කොරියාවේ රාජධානි තුන

විකිපීඩියා වෙතින්
කොරියාවේ රාජධානි තුන
පස්වන සියවස අගභාගයේදී කොරියාවේ රාජධානි තුනෙහි සිතියම.
කොරියානු නම
හංගුල්삼국시대
හන්ජා三國時代
ප්‍රතිශෝධිත රෝමානුකරණයසම්කුක් ෂීටේ
මැකූන්–‍රයිෂවර්සන්කුක් සදේ

පළමුවන සහස්‍රකයෙහි වැඩි කාලයක් තුල, කොරියානු අර්ධද්වීපය සහ මැන්චූරියාවේ කොටස් අභිභවනය කළ, කොකුරියෝ, බෙක්ජේ සහ සිල්ලා යන පුරාතන කොරියානු රාජධානි හැඳින්වෙන්නේ කොරියාවේ රාජධානි තුන (කොරියානු삼국시대; හන්ජා三國時代) ලෙසිනි. රාජධානි තුනෙහි යුගය පැවතුනේ ක්‍රිව 57 සිට ක්‍රිව 668 දී සිල්ලා රාජධානිය විසින් කොකුරියෝ රාජධානිය යටත් කරගැනුම තෙක් වන අතර,[1] ඉන් අනතුරුව, දකුණු ප්‍රදේශයෙහි එක්සත්වූ සිල්ලා සහ උතුරෙහි බෝහායි යන රාජ්‍යයන් සහිතව උතුරු සහ දකුණු රාජ්‍ය යුගය (남북국시대) ඇරඹිණි.

මෙම රාජ්‍යයන් සියල්ලෙන් සම්පූර්ණ රාජධානි බවට ප්‍රවර්ධනය වීමට පෙර, මෙම යුගයට පෙර පැවති කාල පරිච්ඡේදය, සමහරවිට කොරියාවේ ප්‍රාග්–රාජධානි තුන ලෙසින් හැඳින්වේ.


මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. එන්සයික්ලොෆීඩියා ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි, වෙළුම I, P464 ත්‍රී කිංඩම්ස්, කොරියා, සංස්කරණය මාර්ෂා ඊ. ඇකර්මාන්, මයිකල් ජේ. ෂ්රෝඩර්, ජේනිස් ජේ. ටෙරී, ජියු-හ්වා ලෝ අප්ෂර්, මාක් එෆ්. විටර්ස්, ISBN 978-0-8160-6386-4
"https://si.wikipedia.org/w/index.php?title=කොරියාවේ_රාජධානි_තුන&oldid=412728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි