ක්‍රීඩා ඇඳුම්

විකිපීඩියා වෙතින්
(Sportswear වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍රීඩා_ඇඳුම්

පාපැදි ධාවන තරඟ වලදි තද ඇඳුම් (Tights) ආරක්ෂක හිස් වැසුම් සහ විශේෂ පාවහන් පාවිච්චි කරනු ලැබේ.

ක්‍රීඩා ඇඳුම් යනු පාවහන්ද ඇතුලුව ක්‍රීඩා සහ ව්‍යයාම කිරීමේදි අඳිනු ලබන ඇඳුම් පැළඳුම් යනාදියයි.

ක්‍රීඩාවට විශේෂ වූ ඇඳුම් වලට කෙටි කලිසම්, ට්‍රැක් සූට් (Track suit) ටී ෂර්ට්, පෝලෝ කමිස සහ පුහුණු කරන්නන්ගේ ඇඳුම් ආදිය ඇතුළත් වේ. විශේෂයෙන් සකස් කරන ලද ඇඳුම් වලට වෙට් සූට් (Wet suit) සහ සැලොපෙට්ස්ද ඇතුලත්වේ. එයට ජොක් ස්ට්‍රැප් වැනි යට ඇඳුම්ද ඇතුලත් වේ. සාමාන්‍ය ඇඳුම් මෝස්තර වලදීද ක්‍රීඩා ඇඟලුම් බොහෝ විට අඳිනු ලැබේ.

බොහෝ ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩකයන් ඇඳුම්වල විවිධාකාර අයිතමයන්ගේ සංකලනයක් අඳිති. උදාහරන ක්‍රීඩා පාවහන්, පෑන්ට්ස් සහ කමීස ආදී වශයෙනි. සමහ‍ෙරක් ආරක්ෂක හිස් වැසුම් සහ අමෙරිකන් පාපන්දු ක්‍රීඩකයන් පාවිච්චි කරන අංගාරක්ෂක වැනි ඇඳුම් අඳිති.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_ඇඳුම්&oldid=471763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි