අක්‍ෂි වෛද්‍යවේදය

විකිපීඩියා වෙතින්
(Ophthalmology වෙතින් යළි-යොමු කරන ලදි)
Geraet beim Optiker.jpg
Slit lamp Eye examination by Ophthalmologist.jpg

අක්‍ෂි වෛද්‍යවේදය යනු වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ඇති එක් උපක්ෂේත්‍රයකි. මෙහිදී ඇස, මොළය ඇතුළු දෘෂ්ටි මාර්ගයෙහි ඇති වන රෝග සහ සැත්කම් පිළිබදව ද කඳුළු ග්‍රන්ථි සහ ඇසිපියෙහි ඇතිවන රෝග තත්වයන් පිළිබදව ද අධ්‍යයනය කෙරේ. අක්ෂි රෝග විශේෂඥවරයෙකු යනු වෛද්‍ය විද්‍යානුකූලව ශල්‍ය කර්ම පිළිබදව විශේෂඥ දැනුමක් හා පුහුණුවක් ලැබූ වෛද්‍යවරයෙකි. අක්ෂි රෝග විශේෂඥවරුන් ඇස්වල සැත්කම් සිදුකරන බැවින් ඔවුන් ශල්‍ය වෛද්‍යවරුන් ගණයට වර්ගී කරණය කර ඇත.

අක්‍ෂි වෛද්‍යවේදය හෙවත් Ophthalmology යන්න ග්‍රීක භාෂාවෙන් Ophthalmos හෙවත් ඇස යන තේරුම ඇතිව ද Logos හෙවත් විද්‍යාව යන තේරුම ඇතිව ඇස පිළිබදව විද්‍යාව යන අරුත් දේ. මෙහිදී සතුන්ගේ අක්ෂි රෝග පිළිබදව ද අධ්‍යයනය කරනු ලබයි. මිනිසුන්ගේ ඇස් වලින් සතුන්ගේ ඇස් වෙනස් වනුයේ එහි පිහිටීම හා ව්‍යුහ විද්‍යාව අනුව වන අතර ඔවුනට ඇතිවන රෝග තත්වයන් මිනිසුන්ට ඇති වන ඒවාට සමාන වේ. කෙසේ වුවද බොහෝ රටවල පශු වෛද්‍ය විද්‍යාව වෙනම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යයනය කෙරුණද ඇතැම් අක්ෂි රෝග විශේෂඥවරුන් සතුන්ගේ සහ මිනිසුන්ගේ අක්ෂි රෝග සදහා ප්‍රතාකාර කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=අක්‍ෂි_වෛද්‍යවේදය&oldid=432285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි