කිලි සටන

විකිපීඩියා වෙතින්
කිලි සටන
ඉන්දියාව වෙත මොංගල් ආක්‍රමණ හි කොටසකි
දිනය1299
පිහිටුම
දිල්ලිය අසල කිලි
28°39′16″N 77°13′51″E / 28.65456°N 77.23090°E / 28.65456; 77.23090ඛණ්ඩාංක: 28°39′16″N 77°13′51″E / 28.65456°N 77.23090°E / 28.65456; 77.23090
ප්‍රතිඵලය දිල්ලි සුල්තාන් රාජ්‍යයෙහි ජයග්‍රහණය
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
මොංගල් බලකායන් ඉන්දියාවෙන් පලවා හරින ලදි
යුද්ධාවතීරයන්
චැගටායි ඛනේටය දිල්ලි සුල්තාන් රාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
හමුදාමය ප්‍රබලතාවය
100,000-200,000 අශ්වාරෝහක හමුදාව (සියාවුඩීන් බාරානිගේ ඇස්තමේන්තුව; සමහරවිට අතිශයෝක්තියක් විය හැකිය) 300,000 අශ්වාරෝහක හමුදාව සහ 2,700 ඇතුන් (ෆිරිෂ්ටාගේ ඇස්තමේන්තුව; සමහරවිට අතිශයෝක්තියක් විය හැකිය)
අපාතිකයන් සහ හානි
අති බොහොමයක් අති බොහොමයක්
කිලි සටන is located in ඉන්දියාව
කිලි සටන
වර්ගමාන ඉන්දියාවෙහි දිල්ලි නගරයෙහි පිහිටුම

කිලි සටන 1299 වසරෙහිදී සටන් වැදුනේ චැගටායි ඛනේටයෙහි මොංගල්වරුන් සහ දිල්ලි සුල්තාන් රාජ්‍යය අතරය. කුට්ලග් කවුජා වෙතින් නායකත්වය සැපයුනු මොංගල්වරු ඉන්දියාව ආක්‍රමණය කළේ , දිල්ලිය යටත් කරගැනුමෙහි අභිලාෂය ඇතිවය. දිල්ලිය අසබඩ කිලි හිදී ඔවුන් කඳවුරු ලෑ විට දිල්ලියේ සුල්තාන්වරයාවූ ඇලායුඩීන් කැල්ජි යුද්ධ හමුදාවක් රැගෙන පැමිණියේ ඔවුන්ගේ ඉදිරිගමනට එරෙහි වීමටය.

ඇලායුඩීන්ගේ ජෙනරාල් සැෆර් ඛාන් විසින් හිල්ජැක් නායකත්වය සැපයූ මොංගල් හමුදා ඒකකයකට පහරදුන්නේ ඇලායුඩීන්ගේ අවසරය නොමැතිවය. මොංගල්වරුන් විසින් කූ‍‍ටෝපායයක් ක්‍රියාත්මක කරමින්, ඇලායුඩීන්ගේ කඳවුරෙන් ඈතට සැෆර් ඛාන්ගේ හමුදාව රැගෙන ගොස් එයට රැක සිට පහරදුන්හ. ඔහු මිය යෑමට පෙර, මොංගල් හමුදාවට දැඩි විපත් සිදුකිරීමට සැෆර් ඛාන් සමත්විය. දින දෙකකට පසුව පසුබැසීමට මොංගල්වරු තීරණය කළහ.

පසුබිම[සංස්කරණය]

දිල්ලි සුල්තාන් රාජ්‍යය පාලනය කළේ, 1296 වසරෙහිදී තම මාමා ඝාතනය කොට දිල්ලි සිංහාසනාරූඪවූ ඇලායුඩීන් කැල්ජි විසිනි. චැගටායි ඛනේටය විසින් මධ්‍යම ආසියාව පාලනය කළ අතර, 1280 ගණන් වල සිට එහි නායකයා වූයේ කයිඩුගේ දෙවන ආඥාපතියා වූ ඩූවා ඛාන් විය. ඇෆ්ගනිස්තානයෙහි සක්‍රීය වූ ඩූවා, මොංගල් පාලනය ඉන්දියාව වෙත පතුරුවාලීමට උත්සාහ කළේය. චැගටායි ඛාන්ගේ මී මුණුපුරෙකුගේ පුතෙකු වූ නෙගඩේරි ආණ්ඩුකාර අබ්දුල්ලා, ඔහුගේ හමුදාව රැගෙන විත් 1292 වසරෙහිදී පන්ජාබය ආක්‍රමණය කළ මුත්, ඇලායුඩීන්ගේ පූර්වප්‍රාප්තික ජලාල්උඩ්ඩීන් කැල්ජි විසින් ඔවුන්ගේ ඉදිරි පෙරමුණට නායකත්වය සැපයූ උලුග් පරාජය කොට සිරකරුවකු ලෙසින් ගන්නා ලදි. යටත් වුණු මොංගල් සොල්දාදුවන් 4,000 පමණ (දිල්ලියෙහි මූගල්වරු ලෙසින් හැඳින්වුනහ) ඉස්ලාම් දහමට හරවනු ලැබූහ. ඔවුන් ජීවත්වූ බිහිනුවර නම් කරන ලද්දේ මූගල්පුර ලෙසිනි. 1296-1297 අතර කාලයෙහිදී දිල්ලි සුල්තාන් රාජ්‍යය විසින් චැගටායි ටුමන්වරු පරාජය කෙරුණහ. මොංගල්වරුන් ඉන්පසුව විටින් විට කිහිපවතාවන් උතුරු ඉන්දියාව ආක්‍රමණය කළහ. අවම වශයෙන් දෙවතාවක් ඔවුන් තම බලය විදහා දැක්වූහ.

"https://si.wikipedia.org/w/index.php?title=කිලි_සටන&oldid=524427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි