කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය

විකිපීඩියා වෙතින්
කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය
විහාරයේ දාගැබ
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එය වැල්ලවාය - බුත්තල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 3 ක් පමණ ඈතින් වරුණගම ග්‍රාමයේ පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ. විහාරස්ථානයෙහි වළගම්බා රජ සමයට අයත් කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් දැක ගත හැකිවේ.[1]

විහාරය[සංස්කරණය]

විහාරස්ථානයේ චෙෙත්‍යය, එහි වූ පර්වත මස්තකයේ පිහිටා තිබෙන අතර එහි ගල් ලෙන් හා ජල පොකුණු රැසක්ද දැකගත හැකිවේ.

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය". ඉන්ෆොඉන්බුඩිස්ට්. 2013 ජනවාරි 28. සම්ප්‍රවේශය 2015 ජුනි 20. {{cite news}}: Check date values in: |accessdate= and |date= (help)