ඩෝසන් කුළුණ

විකිපීඩියා වෙතින්
(කැප්ටන් ඩෝසන් කුළුණ වෙතින් යළි-යොමු කරන ලදි)
කැප්ටන් කුළුණ
පිහිටීමකඩුගන්නාව, ශ්‍රී ලංකාව
උසඅඩි 200
කැප කරන ලද්දේකැප්ටන් ඩෝසන් සිහිකරනු වස්

කපිතාන් ඩෝසන් සිහිකරනු වස් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට බ්‍රිතාන්‍ය ලංකාව වූ ශ්‍රී ලංකාවේ කොළඹ-මහනුවර මාර්ගයේ කඩුගන්නාව පිහිටි කපොල්ල ආසන්නයෙන් ඉදිකොට තිබෙන ධවල ස්මාරක කණුව ඩෝසන් කුළුණ ලෙස හඳුන්වයි.[1]

අතීතය[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදිකල මුල්ම මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මාර්ගයේ වැඩ කටයුතු 1820 වර්ෂයේදී අරඹන ලදී. එම මාර්ගයේ වරකාපොල සිට අඹන්පිටිය දක්වා වූ සැතපුම් 11 ක් පමණ දුර ප්‍රමාණයක ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ (Thomas Skinner) අධීක්ෂණය යටතේද, මාර්ගයේ ඉතිරි සම්පූර්ණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේද සිදුකිරීමට නියමිතව තිබුණි.

මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියත් අවාසනාවකට මෙන් එය සම්පූර්ණ කිරීමට පෙර, කැප්ටන් ඩෝසන් හදිසියේ අසනීප වීම නිසා ඔහුට ප්‍රතිකාර කරනු පිණිස කොළඹට රැගෙන යන ලදී. කෙසේ වූවත් 1829 මාර්තු 28 වැනි දින කොළඹදී කැප්ටන් ඩෝසන් අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2]

ස්මාරකයක් ගොඩනැංවීම[සංස්කරණය]

මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කල යුතු යැයි සිතූ ඔහුගේ මිතුරෝ පිරිසක්, ඊට අදාල යෝජනාවක් එවක ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විට නික්ම ගොස් සිටියත්, ඉන් පසුව පැමිණි සර් රොබට් හොර්ටන් (Sir Robert Horton) ආණ්ඩුකාරවරයා, කැප්ටන් ඩෝසන් විසින් සිදු කරන ලද වටිනා සේවය දැකහඳුනාගනිමින්, ඉදිරිපත් කරන ලද එම යෝජනාවට සිය අනුමැතිය ලබා දෙන ලදී.

මේ අනූව වැඩකටයුතු සිද්ධවෙමින්, කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ඉදිකරනා ස්මාරකය, කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව පිහිටුවීමට සැලසුම් කල අතර ඊට මුල් ගල තැබීම, එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කරනු වස් ලන්ඩනයේ හයිඩ් පාක්හී තැනූ කුළුණට මුල් ගල තැබූ දිනයේම සිදු කරන ලදී. ඉදිකර නිමකරනු ලැබූ ඩෝසන් කුළුණෙහි උස, ලන්ඩන් වෙලින්ටන් කුළුණේ උසට (අඩි 200) සමානවම තනා ඇති බැව් සඳහන් වෙයි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. පියර්, එල්. එච්. (2018). ට්‍රාන්ස්ග්‍රෙසිව් රොමෑන්ටිස්ම් (ඉංග්‍රීසි බසින්). කේම්බ්‍රිජ් ස්කෝලර්ස් පබ්ලිෂිං. p. 66.
  2. 2.0 2.1 "කළම්බු-කැන්ඩි රෝඩ් ඇන්ඩ් ද ඩෝසන් ටවර්". සුමනා සපරමාදු. සන්ඩේ ඔබ්සවර්. 2011. සම්ප්‍රවේශය 28 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඩෝසන්_කුළුණ&oldid=575234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි