ක්‍රීඩා වෛද්‍යවේදය

විකිපීඩියා වෙතින්
ක්‍රීඩා වෛද්‍යවේදය

ක්‍රීඩා කිරීමේදී හා ව්‍යායාම් කිරීමේදී අස්ථි හා මාංශපේෂීන් හි ඇතිවන ආබාධ වළක්වාගැනීම , හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා වු විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ නමින් හැදින්වේ. මෙම ක්‍රීඩා වෛද්‍ය කණ්ඩායමට අදාල ක්‍රීඩකයා හැරුණු විට කායික වෛද්‍යවරයෙක් , ශල්‍ය වෛද්‍යවරයෙක් , මලල ක්‍රීඩා පුහුණු කරුවන් හා අනෙකුත් පුහුණු කරුවන් , භෞත චිකිත්සකයින් හා වෙනත් පුද්ගලයින් අයත්වේ. ක්‍රීඩාවෙහි ඇති තරගකාරීත්වය නිසාම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්රධාන අරමුණ වනනේ අදාල රෝගියා ඉක්මනින් සුවපත් කර ගැනීමයි. මෙමගින් මෙම ක්ෂේත්‍රයෙහි නව ක්‍රමෝපායන් හා අදහස් ඇතිවී තිබේ.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යන්න බොහෝ විට අර්ථ දක්වීම අපහසු වේ. එසේ වන්නේ එය සෞඛ්‍ය සේවකයින් , පර්යේෂකයින් සහ අධ්‍යාපනවේදීන් සහභාගීකරවා ගන්නා විවිධත්වයකින් යුක්ත වෙසෙසියාවක් බැවිනි. මෙමගින් ප්‍රතිකාර කිරිම සහ පුනරුත්ථාපනයට අමතරව වලක්වාගැනීම පිළිබදවද අවධානය යොමු කෙරේ.

මෙහි පුළුල් පරාසයක් ඇතත් ක්‍රීඩා සම්බන්ධ‍ෙයන් ඇතිවන ආබාධ මාංශ පේශීවල හා අස්ථිවල හටගන්නා බැවින් එය විකලාංග වෛද්‍ය ක්ෂේත්‍රයේම අංගයක් ලෙස බොහෝ දෙනා සිතති. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව මීට අමතරව තවත් බොහෝ පුළුල් පරාසයක විහිදී පවතී. ක්‍රීඩාවේදී ඇතිවන රෝගාබාධ හෝ අනතුරු පරිසරාත්මක ශාරීරික සහ මානසික යන හේතුන් නිසා ඇතිවිය හැකිවේ. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හෘද රෝග , ශ්වසන රෝග , චර්ම රෝග , අක්ෂි රෝග , පුනරුත්තාපනය හා විකලාංග වේදය , දන්ත වෛද්‍ය , භෞතවේදය , ජීව කාර්මික විද්‍යාව හා අනතුරු පිළිබදව අධ්‍යයනය කෙරෙන විශේෂඥ ක්ෂේත්‍රයකි. උදාහරණයක් ලෙසට පුහුණුවීම් සිදුකරන අවස්ථාවන්හිදී සිදුවන දේශගුණික විපර්යාස හා භූමි මට්ටමේ වෙනස්වීම් අදාල ක්‍රීඩකයාගේ දක්ෂතා අඩපණ වීමක් සිදුවිය හැකි අතර එය ජීවිතයටද තර්ජනයක් එල්ල කරයි. ක්‍රීඩිකාවන්ගේ මාස්ශුද්ධියේ වු අක්‍රමිකතා , අස්ථිවල ඝණත්වය හා සම්බන්ධ රෝග , ආහාර , වයස්ගතවීම හා ගැබිනි සමය ආශ්‍රිතව ඇතිවන අපහසුතා පිළිබදව ප්‍රතිකාර කිරීම සදහා පුළුල් පරාසයක් ඔස්සේ ව්‍යාප්ත වු දැනීමක් අවශ්‍ය වේ. අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග හා ක්‍රීඩකයන්ගේ අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය විද්‍යාවේ සහ ක්‍රීඩාව සම්බන්ධ විශේෂඥ දැණුම අවශ්‍ය වේ.

ක්‍රීඩාවේදී නොයෙකුත් ඖෂධ වර්ග භාවිතා කිරීම , මත් ද්‍රව්‍ය වර්ග භාවිතය පාලය කිරීම සහ ක්‍රීඩකයින්ගේ ලිංග නිර්ණය කිරීම සංකීර්ණ මානසික , නීතිමය හා සෞඛ්‍යමය ගැටළු පැනනංවයි. ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවන්හිදී විදෙස් රටවල්හි අදාල දේශගුණයට ඔරොත්තු දෙන පරිදි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය තත්වය සමතුලිතව පවත්වා ගැනීම තවත් ගැටළුවකි. මෙමගින් නව ක්ෂේත්‍රයන්හි අධ්‍යයනයන් හා වඩාත් ව්‍යාප්ත වු සායනික හා මුලික විද්‍යාවන් ආශ්‍රිත සමීක්ෂණයන් වැඩි දියුණු වී ඇත.


"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_වෛද්‍යවේදය&oldid=432286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි