Jump to content

කාර්ලෝ ඇකුටිස්

විකිපීඩියා වෙතින්

කාර්ලෝ ඇකුටිස්
කාර්ලෝ ඇකුටිස්ගේ ඡායාරූපය
උපත3 මැයි 1991(1991-05-03)
ලන්ඩනය, එංගලන්තය
මරණය12 ඔක්තොම්බර් 2006(2006-10-12) (වයස 15)
මොන්සා, ඉතාලිය
ගරු කරනු ලබනුයේකතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේ10 ඔක්තොම්බර් 2020, අසීසියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් තුමන්ගේ බැසිලිකාව, අසීසි, ඉතාලිය, කාදිනල් අගොස්තිනෝ වලීනි ( ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවට) විසින්
ප්‍රධාන සිද්ධස්ථාන සැන්ටා මාරියා මජෝරේ (Sanctuary of the Spoliation), අසීසි, ඉතාලිය
මංගල්‍යය දින12 ඔක්තොම්බර්
අනුග්‍රාහකත්වය

කාර්ලෝ ඇකුටිස් (3 මැයි 1991 – 12 ඔක්තොම්බර් 2006) යනු දිව්‍ය අභිරහස්මය ප්‍රාතිහාර්යයන් සහ අනුමතිත මරියතුමිය දර්ශනයවීම් ප‍්‍රලේඛගත කල ඉතාලියානු වෙබ්අඩවි නිර්මාණකරුවෙක් විය. ලියුකේමියා රෝගයෙන් ඔහු මිය යෑමට පෙර ඇකුටිස් විසින් නිර්මාණය කෙරුණු වෙබ්අඩවියක ඒවා වර්ග කෝෂය කරන ලදිි.[3]

ඔහුගේ ප්‍රීතිමත් භාවය, පරිගණක කුසලතාවයන්, සහ ඔහුගේ දිවියෙහි ගර්භ තේමාවක් වූ දිව්‍ය සත්ප්‍රසාදය වෙත ගැඹුරු භක්තිය පිළිබඳව ඔහු සංගණ්‍ය විය.[4] ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් 2020 ඔක්තොම්බර් 10 දිනදී, එනම් ඔහුගේ මරණයෙහි 14වන සංවත්සරයට දින ගණනකට පෙර ඇකුටිස් භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි. ඇකුටිස්ගේ මැදිහත්වීම නිසා සිදුවූ බවට විශ්වාස කෙරෙන ප්‍රාතිහාර්යයක් 2024 මැයි 23 දිනදී, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගැනීම නිසා, කතෝලික සභාවෙහි පළමුවරට ශුද්ධවරයට එසවෙන සහස්‍ර වාර්ෂිකයා වීමෙහි මග ඇකුටිස් හට එළිපෙහෙළි විය.[5]

මුල් දිවිය[සංස්කරණය]

උපත සහ බව්තිස්මය[සංස්කරණය]

ධනවත් ඉතාලියානු පවුල් වල සාමාජිකයන්වූ ඇන්ඩ්‍රෙයා ඇකුටිස් සහ අන්තෝනියා ෂල්සානෝ ට දාව, කාර්ලෝ ඇකුටිස් උපන්නේ 1991 මැයි 3 දිනදී එංගලන්තයෙහි ලන්ඩනයෙහි දීය.[4][6][7][8] ඇකුටිස් පවුල ඉතාලියානු රක්ෂණ කර්මාන්තයෙහි වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටියහ.[9] ෂල්සානෝවරු මුද්‍රණ සමාගමක් මෙහෙයවූහ.[10] ඇකුටිස්ගේ මව් පාර්ශවයෙහි මිත්තණිය එක්සත් ජනපදයෙහි උපත ලබා සිටි අතර, නිව්යෝර්ක් හී ඉඩම් හිමි පවුලකින් පැවැත ආහ.[11]

චල්සී හි ඩොලෝර්ස් අප ස්වාමිදුවගේ දේවස්ථානයෙහිදී 1991 මැයි 18 දිනදී ඔහුගේ බව්තීස්මය සිදු කෙරිණි.[12] ඔහුගේ පිය පාර්ශවයෙන් සීයාවූ කාර්ලෝ, ඔහුගේ ඥානපියා විය; ඔහුගේ මව් පාර්ශවයෙන් ආච්චිවූ ලුවානා, ඔහුගේ ඥානමව විය.[13] කෙසේවෙතත්, ඔහුගේ දෙමව්පියන්ගෙන් එකෙකු හෝ ආගමට ලැදි නොවූහ.[3][4][14]

ඉතාලිය වෙත සංක්‍රමණය[සංස්කරණය]

ඔහුගේ උපතට පෙර, ඇකුටිස්ගේ පවුල ලන්ඩනයෙහි සහ ජර්මනියෙහි වෘත්තිමය කටයුතු වල නියැලී සිටියද, 1991 සැප්තැම්බරයෙහිදී, එනම් ඔහුගේ උපත සිදුවී වැඩි කලක් ගතවීමට පෙර මිලාන් නුවර වෙත සංක්‍රමණය වූහ.[3][4][14][10] දෙමව්පියන් දෙදෙනම ඔවුන්ගේ පවුල්වල ව්‍යාපාර කටයුතු වල සිදුකිරීම ඇරඹූ අතර [9] ඇකුටිස් ඇතිදැඩි කිරීම නව අයිරිෂ් ජාතික කිරිමවක වෙත පැවරිණි.[10]

සුරැකුම් මධ්‍යස්ථානයට දෙමව්පියන්ගේ පැමිණීම් කිහිපයක් හැරෙන්නට ඇකුටිස්ගේ මුල් දිවිය සම්පූර්ණයෙන්ම පාහේ කිරිමවුන් වෙතින් සිදු විය.[15] එක් සුරැකුම් මධ්‍යස්ථානයකට එවන් පැමිනීමකදී අනෙකුත් ළමුන්ගේ හිංසාවන්ට ඔහු ලක් විය.[10] එවකට ඔහු සිටියේ පෝලන්ත ජාතික කිරිමවක යටතේ වූ අතර ඇකුටිස් "හොඳ වැඩි" බවක් සිතූ ඇය, අනෙකුත් ළමුන් විසින් ඔහුගේ සෙල්ලම්බඩු පැහැර ගැනීම වැලැක්වීමට කිසියම් රීති කිහිපයක් උගැන්වීමට ඇය උත්සාහ ගත්තාය.[10] කෙසේවෙතත්, මෙය පිළිබඳව ඔහු වරෙක ඇය වෙත ප්‍රතිචාර දැක්වූයේ, "මට කේන්ති ගියොත් ජේසු තුමා සතුටු නොවිය හැකි බවක්" පවසමිනි[10]

ගිම්හාන කාලයෙහිදී ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ජීවත්වීම සඳහා සෙන්ටෝලා වෙත ඇකුටිස් යැවිණි.[11] දහවල් කාලයෙහිදී වෙරළෙහි ගත කරන ඔහු, ඉන්පසු ප්‍රදේශයෙහි පදවි දේවස්ථානයෙහි මහළු කාන්තාවන් කිහිප දෙනෙකු හා සමගින් එක් වන්නේ ජපමාලය උච්චාරණය කිරීමටය.[16] ඔහුගේ පවුල වෙත සන්තා මර්ගරිටා ලිගුරහි බෝට්ටුවක් අයත් වූහ.[17]

පාසැල් අවදිය[සංස්කරණය]

ඇකුටිස්ගේ පළමු ප්‍රාථමික පාසැල වූයේ, මිලාන්හී අතිශයින් උසස් පාසැලක්වූ සැන් කාර්ලෝ විද්‍යාස්ථානය විය.[18] 1997 සැප්තැම්බරයෙහිදී එම පැසැල වෙත ඔහු ඇතුළුවූ නමුදු, පාසැල වෙත ඔහුගේ නිවසෙහි සිට මහත් දුරක් වූ බැවින් තෙමසකට පසුව ඔහුගේ නිවසට සමීපයෙහිවූ, ශුද්ධවූ මර්ෂලීනා කන්‍යා සොහොයුරියන් විසින් පාලනය කරනු ලැබූ මර්ෂලීන් තොම්මාසේයෝ විද්‍යාස්ථානය වෙත ඇතුළත් කෙරිණි. [18] පාසැල වෙත පිය නගමින් යන මගෙහි, ඔහු හට හමුවූ බොහෝ විට ඉතාලියානුවන් නොවූ නිවෙස් රැකවලුන් වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු විය.[19] විගසින්, ඇකුටිස් ඔවුන්ගේ නම් ධාරණය කර ගත් අතර, සෑම උදයකම නැවතී ඔවුනට ආචාර කළේය.[20]

