කමේය රූජ්
Appearance
කමේය රූජ් | |
---|---|
![]() ප්‍රජාතන්ත්‍රවාදී කම්පූචියාවේ ධජය. 1950 ගණන් වල සිට කමේය ගරිල්ලාවරුන් විසින් මෙම සැලසුම භාවිතා කරන ලද අතර ගොඩනැගිල්ලෙහි සැලසුම වරින් වර වෙසට ලක් විය. | |
සක්‍රීයත්වය | 1968–1999 |
කමේයස් රූජා ("රතු කමේයවරු" සඳහා ප්‍රංශ බසින්; කමේය: ខ្មែរក្រហម කමේය ක්‍රහම්), කමේය රූජ් ලෙසින් බහුල ව්‍යවහාරයෙහි පවතින) යනු කාම්බෝජයෙහි කම්පූචියාවෙහි කොමියුනිස්ට් පක්ෂයෙහි අනුගාමිකයන් සඳහා භාවිතාවූ නම වෙයි. උතුරු වියට්නාමයෙහි වියටනාම් ජනතා හමුදාවෙන් පැනනැගුනු ශාඛාවක් ලෙසින් 1968 වසරෙහිදී තැනුනු එය, 1968 සිට 1975 දක්වා කොමියුනිස්ට්-විරෝධි හමුදාවන්ට එරෙහිව පැවති වියට්නාම් යුද්ධයෙහිදී උතුරු වියට්නාමයට, වියට් කොං පෙරමුණට, සහ පාතිට් ලාඕ සංවිධානයට පක්ෂපාතී විය. කාම්බෝජ-වියට්නාම් යුද්ධයෙහිදී වියට්නාමය විසින් එය බලයෙන් පහකිරීමට පෙර 1975 සිට 1979 දක්වා එය, කාම්බෝජයෙහි (එකල හැඳින්වුනේ ප්‍රජාතන්ත්‍රවාදී කැම්පූචියාව ලෙසිනි) පාලක පක්ෂය වූ අතර, පොල් පොට්, නුවන් චියා, ඉයොං සාරී, සොං සෙං සහ, කියු සම්පන් විසින් මෙහෙයවනු ලැබූහ.