Jump to content

ටැම්පිට විහාර

විකිපීඩියා වෙතින්
හෙට්ටිපොල, පරාක්‍රමපුර පිහිටා ඇති පඬුවස්නුවර රජ මහා විහාරයේ වූ ටැම්පිට විහාර ගෙය
යටවත්තේ පුරාණ විහාරයේ වූ පුරාණ ටැම්පිට ගොඩනැගිල්ල

ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් ටැම්පිට විහාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුල මෙම විහාර සම්ප්‍රදාය 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්‌වා ප්‍රචලිතව පැවතිණි. 20 වැනි සියවසේ හෝ ඊට පසු කාලයේ තුලදී ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක හමුවී නොමැත.

සම්භවය

[සංස්කරණය]

ලක්දිව තුල ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම සම්බන්ධව මත කිහිපයක් පවතී.[1]

  • මහල් පූජස්ථාන ඉදිකිරීමේ අංගයක් ලෙස ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
  • ස්වභාවික උවදුරු හේතුවෙන් සිතුවම් සහ පිළිම වලට සිදුවන හානිවලින් ගෘහය ආරක්ෂා කරගැනීම සඳහා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
  • ගෞරවෝත්පාදනය උදෙසා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.

දිවයිනෙහි ටැම්පිට විහාර ව්‍යාප්තිය

[සංස්කරණය]

වර්තමාන ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර 137 ක් පමණ හඳුනාගෙන තිබේ. ඉන් එක් එක් දිස්ත්‍රික්කයන්හී ටැම්පිට විහාර ව්‍යාප්ත වී ගොස් ඇති ආකාරය.[2]

දිස්ත්‍රික්කය ටැම්පිට විහාර සංඛ්‍යාව
අනුරාධපුරය5
කළුතර1
කෑගල්ල48
කුරුණෑගල28
මහනුවර15
මාතලේ11
ගම්පහ10
රත්නපුර8
ගාල්ල2
මාතර4
හම්බන්තොට2
නුවරඑළිය3

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ තෙන්නකෝන්, චාන්දනී. "මැදවල ටැම්පිට විහාරය". අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 9 ජූලි 2017.
  2. ↑ "ජනප්‍රිය කලාවෙන් උපන් ටැම්පිට විහාර". දිවයින (පුවත්පත). 21 ඔක්තෝම්බර් 2009. සම්ප්‍රවේශය 8 ජූලි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ටැම්පිට_විහාර&oldid=692328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි