Jump to content

කෘමීන් පරිභෝජනය

විකිපීඩියා වෙතින්
තායිලන්තයේ, බැංකොක් නුවර, ආහාර වෙළෙඳ සැලක විකිණීමට තබා ඇති, මිනිස් පරිභෝජනය සඳහා වන, ගැඹුරු-තෙලෙහි-බැදි කෘමීන්.

කෘමි පරිභෝජනය යනු ආහාරයක් ලෙසින් කෘමීන් පරිභෝජනයට ගැනීමයි. සමහර කෘමි විශේෂයන්ගේ බිත්තර, කීටයෝ, පිළවු සහ වැඩුණු සතුන් මිනිසා විසින් ආහාරයට ගෙන ඇති අතර, වර්තමාන සමයෙහිදී පවා මිනිස් පෝෂණයෙහි අංගයක් ලෙසින් පවතියි. [1] බොහෝ සතුන් විසින් කෘමීන් ආහාරයට ගන්නා නමුත්, මෙම පදය සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නේ මිනිසුන් විසින් කෘමීන් පරිභෝජනය කිරීම සඳහාය; කෘමීන් ආහාරයට ගන්නා සතුන් හැඳින්වෙන්නේ කෘමිභක්ෂකයන් ලෙසිනි. කෘමින් ගොදුරු කර ගනිමින් පෝෂ්‍ය පදාර්ථ උකහාගන්නා, සමහරක් මාංශභක්ෂක ශාක විශේෂයන්ද සිටිති.

උතුරු, මධ්‍යම සහ දකුණු ඇමරිකාව හා අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී පෙදෙස් වල සංස්කෘතීන් අතර, මිනිසුන් විසින් කෘමි පරිභෝජනය සුලබය. ලොව ජාතීන් 80% විසින් කෘමි විශේෂ 1,000 කට වැඩි සංඛ්‍යාවක් ආහාරයට ගන්නා බව දන්නා කරුණකි.[2] කෙසේවෙතත්, සමහර සමාජයන්හී කෘමීන් -ආහාරයට ගැනීම දුලබ වන අතරම සමහරවිට තහංචි දෙයකි.[3][4] [5] [6] වර්තමාන සංවර්ධිත ලෝකයේ කෘමීන් ආහාරයට ගැනීම විරල වන මුත්, ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින පෙදෙස් වල, කෘමීන් ජනප්‍රිය ආහාරයක්ව තවමත් පවතියි.

ලොව පුරා ආහාර පරිභෝජනයට ගැනෙන ජනප්‍රිය කාඹීන් සහ ඇරැක්නිඩාවන් (මකුළු, ගෝනුසු විශේෂ) අතර පළඟැටියන්, රැහැයියන්, තණ කොළ පෙත්තන්, කුහුඹුවන්, විවිධ කුරුමිණි පිළවුන් ( කඳ පණුවන් වැනි), කළු කුරුමිණියාගේ හෝ කඳ කුරුමිණියා‍ගේ පිළවුන්,[7] දළඹුවන් විවිධ විශේෂයන් ( බට පණුවන්, මොපානි පණුවන්, සේද පණුවන් සහ ඉටි පණුවන් ආදිය), ගෝනුස්සන් සහ දිවි මකුළුවන් ආදිය අඩංගු වෙති. ඇරැක්නිඩයන් ( ප්‍රධාන වශයෙන් දිවි මකුළුවන් ) සහ මිරියපෝඩයන් (ප්‍රධාන වශයෙන් පත්තෑයන්) වැනි කෘමීන් නොවන සන්ධිපාදකයන්ද පරිභෝජනයට ගැනීම ඇකුළු වන පරිදී, කෘමි පරිභෝජනය යන පදය සමහරවිට පුළුල් කොට අර්ථදැක්වෙයි. [8] මිනිසුන් විසින් ආහාර ලෙසින් පරිභෝජනය කළ හැකි, ඇරැක්නිඩයන්ද ඇතුළුව, සන්ධිපාදකයන් විශේෂ 1,417 ක් පිළිබඳ දැනුවත්ව පවතියි.[9] විශේෂයෙන්ම කකුළුවන්, පොකිරිස්සන්, සහ ඉස්සන් ආදි කවචයන් වැනි, අනෙකුත් සන්ධිපාදකයන් පරිභෝජනය කිරීම සඳහා මෙම පදය භාවිතා නොවේ.

කෘමීන් පරිභෝජනය විශාල පරිමාණයෙන් සිදු කිරීම පිළිබඳ මෑතදී සිදු කළ ඇගැයුම් වලින් අනතුරුව, සමහරක් ප්‍රවීණයන් විසින්, සත්ව පශු සම්පතට විකල්ප වශයෙන් කෘමි පරිභෝජනය යෝජනා කරනුයේ, මහත්වූ කාර්යසාධනය, අඩු සම්පත් පරිහරණය, ආහාර ආරක්ෂණයෙහි ඉහළ බව, සහ පාරිසරීය සහ ආර්ථික ධරණීයතාවය වැනි සම්භාව්‍ය ප්‍රතිලාභ පෙන්වා දෙමිනි. [10][11][12][13]

පාරිසරීය ප්‍රතිලාභ[සංස්කරණය]

ක්ෂයවූ පදාර්ථය ජෛව ස්කන්ධය බවට පෙරැලීමේදී, සාම්ප්‍රදායික පශු සම්පත ඇතිදැඩි කිරීමට වඩා, කෘමි වගාව වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් වන්නේ, පදාර්ථය ස්වීකරණය සහ පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහණය සඳහා කාමීන් විසින් භාවිතා කෙරෙන ක්‍රම සලකා බැලීමෙනි; කෘමි ජෛව පදාර්ථය කිලෝ ග්‍රෑම් එකක් නිපැයීම හා සැසඳීමේදී, මස් කිලෝ ග්‍රෑම් එකක් නිපැයීම සඳහා ශාක පෝෂ්‍ය පදාර්ථ 10 ගුණයකට වඩා අවශ්‍ය වෙයි.[11]

ඉතිහාසය[සංස්කරණය]

මිනිස් පරිභෝජනය සඳහා පිරිනැමෙන කඳ පණු බඳුනක්.

දඩයම හෝ ගොවිතැන හෝ සඳහා, මිනිසුන් වෙත මෙවලම් තිබීමට පෙර, ඔවුන්ගේ ආහාර වේලෙහි වැදගත් තැනක් කෘමීන් විසින් දරන්නට ඇත. ඇඑජ සහ මෙක්සිකෝවෙහි ගුහා තුලින් හමුවූ පාෂාණිභූත අසූචි විශ්ලේෂණය කිරීමෙන් මේ පිළිබඳ සාක්ෂි හමුවී ඇත.

යොමුව[සංස්කරණය]

  1. "එන්ටමෝෆ්ජි (කෘමින් ආහාරයට ගැනීම)". ආක්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳ පර්යේෂණ ඒකකය, කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය (පර්යේෂණ). සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2014.
  2. ඩේමියන් කැරිංටන්. "ඉන්සෙක්ට්ස් කුඩ් බී ස කී ටු මීටිං ෆුඩ් නීඩ්ස් ඔෆ් ග්‍රොවිං ග්ලෝබල් පොපියුලේෂන්", ද ගාර්ඩියන් 1 අගෝස්තු 2010. සම්ප්‍රෙව්ශය 27 පෙබරවාරි 2011.
  3. වෙයිස්, එම්.එල්., හා මාන්, ඒ.ඊ. (1985). හියුමන් බයලොජි ඇන්ඩ් බිහේවියර්: ඇන් ඇන්ත්‍රපොලොජිකල් පර්ස්පෙක්ටිව්. බොස්ටන්: ලිට්ල් බ්‍රවුන් සහ සමාගම. ISBN 0-673-39013-6.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  4. මැක්එල්රෝයි, ඒ., හා ටවුන්සෙන්ඩ්, පී.කේ. (1989). මෙඩිකල් ඇන්ත්‍රපොලොජි ඉන් ඊකලොජිකල් පර්ස්පෙක්ටිව්. බෝල්ඩර්, කොලරාඩෝ: වෙස්ට්වීව් ප්‍රෙස්. ISBN 0-8133-0742-2.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  5. සැගර්ස්, එස්., හා ග්‍රේ, ඩී. (1991). ඇබොරිජිනල් හෙල්ත් ඇන්ඩ් සොසයිටි: ද ට්‍රැඩිෂනල් ඇන්ඩ් කන්ටෙම්ප්‍රරරි ඇබොරිජිනල් ස්ට්‍රග්ල් ෆො බෙටර් හෙල්ත්. සිඩ්නි: ඇලන් ඇන්ඩ් අන්වින්. ISBN 1-86373-057-5.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  6. ගෝර්ඩ්න්, ඩේවිඩ් ජෝර්ජ් (1998). දි ඊට් -අ-බග් කුක්බුක්. බර්ක්ලි, කැලිෆෝර්නියාව: ටෙන් ස්පීඩ් ප්‍රෙස්. ISBN 0-89815-977-6.
  7. ග්ලෝබල් ස්ටීක් - ඩෙමන් නො ඔන්ෆොන් මොජහූ ඩෙ ක්‍රිකේ (2010 ප්‍රංශ වාර්තාව)
  8. "ඉන්සෙක්ට්ස් ආ ෆූඩ්". ඉන්සෙක්ට්ස් ආ ෆූඩ්. සම්ප්‍රවේශය 2012-09-26.
  9. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Oonincx 2010 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. 11.0 11.1 "එනර්ජි-එෆිෂන්ට් ෆූඩ් ප්‍රොඩක්ෂන් ටු ප්‍රඩියුස් ග්ලෝබල් වෝමිං ඇන්ඩ් එකෝඩිග්‍රෙඩ්ෂන්: දි යූස් ඔෆ් එඩිබල් ඉන්සෙක්ට්ස්". රිනිවබල් ඇන්ඩ් සස්ටේනබල් එනර්ජි රිවිව්ස්. 15 (9): 4357–4360. 2011. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |month= ignored (help)
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gahukar 2011 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Yen 2009 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=කෘමීන්_පරිභෝජනය&oldid=400367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි