.

ජීවිත කතාව

දේවගන් හා ඔහුගේ පවුල පැවත එන්නේ පන්ජාබ් දේශයෙනි. වීරු දේවගන්, සටන් අධ්‍යක්ෂවරයෙක් වන අතර ඔහුගේ මව වන වීනා දේවගන් එක චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත. ඔහුගේ සහෝදරයා වන අනිල් දේවගන්,බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ජුහු හි "බාප්පු පාසල" හා "මිතිබායි විදුහලේ" උපාධිධාරියෙකි. ඔහු 1999, පෙබරවාරි 23 වන දින සිනමා නිළි කාජල් හා විවාහ වු අතර ඔවුන්ට දියණියක සහ පුතෙකු සිටියි. 2009, අගෝස්තු හිදී ඔහු විසින් තම මවගේ ඉල්ලීම මත තම අවසාන නම "දේවගන්" ලෙස වෙනස් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=අජේ_දේව්ගන්&oldid=482735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි