කොටසර පියංගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
කොටසර පියංගල රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
පිහිටීමබිබිල
ද්වාරය:බුද්ධාගම

කොටසර පියංගල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ. එය බිබිල-මහියංගනය මාර්ගයේ පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

කොටසර පියංගල විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදෙන බැව් විශ්වාස කෙරේ. සද්ධර්මාලංකාරය, රසවාහිනිය, ථූපවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයන්හී මෙම පුදබිම පිළිබඳ විස්තර සඳහන් වන අතර සද්ධර්මලංකාරයෙහි, කොටසර කීලවාපී ජනපදය ලෙස මෙම විහාරය හඳුන්වා තිබේ. විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව ථූපවංශයෙහි විස්තර සඳහන්ය.

විහාර නටඹුන්[සංස්කරණය]

විහාර භූමිය පුරා විසිරුණු නටඹුන් රාශියක් මෙහිලා දැක ගැනීමට හැකිවේ. පුදබිමේ වූ ස්ථූපය දේවානම්පිය තිස්ස රජ සමයේ ඉදිකරවන ලද්දක් බැව් පැවසේ.

විහාර භූමියේ දැකගැත හැකි පොළොන්නරු යුගයට අයත් ඉපැරණි දෙමහල් ගොඩනැගිල්ල, දළදා මැදුරක් ලෙස පිළිගැනේ.[1] දන්ත ධාතූන් වහන්සේ රුගෙන පොළොන්නරුව සිට පලා ආ සුගලා දේවිය දළදා කරඬුව මෙම ස්ථානයේ වඩා හිඳවූ බව විශ්වාස කෙරේ. කෙසේ වූවද මෙම ගොඩනැගිල්ල භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි පධානඝරයක් බවට තවත් මතයක් පවතී.

ටැම්පිට විහාරය[සංස්කරණය]

පුදබිමෙහි වූ ටැම්පිට විහාරමහනුවර යුගයට අයත් වේ. එය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකොට තිබේ. මහනුවර යුගයේ සිතුවම් වලින් සිවිලිම හා බිත්ති හැඩගන්වා ඇති අතර උළුවස්ස ගලින් නිමවා තිබෙනු දැකගත හැකි වේ.

සංඝාවාසය[සංස්කරණය]

සංඝාවාසයද මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ ඉදිකරවා තිබේ. මැද මිදුල ආදී මහනුවර යුගයේ වාස්තු ලක්ෂණ මෙහි දැකගත හැකි වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කොටසර පියංගල රජමහා විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 2015-10-20.