2002 සැප්තැම්බරයෙහි සිට, මර්ෂලීන් තොම්මාසේයෝ විද්‍යාස්ථානය වෙතින් ඔහු මධ්‍ය පාසැල් අධ්‍යාපනය ලැබීය. එයින් පසුව, ඇකුටිස් ජේසු නිකායික ඉන්ස්ටිට්‍යුටෝ ලියෝනි XIII උසස් පාසැලෙහි අධ්‍යාපනය ලැබීය.[21]

ඔහු සාමාන්‍ය මට්ටමෙහි ශිෂ්‍යයෙක් වූ මුත් පරිගණක විද්‍යාව ඇතුළු ඔහුට රුචිවූ අනෙකුත් ශාස්ත්‍රීය ක්ෂේත්‍ර පිළිබඳව කියැවීමට හා ස්වාධීන අධ්‍යයනයෙහි යෙදීමට කැමැත්තක් දැක්වීය.[22] සැක්සෆෝනය වාදනය කිරීම පිළිබඳවද ඇකුටිස් ස්වඅධ්‍යයනය කළේය.[23] පාසැලෙන් නිවසේදී කල යුතු ලෙස නියම කල වැඩ සඳහා උදවු කිරීමට ඔහුට ගුරුවරයෙකු වූ අතර එම වැඩ කෙළවරවූ විට ඔහු සමග දේවස්ථානය වෙත යෑමට ඇකුටිස් පුරුදු වී සිටියේය.[24]

වැඩිමනත් කියවීම්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කැසන්ඩ්‍රා, ඇඩම් (9 දෙසැම්බර් 2016), යං ක්‍රියේටර් ඔෆ් 'යුකරිස්ටික් මිරකල්ස්' එක්සිබිට් කැන් බී රෝල් මොඩ්ල් ෆෝ ස්ටුඩන්ට්ස්, කාදිනල් නිව්මෑන් සමාජය
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rousselle නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; SEB නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. 4.0 4.1 4.2 4.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CN නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nyt නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; alwasys නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; vite නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. කොන්කර් 2021, p. 16, 18-9.
  9. 9.0 9.1 කොන්කර් 2021, p. 18.
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 කොන්කර් 2021, p. 19.
  11. 11.0 11.1 කොන්කර් 2021, p. 20.
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rcdow නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. කොන්කර් 2021, p. 16.
  14. 14.0 14.1 ස්මිත්, ස්කොට්. "බ්ලෙසඩ් බයෝග්‍රෆීස්: කාර්ලෝ ඇකුටිස්, ෆියුචර් පේට්‍රන් සෙන්ට් ඔෆ් ද ඉන්ටර්නෙට්". ඕල් රෝඩ්ස් ලීඩ් ටු රෝම්. 27 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 ජූලි 2021.
  15. කොන්කර් 2021, p. 41.
  16. කොන්කර් 2021, p. 22.
  17. කොන්කර් 2021, p. 82.
  18. 18.0 18.1 කොන්කර් 2021, p. 23, 191.
  19. කොන්කර් 2021, p. 23-4.
  20. කොන්කර් 2021, p. 24.
  21. කොන්කර් 2021, p. 46, 191, 192.
  22. කොන්කර් 2021, p. 46-7.
  23. කොන්කර් 2021, p. 47.
  24. කොන්කර් 2021, p. 48.
  25. කොන්කර් 2021, p. 169.
  26. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  27. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Venerable නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

උපහරණය කෙරුණු කෘතීන්[සංස්කරණය]

  • කොන්කර්, විල් (2021). කාර්ලෝ ඇකුටිස්: අ මිලෙනියල් ඉන් පැරඩයිස්. සොෆියා ඉන්ස්ටිට්‍යුට් මුද්‍රණාලය.
"https://si.wikipedia.org/w/index.php?title=කාර්ලෝ_ඇකුටිස්&oldid=681646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි