ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රිස්තියානියේ ඉතිහාසය යන්නට කිතුනු දහමේ සහ පල්ලියේ ඉතිහාසය යේසුස් වහන්සේ, උන්වහන්සේ ගේ අනුගාමිකයෝ හැත්තෑ දෙනා හා අපෝස්තුලූවරු දොලොස් දෙනා ගේ කාලයේ සිට වර්තමානය දක්වා අයත් වේ. ක්‍රිස්තියානිය යනු යේසුස් වහන්සේගේ අනාවරණ මත බිහිවූ ඒකදේව වාදී ආගමකි. බොහෝ කිතුනු නිකායන් හි පල්ලිය යන්න යේසුස් වහන්සේ මනුෂ්යා වර්ගයා ගේ ගැලවීම සඳහා පිහිටුවනු ලැබූ සංවිධානය යන්න සලකයි. මෙම අර්ථය ඇතැම් විට මහා පල්ලිය (හයි චර්ච්) යන වදන වර නංවයි. මින් වෙනස්ව කුඩා පල්ලිය (ලෝ චර්ච්) යන්න යේසුස් වහන්සේ සහ අනුගාමිකයා අතර පෞද්ගලික සම්බන්ධයක් නිරූපණය කරයි.

කිතුනු දහම පළමුවන සියවසේ යෙරුසලමේ දී යුදෙව්වන් කේන්ද්රමකොටගෙන ඇතිවූ නමුත් සීඝරහයියෙන් රෝම අධිරාජ්ය පුරා ව්‍යාප්ත වී පසුව ආර්මේනියාව, ඉතියෝපියාව, ජෝර්ජියාව, අසිරියාව, ඉරානය, ඉන්දියාව හා චීනය වැනි ඉන් පිටත රටවල් කරාද පැතිරුණි. මුලින් බැහැර කළද කරඝර මයෙන් එය ආර්මේනියාවේ රාජ්යං ආගම බවට 301 දී හෝ 314 දීත්, ඉතියෝපියාවේ රාජ්යර ආගම බවට 325 දීත්, ජෝර්ජියාවේ රාජ්යී ආගම බවට 337 දීත්, ඉන්පසු රෝම අධිරාජ්යෝයේ රාජ්යහ ආගම බවට 380 දීත් පත්විය. දේශ ගවේෂණ යුගයේ දී එය ලොව පුරා ව්‍යාප්ත වී ලොව විශාලතම ආගම බවට පත්විය.

ඉතිහාසය පුරා මෙම ආගම විවිධ විභේදනයන්ට හා සෙෙද්ධාන්තික මතවාදයන් ට බඳුන් වු අතර විවිධ නිකායන්ට බෙදී ගියේය. මින් විශාලතම නිකාය දෙක වන්නේ රෝමානු කතෝලක පල්ලිය හා පෙරදිග ඕතඩොක්ස් පල්ලිය යි. නමුත් ඔරියන්ටල් ඕතඩොක්ස් වැනි පෙරදිග නිකායන් ද, ප්රො තෙස්තන්ත පල්ලිය සහ වෙනත් නිකායන් ද කිතුනු සමාජයෙන් විශාල පර්න තිශතයක් නිරූපණය කරති.

බටහිර - පෙරදිග නිකාය භේදය[සංස්කරණය කරන්න]

11 වන සියවසේ දී රෝමය සහ කොන්ස්තන්තිනෝපලය අතර මහා නිකාය භේදය ඇතිවූ අතර එය බටහිර පල්ලිය වන රෝමානු කතෝලික දේවස්ථානය පෙරදිග ඕතඩොක්ස් පල්ලියෙන් වෙන් කිරීමට සමත් විය. පීතෘපුත්රජ වාක්යාංශ වැනි න්යායාත්මක කරුණුත් පාප් වහන්සේගේ අණසකත් වෙන්වීමට හේතු විය. ලතින් සහ ග්‍රීකයන් අතර සංස්කෘතික හා භාෂාත්මක වෙනස්කම් මෙම බෙදීම වඩාත් තීව්ර කළේය. මීට පෙරද පල්ලියේ බටහිර සහ පෙරදිග කොටස් නිරන්තර ගැටුම් වල නිරත ව සිටියෝය.

බටහිර-පෙරදිග නිකාය භේදය හෙවත් මහා නිකාය භේදය පල්ලිය බටහිර ලතින් හා පෙරදිග ග්‍රීක ලෙස ශාකා දෙකකට බෙදනු ලැබීය. එය බටහිර කතෝලිකවාදය හා පෙරදිග ඕතඩොක්ස් වාදය ලෙසින් ද හැඳින්වේ. මෙය කැල්සිඩන් කවුන්සිලයේ නියෝග පිළිගැනීම ඇතැම් කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව වන අතර එම සිදුවීමට වඩා අතිශය වැදගත්කමක් උසුලයි. සාමාන්යයෙන් 1054 ලෙස දින සටහන් වූවද බටහිර-පෙරදිග නිකාය භේදය ඇත්ත වශයෙන්ම ලතින් සහ ග්‍රීක කිතුනුවන් අතර කාලාන්තරයක් පුරා පැවති ගැටුම් වල ප්‍රතිඵලයකි. මහා භේදය නිල වශයෙන් ඇරඹියේ 1054 දී කොන්ස්තන්තිනෝපලයේ පූජකපීතෲ මයිකල් සෙරුලරියස් පාප් වහන්සේ ගේ නියෝජිතයන් ව ආගමෙන් නෙරපා හැරීම කරණකොට ගෙන එතුමාව නෙරපා හැරීම හේතුවෙනි. මෙය සමථයකට පත් කිරීමේ උත්සාහයෝ 1204 දී (ලියොන් හි දෙවන කවුන්සිලය) හා 1439 දී (බේසල් හි කවුන්සිලය) සිදුකරන ලද නමුත් අසාර්ථක විය. 1965 දී පාප් වහන්සේ විසින් නෙරපාහැරීම් නිශ්ප්‍රභා කරනු ලැබූවද විභේදනය තවමත් පවතී.

කණ්ඩායම් දෙකම මුල්කාලීන පල්ලියෙන් පැමිණියෝ වන අතර දෙපිරිසම තම විරුද්ධ පාර්ශ්වික බිෂොප්වරුන්ගේ අපෝස්තලික සන්තතිය සහ සක්රමේන්තුව පිළිගනිති. දෙපිරිසම රෝමයේ බිෂොප්තුමාගේ ප්‍රධානීත්වය පිළිගන්නා නමුත් පෙරදිග ඕතඩොක්ස් මතවාදීන් මෙය වෙනත් දියෝකිසීස වල පැවිද්දන් අරභයා සීමා සහිත බලපෑමක් ඇති ගෞරවීය ස්ථානයක් පමණක් ලෙස සලකයි. පෙරදිග ඕතඩොක්ස් මතවාදයට අනුව පාප් වහන්සේ අධිරාජ්යමය චරිතලක්ෂණ විදහා දැක්වීම පල්ලියේ සම්ප්‍රදාය හා එක්ව නොයයි.

මෙහි අවසාන බිඳ වැටීම සිදුවූයේ 1204 දී පැවති හතරවන කුරුස යුද්ධයේ දී කොන්ස්තන්තිනෝපලය අල්ලාගෙන පරාජය කිරීමෙනි. කෙසේ වුවද පෙරදිග කිතුනුවන්ට එරෙහි රෝමානු කතෝලික කුරුස යුද්ධ මධ්‍යධරණියට පමණක් සීමා නොවීය. කොන්ස්තන්තිනෝපලය හා ශුද්ධවූ ප්‍රඥාවේ දේවස්ථානය අල්ලාගෙන ලතින් අධිරාජ්ය පිහිටුවීම ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්ය බිඳදැමීම සඳහා සිදුකරන ලද කියාමාර්ගයක් ලෙස අදටත් ද්වේශ දර්ශණයට ලක්වෙයි. පෙරදිග සිටි බොහෝ දෙනා බටහිර ක්‍රියාකලාපයෝ බයිසැන්තින් අධිරාජ්යය දුර්වල කළ මූලික හේතූන් ලෙස දුටුවෝය. මෙය ක්‍රරමයෙන් අධිරාජ්යය ඉස්ලාමය මගින් පරාජය කිරීම දක්වා වර්ධනය විය. 2004 දී දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ 1204 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් නිල සමාව අයැදීමක් සිදු කළේය. කොන්ස්තන්තිනෝපලයේ පූජක ප්රධානී බර්තොලමිව් විසින් එය නිල ලෙස භාරගන්නා ලදී. මේ කාලයේදී ශුද්ධ ධාතු වස්තුව හා වෙනත් බොහෝ දේ සොරාගන්නා ලද අතර එයින් බොහොමයක් බටහිර යුරෝපීය නගරවල සහ විශේෂයෙන්ම වෙනිසියේ ඇත.

සිරගතව සිටි යුගය[සංස්කරණය කරන්න]

1453 දී ඔටෝමාන් අධිරාජ්‍යය විසින් බයිසැන්තින් අධිරාජ්‍යය බිඳ දමන ලදී . මේ වන විට ඊජිප්තුව දශක හතක් මුළුල්ලේ මුස්ලිම් පාලනය යටතේ පැවතුණි. මේ වන විට රුසියානු ඕතඩොක්ස් නිකාය ඉතාමත් ප්‍රබලව පැවති අතර රුසියානුවෝ මොස්කව් නුවරට කොන්ස්තන්තිනෝපලය සම්බන්ධයෙන් ඇති සංස්කෘතික ඥාතීත්වය හැඟවෙන පරිදි තුන්වන රෝමය යැයි ව්යවහාර කළෝ ය. ඔටෝමාන් පාලන කාලය තුල ග්‍රීක ඕතඩොක්ස් දේවස්තානය ප්රමාණවත් ස්වාධීන බලතල ලබාගත්තෝ ය. සමස්ත ග්‍රීක ඕතඩොක්ස් දේශයේ (මෙය ඔටෝමාන් පරිපාලක ඒකකයකි) පරිපාලක නායකයා සමස්ත අධිරාජ්‍යයේ ම ඕතඩොක්ස් වැඩ කටයුතු භාරව ක්‍රියා කළේ ය.

ස්ටාව්රොනිකිටා ආරාමය අග්නිදිග ස්වරූපය

බටහිරින් වෙන්වීම[සංස්කරණය කරන්න]

1453 දී ඔටෝමාන්වරු බයිසැන්තියානු අධිරාජ්ය ආක්රමණය කිරීම සහ කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීම නිසා බෝල්කින් සහ යුරෝපයට නුදුරු ඕතඩොක්ස් සමාජය එක්වරම බටහිරින් වෙන් විය. ඉන්පසු පැමිණි වසර 400 පමණ කාලයේදී එයට ආගමිකව සහ සංස්කෘතිකව ඉතා වෙනස් වූ ඉස්ලාමීය ලෝකයත් සමග ජීවත් වන්නට සිදු විය. ඔටෝමාන් අධිරාජ්යයෙන් පිටස්තරව පැවති එකම ඕතඩොක්ස් නිකාය වනුයේ රුසියානු ඕතඩොක්ස් නිකාය පමණි. මෙම භෞමික සහ බුද්ධිමය විභේදනය හේතුවෙන් පෙරදිග ඕතඩොක්ස් මතවාද ප්‍රතිසංස්කරණ සමයේ දී නොනැගුණි. එමනිසා වැදගත් මතවාදී විවාද ඕතඩොක්ස් වරුනට ආගන්තුක හා නොවැදගත් වේ. ඔවුන් කිසි විටෙක ප්‍රතිසංස්කරණ තම දේවධර්ම හැදැරීම් තුලට වැදගත්තේ නැත.

ඔටෝමාන් අධිරාජ්යයේ ආගමික නිදහස[සංස්කරණය කරන්න]

බයිසැන්තින් අළු මතින් නැගී සිටි නව ඔටෝමාන් අධිරාජ්‍යය ප්‍රථමික හෝ ම්ලේච්ඡු එකක් නොවීය. ඉස්ලාම් ධර්මය ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ට ශාස්තෲවරයෙක් ලෙස පිළිගත් අතර ක්‍රිස්තියානි භක්තිකයන් ප්‍රධාන ග්‍රන්ථයට අයිති මිනිසුන් ලෙස සැළකීය. මෙහෙමුට් ද කොන්කරර් දේවස්තාන වලට ඡන්දයෙන් නව පූජකවරයෙක් පත්කර ගැනීමට අවසර දුන්නේය. හාජියා සොෆියා සහා පාතිනන් වැනි සියවසකටත් අධික කාලයක් ක්‍රිස්තියානි දේවස්තාන ව පැවති ස්ථාන මුස්ලිම් පල්ලි බවට වෙනස් කළ ද කොන්ස්තන්තිනෝපලයේ හා වෙනත් ස්ථාන වල පිහිටි තවත් බොහෝ දේවස්තාන ක්‍රිස්තියානි පාලනය තුලම පැවතුණි. ඉස්ලාම් නීතිය ජාතිය හා ආගම අරභය කිසිදු විවිධත්වයක් නොකරන බැවින් සියලූම ක්‍රිස්තියානුවන් ඔවුනගේ ජාතිය හා භාෂාව නොතකා එකම ඒකකයක් ලෙස සලකන ලදී . එබැවින් ඉහලම නිලය වන පූජක පීතෲ විසින් එත්නාච් නම් වූ සිවිල් හා ආගමික ප්‍රධානී නිලයක් සමස්ත ක්‍රිස්තායානි ඕතඩොක්ස් ජනගහනය උදෙසා ඇතිකරන ලදී. මේ ආකාරයට ඔටෝමාන් අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි දේවස්තාන කොන්ස්තන්තිනෝපලය යටතේ පැවතිය ද එහි නෛතික හා අනෙකුත් බලතල ඉතා විශාල විය.

කෙසේවුවද යාඥාවේ නිදහස සහ එක්රැස්වීමේ නිදහස ඇතුළු මේ බොහෝ දැ න්යායාත්මක ව පැවතියද ප්‍රයෝගිකව ක්‍රියාත්මක වූයේ කලාතුරකිනි. පූජ්යපීතෲ ගේ සියළු බලතල සුල්තාන්ගේ අණසක ට නතුව පැවතුනි. සියලූම ක්‍රිස්තියානිකයන් දෙවන පන්තියේ ජනතාව ට වඩා මදක් ඉහල තලයකින් සැලකුණි. තුර්කියේ ප්‍රරචණ්ඩත්වය මිත්යා ප්‍රවාද නොවන අතර මිත්යාදෘෂ්ටික ක්‍රිස්තියානුවා එහි පහර කෑමට වැඩිවශයෙන් ම ලක් වී යැයි සිතිය හැක.

මුස්ලිම් වරුන් අතර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය භයානක සහ සිදුකළ නොහැකි කියාවක් වූ නමුත් ඉස්ලාම් බවට හැරවීම සඳහා පූර්ණ නෛතික රැකවරණය ලැබුණි. ඉස්ලාම් බවට හැරවුණු අයෙක් නැවත ඕතඩොක්ස් නිකායට පැමිණියේ නම් ඔහුව මිත්‍යාදෘෂ්ටිකයෙක් ලෙස සලකා මරා දැමුණි. නව දේවස්තාන ඉදිකිරීම තහනම් වූ අතර ඝන්ඨා නාදය පවා නීති විරෝධී වියග කිස්තියානි අධ්යාපනය සම්පූර්ණයෙන් ම නවතා දැමීම හෝ මූලික දත්ත පමණක් ලබා දීම සිදුවිය.

ඕතඩොක්ස් පල්ලිය බොහෝ විට තුර්කි ව්යාපාරයට මැදි විය. පූජ්ය පීතෲ ධූරය කිහිප වරක් ම වැඩිම මුදලක් ලබා දෙන්නා ට පැවරුණු අතර එම මුදල් පියවා ගැනීමට පූජ්ය පීතෲන් තම ජනතාව හා බිෂොප් වරු මත අධික බදු බරක් පැටවී ය. කිසිදු පූජ්ය පීතෲ ධූරයක් කිසි කළෙක සුරක්ෂිත නොවී ය. 15 හා 19 සියවස් අතර පූජ්ය පීතෲන් කිහිප දෙනෙකු තම කාර්යාල්ය තුලදී ස්වභාවික මරණ අත්විඳී ය. බලෙන් පැහැරගෙන යාම් පිටුවහල් කිරීම් එල්ලා මරා දැමීම් දියේ ගිල්වීම් හා විෂ ශරීරගත කිරීම් පිළිබඳව පැහැදිලි සටහන් ඇත .

පල්ලිය සහ ඉතාලියානු පුනරුදය (1399–1599)[සංස්කරණය කරන්න]

මයිකල්ඇන්ජිලෝ ගේ පියෙටා මූර්තිය ශාන්ත පීතර බැසිලිකාව වතිකානය

පුනරුද සමය විශාල සංස්කෘතිය වෙනසක් සහ පෙරලියක් කල සමයක් විය. රෝම නගරයේ කතෝලික පල්ලිය සහ පාප් පදවිය පවා පුනරුදයේ බලපෑමට නතුවිය. අනෙක් අතට මෙය විශාල කලා සහ ගෘහ නිර්මාණාත්මක විභූතියක යුගය වූ අතර මයිකල්ඇන්ජිලෝ, බ‍්‍රමන්ටේ, රෆායෙල්, ඩොනාටෙලෝ සහ ඩා වින්චි වැනි කලාකරුවනට පල්ලියේ සමාව ලැබුණි. ධනවත් ඉතාලියානු පවුල් පාප් පදවියද ඇතුලූව වෙනත් ප‍්‍රධාන බිෂොප් ධූර තම පවුල් සාමාජිකයනට ලැබීමට කටයුතුකල අතර එවැනි ඇතැම් පාප්වරු දුරාචාරය සම්බන්ධයෙන් ද ප‍්‍රසිද්ධ විය. හයවන ඇලෙක්සැන්ඩර් සහ හත්වන සික්ස්ටස් එයට උදාහරණ වේ.

පල්ලියේ ප‍්‍රධානියා වීමට අමතරව පාප් වහන්සේ ඉතාලියේ වැදගත් ලෞකික නායකයෙක් ද විය. ඇතැම් පාප් වහන්සේලා ඉතාලියානු ප‍්‍රභූන් සමග තරග වැදීමට මෙන් පෞද්ගලික පරිභෝජනයට මෙන්ම නවීකරණය කිරීම් හෝ ඉදිකිරීම් වැනි පොදු කටයුතු සඳහා ද බොහෝ සේ ධනය යෙදෙවුවෝය. මෙම ක‍්‍රමය අද ද ඉතාලියේ දක්නට හැක. පැරණි කොන්ස්ටන්ටිනියන් බැසිලිකාව මත ශාන්ත පීතර බැසිලිකාව ගොඩනගනු ලැබුවේ මෙම අවධියේ දී ය. එමෙන් ම මෙකල ග‍්‍රීක සංස්කෘතිය සමග බොහෝ සබඳතා පැවති සහ දර්ශනය, කාව්‍යය, සාම්භාව්‍ය අලංකාරෝක්තිය වැනි නව ඉගැනුම් මාර්ග වලට දොරටු විවර වූ යුගයක් විය.

ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ[සංස්කරණය කරන්න]

ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ හෝ කතෝලික ප‍්‍රතිසංස්කරණ යනු ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ සඳහා වූ කතෝලික පිළිතුර විය. කතෝලික ප‍්‍රතිසංස්කරණයේ සාරය වූයේ සාම්ප‍්‍රදායික ක‍්‍රියාකාරකම් සඳහා නවමු අර්ථදැක්වීමක් ලබා දී කතෝලික මතය ලෞකික සහ සදාචාරාත්මක ප‍්‍රතිසංස්කරණ සඳහා මාර්ගය ලෙස හුවා දැක්වීමයි. එසේම මෙය ව්‍යාප්ත වන ප්‍රොතෙස්තන්ත නිකාය සඳහා ද පිළිතුරක් විය. එබැවින් මෙය පාදිලි වරුන් ගේ මනා පුහුණුව සඳහා ජේසුයිට් වැනි නිකායන්ද සෙමනේරිද ඇතිකළ අතර සුප‍්‍රක‍්‍රට ධර්ම ඨුත ගමන් ද සංවිධානය විය. එසේම නව අධ්‍යාත්මික මුහුණුවර සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද ඔස්සේ ඇතිකිරීම ද සිදුවිය. ස්පාඥ්ඥ ගූඪවාදය (ස්පැනිශ් මිස්ටික්ස්) හා ප‍්‍රංශ අධ්‍යාත්මිකත්ව විද්‍යාලය (ෆ්‍රෙන්ච් ස්කූල් ඔෆ් ස්පිරිචුඇලිටි) මේ සඳහා උදාහරණ වෙයි. සමස්ත ක‍්‍රියාවලිය මෙහෙයවනු ලැබූයේ ටෙ‍්‍රන්ට් හි කවුන්සිලය මගිනි. ඔවුන් තම මතය පැහැදිලි කර තහවුරු කිරීම ආධානග‍්‍රාහී අර්ථකථන ඉදිරිපත් කිරීම හා රෝමානු කැතිකීස්මය ඉදිරිපත් කිරීම සිදු කළෝ ය.

අයර්ලන්තය, ස්පාඥ්ඥය සහ ප‍්‍රංශය ප‍්‍රතිකූල ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සිය අනුග‍්‍රහකත්වය දැක්වූවද එහි හදවත වූයේ ඉතාලිය සහ එහි විවිධ යුගවල සිටි පාප් වහන්සේලා ය. ඔවුන් තහනම් පොත් ලයිස්තුව (ඉන්ඩෙක්ස් ලයිබ්රොරුම් ප්‍රොහිබිටොරුම්) සහ මිත්‍යාදෘෂ්ටිකයන්ට චෝදනා කිරීමත් ඔවුන්ව විභාග කිරීමත් ඇතුලත් නෛතික විනිශ්චය සභාවක් වන රෝමානු සංවීක්ෂණය ස්ථාපිත කළෝය. පස්වන ශාන්ත පියස් (1566 - 1572) පාප් වහන්සේ මිත්‍යාදෘෂ්ටික භාවය සහ පල්ලිය තුල වූ වෙනත් අනිසි භාවිතා මැඩපැවැත්වීමට පමණක් නොව ප්‍රොතෙස්තන්ත ආකර්ශණය මැඩලීම සඳහා ජනප‍්‍රිය ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද ප‍්‍රකට වූවෙකි. පියස් තුමා සිය පදවි කාලය දුගීන්ට පුණ්‍ය කටයුතු වලට හා රෝහල් වලට කරන ලද විශාල පරිත්‍යාග වලින් ආරම්භ කළේ ය. මෙකළ බිෂොප්වරුන්ගේ කටයුතු අතර රෝගී සහ දුගී පුද්ගලයන්ව සැනසීම ද ධර්ම ඨුත චාරිකා සඳහා සහාය දීම ද ප‍්‍රමුඛ විය. බිෂොප්වරුන්ගේ මෙම ක‍්‍රියා රෝමයේ ක‍්‍රිස්තියානි උමං සොහොන් නැවත සොයාගැනීමත් සමග තහවුරු විය. ඩයර්මේඞ් මැක් කුලොක් මෙසේ සඳහන් කරයි. මෙම අතීත ජීවිත පරිත්‍යාග නැවත වරක් නිරාවරණය වූවාක් මෙන්ම කතෝලිකයෝ එකල නැවත ජීවිත පරිත්‍යාගය ආරම්භ කළෝය. මෙය ඈත රටවල ධර්ම ඨුත ගමන් වලදී හෝ ප්‍රොතෙස්තන්ත උතුරු යුරෝපය නැවත ලබාගැනීම සඳහා වන අරගලයේදී විය හැක. උමං සොහොන් බොහෝ වීර ක‍්‍රියා සහ වික‍්‍රම සඳහා අණුප‍්‍රාණයක් ලබා දෙයි.

තුන්වන පාවුලූ පාප් තුමා (1534- 1549) ටෙ‍්‍රන්ට් හි කවුන්සිලය (1545- 1563) ආරම්භ කළ අතර එමගින් පූජ්‍ය පක්ෂයේ ඇතැම් දුෂ්‍යතා වන දේවගැති තනතුරු විකිනීම, ප‍්‍රවාසිතාව, ඥාති සංග‍්‍රහය වැනි දුෂණ විමසීමත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද ප‍්‍රතිස්ථාපනය කිරීම සහ පල්ලියේ සාම්ප‍්‍රදායික මතවාද ආධානග‍්‍රාහී ලෙස එක් කිරීමත් ඇතුලත් වේ. මෙම මතවාද අතරට බිෂොප් ව්‍යුහය, දේවගැති බඹසර, සප්ත සංස්කාරය, සත්‍ය සම්මුඛභූතිය (පූජාවේදී පූජාකළ පාන් සහ වයින් සත්‍ය වශයෙන්ම ක‍්‍රිස්තුස් වහන්සේ ගේ ශරීරය සහ රුධිරය බවට පත්වීය යන විශ්වාසය) , ධාතු ප‍්‍රතිමා හා ශාන්තුවර වන්දනාව (විශේෂයෙන්ම කන්‍ය මරිය තුමිය) , විමුක්තිය සඳහා ඇදහිල්ල සහ යහපත් ක‍්‍රියා යන දෙකෙහිම අවශ්‍යතාව, පීඩාස්ථානයේ පැවතීම, අදණ්ඩනාවසරයෝ නිකුත් කිරීම (මුදලට නොවේ) ආදිය වේ. වෙනත් ආකාරයකින් කිවහොත් සියලූම ප්‍රොතෙස්තන්ත මතවාද හා විරෝධයෝ සාකච්ඡාවකින් තොරව බැහැර කිරීම මෙමගින් සිදුවිය. එසේම කවුන්සිලය ඈත ප‍්‍රාදේශික දේවගැතිවරුන් ග‍්‍රාමීය සංවර්ධනය සඳහාද උනන්දු කරලීය. මිලාන් හි ආරච්බිෂොප් ශාන්ත චාර්ල්ස් බොරොමියෝ (1538-1584) දුරස්ථ ම වසම් වලට පවා ගමන් කර සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් ආදර්ශයක් වී ය.

අනාවරණ යුගය (1492–1769)[සංස්කරණය කරන්න]

අනාවරණයේ යුගය 1492 කොලම්බස් ගේ සංචාරයත් සමග ඇරඹේ. එය යුරෝපියානු මිෂනාරීන් ගේ කොලනි බිහිවීමෙන් ප‍්‍රතිමූර්තිමත් වේ. කතෝලික ධර්ම ධූත ගමන් අනාවරණ යුගයේදී රෝමානු කතෝලික දේවස්තානය ක‍්‍රිස්තියානිය නව ලෝකයට ව්‍යාප්ත කර මිනිසුන් ක‍්‍රිස්තියානියට හැරවීම සඳහා ධූත ගමන් විශාල සංඛ්‍යාවක් සිදු කලේය. මේ කාලයේදීම ෆ‍්‍රැන්සිස් ක්ෂාවියර් සහ අනෙකුත් ජේසුයිට්, ඔගස්ටිනියන්, ෆ‍්‍රැන්සිස්කන් හා ඩොමිනිකන් නිකායිකයෝ ආසියාවට හා දුරස්ථ පෙරදිගට ගමන් කළෝ ය. පෘතුගීසීහු අප‍්‍රිකාව ට ධූත පිරිස් යැවූහ. මෙම ඇතැම් ධූත ගමන් අධිරාජ්‍යවාදය සහ පීඩනය සමග සම්බන්ධ වූ නමුත් මැටෝ රිචී ගේ ජේසුයිට් නිකායික චීන ධූත ගමන වැනි සමහරක් සංස්කෘතික අධිරාජ්‍යවාදයකට වඩා සංස්කෘතික සංකලනයක් කෙරෙහි අවධානය යොමු කළෝ ය.

ප්‍රොතෙස්තන්ත කොලනි නව ලෝකයෙහි වඩාත් ප‍්‍රකට ම ප්‍රොතෙස්තන්ත කොලනි ඇති කිරීම වන්නේ දකුනු අමෙරිකාවේ බි‍්‍රතාන්‍ය පියුරිටන් වරු අතිනි. ස්පාඥ්ඥ හා ප‍්‍රංශ ජාතිකයන්ට වෙනස් ව එංගලන්ත පියුරිටන් වරු ස්වජාතිකයන්ව ආගමට හැරවීමට එතරම් උත්සාහ කරන්නේ නැත. පියුරිටන් හෙවත් ධර්ම චාරිකයෝ (පිල්ග‍්‍රිම්ස්) ඔවුනගේ ආගම අරභයා වූ මැඩපැවැත්වීම් අධික බැවින් එංගලන්තයෙන් පිටත් වී ඇත. මුලින්ම ඔවුන් පහත් තලයේ රටවල වාසය කලද මොවුනගේ ආගම් ඇදහීම ප‍්‍රාන්ත රාජ්‍යයෝ ද පිළිගැනීමට අදිමදි කළ හෙයින් පියුරිටන් යුටෝපියාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඔවුන් නව ලොව බලා පිටත් වී ඇත.

පල්ලිය සහ පුනරුදය (1580–1800)[සංස්කරණය කරන්න]

ගැලීලියෝ ගේ නඩුවිභාගය[සංස්කරණය කරන්න]

ගැලීලියෝ ශුද්ධවූ සභාව ඉදිරිපිට - ජෝසප් නිකොලස් රොබට් ෆ්ලෙයුරි ගේ 19 වන සියවසට අයත් සිතුවමකි

කොපර්නිකස් ගේ ජ්‍යෝතිශ්‍යය සම්බන්ධයෙන් තම පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ගැලීලියෝ ගැලිලි රෝමානු කතෝලික දේවස්ථානය සමග ඇතිකරගත් ආරවුල ආගම සහ විද්‍යාව අතර සම්බන්ධය පිළිබඳ ඉතිහාසයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකේ.

1610 දී ගැලීලියෝ සිය "සයිඩෙරස් නන්සියස්" (තාරුකා පණිවුඩකරුවා) පළකළ අතර එහි ඔහු තම නව දුරදක්නයෙන් සිදු කළ විස්මිත නිරීක්ෂණ සඳහන් විය. මෙම නිරීක්ෂණ ස්වර්ගය පිළිබඳ දුරාතීතයේ සිට පැවති මතවාද සමග එකඟ නොවුනු අතර කොපර්නිකස් ගේ සූර්යකේන්ද්‍රීය න්‍යාය වැනි රැඩිකල් මතවාද සමග සමපාත විය.

මෙයට ප‍්‍රතිචාර ලෙස බොහෝ විද්‍යාර්ථීන් පෘථිවිය ගමන් කිරීමත් සූර්යයා නිශ්චලව පැවතීමත් යන ප‍්‍රකාශය එකල බයිබලය සම්බන්ධයෙන් තිබූ අවබෝධයට විරෝධී හෙයින් මිත්‍යාදෘෂ්ටික භාවිතාවක් ලෙස ප‍්‍රකාශ කලෝය. දේවධර්මය ජ්‍යෝතිෂ්‍යය හා දර්ශනය යන ක්ෂේත‍්‍ර වලට ගැලීලියෝ විසින් කළ බලපෑම 1663 දී මිත්‍යා දෘෂ්ටිය අරභයා පැවති ඔහුගේ නඩු විභාගය සඳහා ඒකමතිකව බලපාන ලදී.